Divaina - ජනතාවගේ ජනාධිපති අභිලාෂය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

vadබි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියාත් උනට ගොං පස් ඇල්ලූ වලව්කාර හැතිකරයත් විසින් මෙයට අවුරුදු දෙසීයකට පෙර වපුරන ලද වී වලින් උපන් තණකොළ අපි අද අනුභව කරමින් සිටිමු. වී වලින් තණකොළ නොඋපදී. එහෙත් අප කෙතරම් කරුමක්කාරයන් ද යත් අප වී වැපිරූ විට හටගන්නේ තණකොළය. උඩරට විසූ ප‍්‍රභූ හැතිකරය විසින් 1815 දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු පාවා දෙනු ලබන විට මේ පාවා දෙන්නේ ජාතිය මොනව වුණත් අපේ රජා නොවේද යන්න උඩරට ප‍්‍රභූ හැතිකරයට කල්පනා නොවීය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යනු නිශ්ශංකමල්ල රජතුමාගේ ප‍්‍රඥප්තිය අනුව බුද්ධාගම වැලඳගෙන සිංහලයකු බවට පත්ව සිටි කෙනෙකි. (මේ රටේ වෙසෙන ඕනෑම කෙනකුට සිංහලයකු වීමට අවශ්‍ය නම් ඔහු මුලින්ම බුද්ධාගම වැලඳගතයුතු බව නිශ්ශංකමල්ල රජු ප‍්‍රකාශයට පත්කර ඇත) රාජසිංහ රජතුමා බෞද්ධයකු වූ පසු කවදාවත් රහසින් හින්දු ආගම ඇදහුවේ නැත. ඔහු දේශපාලන ගේම් ගැහුවේ ද නැත. ඕනෑවට වඩා ලව් කර ඕනෑවට වඩා මත්පැන් පානය කර, අදිකාරම්ලා ගැන ඕනෑවට වඩා විශ්වාසය තැබීම නිසා රාජසිංහ රජ්ජුරුවන්ට ගිනි පත්තු විය. තමා ගිනිගෙන ඇති බව ඔහුට පසක් වන විට ඔහුගේ රෙද්දට ද ගිනි ඇවිලිලාය. රාජසිංහ රජ්ජුරුවන්ට වූ දෙය නූතන දේශපාලනය තුළ ද එසේම සිදුවේ. නූතන දේශපාලනඥයා තමන්ට ගිනි ඇවිලී ඇති බව දැනගන්නේ තමන් ඇඳ සිටින රෙද්ද පිච්චෙන ගඳටය. එහෙත් ඔහුට රෙද්ද කැඩිය නොහැක. මන්ද, ඔහු යට ඇඳුමක් ඇඳ නැත. එබැවින් රෙද්ද කැඩූ කල ඔහුගේ X-රේ ඡායාරූපයක් නිතැතින්ම දර්ශනය වන්නේය. ඔහු දත කාගෙන ගින්නට ඉඩදී සිටී. ගින්න ඔහුගෙන් නොනැවතී රට ද වෙලා ගනී.
 
 නිදහසින් පසු මේ රට මේ තරම් දරුණු දේශපාලන අර්බුදයකට මැදි වූ පළමුවැනි අවස්ථාව මෙයයි. ජනාධිපති ශ‍්‍රී ලංකා වී ආණ්ඩුව යූ. එන්. පී. වූ විට රටක් පාලනය කළ හැකිද? එවැනි තත්ත්වයක් තුළදී සිදුවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති යූ. එන්. පී. ආණ්ඩුවත්, යූ. එන්. පී. ආණ්ඩුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපතිත් පාලනය කිරීමට තැත් කිරීමය. මෙවැනි තත්ත්වයක් තුළදී දේශපාලන කඩාකප්පල්කාරී ක‍්‍රියා යහමින් සිදුවෙයි. මේ රටේ දේශපාලනය කෙතරම් හිඟන තත්ත්වයට පත්ව ඇද්ද යත් තව මාස දෙක තුනකින් එන ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයකු පත්කර ගැනීමට ශ‍්‍රී ල. නි. ප. යට තවමත් බැරිය. තම අපේක්‍ෂකයා රනිල් ද සජිත් ද නවීන් ද කරු ද කිරිඇල්ල ද අජිත් පී. පෙරේරා ද යන්න තෝරා ගැනීමට එ. ජා. ප. යට අදටත් බැරිය. හරියාකාර අපේක්‍ෂකයකු නම් කර ඇත්තේ පොහොට්ටුව පමණි. එහෙත් ඒ අපේක්‍ෂකයාගේ ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කිරීමට අදාළ ලියැවිලි හරියාකාරව සමාජගත කර ගැනීමට අදටත් පොහොට්ටුවට නොහැක. ගෝඨාභය ජනාධිපති - මහින්ද අගමැති යන පැකේජයට ජනතාව කැමැති නමුත් එම පැකේජයට අදාළ පුරවැසිබව අත්හැරීමේ ලියැවිල්ල ප‍්‍රසිද්ධ වී නැතිකමින් ජනයා අතරමංය.
 
 ඉකුත් සිකුරාදා පාන් පිටි මිල ඉහළ ගියේය. ඒ අනුව ලබන සතියේ සිට පාන් මිල ඉහළ යනවා ඇත. ඊට තුන් සතියකට පෙර ඉන්ධන මිල ඉහළ ගියේය. ඩොලරය ඉතිහාසයේ මුල් වතාවට රුපියල් 182 පැන ඇත. ආර්ථික අර්බුදයත් දේශපාලන අවිනිශ්චිතතාවත් නිසා මේ රටේ ජනයා තුෂ්ණිම්භූතව සිටිති. ඔවුන්ට රනිල් ජනපති වුණත්, සජිත් ජනපති වුණත් ගෝඨාභය ජනපති වුණත් වැඩක් නැත. ඔවුන්ගේ රහසිගත අභිලාශය වනු ඇත්තේ පාන් රාත්තලක් හෝ පරිප්පු කිලෝවක් ජනපති වනු දැක්මටය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles