The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali





poliසිංහල අලූත් අවුරුද්දට පෙර සතිය වූ බැවින් පසුගිය සතිය අපේ රටේ පොදු ජනතාවට කාර්ය බහුල සතියක් විය. ජනතාව වෙනත් දේශපාලන කටයුතුවලින් හා අනෙකුත් සමාජ කටයුතුවලින් තරමක් ඈත්ව සිංහල අලූත් අවුරුද්දට සූදානම් වන ආකාරයත් දැකගත හැකි විය. අනෙකුත් ප‍්‍රශ්න කෙසේ වෙතත් ආහාර හා එළවළු ද්‍රව්‍යවල මිල තරමක් පහත බැස තිබීම නිසා ජනතාවට මේ දින දිනවල තරමක් ඉස්පාසුවක් ලැබුණු බව කිව යුතුව ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන සුපුරුදු පරිදි සිය විවේචන ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඇතුලේම අරගලයක් කරමින් සිටියත් මෙවර අය වැය සම්බන්ධයෙන් අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත සමාජයේ දැඩි සාකච්ඡුාවට බඳුන් වී තිබිණ. මේ සම්බන්ධයෙන් වැඩිම විවේචනය පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයෙනි. විපක්ෂය සමඟ කටයුතු කරන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉඩ නොදී අය වැය මගහැර ගොස් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමට අයවැය ජයග‍්‍රහණය කරන්නට ඉඩකඩ සලසා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පසුගිය සතියේ ලොකු ලොකු විවේචන තිබුණු බව අපට දැකගත හැකි විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරු අය වැයට ඡුන්දය විමසීමට පෙර දෙවන වර කියවන ලද අවස්ථාවේදී පොදුවේ තීන්දුවක් ගෙන තිබිණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් ඒකාබද්ධ විපක්ෂයේ සැවොමත් එකට එකතුවී අය වැයට විරුද්ධව ඡුන්දය දෙන්නට එදා එසේ තීන්දුවක් ගත්තත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඊට පසුව පැවති තවත් රැස්වීමකදී මෙම තීරණය වෙනස් කොට අය වැයට කිසිදු ආකාරයකින් මැදිහත් නොවී සිටින්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තේය. මෙම තීන්දුව ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සහෝදර පක්ෂවල හා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ දැඩි පිළිකුලට හා විවේචනයට බඳුන් විය. ඒ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකට එකතුවී පුළුල් විපක්ෂ සංධානයක් සාදා ගැනීම සඳහා ආරම්භ කර තිබූ සාකච්ඡුාවලින් ද කිසිත් ප‍්‍රයෝජනයක් නැතැයි සමහරු තර්ක කළේ මෙම හේතුව නිසාය.

එහෙත් ජනාධිපතිවරයාට එම ප‍්‍රශ්නය බලපා තිබුණේ වෙනත් මුහුණුවරකිනි. එක් අතකින් ජනාධිපතිවරයා මෙම රජයේ නායකයාය. ඔහුට අය වැය තුළ ප‍්‍රධාන වැය ශීර්ෂ හතරක් ද තිබිණි. එබඳු තත්ත්වයක් තුළ අයවැයට විරුද්ධව ඡුන්දය දෙන්නැයි කියා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට කිව නොහැකි ගැටලූවකට ජනාධිපතිවරයා මුහුණ පා සිටියේය. එක් පැත්තකින් එම ගැටලූවත් අනිත් පැත්තෙන් හෘද සාක්ෂියත් තවත් පැත්තකින් රටේ ජනතාවගේ බලාපොරොත්තුත් අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දෝලනය වෙමින් තුන්කොන් අරගලයක සිටියේ යැයි කිවහොත් එය නිවැරදිය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක සිටියේය. අය වැයට විරුද්ධව ඡුන්දය දීමට පමණක් නොව අය වැයට පක්ෂව කටයුතු කරන අයට විරුද්ධව දේශපාලන තීන්දු තීරණ ගැනීමට ද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ඒ වනවිටත් මහින්ද රාජපක්ෂට යෝජනා කරමින් සිටියහ...

පසුගිය 8 වැනි සිකුරාදා අය වැය පාර්ලිමේන්තුවේදී වැඩි ඡුන්දයෙන් සම්මත විය. එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙනත් කිසිදු ගමනක් හෝ කටයුත්තක් සඳහා පිටත්ව යෑම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කණ්ඩායම්වල සහයෝගයෙන් අය වැය වැඩි ඡුන්දයෙන් සම්මත කරගැනීමට අගමැති රනිල් ඒ වන විට සිය සියලූම දේශපාලන ක‍්‍රමෝපායන් ක‍්‍රියාවේ යොදවා තිබීම විශේෂත්වයක් විය.

ජනාධිපතිගේ කණ්ඩායම රෑ දනියෙල් දවල් මිගෙල්

සිකුරාදා සවස අයවැය වැඩි ඡුන්දයෙන් සම්මත වූවාට පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ජය ඝෝෂා නගමින් ජය සමරන්නට ක‍්‍රියා කළ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම් දැඩි ලෙස කෝපාවේශ ව සිටියහ. අය වැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු හයදෙනාගේ ඡුන්දය ද සමග ඡුන්ද 74ක් ලැබී තිබිණි. විශේෂත්වය වූයේ පසුගිය වර අයවැයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ නිශාන්ත මුතුහෙට්ටිගම හා ශ‍්‍රියානි විජේවික‍්‍රම යන දෙදෙනාම මෙවර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ඉල්ලීමට එකඟ වෙමින් ඡුන්දය දීමෙන් වැළකී සිටින්නට තීරණය කර තිබීම ය. තිලංග හා දයාසිරි හැරුණු විට ආණ්ඩුවෙන් ඉවත්ව එළියට ආ 16 දෙනාගේ කණ්ඩායමේ අනෙකුත් මන්ත‍්‍රීවරු පමණක් මහින්ද පාර්ශ්වය හා එක්වෙමින් අයවැයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර තිබිණි.

ඡුන්දය විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා හමු වූ ඒකාබද්ධය නියෝජනය කරන මන්ත‍්‍රීවරු මෛත‍්‍රී කණ්ඩායමේ තීරණය පිළිබඳ දැඩි ලෙස විරෝධය පළ කළහ.

‘මම නම් දැනගෙන හිටිය මෛත‍්‍රී තවත් විශ්වාස කරන්න බෑ කියලා. ? දැනියල් දවල් මිගෙල් ගේමක් මේ ගහන්නේ’ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා කීවේ කේන්තියෙනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු මේ වෙලාවේ විරුද්ධ වුණා නම් ඒක ආණ්ඩු විරෝධය පෙන්නන්න හොඳ අවස්ථාවක් වෙනවා යැයි කීවේ ෂෙහාන් සේමසිංහය.

ඇයි කොහොමද සර් තවත් මේ අයව විශ්වාස කරන්නේ. මම නම් කියන්නේ තවත් මේ අයත් එක්ක සන්ධාන ගහන්න කථා කරන එක මෝඩකමක් ප‍්‍රසන්න කීවේය.

මේ වක‍්‍රාකාරයෙන් රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාද කිරීමක්. ශ‍්‍රී ලංකා එක, තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කළාට යටින් රනිල්ට උදව් කරනවා කියන එකයි මේකෙ තේරුම. ලන්සා කීවේය.

මම නම් කියන්නේ සන්ධාන සාකච්ඡුා ගැන නැවත සලකා බලන්න ඕනෑ. මොකද ? වැටුණ වළේ දවල් වැටෙන්න අපිට බෑ... සර්... මේ ගැන තීන්දුවක් ගන්න. මම නම් මුල ඉඳලම දැනගෙන හිටියා මේ අය ගහන්නේ ඩබල් ගේම් කියලා. 2015 ජනවාරි 08 වෙනිදා ඉඳන්ම මේ ගොල්ලො අපිව රැවැට්ටුවා. තවත් මේ අයට රැවටෙන්න එපා කියලයි අපි කියන්නේ... ප‍්‍රසන්න කීවේය.

නෑ... නෑ... කලබල වෙන්න එපා. අපි බලමුකො... මහින්ද ප‍්‍රසන්න අස්වසමින් කීවේය.

අපි නම් බලයි සර්... ඒත් මේ රටේ මිනිස්සු නම් තවත් බලන එකක් නෑ.. ඊළඟ ඡුන්දයේදී ඒ අය ගැන මිනිස්සු බලා ගනී.... යැයි ප‍්‍රසන්න කී විට මහින්ද ඒ ගැන කිසිවක්ම කියන්නට ගියේ නැත.

ඒ මඟුල ඉවරයි... අපි දැන් විනෝද වෙමු

අය වැය ජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු උද්දාමයට පත්ව පාර්ලිමේන්තුවෙන් විසිර ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම තැන තැන රැස්වී ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය තවදුරටත් විවේචනය කරමින් සිටියහ.

කොහොම හරි මේ මගුල් ඉවරයක් වෙච්ච එක හොඳට ගියා... දැන් අපට ටිකක් නිදහසේ රටේ තොටේ ඇවිදලා විවේකයක් ගන්න පුළුවන්... ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් එසේ කීවේ පසුගිය දිනවල අයවැය වෙනුවෙන් දිගින් දිගටම පාර්ලිමේන්තු පැමිණෙමින් ලොකු කැපකිරීමක් කළ සැමටම ස්තූති වන්ත වෙමිනි...

මේ අතර විපක්ෂයේ සමහර මන්ත‍්‍රීවරු කණ්ඩායම් වශයෙන් යම් යම් ගමන් බිමන් යන්නට ද කතා බහ කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය. විනෝද ගමන් මෙන්ම කණ්ඩායම් එක්ව සංවිධානය කරන සාද ගැන ද මේ අයුරින් සාකච්ඡුා ගණනාවක් ම ඇතිවිය.

මේ අතරතුර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු සියලූම දෙනා එදින රාත‍්‍රියේ කථානායක නිල නිවසේ පැවැත්වෙන විශේෂ සාදය සඳහා යන්නට සූදානම් වෙමින් සිටියහ. අය වැය පිණිස ඇප කැපවීමෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ද මෙම සාදය සඳහා ආරාධනා ලැබී තිබීම විශේෂත්වයක් විය. එහෙත් එජාපයේ සමහර තරුණ පෙළ මන්ත‍්‍රීවරු ඒ ගැන විවිධ අදහස් දක්වමින් අනාවැකි පළ කරන්නට ද වූහ.

වෙනදා නම් කථානායකතුමා ඔය පාටියේදී එන හැමෝටම හොඳ පදමට කන්න බොන්න දෙකම දෙනවා. මේ පාර පාටියට කෑම විතරයි කියලා ආරංචියක් ඇවිත් තියෙනවා... ඇත්තද දන්නෙ නෑ.. එහෙම නම් ඉතින් පිටින් මොනව හරි අරගෙන තමයි අපට පාටියට යන්න වෙන්නෙ...

ඔවුහු එසේ කියමින් පාර්ලිමේන්තුවෙන් එම සාදය සඳහා යන ඇතැම් නිලධාරීන්ගේ උනන්දුව පරීක්ෂා කරන ආකාරය දැකගත හැකි විය.

ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට මෙන්ම විශේෂ රාජ්‍යතාන්ත‍්‍රික අමුත්තන් පිරිසකට ද ආරාධනා කෙරුණු මෙම භෝජන සංග‍්‍රහය වෙනුවෙන් නිල නිවසේ කටයුතු මනා ලෙස සූදානම් කෙරුණේ කථානායකවරයාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේය.

රටේ දේශපාලන කරළිය උණුසුම් වෙමින් කවර අන්දමේ වාද විවාද තිබුණ ද මෙවර කථානායකවරයාගේ භෝජන සංග‍්‍රහයට පක්ෂ විපක්ෂ නායක කාරකාදීන් සියලූ දෙනාම පාහේ සහභාගී වූහ.

අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ආර්. සම්බන්දන් ඇතුළු ප‍්‍රධාන චරිත සියල්ලම ඒ සඳහා එක්ව සිටියහ.

කථානායකවරයා, අගමැති, විපක්ෂ නායක ඇතුළු පිරිස අසුන්ගත් මේසයට එක් වූයේ සියලූදෙනා වෙත ගොස් සුහදව ආචාර කර අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුවය අපේ‍්‍රල් 01 දින නිදහස් චතුරශ‍්‍රයට ගොස් මත් විරෝධී ප‍්‍රතිඥාවට එක් වූ කථානායකවරයා ඉන් දින කිහිපයකට පසුව පැවැත්වෙන සාදයට මධුවිත එක්කර ගැනීමට අයෝග්‍ය බව කල්පනා කළේය. ජනාධිපතිවරයා ද කථානායකවරයා අමතා ඒ පිළිබඳ පවසා තිබීම ද විශේෂත්වයකි. එය සම්ප‍්‍රදායිකව පැවැත්වෙන මෙම සාදයේ ඉතිහාසයට එක් වන වැදගත් වෙනසකි.

මධුවිත නොමැති වුවද, පොලිස් වාද්‍ය වෘන්දයේ සප්ත ස්වර රිද්මය සමග සාදය රසවත් ලෙස ගලාගෙන ගියේය. නුදුරේදී එළඹෙන ජනාධිපතිවරණ කෙලෙස වේ දැයි යන්න බොහෝ මේසවල කථාබහට නිමිත්ත සැපයීය. ඇතැමෙක් කථානායකවරයාට කීවේ ”ඔබතුමා තමයි දැන් හැමෝම කතාවෙන ජනාධිපති අපේක්ෂකයා” කීයාය. කථානායකවරයා ප‍්‍රතිචාර දක්වමින් කීවේ ”මම නම් දන්නේ නැහැ, කොහොම උනත් ඔබතුමලාගේ ප‍්‍රවෘත්ති සේවාව මට වඩා දියුණුයි වගේ” කියාය.

කෙසේ වෙතත්, රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහිදී වර්තමානයේ අප මුහුණ දෙන ගැටලූ අනාගත පරපුරට නොතබා මෙම යුගයේම අවසන් කිරීමේ භාරදූර වගකීම වත්මන් නායක කාරකාදීන්ට තිබෙන බවත්, සිය පිළිගැනීම් කතාවේ දී අවධාරණය කිරීමට කථානායකවරයා අමතක නොකළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය සතියේ විපක්ෂයේ දේශපාලන කරළිය කළඹන අන්දමේ විශේෂ ප‍්‍රකාශයක් කළේය. දයාසිරිගේ ප‍්‍රකාශයකින් කියැවුණේ මෙබඳු කාරණාවකි...

දයාසිරිගේ ප‍්‍රකාශයෙන්
දේශපාලන ලොව කැළඹිලා


poli2ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුර කාලය අවසන් වීම සම්බන්ධයෙන් විවිධ මත පවතිනවා. සමහරුන්ගේ මතය අනුව 2020 ජනවාරි 8 දා යින් මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්. එනමුත් ඒ ගැන තවත් මතයක් දරන අය ඉන්නවා. ඒ ගොල්ල කියන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි මස 08 වෙනිදා නොවෙයි, 2020 ජූනි මස 21 වැනිදා කියලා. හෙට අනිද්දා වන විට දැන් ඉන්න අගවිනිසුරුවරයාගේ නිල කාලය අවසන් වෙනවා. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා අලූත්

අගවිනිසුරුවරයෙක් පත් වුණාට පස්සේ ඔහුගෙන් මේ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා බලන්න.

දයාසිරි ජයසේකරමෙම ප‍්‍රකාශය නිකුත් කිරීමත් සමගම මහින්ද පාර්ශ්වයේ බොහෝ දෙනෙකු ඉන් තරමක් මවිතයට පත්ව සිටියහ. ඊළඟ අගවිනිසුරු පත්කිරීම පිළිබඳව නම් නිර්දේශ කිරීමේ බලය තිබෙන ජනාධිපතිවරයා යම් හෙයකින් තමන්ගේ බලාපොරොත්තුවට එකඟතාවයක් ඇති අගවිනිසුරුවරයෙක් පත් කළහොත් ඔහු නිසැකවම ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ වන ආකාරයේ තීන්දුවක් ලබාදෙන බව විපක්ෂය තේරුම් ගත්හ. එසේ වුවහොත් සිදු වන්නේ මෙම වසර අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නොව, නිසැකවම ජනාධිපතිවරණය තව වසරකින් පමණ කල් යෑම බව විපක්ෂයේ මතය විය.

බොහෝ දෙනෙකුට තිබුණු ප‍්‍රශ්නය වූයේ නීතිය ගැන දන්නා නීතිඥයකුද වන දයාසිරි වැනි වගකිවයුතු නිලයක් දරන කෙනෙකු මෙබඳු ප‍්‍රකාශයක් කරන විට ඒ දුරදිග කල්පනා නොකර එවන් ප‍්‍රකාශයක් නිකුත් කිරීම ගැනය.

මෙම ප‍්‍රකාශය පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ හා ප‍්‍රබල නායකයෝ මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡුා කරන්නට පටන් ගත්හ. එළඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය වැනි ශක්තිමත් නායකයකු ඉදිරිපත් කරන්නට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වී සිටියත් ජනාධිපතිවරයා තවදුරටත් බලය රැක ගෙන නිලයේ රැඳී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල පෙළේ නායකයින් සමග එකතුවී ක‍්‍රියාන්විතය තුළ රටේ අනාගතය ද අවිනිශ්චිත බව ඔව්හු සාකච්ඡුා කරන්නට පටන් ගත්හ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළද ලොකු විචිකිච්ඡුාවක් ඇතිවිය. එක් අතකින් ජනාධිපතිවරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පිටින් ගොස් එබඳු තීරණයක් ගැනීමටත් ඒ සඳහා තමන්ට අවනත අගවිනිසුරුවරයෙක් පත් කිරීමටත් ඉඩ ඇති බව එජාපයේ ද අදහස විය. එසේ වුවහොත් ඒකාබද්ධ විපක්ෂය හා එක්ව එක්සත් ජාතික පක්ෂය ද එම තීන්දුවට දැඩි ලෙස විරෝධය පාන්නට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයෝ අගමැති රනිල් වෙත යෝජනා කරන්නට වූහ. ඔවුන්ගේ අදහස වූයේ එබඳු තත්ත්වයක් පැමිණියහොත් මහින්ද පාර්ශවය හා එක්සත් ජාතික පක්ෂය එකතු වී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් පවා ගෙන ආ හැකි බවකි.

මෙම තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පසුගිය සතියේ තරමක් කල්පනාකාරීව හා කැළඹිලි සහගත ව සිටියා යැයි කිවහොත් එය නිවැරැදිය.

ගෝඨාභයගේ හිස මතට
ඩයස්පෝරා තොප්පියක්


ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් යම් කැළඹිල්ලකට පාත‍්‍ර කළ තවත් සිදුවීමක් ජාත්‍යන්තරයේ සිදුවෙමින් පැවතිණි. ඒ වූ කලී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමෙරිකාවේදී පසුගියදා මුහුණ දෙන්නට සිදු වූ ගැටලූවයි.

ජනාධිපතිවරණයකට ඉල්ලීම් සඳහා ලොකු බාධකයක්ව තිබූ ඇමෙරිකානු පුරවැසිකම ඉල්ලා අස්කර ගන්නට සියලූ විධිවිධාන සලස්වා අවසන් යැයි පසුගිය දිනවල අපේ දේශපාලන කරළියේ ලොකු ලොකු කතා ප‍්‍රචාරය වුවත් ඒ සම්බන්ධයෙන් ගැටලූ තිබිණි. ගෝඨාභය ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා දත්ත සියල්ල නිවැරදිව ඇමරිකානු රජය වෙත භාර දී තිබුණේ නැත. පසුගිය දිනවල ඔහුට ඇමරිකාවට යෑමට සිදු වූයේ එම අඩුපාඩු සම්පූර්ණ කරගෙන එහි වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහාය.

ගෝඨාභය ඇමරිකාවට ගොස් එම වැඩ කටයුතු සපුරා ගනිමින් සිටින අතරතුර ඔහුගේ සතුරු පාර්ශවය ද ඒ හා සමගාමීව කල්පනාකාරීව හා සැලසුම් සහගතව ගෝඨාභය කොටු කරන්නට වෙනත් වැඩ පිළිවෙළක් සංවිධානය කළහ.

එහි එක් පියවරක් ලෙස ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය තම පියාගේ සිද්ධිය මුල් කරගනිමින් ගෝඨාභයට එරෙහිව නඩුවක් පැවරුවේය. දෙවැනි පියවර ඊට වඩා පුළුල් පියවරක් විය. ඒ වූ කලී දෙමළ ඩයස්පෝරාව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ගොනුකරන ලද නඩුවක් ගෝඨාභයට එරෙහිව පවරනු ලැබීමයි. මෙම නඩු දෙක සම්බන්ධයෙන් විමසා බලන ලංකාවේ ඉහළ පෙළේ නීතිවේදීන්ගේ මතය වූයේ ලසන්තගේ දියණිය දැමූ නඩුවට වඩා දෙමළ ඩයස්පෝරාව දමනු ලැබූ නඩුව ජාත්‍යන්තරව වශයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලොකු අභියෝගයක් වනු ඇති බවය.

එබඳු නඩුවක් අධිකරණයේ ඇති විට පුරවැසිකම අහෝසි කිරීම් සඳහා ඉල්ලන ලද ගෝඨාභයගේ යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ක‍්‍රියාන්විතයට බාධා එල්ල විය හැකි බව නීතිවේදීන්ගේ අදහස වූහ. ඇතැම්විට ගෝඨාභයට එරෙහිව ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය පවා ඇමරිකානු රජය භාරයට ගැනීමේ අවදානමක් ඇතැයි එම නීතිවේදීහු පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය හා එහි ඇති අවදානම පසුගිය සතියේ ඒකාබද්ධව විපක්ෂයේ දේශපාලනඥයන් අතර ඇතුළාන්තයේ ලොකු අවධානයකින් යුතුව සාකච්ඡුාවට බඳුන් වූ බව පැහැදිලි විය.

ජෙයරාජ් ගැන මහින්ද සුදර්ශනීට රහසක් කියයි

කොටි ත‍්‍රස්තවාදීන් ඝාතනය කළ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයාගේ 11 වන ගුණ සැමරුම යෙදී තිබුණේ පසුගිය 06 වෙනිදාටය. එදින උදෑසන මහින්ද වැලිවේරිය කාන්ති ක‍්‍රීඩාංගනය අසලට ආවේ ජෙයරාජ්ගේ බිරිඳ හා දරුවන්ගේ ආරාධනයට අනුවය. ඒ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ය. මහින්ද එන විට රවුෆ් හකීම්, සී.බී. රත්නායක, ඒ. එච්.එම්. ෆවුසි, දුලිප් විජේසේකර, තිලංග ඇමතිවරු ඇතුළු දේශපාලනඥයන් රැසක්ද ජෙයරාජ්ගේ ඥාති හිතමිත‍්‍රාදීන් මෙන්ම ආධාරකරුවෝ ද ජෙයරාජ් සිහි කිරීමට වැලිවේරිය කාන්ති ක‍්‍රීඩාංගනය අසලට පැමිණ සිටියහ.

ජෙයරාජ් යුද්ධ කාලේ කිලිනොච්චියට ගියා... කොටි නායකයො හම්බවෙන්න... දැනගෙන හිටියෙ නෑ නේද? මහින්ද සුදර්ශිනීගෙන් උත්සවය අතරතුර ඇසුවේය...

නෑ සර්... මම දන්නේ ජෙයරාජ් නැති වුණාට පස්සේ සුදර්ශිනී කීවාය.

මෙයා ගිහිල්ලා කොටි නායකයන් එක්ක රණ්ඩු වෙලා ඇවිත් තිබුණේ... මම හැබැයි ඒ වෙලාවෙම කිව්වා පරිස්සම් වෙන්න කියලා. කෝ ඇහුවෙ නෑනේ... මහින්ද කීවේය..

අපිත් කිව්වා සර්... පරිස්සම් වෙන්න කියලා.. ඒත් ඇහුවෙ නෑනෙ.... සුදර්ශිනී කිවාය.

ජෙයරාජ් හිටියනම් ආණ්ඩුවට විරුද්ධව ඉස්සෙල්ලාම මා එක්ක හිටගන්නේ එයා... මහින්ද කීවේය...

ජෙයරාජ්ගෙ ගුණ සැමරුමට සහභාගි වූ මහින්ද කෙළින්ම ගියේ පොළොන්නරුවටය. ඒ රොෂාන් රණසිංහ මන්ත‍්‍රීවරයාගේ නව නිවසට ගෙවදීමේ උත්සවයට සහභාගී වීම සඳහාය. එම උත්සවයට සහභාගි වූ මහින්ද ආපහු කොළඹ බලා ආවේද මග හැරිය නොහැකි තවත් විශේෂ කටයුත්තකට සහභාගි වීම සදහාය.

පොදුජන පෙරමුණු තරුණ පෙරමුණ මගින් අවුරුදු නැකැත් සීට්ටුව මහින්දගේ නිල නිවසේදී ඔහුට භාරදීමට කිරීමට කටයුතු යොදා තිබිණි. පොළොන්නරුවේ සිට කොළඹ නිල නිවසට පැමිණි මහින්ද ඒ අවස්ථාවට එක් වූයේය. ඉන් පසු නැවත පොළොන්නරුව බලා ගියේ රොෂාන්ගේ නිවෙස් පැවැත්වෙන පිරිත් පිංකමට සහභාගී වීම සඳහාය.

පිරිත් පිංකමේදී පළමු අනුශාසනාව කළේ අස්ගිරිය අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝයි. අස්ගිරි මල්වතු පාර්ශ්වය එකතු වෙලා ත‍්‍රී සිංහල විශ්වකීර්ති කියන ගෞරව සම්මානය දුන්නේ රට එක්සේසත් කරපු රජවරුන්ට. ඒ අයගෙන් පස්සේ ඔබතුමාට. ඔබතුමාට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ ගෞරව සම්මානය දීලත් නෑ. එහෙම දෙන්න කෙනෙක් පේන තෙක් මානෙකවත් පේන්නවත් නෑ.... උපාලි හිමියෝ පැවසූහ.

එදින මහින්ද ඇතුළු පිරිසට රාත‍්‍රි ආහාරය සූදානම් කර තිබුණේ රොෂාන්ගේ නිවසේය. මහින්ද සමග සිරිපාල ගම්ලත්, ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම, ලොකුගේ, විමලවීර දිසානායක, නාමල්, මහින්දානන්ද, ශෂේන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, තේනුක විදානගමගේ යන මන්ත‍්‍රීවරුන් එක්ව සිටියහ. රාත‍්‍රී ආහාරයෙන් පසු ඔවුන්ගේ ප‍්‍රධාන මාතෘකාවය වූයේ ශ‍්‍රීලනිප සමග පැවත්වෙන සාකච්ඡුාව ගැනය.

මෛත‍්‍රී නම් විශ්වාස කරන්න බෑ සර්.. කියමින් කථාව ඇරඹුවේ දිලූම් අමුණුගමය.

මෛත‍්‍රී විශ්වාස කළ නොහැකි බව ඔප්පු කරන්නට එතැන සිටි මන්ත‍්‍රීවරයකු තම ජංගම දුරකථනයේ තිබූ මෛත‍්‍රීගේ කථාවක් මහින්දට පෙන්වූයේය. ඒ මාතරදී මෛත‍්‍රී කළ කථාවකි. එහිදී මෛත‍්‍රී කීවේ අලූත් පක්ෂ හදන අයව පාරක් පාරක් ගාණේ ඇවිදින්නට කටයුතු කරන බවයි... වීඩියෝව බැලූ මහින්ද මහා හඬින් සිනාසුනේය.

ශ‍්‍රී ල නි ප විශ්වාසය ගැන දිලූම්ගෙන් උපදේශයක් මේ කථාබහ අතර දිලූම් හැමවිටම කීවේ සර්... මූන්ව නම් විශ්වාස කරන්න එපා කියාය.. මන්ත‍්‍රීවරයකු අදහසක් පළ කරන විට ඒ මැදට පනින දිලූම්... ඒකනෙ සර් කියන්නේ මුංව විශ්වාස කරන්න බෑනෙ යැයි දහ පහලොස් වතාවක් කීවේය.

ඕකත් හරියට මැක්කාගේ කථාව වගේනෙ, මොන කථාව කිව්වත් අන්තිමට ඔයා කථාව ඉවර කරන්නේ මෛත‍්‍රීව විශ්වාස කරන්න බෑ කියලානේ. මහින්ද කීවේ සියලූ දෙනා සිනා ගන්වමිනි.

පසු දින (07) දානමය පුණ්‍යකර්මයට මහින්ද සමග බැසිල් රාජපක්ෂ ද සහභාගි වී සිටියහ. එහිදී අනුශාසනාවක් කළ මැදිරිගිරියේ අස්සජි හිමියන් කීවේ මහින්දට ඡුන්දය දෙන්නට රටේ ජනතාව නැවත ඡුන්දයක් එනතුරු බලා සිටින බවය..

ඔබතුමාට ඊළග මැතිවරණයෙන් 5/6 ක බලයක් දෙන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ. 77 ජේ.ආර්. ට දුන්න වගේ බලයක් ඔබතුමාට ලැබෙනවා. රොෂාන් මන්ත‍්‍රීතුමා මෑතකදී කියා තිබුණා ගෙදර ඉන්න බල්ලා තරම්වත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන්න බෑ කියලා. ඒ නිසා විශ්වාස කරන්න පුළුවන් අය විතරක් එකතු කර ගන්න අස්සජි හිමියෝ කීහ.

අනුශාසනාව අතර අස්සජි හිමියෝ මහින්ද ගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

”රෝෂාන් මන්ත‍්‍රීතුමා ඔබතුමා වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. ඒ නිසා ඔබතුමා ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක ඇමැති ධුර 30 න් එකක් අනිවාර්යයෙන්ම රොෂාන් මන්ත‍්‍රීතුමාට දෙන්න” අස්සජි හිමියෝ ඉල්ලා සිටියහ.

පසුදින (08) උදෑසන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෝමාවතී චෛත්‍ය වැඳ පුදා ගත්තේය. අනතුරුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පොදුජන භික්ෂු බල මණ්ඩලයේ රැස්වීමකට ද මහින්ද සහභාගි වූයේය.

”ඔබවහන්සේලාගේ අනුශාසනාව මම පිළිගන්නවා... දැන් ඉතිං ඉදිරියේදී මම හදන ආණ්ඩුවක මට තියෙන්නේ ඇමති ධුර 29යි. මොකද එකක් පොළොන්නරුවට දැනටමත් වෙන් කරන්න උනානේ...” මහින්ද කීවේ පෙරදින මැදිරිගිරියේ අස්සජි හිමියෝ කළ කථාව ද සිහිපත් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 10 වෙනිදාය. එදා උදෑසනම මහින්ද නාමල්ට දුරකථන ඇමතුමක් ගත්තේ සුභ පැතීමටය. උපන්දිනයට නාමල්ට සුභ පැතූ මහින්ද තාම ශ‍්‍රී පාදයේදැයි ඇසුවේය. ඔව් තාත්ති මම දැන් ඉන්නේ උඩමළුවේ. නාමල් කීවේය. හරි ඉක්මන්ට එන්න. ඔයාට සුභ පතන්න කට්ටිය එනවා මහින්ද නාමල්ට කීවේය. ඊට පිළිතුරු දුන් නාමල් කීවේ දැන් තමන් ශ‍්‍රී පාදය බසින්නට සූදානම් වෙන බැවින් කඩිනමින් එන බවය. නාමල් මේ වසරේ විවාහ වන බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

කංචන විජේසේකර මන්ත‍්‍රීවරයා නාමල්ට මෙවර සුභ පැතුවේ ”සිය තනිකඩ ජීවිතයේ අවසන් උපන් දිනය සමරන නාමල් මන්ත‍්‍රීතුමාට සුභ පතනවා” යැයි කියමිනි. කංචනට අනුව නම් නාමල් මේ සැමරුවේ සිය තනිකඩ ජීවිතයේ අවසන් උපන් දිනයයි. ඒ උපන් දිනය ද ඔහු සැමරුවේ ශ‍්‍රී පාදයේ උඩමළුවේ සිටය.

ඇල්ලෙ හිමිගේ වැයික්කියේ
බන්දුල සද්දයක් දමලා...


poli3බලවත් සේ රෝගාතුරව සිටි ප‍්‍රවීණ සංගීතඥයෙකු වූ එච් එම් ජයවර්ධන පසුගිය 6 වැනි සඳුදා කළුබෝවිල මහ රෝහලේදී අභාවප‍්‍රාප්ත විය. සංගීත ක්ෂේත‍්‍රයට මහත් සේවාවක් කළත් අවසානයේ කුලී ගෙදරක බොහෝ දුකසේ ජීවිතයේ අවසන් කාලය ගතකළ එච් එම් ජයවර්ධන කිසිදු රජයක අවධානයට ලක් වූයේද නැත. ජීවිතයේ අවසාන කාලයේ ජීවත් වන්නට නිවාසයක් ලබාගන්නට පසුගිය ආණ්ඩුව සමයේ යම් යම් පුද්ගලයන් මැදිහත්වී උත්සාහයක් දැරුවත් එවකට සිටි ඇමැතිවරු ඒත් සඳහා කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. එබැවින් එච් එම් ගේ අවසන් කටයුතු සඳහා තබාගන්නට සිදුවූයේද මල් ශාලාවකය. බොරැල්ලේ ජයරත්න මල්ශාලාවේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර තිබූ දේහය පිළිබඳ අවසන් කටයුතු දහ වැනි බදාදා බොරැල්ල කනත්තේදී සිදුකෙරුණේ කලාකරුවන් ගායක ගායිකාවන් හා රසික රසික රසිකාවියන් දහස් ගණනක සහභාගිත්වයෙනි....

අවසන් ගෞරවය සඳහා දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබියදී දේශපාලඥයෝ ගණනාවක් පැමිණ අවසන් ගෞරව දක්වනු ලැබූහ...

රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අඟහරුවාදා හවස දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේය... අවසන් ගෞරව දක්වා පසෙකට වී එතැන දී හමුවූ හිතමිතුරන් හා මාධ්‍යවේදීන් සමග රන්ජන් කතාබහක කරමින් සිටින අතරතුර බන්දුල ගුණවර්ධන ද එතැනට පැමිණ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවේය. බන්දුල රන්ජන් සමඟ ද වචන කීපයක් කතා කළේය... රංජන් සුහදව සමුගෙන එතනින් නික්ම යද්දී ඇල්ලේ ගුණවංශ හිමියන්ද එච් එම්ට අවසන් ගෞරව දක්වන්නට වැඩියහ.

ඇල්ලේ හිමියෝ මාධ්‍යවේදියකු සමග කතාබහක කරමින් පසෙක අසුන්ගෙන සිටින අතරතුර බන්දුල ගුණවර්ධනද එතැනට පැමිණ හිමියන්ට නමස්කාර කර වර්තමාන තත්ත්වය ගැන කතාබහක් ඇති කර ගත්තේය...

තමුන්නාන්සෙ මගේ වැයික්කිය පැත්තෙ ඇවිල්ල සද්දයක් දාලා ගියා කියලා ආරංචි වුණා. මං නැති වෙලාවෙ එහෙම ඇවිල්ල සද්ද දාන්න පුළුවන්ද අපේ වැයික්කියේ.... හිමියෝ ඇසුවේ බන්දුල ගුණවර්ධන පසුගිය දිනක බෞද්ධාලෝක මාවතේ ධර්මායතනය ඉදිරියේ තිබෙන අල්ලස් කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ එක්තරා විරෝධයක් දැක්වීම පිළිබඳවය.

අනේ හාමුදුරුවනේ... අල්ලස් කොමසාරිස් කාර්යාලයේ පැමිණිල්ලක් දාලා තියෙනවා යූඇන්පී එකේ කට්ටියක්... මම මහින්දෝදය විද්‍යාගාර හදාපු වෙලාවේ පාසල් වලින් ගැහිල්ලක් ගහලා දූෂණයක් කරාය කියලා... දැන් අවුරුදු කීයක් ද ඔය පරීක්ෂණ කිරිල්ල... සමාජයේ මිනිස්සු අපි දිහා බලන්නේ හොරු වංචාකාරයෝ වැරදිකාරයෝ විදියට.. එදා ගිහිල්ලා විරෝධයක් පෑවා අපි වැරදි කරලා තියෙනවා නම් අපට විරුද්ධව නඩු කියලා දඬුවම් කරන්න කියලා. එහෙම නැත්නම් මේ කරදරවලින් අපිව නිදහස් කරන්න කියලයි මම කිව්වේ. මොනතරම් අසාධාරණයක් ද හාමුදුරුවනේ අපිට මේගොල්ල කරන්නේ...

ඔබතුමා එහෙම කරපු එක හොඳයි... රටේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නත් එපැයි මේවා ගැන....

ඔය කතාබහ යන අතරතුර මාධ්‍යවේදියෙකු බන්දුලට කීවේ තව පොඞ්ඩකින් මහින්ද මහත්තයත් එන්න නියමිතයි කියාය...

මහින්ද මහත්තයා එනවා නම් මමත් තව ටිකක් වෙලා ඉඳල යන්න යනවා ....බන්දුල එසේ කියමින් අසල තිබූ පුටුවක වාඩි වුණේය. එහෙත් ඔහු ආරක්ෂක අංශ නිලධාරියකුගෙන් ඒ ගැන විමසීමක් කර රහසක් දැනගත්තේය... ඉන්පසුව නැවතත් ඇල්ලෙ හිමියන් ළඟට පැමිණි බන්දුල මෙසේ කියා ඉක්මනින් පිටත්ව ගියේය...

අපෝ... මට ඉන්න බෑ... අගමැති රනිල් ආවට පස්සෙලූ මහින්ද මහත්තයා එන්නේ....

එසේ කියමින් බන්දුල පිටව ගියත් ඔහු යනවාත් සමඟම වාගේ මහින්ද රාජපක්ෂ මල් ශාලාවට පැමිණියේය...

රටට ඉතාමත්ම වටිනා මිනිහෙක් නැති වුණේ... මම පුදුම වුණා මෙයා කරපු සින්දු ටික අහලා.. මහින්ද කීවේය.

ඔහු ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩ ඉන්නවා දුටුවේ ඉන් පසුවය. අනතුරුව ඔහු උන්වහන්සේ ළඟටම පැමිණ ආචාර කර එතන හිටගෙන හාමුදුරුවන් වහන්සේ සමඟ ටික වේලාවක් කතා කරමින් උන්නේය....

මෙයා අපේ මිනිහෙක්... අදීන මිනිහෙක්... දේශපාලනඥයෝ එක්ක වැඩි ගනුදෙනුවක් තියා ගත්ත කෙනෙක් නෙවෙයි... ඒත් රට ගැන හිතලා වැඩ කරපු කෙනෙක්... මෙයාගේ වෙන්වීම අපේ ව්‍යාපාරවලට ලොකු පාඩුවක්...

මම දන්නවා හාමුදුරුවනේ...

මම කසුන්ලයි අම්මා ඉන්න කාලේ

ඉඳලා මේ පවුලත් එක්ක ටිකක් සම්බන්ධයි....

එසේ ටික වෙලාවක් කතා කරමින් සිටි මහින්ද රාජපක්ෂ ආපසු යද්දී හිටපු සංස්කෘතිික කටයුතු ඇමැතිවරයෙකු වූ ටී බී ඒකනායක ද එතැනට පැමිණියේය....

මෙයාගේ මැතිනිය මාලනී බුලත්සිංහල ඇමරිකාවේදී මැරිච්ච වෙලාවේ මමයි සංස්කෘතික ඇමැති... ඒ මිනිය ලංකාවට ගේන්න අපිට ලොකු සටනක් කරන්න වුණා. අපිට ඒ වෙලාවෙ අමාත්‍යංශයෙන් ලක්ෂ 21 වියදම් වුණා දේහය ගෙන්වන්න විතරක්.

අර මොකටද මන්ත‍්‍රීතුමා එච්චර මුදලක්... ඇල්ලේ හිමියෝ ඇසූහ.

ගුවන් යානා සමාගම් කැමති නැහැ මළ මිනි ගෙනියන්න. ඒකෙ ඉන්න අනිත් මිනිස්සු කම්ප්ලේන් කරොත් ලොකු ප‍්‍රශ්නයක්... ඒක නිසා රහසිගතවයි කරන්න ඕනේ...

මේ කතාබහ අතරතුර අගමැති රනිල් වික‍්‍රමසිංහ ද මල් ශාලාවට පැමිණියේය... දේහයට අවසන් ගෞරව දක්වා ඔහු ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේටද ගෞරව කර පසෙකින් අසුන් ගත්තේය.

එතන සිටි මාධ්‍යවේදියා අගමැතිවරයා තමන්ව හඳුනන්නේ නැතැයි සිතා තමන් කවුදැයි පවසද්දී අගමැතිවරයා කීවේ.. දන්නව දන්නවා මම ඔයාව හොඳට දන්නව කියාය.

මේ දවස්වල හරියට මරණ... හරියට ලෙඩ... මේ ක්ලයිමට් එක මිනිස්සුන්ට අල්ලන්නේ නෑ. මගෙ උගුරෙ අමාරුවක් හැදිලා තවමත් සනීපයක් නෑ...

රනිල් ඇල්ලේ ගුණවංශ හිමියන් දෙස බලාගෙන එසේ කියද්දී උන්වහන්සේ ද ඊට සම්බන්ධ වූයේ දේශගුණයක තත්ත්වය ගැන කතා කරමිනි...

ලොකුම ප‍්‍රශ්නෙ හාමුදුරුවනේ දැන් කොළඹට වතුර දෙන්න විදියක් නැති එකයි... මේ වගේ පෑවිල්ලකට ඉස්සෙල්ලාම විදුලිය නැති වෙනවා. ඊළඟ ප‍්‍රශ්නේ එන්නේ ඊට පස්සේ පානීය ජල හිඟය.. කලටුවාව පැත්ත වේලිලා

ගිහින්. අපි ලොකු කැපකිරීමක් කරනවා මේ ප‍්‍රශ්න විසඳගන්න.... ඒත් ඉතිං ආණ්ඩුවටම තමයි මිනිස්සු බනින්නේ.

ඉන්පසුව මළ ගෙවල් හා මළගෙවල් චාරිත‍්‍ර මෙන්ම මල්ශාලා සංස්කෘතිය ගැන අගමැති රනිල් ඇල්ලේ හිමියන් සමඟත් ඔහුට යාබදව අසුනේ වාඩිවී සිටි ටී බී ඒකනායක සමගත් මාධ්‍යවේදියා සමඟත් පුංචි සංවාදයක් ඇති කර ගත්තේය...

මුස්ලිම් අය තමයි මළගෙවල් චාරිත‍්‍රය හරියටම කරන්නේ... අපේ අය දන්නෙ නෑ... මේ මෘතදේහයකින් කොයිතරම් විෂබීජ පිටවෙනව කියලද කියන්නෙ...

ඔව්... ඒ පිටවන විෂ බීජ ඇදලා ගන්න ගම්වල නම් එක එක කෙම් ක‍්‍රම කරනවා...

ඔව් හාමුදුරුවනේ.... මමත් ඒ ගැන දන්නවා... මිනිස්සු වතුර එකක් තියෙනවා. පහනක් පත්තු කරනවා. වතුරට දෙහි කෑල්ලක් දානවා. කහ දියර ඉසිනවා. මේ හැම දෙයක්ම මිනිස්සු කරන්නේ සංස්කෘතිය අනුව. ඒ වුණාට ඒවායේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා... මම ඕව ගැන කියවලා තියෙනවා.

අගමැති තුමා දන්නවද මළගෙවල් වල බිත්තියේ එල්ලලා තියෙන පින්තූර අනිත් පැත්ත හරවන්නේ ඇයි කියලා. පින්තූරවල වීදුරු මත තමයිලූ විසබීජ වැඩිපුරම රැඳෙන්නේ...

ඒක හරි හාමුදුරුවනේ... සමහරු මෘත දේහයට යම් දේවල් කරනවා නේද...

ඔව්

අගමැතිතුමා... සමහර පළාත්වල චාරිත‍්‍ර වෙනස්... සමහර මෘතදේහයේ කට ඇතුළට සතයක් දානවා..... සමහර අය කට ඇතුළට හාල් මිටක් දානවා....

ඔව් ඔව්... අපේ පැත්තේ ඒ සිරිත තියෙනවා.... ටී බී ඒකනායක කීවේය.

ඉන්දියාවේ ඕව හරියට කෙරෙනවා... රනිල් කීවේය...

එසේ ටික වෙලාවක් කතා කරමින් සිටි අගමැතිවරයා තවත් ගමනක් ගැන කියමින් මල් ශාලාවෙන් පිටව ගියේය....

පසුගිය සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ

ජනාධිපතිවරයා සමග අලූත් සහල් මංගල්‍යයට එක්වීමටය. අනතුරුව අටමස්ථානාධිපති හිමියන් බැහැදුටු ඔහු අටමස්ථාන වලින් කිහිපයක් වැඳ පුදාගන්නටද අමතක කළේ නැත. පැමිණ සිටි ජනතාව සමගද අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා ඔවුන් හා සෙල්ෆි ඡුායාරූප රැසකට පෙනී සිටියේය. ඇමැති හැරිසන්ගේ අදහසක් මත ශ‍්‍රී මහා බෝධිය අසල ඉඩමක ඉදිකිරීමට යෝජිත වන්දනාකරුවන් සඳහා වන දේශීය ආහාරපාන සැපයීම සඳහා වන හෙළ බොජුන් හලට මුල්ගල තැබීමද අගමැතිවරයා එදින සිදුකළේය. අනතුරුව රටේ විවිධ ප‍්‍රදේශ වල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක විවෘත කිරීම් හා ආරම්භ කිරීමේ අවස්ථා වලටද අගමැතිවරයා ගෙවීගිය සතියේදී එක්විය.

උදව් පොහොට්ටුවට
මහ ඇමැති ඉසුරට නඩු


ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැලිය මෙවර කොළඹ කැම්බල් පිටියේ පවත්වන්නට සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබිණි. මැයි දිනය හා මැයි පෙළපාලිය අන් කවර වරකටත් වඩා වැඩි උණුසුම්කින් පවත්වන්නට සංවිධායකයන්ට අවශ්‍ය විය. එහි සියලූ කටයුතු සංවිධානයය වූයේ බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙනි. කල්තියාම කංචන ජයරත්න මැයි රැලිය සඳහා කැම්බල් පිටිය වෙන් කරගන්නට සමත් විය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහ නගරයේදී පවත්වන්නට සියලූ කටයුතු සංවිධානයය කර තිබූ අතර මේ පිළිබඳව තවත් විශේෂ සාකච්ඡුාවක් පක්ෂ නායක මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් මෙම සාකච්ඡුාවට පැමිණ සිටියහ...

සියලූම ආසන සංවිධායකයන් වෙත මැයි රැලිය සඳහා සෙනඟ සහභාගි කරවීමේ ඉලක්ක හා වගකීම් පැවරිණි. බස් 2000 කින් සෙනඟ රැගෙන එන්නට සැලසුමක් තිබිණි. කෙසේ වෙතත් පෙළපාලිය ඒ තරම් දිගට ගෙන යන්නට අවශ්‍ය නැතැයි යෝජනා විය. වැඩි අවධානය රැලිය කෙරෙහි යොමු කළ යුතු බව කියැවිණි .

මේ අතර එම රැස්වීම්ට ඉසුර දේවප‍්‍රිය පැමිණියේය... ඉසුර කතා කරන්නට පටන් ගනිද්දි පසු පෙළෙන් සංවිධායකයන්ගෙන් ඔහුට ලොකු විරෝධයක් පැන නගින්නට විය.

මෙයා පළාත් සභාවල සල්ලි අපේ‍්‍රල් මාසය වෙනකොට බෙදල දීල ඉවරයි.... අවුරුද්දක් වියදම් කරන්නයි සල්ලි තියෙන්නේ... සල්ලි දීලා තියෙන්නෙත් පොහොට්ටුවෙ මන්ත‍්‍රීවරුන්ට... ශ‍්‍රී ලංකාවේ එකම මන්ත‍්‍රී කෙනෙකුටවත් සල්ලි දීලා නෑ.... මේ විදිහට මෙයා කරන්නේ පොහොට්ටුව උඩට ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වළපල්ලට යවන එක....

මේ අයුරින් මන්ත‍්‍රීවරු ඔහුගේ ක‍්‍රියා ක‍්‍රියාකලාපය විවේචනය කරමින් ඔහුට විරුද්ධ වෙද්දී දයාසිරි කතා කළේය...

ඔයිට වඩා හොඳයි ඔයා ශ‍්‍රී ලංකා කාරයන්ගේ බෙල්ල මේ මිරිකලා දැම්මනම්...ඔයාට ඡුන්ද හදාගන්න පොහොට්ටුවට උදව් කරාට කමක් නෑ...ඒ වගේම ශ‍්‍රී ලංකා එකටත් වැඩ කරන්න සල්ලි දෙන්න... අපේ මන්ත‍්‍රීවරු විනාස කරන්නද හදන්නේ ....

මම එහෙම කරල නෑ ලේකම්තුමා.... මේවා චෝදනා විතරයි..

මොකද නැත්තෙ... තමුන්නාන්සෙ පළාත් සභාවේ සල්ලි මිලියන 300 - 400 දීලා තියෙන විත්ති අපි දන්නවා... ඒ මන්ත‍්‍රීවරු පාරවල් හදනවා. ගම්වලට වැඩ කරනවා. උන් ඡුන්ද හදා හදාගන්නව. අපේ මිනිස්සු නිකන් බලන් ඉන්නවා... මේවා හරිද.... දයාසිරි කීවේය.

ඔහුට වචනයක්වත් කතා කරන්නට ලැබුණේ නැත... අවසානයේ ඔහු නැඟිට කේන්තියෙන් පිටව ගියේය..

විපක්ෂයේ සන්ධානයට
ජී එල් ගෙන් පොල්ලක්...


poli4ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර 3 වැනි සාකච්ඡුාව ද දහවෙනි බදාදා කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකු දැන් මෙම සාකච්ඡුාව ඉදිරියට යනවාට කැමැති නැත. නිල වශයෙන් මෙම සාකච්ඡුාව පැවැත්විය යුතු බව පොහොට්ටුවේ ඉහළ නායකයෝ කාගේත් අදහස වූහ.

උදේ 10.00 ට ආරම්භ වූ මෙම සාකච්ඡුාවට තිලංගත් රෝහණ පියදාසත් නිසි වෙලාවට පැමිණ සිටියහ. දයාසිරි පැමිණියේ තරමක් ප‍්‍රමාද වීය.

මූලික සාකච්ඡුාවේදී පළමුව දෙපැත්තෙන්ම යෝජනා 12 බැගින් මූලික යෝජනා 24 පැමිණ තිබිණි. එම යෝජනා සියල්ල ගොනු කොට යෝජනා 20 ක ගොනුවක් සාදන්නට ආචාර්ය ජගත් වැල්ලවත්තට පැවරී තිබිණි. මෙම යෝජනා 20 බදාදා ඇරඹි සාකච්ඡුාවේදී යෝජනා 25 ක් බවට වර්ධනය විය.

පක්ෂ දෙකේ කමිටු නියෝජිතයෝ මෙම යෝජනා 25 ට සිය එකඟත්වය පළ කළහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පැමිණි මහාචාර්ය ජී එල්, ඩලස් හා ජගත් පෙන්වා දුන්නේ මෙම යෝජනාවලට පොහොට්ටුවේ විධායක කමිටුවේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම යෝජනා තම මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන්නට තිරණය කර තිබිණි.

තවත් මාසයකින් හමුවී ඊළඟ වටය පිළිබඳ සාකච්ඡුා අරඹන්නට දින හා වේලාවන් නියම කරගනිද්දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ප‍්‍රශ්නයක් මතුවිය... ඩලස් එය මතුකළේය .

දැන් අපි මේ කතා බහ කරන්නේ යූඇන්පී විරෝධී පුළුල් පෙරමුණක් හදාගන්න ටික ඉදිරි අරමුණු විදිහට තියාගෙන... හැබැයි තවමත් ඔබ තුමන්ලාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එම ආණ්ඩුව ඉදිරියට ගෙනයන ස්ථාවරය අත්හැරලා නැති බව රටට පේනවා. රටට ඒ වගේ පණිවිඩයක් ගිහින් තියෙද්දිත් අපි කොහොමද තවදුරටත් මේ ගැන යථාර්ථවාදී සාකච්ඡුාවක් පවත්වන්නේ... ඇත්තටම යූඇන්පී විරෝධී පෙරමුණ මේ විදියට හදන්න බැහැ.. ඕගොල්ලෝ මේ පාර අයවැයේදීත් යූ ඇන් පී එකට උදව් කරල ඒ බව ලෝකෙට පෙන්නලා දුන්නා...

දෙවනුව තවමත් තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා පවත්වාගෙන යන පළාත් පාලන ආයතන 25 ක් වගේ ගානක්. යූඑන්පී එකට විරුද්ධව පුළුල් පෙරමුණක් ගොඩ නගන්න නම් මේ ආයතන ටික මේ විදියට ඉදිරියට යන්න දෙන්න බෑ. අපි දෙගොල්ල එකතුවෙලා මේ පළාත් සභා පළාත් පාලන ආයතනවල බලය ලබාගමු...

ඩලස්ගේ එම යෝජනාවලට පසුව ජී එල් පීරිස් වැදගත් අදහසක් මතු කළේය.....

ආණ්ඩුව හිතාමතාම පළාත් සභා ඡුන්දය මේ විදිහට කල් දමමින් යනවා. හෙට අනිද්දා තවත් පළාත් සභා දෙකක ධුර කාල අවසන් වෙනවා. පළාත් සභා මේ විදිහට කල් දැම්මත් ජනාධිපතිවරණය කියන එක කල්දාන්න බැහැ කියලයි අපි තර්ක කරමින් හිටියේ. නමුත් ජනාධිපතිතුමා දැන් උත්සාහ ගනිමින් ඉන්නවා තමන්ගෙ ධුර කාලය ජනවාරි 8 වැනිදායින් අවසන් නැහැ. එය ජූනි මස 21 වැනිදා වන තුරු බල පවත්වනවා කියලා අලූත් අදහසක් ඉදිරිපත් කරන්න. මේ වගේ වැඩ වලින් අනිවාර්යයෙන්ම වෙන දේ තමයි ජනාධිපතිවරණය තව අවුරුද්දකින් විතර ඉස්සරහට යන එක. එහෙමනම් ඇයි අපි සන්ධානයක් හැටියට එකට එකතු වෙන්නේ. ඕගොල්ලෝ කලින් යූඇන්පී එකත් එක්ක එකතු වෙලා ඡුන්ද ටික කල් දමලා දැම්මා. දැන් අපිව එකතු කරන් අපිත් එක්ක එකතුවෙලා ජනාධිපතිවරණය කල් දමන්නද ඔයාලා හදන්නේ...

මම නම් කියන්නේ මේවා බරපතළ ප‍්‍රතිපත්තිමය කරුණු.... මේවා ගැන නිසි එකඟතාවක් අපි දෙගොල්ලන්ට නැතුව මෙතනින් එහාට යන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස....

මහාචාර්ය ජී එල් පීරිස් ඉතා තදින් එම අදහස් ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡුාව අවසන් කර නියෝජිතයන් විසිර ගියේය. තවත් ලෙසකින් එකට එකතු වී මෙම සාකච්ඡුාවේ තීරණාත්මක ඉදිරි පියවරක් ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

ගෝඨාභයගේ ඉරණම
හා එජාපයේ සැලසුම


බ‍්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැඳුරට පැමිණියේ සිංහල දෙමළ අලූත් අවුරුද්දට පෙර එහි සේවක සේවිකාවන්ට සුබ ප‍්‍රාර්ථනා කිරීමේ අවස්ථාවට එක්වීමටය. සිකුරාදා දකුණු පළාත් මුහුදු තීරයට අගමැති සහ බිරිඳ මෛත‍්‍රී ගියේ දින කිහිපයක විවේකයක් සඳහාය. බ‍්‍රහස්පතින්දා නව වසරට අගමැතිවරයාට සුබපැතීම සඳහා අරලියගහ මැඳුරට පැමිණ සිටි මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් සමඟද සුපුරුදු කතාබහකට එක්විය.

”විවේක ගන්න ඇමරිකාවට ගියපු ගෝඨට මාර හෙනයක් පාත්වුණේය. ඉස්සර කරපු කියපුවට විරුද්ධව නඩු 3 ක්ම වැටිලා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුලපිරීය.

”ලංකාවෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඇමරිකාවෙ පුරවැසිකම ඉවත්කරගන්න මේ නඩු අවුලක් වේවිද?” චමින්ද විජේසිරි සෘජුවම විමසුවේ අගමැතිගෙනි.

”ඒක මට හරියට කියන්න අමාරුයි. ලොකු ප‍්‍රශ්නාර්ථයක් තියනවා.” අගමැතිවරයා සැහැල්ලූවෙන් පිළිතුරු දුන්නේය.

”මේව සිවිල් නඩු වුණාට ඊට පස්සේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියල විභාග සිදුකරන පසුබිමකුත් ඇතිවෙන්න පුළුවන් කියල ආරංචියි. ඇමරිකාව හා යුරෝපයේ අපරාධ නඩු වලටත් වඩා මානව හිමිකම් චෝදනා වලට දැඩි බලපෑම් එනවා. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් එකේ එකඟතා අනුවයි ඊට පස්සෙ වැඬේ ඉදිරියට යන්නේ.” නවීන් දිසානායක කළ විග‍්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

”ඒත් ලංකාවේ මාධ්‍ය දිගටම කියන්නෙ ගෝඨාභයට කිසිම ප‍්‍රශ්නයක් නෑ එයා ළඟදීම එනවා කියලයි. අපි බලමු මොකද වෙන්නෙ කියලා” හේෂා විතානගේ කීවේය.

”මේ නඩු හබ මානව හිමිකම් ප‍්‍රශ්න ඔක්කොගෙන්ම බේරිලා ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම ඉවත්කරගත්තත් එයා ඊටපස්සෙ ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලංකාවේ පුරවැසිකම ගන්න ඕනෑ. ඇමරිකාවෙ පුරවැසිකම අයින්කරගත්තටත් වඩා ඒ වැඬේ අමාරු වේව්ද දන්නෙ නෑ.” චමින්ද විජේසිරි කීවේය.

”දැනට ආගමන විගමන වගකීම් තියෙන්නෙ ඇමැති වජිරටයි. පුරවැසිකම් ලබාදීම් තීන්දු වෙන්නෙ ඇමැතිගේ අනුමතියට යටත්වයි. ඒ ඇමැතිකම ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකට දෙන්න කියල ආණ්ඩුව යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා කියන ආරංචිය ඇත්තද?” නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

”ෆොන්සේකට දැනටත් අභ්‍යන්තර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රී හැටියට වැඩ බලන්න කියල ආණ්ඩුව කියල තියනවා. ඒ කැබිනට් ඇමැතිකම ඔහුට දෙන්නැයි ජනාධිපතිට යෝජනා කරන්න කියලා මැති ඇමැතිවරු හා පසුපෙළ මගෙන් විශාල ඉල්ලීම් කරන තත්ත්වයක් දැන් තියෙන්නෙ.” අගමැතිවරයා කීය.

”ගෝඨගෙ පුරවැසිකමේ ප‍්‍රශ්නයට ෆොන්සේකා අතගහවි කියල හිතලා ජනාධිපතිතුමා ඒ ඇමැතිකම ෆොන්සේකට නොදුන්නොත් මොකද කරන්නෙ?” ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප‍්‍රශ්නය ඉතා වැදගත් එකක් විය.



බුලිත ප‍්‍රදීප් කුමාර

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles