The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 

 සාකච්ඡුා කළේ
 එරික් ගාමිණි ජිනප‍්‍රිය


 
 
 
gammanpilaමේ වන විට පළාත් සහා කිහිපයකම කාලය ඉකුත් වී ඇත. ඒ අතරට පසුගිය 10 වනදා බස්නාහිර සහ දකුණු පළාත් සභා ද එක්විය. එසේ වුවද ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවක් දැකගැනීමට නොමැත. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ගැනීමට සූදානම් වන පියවර පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන පසුබිම පිළිබඳව අප විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙනි. ඒ පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය ඇමෙරිකාවේ නඩුවක් පවරා ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ අරමුණු කුමක් විය හැකිද?
 
 ඇත්තෙන්ම නඩු එකක් නොවේ දෙකක්ම පවරා තිබෙනවා. ඒ නඩු වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. මේක දේශපාලන හේතු මත පැවරූ නඩු දෙකක්. ලසන්ත ඝාතනය කිරීමේ වරද ගෝඨාභය මැතිතුමා මත පටවලා ඔහුගෙන් වන්දි ඉල්ලා ලසන්තගේ දියණිය පැවරූ නඩුව දෙස බලමු. ලසන්ත ඝාතනය කරන්නේ 2008 දී. ලසන්තගේ අයියා 2013 දී මානව හිමිකම් කොමසාරිස් නවපිල්ලේට මේ ඝාතනය ගැන පැමිණිල්ලක් කළා. ඝාතනයට වගකිවයුත්තේ සරත් ෆොන්සේකා බවයි ඒ පැමිණිල්ලේ සඳහන් වුණේ. ඒ වගේම ලසන්ත ඝාතනය සරත් ෆොන්සේකාගේ වැඩක් බව රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා. ගෝඨාභය මැතිතුමා 2008 සිට පසුගිය වසර 11 පුරා ඇමෙරිකාවට නිතර ගියා ආවා. නමුත් කාටවත් ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න ඕනෑ වුණේ නෑ. එහෙම නම් මෙවර විතරක් නඩු දෙකක්ම පැවරුවේ ඇයි? එකම හේතුවයි තිබෙන්නේ. ඒ තමයි 2019 ජනවාරි මාසයේ දී තමන් ජනපතිවරණයට තරග කරන්න සූදානම් බව ඔහු ප‍්‍රසිද්ධියේ පැවසීම.
 
 ඔහුගේ ජනපති අපේක්ෂකත්වයට මේ නඩු වලින් ඇති කරන බලපෑම කුමක්ද?
 
 නීතියට අනුව නම් කිසිම බලපෑමක් නෑ. ඔවුන් පවරා ඇත්තේ අපරාධ නඩු නොවේ. සර්වලෝක අධිකරණ බලය (universal jurisdiction) ඇමෙරිකාව පිිළිගන්නේ සීමාවකට යටත්ව. ඇමෙරිකානු පුරවැසියන්ට හෝ දේපල වලට එරෙහිව විදේශිකයෙකු විදේශ රටක දී අපරාධයක් කළොත් ඒ අය ඇමෙරිකාවට ගෙනැවිත් නඩු පැවරීමට ඇමෙරිකාව කටයුතු කරනවා. නමුත් ඇමෙරිකානු පුරවැසියෙකු පිටරටක දී අපරාධයක් කළ බවට චෝදනාවක් නැගුනොත් ඒ පිළිබඳ ඇමෙරිකාවේ නඩු පැවරීමක් කවදාවත් සිදු වී නෑ. එහෙම කළොත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ටත් යුද අපරාධ නඩු පැවරෙන්න පුලූවන්. ඇමෙරිකාවේ සිවිල් නඩුවක් පැවතීම පුරවැසිකම ඉවත් කර ගැනීමට කිසිම බාධාවක් නෑ.
 
 මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව මේ වනවිට දන්වා ඇති ප‍්‍රතිචාරය පිළිබඳව ඔබ දැනුවත් ද?
 
 පොතේ හැටියට නම් මේ මාසය ඇතුළත පුරවැසිකම ඉවත් කර ගැනීම සම්පූර්ණ වෙන්න ඕනෑ. පවරා ඇති නඩු වලින් ඊට කිසිම නීතිමය බලපෑමක් නෑ. නමුත් ඇමෙරිකාව එජාපයේ අවශ්‍යතාවය මත අනිසි ලෙස ප‍්‍රමාද කරාවි කියන බයක් සමාජයේ තිබෙනවා. ඒ බය ඇති වී තිබෙන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ දී ඇමෙරිකානු හිතවාදින්ට සහ තම රටට ආදරය කරන ජාතිකවාදින්ට හැඳි දෙකකින් බෙදන්න ඇමෙරිකාව කටයුතු කර තිබෙන නිසා. එහෙම කළොත් ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස එරට අධිකරණය ඉදිරියට යන්න ගෝඨාභය මැතිතුමාට පුළුවන්.
 
 ඇමෙරිකාවේ බුද්ධි මණ්ඩලයක් වන ”ද හෙරිටේජ් ෆවුන්ඬේෂන්” නිකුත් කළ වාර්තාවක් පිළිබඳ ඔබ අදහස් දක්වා තිබුණා. එම වාර්තාව සහ ජනාධිපතිවරණය අතර තිබෙන සම්බන්ධයක් තිබිය හැකිද?
 
 ද හෙරිටේජ් ෆවුන්ඬේෂන් කියන්නේ ඇමෙරිකානු ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සඳහා දැඩිව බලපෑම් කරන බුද්ධි මණ්ඩලයක්. මේ ආයතනයේ ජෙෆ් ස්මිත් 2019 මාරතු 14 දින Sri Lanka ( A Test Case for the Free and Open Indo - Pacific Strategy) නමින් පර්යේෂණ වාර්තාවක් නිකුත් කළා. එහි ඉදිරි ජනපතිවරණය ජයග‍්‍රහණය කරන්නේ රාජපක්ෂ සංධානය බව පවසනවා. එය සුබ ආරංචියක්. ඇමෙරිකාව එක්තරා සීමාවකට ලංකාවේ ජනමතයට ගරු කළ යුතු බව එහි සඳහන් වුණා. ඒ සීමාව තීරණය කරන්නේ ඇමෙරිකාවම තමයි. ජනාධිපතිවරණයක් කට ලඟ තබා ගෙන බලගතු ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයක් කියන මේ කතාව සුළුවෙන් තකන්න නරකයි. ලංකාවේ ජනමතය ක‍්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ ඇමෙරිකාව කැමති සීමාව දක්වා විතරයි. ඇමෙරිකාව කැමැති සීමාව කියන්නේ ඇමෙරිකාවට වාසි සීමාව. ඊට පස්සේ ලංකාවේ ජනමතය චප්ප කරලා ඇමෙරිකාවේ මතය ක‍්‍රියාත්මක කළ යුතුයි කියන එකද මේ කියන්නේ?
 
 මේ වන විට පළාත් සභා නවයෙන් අටක්ම විසිර ගිහින්. නමුත් පලාත් සභා මැතිවරණය දිනා ගන්න විපක්ෂය උනන්දුවක් දක්වන්නේ නෑ නේද?
 
 පුංචි ඡුන්ද ප‍්‍රතිඵලය අනුව පළාත් සභා සියල්ලම එජාපය පරදින බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. අපි මැතිවරණය දිනා ගන්න උනන්දු නැති බව පැවසීම වැරදියි. අපි රැුස්වීම්, උද්ඝෝෂණ පැවැත්වුවා. මැතිවරණ කොමිසම වගේම ආණ්ඩුකාර කාර්යාල වැටලූවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරුවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයේ කරන්න පුළුවන් සියල්ලම කළා. නමුත් ඒවා හරියට බීරි අලියාට වීණා වැයුවා වගේ. එජාපය අලියෙක් බව දැන හිටියා. නමුත් මේ සීතල ප‍්‍රතිචාරය ලැබෙන තුරු බීරි අලියෙක් කියලා දැනගෙන හිටියේ නෑ.
 
 පළාත් සභා මැතිවරණ සම්බන්ධ කාරණයේ දී බටහිර තානාපති ප‍්‍රජාව, එන්ජි ඕ කල්ලි පමණක් නොව මානව හිමිකම් කොමසාරිස්තුමිය පවා නිරුවත් වී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී එජාපයේ මන්ත‍්‍රීවරු සංධානයට එක් වන විට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් කියා එන්ජි ඕ කල්ලි පාරට බැස්සා. බටහිර තානාපති කාර්යාල ප‍්‍රකාශ නිකුත් කළා. ආධාර නැවැත්තුවා. මානව හිමිකම් කොමසාරිස්තුමිය වාරතාවක් නිකුත් කළා. නමුත් මැතිවරණ වසර දෙකකට ආසන්න කාලයක් කල් දාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල අනතුරක් කරලා තිබෙද්දි මේ සියලූ දෙනාම නිහඬයි. ඒකෙන් පේන්නේ මේ සියලූ බලවේග එජාපයට කඬේ යන කොලපාට බලවේග බවයි.
 
 ශ‍්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ සමග සංධානයක් ගොඩ නැගිය යුතුය යන ස්ථාවරයේ ඔබ ඉන්නවා. නමුත් තවමත් සාකච්ඡුා වල ප‍්‍රගතියක් නැති වීමට හේතුව කුමක්ද?
 
 ප‍්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙන සතුරු බලවේග දෙකක් එකතු කරනවාට වඩා එකට සිට රණ්ඩු වී වෙන් වුණු බලවේග දෙකක් එකතු කිරීම අපහසුයි. එවැනි බලවේග එකතු කිරීමේ දී දෙපාර්ශවයම හැඟීම් බරව කටයුතු කිරීම සමගියට බාධාවක්. නමුත් පෞද්ගලික ප‍්‍රශ්න පසෙක තබා රට වෙනුවෙන් මේ සමගිය ගොඩ නැගීමට රටට ආදරේ කවුරුත් කටයුතු කළ යුතුයි.
 
 එජාපය දෙස බලන්නකො. ජනපති මෛත‍්‍රි එජාපයට හරියට රිදෙව්වා. නායකයාට ප‍්‍රසිද්ධියේ අපහාස කළා. නමුත් ඒ සියල්ලම අමතක කර තම පක්ෂය වෙනුවෙන් ජනපති සමග සමගිව කටයුතු කරන්න එජාපයේ ඇති සූදානම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබෙනවා. එතැන පෙන්වන්නේ දේශපාලන පරිනත බව. නමුත් අවාසනාවට එජාපය ඒ පරිනතකම පෙන්වන්නේ බලය වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවේ.
 
 2010 ජනපතිවරණයට අප මුහුණ දුන්නේ යුද ජයග‍්‍රහණයෙන් මාස අටක් ඇතුළත. ඒ කියන්නේ ජනතා ආර්කෂණය උපරිමව තිබුණු මොහොතක. නමුත් සැමියා - බිරිඳ පමණක් දැකිය හැකි පක්ෂය ද අපි සංධානයට එක් කර ගත්තා. පියා සහ දියණියන් පමණක් දැකිය හැකි පක්ෂය ද අපි එක් කර ගත්තා. එහි ප‍්‍රතිඵලය වුණේ 58%ක් ඡුන්ද ලබා අපේ සංධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමයි.
 
 2015 ජනපතිවරණයට අප මුහුණ දුන්නේ අපේ ජනප‍්‍රිය බව පිරිහුණු මොහොතකයි. නමුත් එය නොසලකා මෛත‍්‍රිපාල සිරිසේන වැනි මහතුන්ට හිරිහැර කර ඔවුන්ව සතුරු පිලට තල්ලූ කළා. ඒ වගේම ජාතික හෙළ උරුමය ද සතුරු පිලට තල්ලූ කළා. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ රට බේරා ගත් රට ගොඩ නැගූ ජනතාවගේ නායකයා ඔහුගේම ලේකම්ට පරාජය වීමයි.
 
 අපට 2019 දී අවශ්‍ය වන්නේ ජයග‍්‍රහණය කිරීමට නම් අප කළ යුත්තේ 2010 උපාය මාර්ග අනුගමනය කිරීමයි. අපට අවශ්‍ය වන්නේ පරාජය වීමට නම් කළ යුත්තේ 2015 උපාය මාර්ග අනුගමනය කිරීමයි.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුය යන ස්ථාවරයේ සිටින බව පෙනෙනවා. නමුත් පොදු ජන පෙරමුණේ ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා එම පක්ෂය පසුගිය අය වැයට විරුද්ධව ඡුන්දය දීමෙන් වැළකුණු බවට මත පළ වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස.
 
 සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන්. ඒ වගේම ගෝඨාභය මැතිතුමා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන මෙන් ජනතාවගෙන් මතු වී ඇති ප‍්‍රබල ඉල්ලීම නොසලකා ඉන්න බෑ. දේශපාලන වශයෙන් පරිනත ශ‍්‍රීලනිප නායකයින්ට මේක තේරෙනවා. අනිත් අතින් ශ‍්‍රීලනිපය පසුගිය මැතිවරණයේ දී 12%ක් ඡුන්දය ලබා ගත්තා. ඔවුන් රටේ තුන්වන බලවේගය. ජනපතිවරණයේ දී ඔවුන්ගේ සහය ලබා ගත හැකි නම් ඒක අපට දැවැන්ත වාසියක්.
 
 ඒ වගේම රටේ ජනාධිපති ඉන්නේ ශ‍්‍රීලනිපයේ. ඉදිරි මාස කිහිපයේ ඔහුගේ ක‍්‍රියාකලාපය තීරණාත්මකයි. ජනාධිපති බැඳුම්කර කොමිසම පත් කළා. දැන් ඉතිහාසයේ ප‍්‍රථම වරට බලයේ සිටින ආණ්ඩුවක දූෂණ සොයන්න ජනපති කොමිසමක් පත් කර තිබෙනවා. මේ සියලූම ක‍්‍රියාකාරකම් වල වාසිය ජනපතිවරණයේ දී ලැබෙන්නේ අපටයි.
 
 ඔබේ සහය ලැබුණත් නැතත් ජනාධිපති සිරිසේන නැවත ජනපතිවරණයට ඉදිරිපත් කරන බවයි ශ‍්‍රීලනිප කියන්නේ?
 
 ඔවුන් එහෙම කියන්න එපායැ. නැතිනම් ඔවුන්ට අපත් සමග කේවල් කරන්න බෑනෙ. ඔවුන්ගේ ඡුන්ද කුට්ටිය බන්දේසියක තබා අපට පුදාවි කියා සිතන්න එපා. ඒ සඳහා අපෙන් යමක් පෙරලා බලාපොරොත්තු වේවි. සමහරවිට වත්මන් ජනපතිතුමාට ගෞරවනීය මෙන්ම යමක් කළ හැකි තනතුරක් ලබා දීමත් ඒ අතර තිබේවි. ජනපතිවරණයේ දී සහය ලබා දීමට අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාදැයි ඔවුන් සමග විවෘතවම කතා කළ යුතුයි. ලංකාවේ සිටින පරිනතම දේශපාලකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා.
 
 ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමට පෙර ජනාධිපති සිරිසේන සමග සාකච්ඡුා කරන බවට මහින්ද මැතිතුමා කීප වරක්ම ප‍්‍රකාශ කළේ ඒ නිසා.
 
 බැසිල් මහතා ගෝඨාභය මහතා ජනාධිපති වනවාට විරුද්ධ බව ප‍්‍රකාශ කරන අය සිටිනවා. ඔබත් එහෙම සිතනවාද?
 
 එහෙම කතාවක් සමාජ ගත වුණේ බැසිල් මැතිතුමා වටා සිටින පිරිසක් ගෝඨාභය මහතාට විරුද්ධව මාධ්‍යවේදින් සමග කරුණු දක්වා තිබුණු නිසා. නමුත් තමන්ගේ සහෝදරයා ජනාධිපති වෙනවාට බැසිල් මැතිතුමා විරුද්ධ වේවි යැයි මම නම් සිතන්නේ නෑ. මා දන්නා තරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේක්ෂකත්වය ලැබුණොත් සිය මැතිවරණ කලමණාකරු ලෙස පත් කිරීමට ඉඩ තිබෙන්නේ බැසිල් මැතිතුමාවයි. ඔහු මැතිවරණ ගණනාවක දී මැතිවරණ කළමනාකරු ලෙස කටයුතු කළ අත්දැකීම් බහුල පුද්ගලයෙක්. ඒ අත්දැකීම් ගෝඨාභය මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
 
 ඇත්තෙන්ම උදය - බැසිල් ගැටුමේ පදනම කුමක්ද?
 
 අපි අතර පෞද්ගලික ගැටුමක් නෑ. එතුමා යෝජනා කරන ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග වලට මම එකඟ නැතිනම් මම ඒක මුහුණටම කියනවා. ඒ ගැන වාද විවාද කරනවා. ඒ මගේ හැටි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන ප‍්‍රවාහයක කටයුතු සිදුවිය යුත්තේ එහෙමයි කියා මම විශ්වාස කරනවා. එතුමා සමග පමණක් නොවේ අපේ අනුත්තර නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගත් මම උණුසුම් විවාද ඇති කරගෙන තිබෙනවා. දැන් මම පක්ෂ නායකයෙක්. නමුත් මම පරිසර අධිකාරියේ සභාපති කාලයේත් මහින්ද ජනාධිපතිතුමා ගුවන් තොටුපොලක් ඉදි කිරීමට වීරවිල තෝරා ගත්තාම මම ඒකට විරුද්ධ වුණා. මම මතු කළ පාරිසරික කාරණා වලට ඇහුම්කන් දීලා ඒ අදහස වෙනස් කර ගන්න තරම් මහින්ද ජනාධිපතිතුමා නිහතමානි වුණා. නායකයින් විනාශ වන්නේ හැම දේටම ‘‘ඔව්” කියන එහෙයියන් හින්දා මිස අපි හින්දා නොවේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles