The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

richard mainරිදී හැන්දක් කටින් අරගෙන ආවත් පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් වීමට එතරම් කාලයක් අවශ්‍ය නැහැ. මේ සියල්ලම ඉතාම තීරණාත්මක විදිහට සහ අනාගතයට බලපාන අන්දමින් සිදුවීමත් එහි විපාක බොහෝ දෙනා අතර ඉතාම ශෝචනීය අන්දමින් බලපාන බවත් අමතක කළ යුතු නැහැ.
 
 ‘රිචඞ් බෙන්ජමින් ස්පෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප‍්‍රාන්තයේදි උපත ලැබුවේ 1941 වසරේ දෙසැම්බර් මාසයේ හය වැනි දිනයි. බෙන්ජමින් ප‍්‍රෑන්ක්ලින් ස්පෙක්ස් සහ මේරි මාග‍්‍රට් කාර්බෝ ස්පෙක් ඔහුගේ දෙමව්පියන් විය. වැඩිමහල් සහෝදරයා රිය අනතුරකින් මියගිය අතර පියා හදිසි හෘදයාබාධයකින් මියගියේ 1947 වසරේදීය.
 
 රිචඞ්ගේ බාල කාලය ඉතාම සුන්දර ලෙසින් ගෙවී ගියත් පියාගේ හදිසි අභාවයෙන් පසුව ඔවුන්ගේ පවුල නොදැනීම දිනෙන් දිනම විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉතාම අවාසනාවන්ත ලෙසින් වූ රටාවකට අනුගත විය. පවුලේ ආර්ථිකයත්, දරුවන් තවම ලාබාල වයසේ පසුවෙන නිසා ඔවුන් හදා වඩා ගැනීමටත් වූ අරගලය නිසා මව නැවත විවාහයක් කර ගැනීමට තීරණය කළාය. ඒ වෙන විටත් රිචඞ්ගේ මව චිකාගෝ දුම්රියේදී මුණ ගැසුන ‘කාල් ඔගස්ට් රැඞ්ලොෆ් ලින්බර්ග්. යන සංචාරක වෙළෙන්දෙක් සමග ඇති කර ගත් හාදකම නිසා අවසානයේදී ඔහු සමග විවාහ ගිවිස ගත්තාය. නමුත් සුළුපියාගෙන් රිචඞ්ට හෝ පවුලේ සෙසු සහෝදරයන්ට දයාවක් කරුණාවක් ලැබුණේ නැත. පියාගේ ප‍්‍රතිරූපය ඔහුගෙන් නුදුටුවද, රිචඞ්ද තම පියාගේ ප‍්‍රතිරූපයට වඩා නොදැනීම අනුගත වුනේ සුළුපියාගේ දුරාචාරයන්ටය. ඔහුගේ ජීවිතයේ කඩාවැටීමට විශේෂයෙන්ම පාදක වූයේ මේ පසුබිමයි.
 
 පාසල් අධ්‍යාපනයෙන්ද නිසි ඵල ප‍්‍රයෝජන නොලත් රිචඞ් මත්පැන් සහ වෙනත් සමාජවිරෝධී කටයුතුවලට දැඩි සේ ඇබ්බැහි වූයේය.
 
 1965 වසරේ ජනවාරි නව වැනි දින පස්වරු 2.30 ට පමණ රිචඞ් ඔවුන් පදිංචිව සිටි මහල් නිවාසයේ සිටි කාන්තාවක් වෙත කඩා පැන්නේ අඟල් 17 ක් පමණ දිගැති තියුණු ආයුධයකුත් අතැතිවයි. කාන්තාව කෑ ගැසූ අතර අවට සිටි පිරිස විසින් කාන්තාව බේරා ගෙන රිචඞ් පොලිසියට අල්ලා දීමට සමත් විය. මේ සිදුවීමට චෝදනා ලත් රිචඞ්ට මාස 16 ක සිරදඬුවමක් නියම කරන ලදී. බන්ධනාගාරයෙන් නිදහස් වූ රිචඞ් මාස තුනක කාලයක් Patterson Meat Company ආයතනයේ රියැදුරෙකු ලෙසින් සේවයේ යෙදුනේය. එහෙත් නීතියෙන් ලද දඬුවමින් ඔහු හික්මුනේ නැත.
 
 මේ සිදුවීමත් සමග රිචඞ්ගේ ජීවිතය තවත් කඩා වැටුනේ මෙවැනි පුරුෂයෙකු සමග ජීවත්වීමට නොහැකිය යන ස්ථාවරයේ සිටි ඔහුගේ බිරිඳ නීතියෙන් දික්කසාදය ඉල්ලා සිටීම නිසාය. දරුවන්ද ඇය භාරයට දෙමින් දික්කසාදය ලත් තැන පටන් රිචඞ් තවත් දරුණු චරිතයක් බවට පත් විය.
 
 1966 වසරේ මාර්තු
richadපස් වැනි දින රිචඞ් වෙළඳසැලක් මංකොල්ලකමින් සිගරට් ටින් 70 ක් රැගෙන විත් ඒ වෙනුවෙන් යොදා ගත් වාහනයද අතරමග දමා පලා ගියේය. එහෙත් පොලීසිය විසින් මාර්තු 8 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
 
 1966 වසරේ නැවතත් රිචඞ් දරුණු අපරාධයකට මුල පුරන ලදී. ‘මොනමොත්. ප‍්‍රදේශයේ පදිංචිව සිටි ‘ටර්ජිල් හැරිස්. නම් 60 හැවිරිදි කාන්තාවගේ නිවසට කඩා වැද ඇය ලිංගික අපයෝජනයට ලක්කළා පමණක් නොව නිවසේ වටිනා කියන දේවල් පවා කොල්ල කෑවේය.
 
 ඒ අතර මේ ප‍්‍රදේශයේම 32 හැවිරිදි කාන්තාවක් අපේ‍්‍රල් 9 වැනි දින ප.ව 12. 45 සිට අතුරුදන් බවට වූ රාවයත් පැතිර ගිය අතර ඇගේ මළසිරුර අපේ‍්‍රල් 13 වැනි දින හමුවිය. මේ කාන්තාවගේ උදරයට දරුණු ලෙස පහර එල්ල කිරීමක් නිසා අක්මාව පිපිරීම ඇගේ මරණයට හේතුව බැව් මෙහිදී අනාවරණය වී තිබුණි. රිචඞ් අපේ‍්‍රල් 9 වැනි දින ඔහුගේ සහෝදරිය වාසය කරන චිකාගෝ ප‍්‍රදේශයට ගියේය. මේ කාලයේදී රිචඞ් නැව් සමාගමක රැකියාව ලද අතර ඔහුගේ අවාසනාවේ බරපතළ බැව් කොතෙක්ද යත් මුල්ම ගමන අතරමග රිචඞ්ගේ ‘ඇපෙන්ඩිසයිටිස්. රෝග තත්වය දරුණු වීම නිසා ඔහු මිචිගන්හි ශාන්ත ජෝශප් රෝහලට ඇතුළත් කරන ලදී.
 
 ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට උත්සාහ කළත් ඒ අවස්ථාව ඔහුට දෛවෝපගතව අහිමි විය. ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පැමිණි රිචඞ් නැවතත් පරණ පුරුදු ජීවිතයටම යොමු විය. දවස පුරා බීමතින් හැසිරෙන රිචඞ්ගේ මීළඟ ඉලක්කය වූයේ ‘එලා මෙ හූපර්. නැමැති 53 හැවිරිදි කාන්තාවකි. ඇගේ නිවසට වැද ඇය දූෂණය කළ රිචඞ් ඇය සතුව තිබූ 22 caliber වර්ගයේ පිස්තෝලයත් රැගෙන එතැනින් පලා ගියේය.
 
 රිචඞ්ගේ එකම ඉලක්කය මුදල්ය. වේලාව රාති‍්‍ර 11 ට පමණ විය. අවාසනාවකට මෙන් ඔහුගේ නෙත ගැටෙන්නේ චිකාගෝහි පිහිටි හෙද ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයයි. පැට්රිකා මට්යුසෙක්, නීනා ජෝ ස්මේල්, පැමලා විල්කින්, සුසානා පැරිස්, මේරි ඈන් ජෝර්ඩන්, මර්ලිටා ගාර්ගියුලෝ වැලන්ටිනා පැසන් මේ නේවාසිකාගාරයේ එක් කොටසක සිටි ශිෂ්‍යාවන් පිරිසයි. රිචඞ් ජනේලයකින් මේ කාමරයට ගොස් ඔවුන් දූෂණය කොට ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මුදල් සියල්ලමත් තමා භාරයට ගත්තේය. මේ වෙන විට ග්ලෝරියා ඬේවි කාමරයේ නොසිටි අතර ඇය පෙම්වතා හමුවීමට ගොස් ආවේ දරුණු ඝාතකයා නේවාසිකාගාරයේ සිටින බව නොදැනය. රිචඞ් ග්ලෝරියාද දූෂණය කොට ඝාතනය කළේය. එතැනින්දු නොනැවතුන ඔහු යළිත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය අධිමාත‍්‍රාවක් ගෙන ඝාතනය කරන ලද මළසිරුරු නැවත දූෂණය කරන්නට වූයේය.
 
 අපරාධකරුවෙකුට කිසිදා ගැලවීමක් නොමැත. කවදා කොතැනකදී හෝ ඔවුන්ටත් වරදිනු ඇත. මේ වෙන විටත් පිලිපීන ජාතික හෙද ශිෂ්‍යාවක වූ Corazon Amurao කෙසේ හෝ රිචඞ්ගේ දැහැනින් මිදී ඇඳක් යට රිංගා සිටියාය. ජීවිතයත් මරණයත් අතර සටනක වැද සිටි ඇය සිදුවීම ගැන සියැසින් දුටු සාක්ෂි ඇතුව සිටියෙන් ඝාතකයා අත්අඩංගුවට ගැනීම අපහසු නොවීය.
 
 1967 වසරේ අපේ‍්‍රල් මාසයේ තුන්වැනි දින අත්අඩංගුවට ගත් රිචඞ් මේ සිද්ධිය ඉදිරියේ තමා
 
 නිවැරැදිකරු බව කියා සිටියේය. එහෙත් ඔහුගේ සිරුරෙහි වූ ටැටූ සටහන් පවා නිවැරැදිව කීමට Corazon Amurao සමත් වූවාය. ඇසින් දුටු සාක්ෂි ප‍්‍රබල නිසා රිචඞ් වෙනුවෙන් මරණීය දණ්ඩනය නියම වුණත් මේ වෙන විට මරණීය දණ්ඩනයට විරුද්ධව ගොඩ නැගී තිබූ මතවාද නිසා ඔහු බන්ධනාගාරගත කරන ලදී. 1991 වසරේ ‘රිචඞ් බෙන්ජමින් ස්පෙක්.නම් වූ මේ දරුණු ඝාතකයා ඔහුගේ අවාසනාවන්ත ජීවිතයෙන් සමුගත්තේය.
 
 පුණ්‍යා චාන්දනි

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles