The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

joඇය ස්කොට්ලන්ත ජාතික කාන්තාවක්. ‘‘ ජෝ කැමරන්" නම් වූ ඇය සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටින්නේ දුර්ලභ අන්දමේ ජාන විකෘති තත්ත්වයක් නිසාය.
 
 අතක් කැපුනත්, ගින්දර රස්නයක් දැනුනත් ජෝ කැමරන්ට එය ගැටලූවක් නොවේ. ඊට හේතුව ඇයට මේ වේදනාවන් නොදැනීමයි. නමුත් වෛද්‍යවරුන් මේ ගැන එතරම් විශ්වාසයක් තැබුවේ නැත. ඇගේ එක් අතකට ශල්‍යකර්මයක් සිදු කරන අවස්ථාවේදී වෛද්‍යවරුන් ඇයට සඳහන් කරනු ලැබුවේ මේ ශල්‍ය කර්මය කිරීමෙන් පසුව දැඩි වේදනාවක් දැනෙන නිසා ඒ සඳහා වේදනා නාශක ලබා දීමට ඔවුන් අදහස් කරන බවයි. මේ තත්ත්වය වෛද්‍ය ලෝකයට එක් වූයේ මේ අපූර්ව ගැහැනිය විසින් බරපතළ ශල්‍යකර්මයක් සිදු කරන විටත් ඒ වෙනුවෙන් වේදනා නාශක ප‍්‍රතික්ෂෙප කිරීමයි.
 
 ඒත් ඇය කළ සඳහනට අනුවම කිසිම වේදනාවක් ඇයට දැනුනේ නැත. එයින් අනතුරුව වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වුණේ ජෝ කැමරන්ට කිසිම වේදනාවක් නොදැනී මේ ශල්‍ය කර්මයට මුහුණ දීමේ හැකියාව ලැබුනේ කෙසේද යන්න ගැනයි.
 
 මේ නිසා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ‘‘දෙව්ජිත් ශි‍්‍රවස්ටාවා" විසින් මේ කාන්තාව ඔක්ස්ෆර්ඞ් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලදී. කොහොම වුණත් මේ කාන්තාවට අඩුම වශයෙන් ප‍්‍රසව වේදනාව හෝ දැනී නැති බැව් ඇය සඳහන් කරයි.
 
 ඒ ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ වේදනාව නොදැනෙන තත්ත්වය නිසා ප‍්‍රසවය මට පුදුමයක් වගේම විනෝදයක් වුණා. නමුත් මගේ හිතේ එක් කනගාටුවක් තිබෙනවා.
 
 වේදනාව තියෙන්නේ හේතුවක් නිසා...එමගින් අපිට අනතුරු දැනුම් දීමක් සිදු වෙනවා. එයින් අදහස් වෙන්නේ යම් දෙයක් වීමට පෙරාතුව අපිට අනතුරු දැන්වීමක් ලැබෙන බවයි. තවත් බොහෝ දෙනෙක් ලෝකයේ සිටින්න පුළුවන්, මේ අයගේ තුවාල පවා ඉක්මනින් සුවය ලැබීමේ හැකියාවක් තිබෙනවා. තුවාලයක් වුණොත් ඔවුන් ඉක්මනින්ම සුවය ලබනවා. එය සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින තත්ත්වයක්.
 
jo2 ජෝ කැමරන් ආශ‍්‍රය කරගෙන නව ප‍්‍රතිකාර නිර්මාණය කිරීමට වෛද්‍යවරුන් අදහස් කරන අතර එය සාර්ථක වුණොත් ශල්‍ය කර්මයකින් පසුව ලබා දෙන වේදනා නාශක වෙනුවට අලූත් වේදනා නාශක හඳුන්වා දීමටත් හැකියාව ඇති බව පර්යේෂකයන් සඳහන් කර සිටී. එවිට ඉක්මනින් තුවාල සුව කර ගැනීමට වගේම ශල්‍යකර්මයකින් පසුව ලබා දෙන වේදනා නාශක වෙනුවට නව ප‍්‍රතිකාර හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ අනුව වසරකට ශල්‍ය කර්ම වෙනුවෙන් මුහුණ දෙන මිලියන 330 ක් පමණ දෙනාට යම් සහනයක් අත් විය හැකියි.
 
 මේ වගේ ජාන ඇති පුද්ගලයන්ට ඉක්මනින් අමතක වීම් සිදු වෙන බවත් ඔවුන් චකිතයෙන් තොර පිරිසක් බවත් පර්යේෂකයන් සඳහන් කරද්දී ජෝ කැමරන් කියා සිටින්නේ මම සතුටින් සිටින කෙනෙක්... සමහර විට ඉක්මනින් අමතක වීමත් ඒ වෙනුවෙන් හේතුවක් වෙන්න ඇති...
 
 බී.බී.සී පුවත් ඇසුරිනි.
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles