Divaina - මාර්ග සංඥාවලටත් රිංගූ එල්විස් ප්‍රෙස්ලි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

pesly1එල්විස් ප්‍රෙස්ලි නම කියූ පමණින් නොදන්නා කෙනෙකු නැති තරම්ය. කොටින්ම මයිකල් ජැක්සන්ට පෙර පරම්පරාවේ බටහිර සංගීත ලෝකයේ කිරුළ දරා සිටියේ එල්විස් ප්‍රෙස්ලිය. (බොහෝ අය නොදනිතත් පසු කලෙක මයිකල් ජැක්සන් එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මාරි විවාහ කර ගත්තේය.) බටහිර හා ඇමරිකානු රටවලත් ලෝකයේ බොහෝ සංගීත ලෝලීන් අතරත් ඔහු සදාතනික වීරයෙකි.
 
 මේ කතාව ඒ සම්බන්ධයෙන් නොවේ. ඔහු කලක් සොල්දාදුවකු වශයෙන් එක්සත් ජනපද හමුදාවේ සේවය කළේය. එහිදී 1958-1960 කාලය තුළ ඔහු ජර්මනියේ ෆ‍්‍රයිඞ්බර්ග්හි රේ බැරැක්කයේ සේවයෙහි යෙදී සිටි බව සඳහන් වේ. 3 වන සන්නාහ සන්නද්ධ බළකායට අනුයුක්තව සේවය කළ ප්‍රෙස්ලිගේ නමින් විවිධ ස්ථාන ෆ‍්‍රයිඞ්බර්ග් නගරයේ නම් කර තිබෙනු දැකගත හැකිය.
 
pesly3 කාලයක් ඔහු සොල්දාදුවකු වශයෙන් එක්සත් ජනපද හමුදාවේ 3 වන සන්නාහ සන්නද්ධ බළකායට අනුයුක්තව සේවය කළේය. 1958-60 කාලයේදී ඔහු පසුවූයේ ජර්මනියේ ෆ‍්‍රයිඞ්බර්ග්හි රේ බැරැක්කයේය.
 
 ෆ‍්‍රයිඞ්බර්ග් පිහිටා ඇත්තේ මධ්‍යම ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරයට උතුරු දෙසිනි. මේ වන විටත් එහි ප්‍රෙස්ලි සිහිවීම සඳහා ස්ථාන කිහිපයක් නම් කර තිබේ. එල්විස් ප්‍රෙස්ලි චතුරස‍්‍රය ඉන් එකකි. මේ අතරට අලූතින්ම එක්වන්නේ එල්විස් ප්‍රෙස්ලිගේ සංගීත ඉරියව් දැක්වෙන මාර්ග සංඥා පුවරුය. ෆ‍්‍රයිඞ්බර්ග් පාලකයන් මෙම තීරණය ගනු ලැබුවේ එල්විස් ප්‍රෙස්ලිට ආදරය කරන විශාල පිරිසකගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහාය. ඔහුගේ රසිකයන් අතර ෆ‍්‍රයිඞ්බර්ග් නගරය ප‍්‍රසිද්ධ ස්ථානායකි.
 
 එල්විස් ප්‍රෙස්ලි ආරක්‍ෂක හමුදාවට එක්වන විටද සංගීත තරුවක් වශයෙන් ප‍්‍රසිද්ධව සිටියේය. ඔහුට සිය රසිකයන්ගේ ලිපිවලට පිළිතුරු සැපයීමට මෙන්ම සෑම දිනකම සවස් කාලයේදී බැරැක්කය අසල පොරකන රසිකයන්ගේ සමරු පොත්වලට අත්සන් කිරීමටද සිදුවූයේය.
 
pessly2 ප්‍රෙස්ලි හමුදාවේ සේවය කරන අතරතුරද සංගීත ඇල්බම් නිකුත් කිරීම නවතා දැමුවේ නැත. TOP-40 සංගීත පෙළගැස්ම තුළ එකල ඔහුගේ ගීත 10 ක්ම වැජඹුණි.
 
 දැන් ෆ‍්‍රයිඞ්බර්ග් නගරයේ බොහෝ ස්ථානවල වාහන හසුරුවන්නේ ඔහුගේ නර්තන ඉරියව් සහිත සංඥා පුවරු මගිනි. රතු සංඥාව සඳහා ප්‍රෙස්ලි මයික‍්‍රෆෝනය වෙතට නැඹුරු වී නර්තනයේ යෙදෙන ඉරියව්ව යොදාගෙන තිබේ. කොළ පැහැති සංඥාවට භාවිතා කර ඇත්තේ ඔහු උඩ පිනිමින් යෙදෙන උද්වේගතර නර්තන ඉරියව්වයි. (මෙම ඉරියව්ව ඔහුගේ ‘මුද්‍රාව. ලෙස හැඳින් වුවද වරදක් නොවේ.)
 
 ඔහුගේ බිරිඳ පි‍්‍රසිලා බුලියෝ (PRISCILLA BEAULIEU) මුණ ගැසුණේද ඔහු ජර්මනියට පැමිණ කෙටි කලකිනි. එවකට ඇය දහහතර හැවිරිදි ලාබාල තරුණියකි. ඇගේ සුළු පියා එවකට රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු වශයෙන් ජර්මනියේ සේවය කළ අතර සාදයක් අතරතුරදී ඇයව ප්‍රෙස්ලිට හඳුන්වා දෙනු ලැබීය. 1960 මාර්තුවේදී ඔහු පමණක් ජර්මනියෙන් පිටවී පැමිණියේය. 1963 වසරේදී පි‍්‍රසිලා ඔහුගේ ගේ‍්‍රස්ලන්ඞ් වතුයායේ පදිංචියට ආවාය. 1967 දී ඔවුන් විවාහ වූ අතර 1973 දී වෙන් වූහ. 1977 දී ප්‍රෙස්ලි මිය ගියේය.
 
 එල්විස් ප්‍රෙස්ලි මිය ගියද ඔහුට තිබුණු ජනතා ආකර්ෂණය අඩු වූයේ නැත. විශේෂයෙන් ඔහු කලක් වාසය කළ ෆ‍්‍රයිඞ්බර්ග් නගරය තවමත් ඔහුව ස්මරණය කරනු ලබන්නේය. ඔහු මියගිය පසුව එල්විස් ප්‍රෙස්ලි චතුරස‍්‍රය නම් කරනලදි. කෙසේ වුවද අලූතෙන් හඳුන්වා දෙනලද මාර්ග සංඥා ක‍්‍රමය නිසා එම නගරයට තවත් වටිනාකමක් එක්වී තිබෙන බව නම් සත්‍යයකි.
 
 වසන්ත විජේරත්න

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles