The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 

mala1මෙලොව උපත ලබන සෑම ජන්මියකු උපතත් සමඟ යම් ආයු කාලයක් භූක්ති විඳ මරණය සිදුවීම ලෝක ධම්මතාව අනුව සිදු වේ.
 
 මරණය යනු කිසියම් භවයක් නිමා කොට ආත්මය විශ්වයට එකතු වීමයි. ඒ සමගම මනස මුල්කොට ගත් අද්‍රව්‍යමය සිරුර හෙවත් විඤ්ඤාණය අවකාශයට පාවී යයි. බටහිර පර්යේෂකයත් විසින් මිනිස් සිරුරෙත් ඉවත් වන මෙම විඤ්ඤාණය මනෝකාය හෙවත් ඇස්ට‍්‍රල් බොඩි Astrol body යනුවෙන් හඳුන්වා දී ඇත. මරණය යනු ආත්මගත පරිණාමයේ එක් ආත්මයක් අනිත් ආත්මයෙන් වෙන් කරන සන්ධිස්ථානයක් පමණි.
 
 ජ්‍යොතිෂයට මරණයට හේතුව, මරණය සිදුවන ආකාරය හෝ් එම අවස්ථාව පිළිබඳව ඉතා නිවැරදි විනිශ්චයක් ලබා දිය නොහැක. ජීවිතයේ ප‍්‍රධාන සිදුවීමක් වන මරණය කෙනකුගේ ශරීර සෞඛ්‍යයට හානි කර වූ අභියෝගාත්මක අවස්ථාවන් වශයෙන් ජ්‍යොතිෂයට යම් විග‍්‍රහයක් කළ හැකි වේ. එබඳු අවස්ථාවන් පිළිබඳ කේන්ද්‍ර සටහනින් යම් හෝඩුවාවක් හෝ ඉඟි ලබා දිය හැකිය. පුළුල් ජ්‍යොතිෂ විද්‍යාත්මක පරාසයක් තුළ මූලික විනිශ්චයන් පිළිබඳ නිශ්චිත නිගමනයන්ට එළැඹීම පහසු නොවේ.
 
 මරණය සිද්ධ වන දිනය හෝ වේලාව ස්ථිර ලෙස කීම ඉතා අසීරු වුවත් එහි ස්වභාවය ඊට හේතු විය හැකි සාධක හෝ කාලවකවානු පිළිබඳ යම් යම් විශ්ලේෂණාත්මක අවබෝධයක් ලබා දීමේ කාර්යයට යම් ඵලදායී දායකත්වයක් ජ්‍යොතිෂයට ලබා දිය හැකි වේ.
 
 මරණය වනාහි ස්වභාවික මරණ හා අස්වභාවික මරණ යයි දෙයාකාර වේ. රෝගයක් වැළඳීමෙන් හෝ මහලූ වයසට පැමිණීමෙන් සිදුවන මරණය ස්වභාවික මරණයක් සේ හඳුන්වයි. බලාපොරොත්තු රහිත හදිසි අනතුරකින් වැනි තත්ත්වයකින් ඇති වන මරණය අස්වභාවික ලෙස හඳුන්වයි.
 
 ජ්‍යොතිෂයට අනුව අටවැනි භාවය ගුප්ත හෙවත් සැඟවුණ දේ ප‍්‍රකාශ කරයි. එහෙත් පුද්ගලයකුගේ භෞතික ජීවිතය හා බැඳුණු වෙනස බලා රැුකියා හා විවාහය හා සමාජ කටයුතු මරණය සමඟ අනිවාර්යයෙන් සම්බන්ධතාවක් පවතී. එබැවින් ලග්නය දෙවැන්න, සත්වැන්න සහ දොළොස් වන භාවයන් පමණක් නොව අන්‍ය භාවයන්ගෙන් නිවේදනය වන ජීවන තොරතුරු ද 8 වැන්න සමඟ ගලපා මනා ලෙස අනුතුලනය කළ යුතුය. සියලූ භෞතික සම්පත් මරණයත් සමඟ අහිමි වී යනු ඇත යන සංකල්පය මත සියල්ල ගොනු කළ යුතුය.
 
 කේන්ද්‍රයෙහි ග‍්‍රහයන්ගේ තදබල ලෙස පාප සංයෝග පාප දෘෂ්ටි ආදියත් නැතහොත් ස්වභාවික මරණයකින් දිවි කෙළවර වේ. රවි, චන්ද්‍ර දෙදෙනා තදබල ලෙස පාප ග‍්‍රහයන්ගේ අශුභ දෘෂ්ටි හෝ පාප සංයෝගවලින් දුර්වල වී ගුරු, ශුක‍්‍ර දෙදෙනාගේත් ශුභ දෘෂ්ටි සංයෝග නොලදහොත් හදිසි අනතුරකින් දිවි කෙළවර වේ.
 
 අටවැන්න මරණයේ ස්වභාවය හා මරණයේ සාපේක්ෂ වන කරුණු නිවේදනය කරයි. අටවැන්නෙහි යම් ග‍්‍රහයෙක් බලවත් ලෙස පීඩාකාරී වී නම් එම ග‍්‍රහයාගේ ස්වභාවයට සාපේක්ෂව හදිසි විපතක් හෝ මාරක අනතුරක් සිදු විය හැකිය. උදාහරණයක් වශයෙන් යුරේනස්් 8 වැන්නේ දුර්වලව කුජ වැනි ග‍්‍රහයකුගේ දෘෂ්්ටියට ලක් වීමෙන් පිළිස්සීම රිය පැදවීම හෝ යන්ත‍්‍ර සූත‍්‍ර කි‍්‍රයා කිරීම ආදිය අදාළ හදිසි අනතුරක බොහෝදුරට ඇති වේ.
 
 රවි ග‍්‍රහයා තදබල ලෙස දුර්වල වූ ග‍්‍රහයා වූයේ නම් හෘදයාබාධයකින් හෝ සහජ දුර්වලතාවයකින් මරණය සිදු වේ.
 
 චන්ද්‍රයා කේන්ද්‍රයෙහි තදබල ලෙස දුර්වල ග‍්‍රහයා නම් ආමාෂගත රෝගයකින් හෝ ප‍්‍රසිද්ධ මරණයකින් හෝ ජීවිතය කෙළවර වේ.
 
 බුධ තදබල ලෙස පීඩා වූයේ නම් මොළයේ දෝෂයකින් හෝ නහරවැල්වල හෝ බඩවැල්වල දෝෂයකින් මරණය සිදු වේ.
 
 සිකුරු මරණය සම්බන්ධයෙන් පීඩාකාරී හෝ වේදනාකාරී තත්ත්වයන් ඇති නොකරයි. සිකුරු කේන්ද්‍රයේ තදබල ලෙස දුර්වල ග‍්‍රහයා නම් වකුගඩුවල දෝෂයකින් හෝ ඉන්ද්‍රිය විකල්‍යතාවයකින් මරණය සිදු වේ.
 
 මෙලෙස පීඩා වූයේ කුජ නම් උණ, පැපොල, අධික ලෙස ලේ ගැලීම, ගබ්සා වීම, අකාලයේ ඉපදීම, ශල්‍ය කර්ම, හුස්ම හිරවීම, උණු දියෙන් පිළිස්සීම, යන්ත‍්‍ර සූත‍්‍ර ආශි‍්‍රත අනතුරු වැනි දෙයකින් මරණය සිදු විය හැක.
 
 ශරීරයේ මේද කොටස් කෙරෙහි බලපාන ගුරු මරණය කෙරෙහි සෘජුව සම්බන්ධ වන ග‍්‍රහයෙක් නොවේ. ගුරු දුර්වල වූයේ නම් අක්මාවේ, ආබාධ, අන්‍ය අභ්‍යන්තරික ඉන්ද්‍රියන් මහත් වීමෙන් පෙණහැල්ල ඉදිමීමෙන් වැනි තත්ත්වයකින් මරණය සිදු විය හැක. ටියුමර් හෙවත් ගැටිති රෝල් අධික වීමත් ගුරු ග‍්‍රහයා නිසා ඇති විය හැක.
 
 ශනි ග‍්‍රහයා දුර්වල වූයේ නම් ප‍්‍රතිශ්‍යාව ක්ෂය රෝගය කලක් දුක් විඳින නිධන්ගත රෝග, දිං උදරය, ගුල්ම වැනි රෝගයකින් මරණය සිදු විය හැක.
 
 මරණය ගැන බලපවත්වන්නේ 8 වන භාවයයි. මරණය ආසන්නව ගත කරන ජීවිතයේ අන්තිම කාලය පිළිබඳව 4 වැන්නෙන් බැලිය යුතුය. බොහෝ විට මහලූ විය පිළිබඳව 4 වැන්නෙත් කිය වේ. මේ අනුව 4 වැන්නේ සිටින ග‍්‍රහයන් ද 4 වැන්නට වැටුන රාශිය ද එහි අධිපති ග‍්‍රහයා ද 4 වැන්න දෘෂ්ටි දෙන ග‍්‍රහයන් ද යන මේවායේ බල දුබලතා අනුව අන්තිම ජීවිතය පිළිබඳ යම් තොරතුරු දැනගත හැකි වේ.
 
 සාමාන්‍යයෙන් රවි කුජට සංයෝග වී 6, 8 හෝ 10 භාවයක සිටීම හදිසි මරණයකට හේතු විය හැකියි. මරණය ගැන තොරතුරු කීමේදී රවි චන්ද්‍ර දෙදෙනාගේ දුර්වල වූ ග‍්‍රහයන් ගැන ද 4 වැන්නට සහ 8 වැන්නට පැමිණි රාශිය ද එහි අධිපතීන් ද එහි සිටි ග‍්‍රහයන් ද යන මේවායින් ඉතාම දුර්වල ග‍්‍රහයා හෝ රාශි හෝ් භාවය අනුව මරණය ගැන බැලිය යුතුය.
 
 මෙම දක්වන ලද රාශි, ග‍්‍රහයන් තදබල ලෙස පාප දෘෂ්ටි සංයෝගවලට හසු නොවී නම් ස්වභාවික මරණයක් සිදු වන අතර අස්වාභාවික මරණයකට ගොදුරු නොවේ.
 
 ජ්‍යොතිෂයට මරණය සම්බන්ධව ස්ථිර ප‍්‍රකාශයක් කළ නොහැකි වුවද ඒ තුළින් ජීවිතය හා බැඳී පවතින අනතුරුදායක සිද්ධීන්ට හේතු වන ග‍්‍රහ බලපෑම් සහ ඒවායේ සංකීර්ණතාවන් පිළිබඳ යම් දැනීමක් ලබා දෙයි.
 
 ජ්‍යොතිෂවේදී තුෂාරා වික‍්‍රමසිංහ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles