Divaina - ෂාරුක්ට තවත් ආචාර්ය උපාධියක්.... හැකියාව සහ කැපවීම මත ගොඩ නැගුණු මහත්මා ගතිය ෂාරුක් ඉහළටම ඔසවා තබයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

hindi1ෂාරුක් ඛාන් වචනයේ පරිසමාප්තියෙන්ම සූවිශේෂී පුද්ගලයෙක්. ඔහු සතු රංගන හැකියාව” නිර්මාණාත්මක කුසලතාව” කැපවීම” ධෛර්යය” නිහතමානීත්වය සහ මහත්මා ගති අද ඔහු සිටිනා තැන දක්වා ඔසවා තබා ඇති බව ඔහු පිළිබඳව අතීතාවර්ජනයකදී කා හට වුවත් පැහැදිලිව හඳුනා ගත හැකි වෙනවා.
 
hindi2 එහි තවත් එක් ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය අපේ‍්‍රල් 04 වැනිදා ෂාරුක්ට තවත් ආචාර්ය උපාධියක් හිමි වී තිබුණා.
 
 මෙවර ෂාරුක්ට ගෞරව උපාධිය පිරිනමා තිබුණේ ලන්ඩනයේ පිහිටි මානවහිතවාදී නිතී පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින්. එහි උපාධිය සාර්ථකව අවසන් කළ සිසුන් 350 දෙනකු වෙනුවෙන් උපාධි ප‍්‍රදානෝත්සවයේදී ෂාරුක්ට හිමි ගෞරව ආචාර්ය උපාධිය විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ ප‍්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ඇන්ඩි‍්‍ර නොලන් විසින් පිරිනමා තිබුණා. ෂාරුක් මෙලෙස නැවතත් ගෞරව උපාධියකින් පිදුම් ලැබීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ ෂාරුක් සාර්ථක නළුවකු” චිත‍්‍රපට නිෂ්පාදකයකු” චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයකු ලෙස ඉන්දීය සිනමාවට කරන ලද සේවය සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසත් සාර්ථකවීමයි. තවද ෂාරුක් විසින් මුදල් ඉපැයීමේ අරමුණක් නොමැතිව පවත්වාගෙන යන මීර් පදනම මඟින් ජාතික ඒඞ්ස් මර්දන වැඩසටහන සඳහා බිම් මට්ටමේ සිට ලබා දෙන සක‍්‍රිය දායකත්වය සහ කාන්තාවන් බලගැන්වීම වැනි වැඩසටහන් පිළිබඳවත් ඔවුන් අවධානය යොමු කර තිබේ. ෂාරුක් පසුගිය කාලය පුරාම ඉන්දියාවේ ස්වේච්ඡා සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කර තිබේ.
 
  සම්මානය ලබා ගත් මොහොතේ එවර ෂාරුක් නිතී උපාධිය ලබන සිසුන් වෙනුවෙන් කතා කරමින් කියා ඇත්තේ ඔහු විශ්වාස කරන පරිදි යමෙකු යම් ස්වේච්ඡා සේවාවක් කළ යුත්තේ ඉතා නිහඬව සහ ගෞරවාන්විතව වන බවයි. එසේ කරන්නේ නම් ඔවුන්ට තමන් කරනා පුණ්‍ය ක‍්‍රියාව ගැන කතා කළ නොහැකි වන බවයි. ඔහු ඔහුගේ හදවතට සමීපව කටයුතු කරන කෙනකු වශයෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කැමැති බවයි.
 
 
”කාන්තාවන් බලගැන්වීම” අඩු ආදායම්ලාභීන් සහ මූලික මානව හිමිකම් නැති පිරිස් පුනරුත්ථාපනය වැනි වැඩසටහන් මම විසින් ක‍්‍රියාත්මක කරමින් සිටී. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ අපි යමක් ලෝකයට ලබාදීමෙන් පෙරලා එහි හොඳ ප‍්‍රතිඵලය ඊටත් වඩා වැඩියෙන් අප වෙත ලැබෙනා බවයි. මෙවන් ගෞරවයක් මාවෙත ලබාදීමට කටයුතු කළ සියලූ දෙනාටම මාගේ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමමි.” යනුවෙන් ප‍්‍රකාශ කර තිබේ.
 
 
hindi3ෂාරුක් මීට පෙරත් 2005 වසරේදීත්” 2015 වසරේදීත්” 2016 වසරේදීත් මෙලෙසම විවිධ විශ්වවිද්‍යාල වලින් ලබාදුන් ආචාර්ය උපාධි කිහිපයකට ද හිමිකම් කියයි.
 
 හරින්දී ලියනගේ

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles