මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය වත්මන් විහාරාධිපති, කන්තලේ සෝමපුර ආදර්ශ විiාලයේ විදුහල්පති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි කළුතර බෝඹුවල වයි. රත්නාවතී මහත්මිය සහ ආර්. එච්. ධර්මදාස මහතා ප්‍රධාන දායක පිරිස සහ විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහය ඇතිව සහ ජනකපුර, පරාක්රමපුර, වැලිඔය ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව නොවැම්බර් 9 සහ 10 දෙදින තුළ පැවැත්වීමට නියමිතය. 09 වන සෙනසුරාදා රාති‍්‍ර පරිත්‍රාණ ධර්ම දේශනාව ද 10 වැනි ඉරිදා කෝකිලායි මුලතිව් ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණෙන කඨින චීවරය රැුගත් පෙරහැර හිමිදිරියේ විහාරස්ථානයට ගෙවැදීමෙන් අනතුරුව මහා සංඝයා උදෙසා දානය පිරිනැමීමක් සිදුවන අතර පිං කැමැති සියලූ දෙනාගේම සහභාගීත්වය අපේක්ෂා කෙරේ.
පුණ්‍යාධාර - ගුරුකන්ද පුරාණ රජමහා විහාරය, මහජන බැංකුව (මුලතිව්) 020200250052181
ලංකා බැංකුව මුලතිව් - 83008066, විමසීම්: ලේකම් - 0703106224/ 0779187713
- Hits: 328