Divaina - වැඩවලට විහිළුවට සකුන්තලාට කතා කළේ කවුද? මායාගේ කේන්තිය ඇතුළේ හරිම හුරතලයක් තියෙනවා.... මම ඒක ඒ චරිතයට දෙනවා...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sakun1

* අම්මෝ... සකුන්තලා මායා වගේ නැතිලූ....

sakun2නෝ පාර්කින් ටෙලි නාට්‍යයේ හිතුවක්කාර කටකාර සැර පරුෂ මායා ඇයයි’ ගතින් වයසින් පුංචි වුවත් රංගනයෙන් නිර්මාණයකට බලපෑම් කළ හැකි තරමේ රංගන පෞර්ෂයක් ගොඩනගමින් සිටින්නියක වන සකුන්තලා මධුෂානි ඉදිරි කාලයේ රංගන ක්ෂේත‍්‍රයේ බොහෝ දේ කළ හැකි චරිතයක් බවට මායාගේ චරිතය තුළින් පෙරනිමිති පළකරනවා’

ක්ෂේත‍්‍රයේ වගේම රසික රසිකාවියන් ඔබව අමතන්නෙ කොහොමද?

මධූ කියලත් කියනවා” සකුන්තලා කියලත් කියනවා’ දැන්නම් බොහෝ දෙනා මායා කියලයි කියන්නේ’

මායා කියන්නේ සකුන්තලාගේ විශේෂ තෝරාගැනීමක්ද?

මම චරිතයක් තෝරාගනිද්දි ලොකුවට සැළකිළිමත් වෙනවා’ ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැ’ මට චරිතයක් ලැබුණාම මම බලන්නෙ මේ චරිතය කරගෙන යද්දි චරිතය තුළින් නිර්මාණය කළ ලොකු කොටසක් කරන්න පුළුවන්ද කියලයි’ අපි කියන්නේ චරිතය නිර්මාණය ඇතුළේ පත්තුවෙන චරිතයක්ද කියල මම බලනවා’ මට ලැබෙන චරිත නිර්මාණය ඇතුළේ පෙරළියක් ඇතිකරන්න පුළුවන්ද කියලා’ පෙරළියක් කියන්නේ මහලොකු ගාලගෝට්ටියක් නෙවෙයි” නිර්මාණයට හානියක් නොකර වෙනසක් කරන්න පුළුවන්ද කියලයි’ මොකද මම ගොඩක් කැමතියි මිනිස්සුන්ගෙ හදවතේ රැුඳෙන චරිතයක් වෙන්න’

මායාගේ චරිතය නෝ පාර්කින් ඇතුළේ පත්තු වෙලා කියලා හිතෙනවාද?

ඔව් මායා ට ලැබෙන ප‍්‍රතිචාර නම් කිසිම අඩුවක් පාඩුවක් නැහැ’ සමහර වෙලාවට දර්ශන තලයෙදි මායාගේ චරිතයේ උස් ස්වරය ගෙදරදිත් මගෙන් මතුවෙනවා’ අම්මා කියනව බබා කියලා තියෙන්නේ කියලා’ ඒක හරිම විනෝදාත්මකයි’ මායාගේ කේන්තිය ඇතුළේ හරිම හුරතලයක් තියෙනවා’ මම ඒක ඒ චරිතයට දෙනවා’ මායා හිතුවක්කාර” බලහත්කාර” සැර පරුෂකම් කළාට මිනිස්සු ඒ චරිතය විඳිනවා’ ඒ නිසානේ පාරේ තොටේදි මට මේ තරම් ඇගයීම් හා ප‍්‍රතිචාර ලැබෙන්නේ’

සකුන්තලාත් මායාගේ චරිතයට සමාන යුවතියක්ද?

අම්මො නැහැ මම ආගමට දහමට ලැදි” පවුලත් එක්ක සරළව ජීවත් වෙන්න කැමැති කෙනෙක්’

ආයෙමත් මායා වැනිම චරිත ලැබුණොත්?

අන්න ඒකයි මම මුලදි කිව්වේ’ මම චරිත තෝරාගනිද්දි ලොකු සැළකිල්ලක් දක්වනවා කියලා’ එකම විදිහේ දේවල් වලට වඩා අලූත් අලූත් දේවල් ලැබුණොත් තමයි අපිට යමක් ඉගෙන ගන්න ලැබෙන්නේ’

ලැබෙන ලැබෙන චරිත ඔය තරම් තෝරන්න ගියොත් මෙහි පවතින්න අපහසුයි නේද?

නැහැ’ මම එහෙම දකින්නේ නැහැ’ මම තවත් ව්‍යාපාරයක් කරන ගමන් තමයි රංගන කටයුතු කරන්නේ’ මගේ ආත්ම ගරුත්වය මට ගොඩක් වටිනවා’ ඒක නැතිවුණොත් නැවත ගන්න බැහැ’ මගේ පැත්ත ගැන හිතලා තමයි මම රංගන කටයුතුවල නිරත වෙන්නේ’

දැන් ඔබ රඟපාමින් සිටින්නේ කීවෙනි නිර්මාණයේද?

පස්වැනි නිර්මාණය’ මගේ පළමු නිර්මාණය ෂර්ලි පී’ දෙලංකාවල මහත්මයාගේ ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍ය’ එහිදි මම ගොඩක් වාසනාවන්ත වුණා’ කලාවේ හොඳම අය එක්ක වැඩ කරන්න අවස්ථාව උදාවුණා’

රංගනයට එන්නෙ කොහොමද?

මම ගොඩක් ප‍්‍රියකළේ නර්තනයට’ පුංචි කාලේ ඉඳන් අපේ හැකියාවන් හඳුනාගන්නේ අම්මානේ’ මගේ අම්ම මාව කුලසිරි බුධවත්ත සර් ළඟ නර්තනය ඉගෙන ගන්න යොමුකළා’ එතැන මම අවුරුදු අටක් විතර නර්තනය හැදෑරුවා’ ඊට පස්සේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ මෝස්තර නිරූපණ පාඨමාලාව හදාරල අවසන් කළා’ ඊටත් පස්සේ මහේන්ද්‍ර පෙරේරා ගුරුවරයා යටතේ රංගනය හදාරන්න යොමුවෙනවා’ එතනින් පස්සෙ 2018 දී මට මගේ පළවෙනි ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාව ලැබෙන්නේ’

ඔබ නියැළීි සිටින ව්‍යාපාරය කුමක්ද?

රෙදි සම්බන්ධ ව්‍යාපාරයක්’ ඒක මගේ අම්ම පටන් ගත්ත ව්‍යාපාරයක්’ අම්ම තවම මට ඒ ව්‍යාපාරය භාරදීලා නැහැ’ අම්ම එක්ක ඒ දේවල් කරමින් ඉන්නවා’

ඔබගේ පවුලේ තොරතුරු?

අපේ පවුලෙ අම්මයි” අප්පච්චියි” මමයි’ ඒ දෙන්න කලාවට ගොඩක් කැමති අය’ අපේ ගම කැස්බෑව’ අපි පදිංචි වෙලා ඉන්නෙ කැස්බෑවෙමයි’ මම රූගත කිරීම් වලට යන්නේ අම්මත් එක්ක’ ගොඩක් වෙලාවට අපි එක්ක අප්පච්චිත් එනවා’ දර්ශන තලයේ සිදුවෙන දේවල් ගැන මටත් වැඩිය දෙයක් අම්මා දන්නවා’ මගෙන් අඩුපාඩු වෙන දේවල්” තව එකතුකරගත යුතු දෙවල් එයා මට ගෙදරදි කියලා දෙනවා’ මට මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඒක ලොකු ශක්තියක්’

ඔබ නිළියක් වීම ගැන පවුලේ අයගේ ප‍්‍රතිචාරය ඉහළයිද?

මං වැරදි මාර්ගයක යන්නේ නැහැ කියලා ඒ දෙන්නට ලොකු විශ්වාසයක් තියෙනවා’ ඒ විශ්වාසය මට ලොකු හයියක්’

ඔබ මේ ක්ෂේත‍්‍රය සතුටින් විඳින කෙනෙක්ද?

මේ ක්ෂේත‍්‍රය පවතින විදිහට අනුව මට නම් තවම කිසිම ගැටලූවක් ඇතිවෙලා නැහැ’ මම බොහොම නිහඬ කෙනෙක්’ මට කිසිම හදිස්සියක් නැහැ’ මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන නිර්මාණත් කරගෙන යනවා’ මං හිතන්නෙ අපිට මැරෙන තුරුම කලා කටයුතු කරගෙන යන්න පුළුවන් කියලයි’

ඔබ ක්ෂේත‍්‍රයේ අය සමග පවත්වන හිතවත්කම් සීමා කරගෙනද ඉන්නෙ?

මොන රැකියාව කළත්” මොන ව්‍යාපාරය කළත් මගේ පවුල කියන එක තමයි අංක එකේ තියෙන්නේ’ මම නිරන්තරයෙන් මගේ පවුල එක්ක සම්බන්ධ වෙලයි ඉන්නෙ’ අපි පවුල කියන දේ විඳිනවා’ අම්ම අප්පච්චි වුණත් එහෙමයි’ මම හැම වෙලාවෙම රංගනයම ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ’

සිනමාවෙන් හෝ වේදිකාවෙන් ඇරයුම් ලැබුණද?

ළඟ ළඟ වැඩ වලට කතාකරනවා’ සමහරු විහිළුවට ගන්න අවස්ථාත් තියෙනවා’ මම ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක් තියෙන හොඳම අය එක්ක හිතවත්කම් තියෙනවා’ ඒ හරහා කතාබහ කරලා දැනගන්නවා මේ ඇමතුම් මොනව ගේද කියලා’ ඒ නිසා රැවටෙන ප‍්‍රමාණය අඩුයි’

සකුන්තලා සැලැස්මක් අනුවද වැඩ භාරගන්නේ?

ඉදිරියේදී භාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා’ වැඩක් තියෙද්දි තව වැඩක් භාරගන්න අමාරුයිනේ’ වැඩ කිහිපයක් එක ළඟ දාගත්තම කාටවත් වැඩ කරන්න බැහැනේ’ මම තවම ඉගෙනගෙන ඉදිරියට යමින් ඉන්න කෙනෙක්නේ’ මම මේ ඉන්න මට්ටමත් එක්ක රාජකාරි බහුල වෙනව අඩුයි’ සමහර විට මම කරන වැඩ කරලා තවත් ඉදිරියට යද්දි මම තව කාර්යබහුල වෙන්න පුළුවන්’ එතකොට මට සැළැස්මක් තියෙයි ඒ වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා’

ධම්මිකා සුරංජි පතිරණ


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles