Divaina - ටජ්මහලට වඩා මුඩුක්කු පරිසර සංචාරක ආකර්ෂණයට...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

taj499
 
ඉන්දියාවේ මුම්බායි නගරයේ සංචාරයේ යෙදෙන අයෙකු දැන් නැරඹීමට අමතක නොකරන ස්ථානයක් ඇත. මෙම ස්ථානය වෙනුවෙන් වර්තමානයේ පවතින ආකර්ෂණය මොනතරම්ද කිවහොත් එය ‘‘ටජ්මහලට’’ ත් වඩා ජනපි‍්‍රය බැව් ‘TripAdvisor'අඩවියේ සඳහන්ව තිබේ.
 
 මෙම ස්ථානය සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්ව ඇත්තේ ආසියාවේ විශාලතම මුඩුක්කුවටත් වඩා වත්මන් සංචාරක කලාව තුළ මුඩුක්කු සංචාරයේ පවතින නව ප‍්‍රවනතාව නිසයි. මේ තත්ත්වය දැන් හඳුන්වනු ලබන්නේ‘slumtourism'හෝ‘poverty tourism'ලෙසින්ය. බ‍්‍රසීලය, දකුණු අපි‍්‍රකාව වැනි රටවල් තුළ මුඩුක්කු සංචාරය කාලයක් පටන් ජනපි‍්‍රයව පැවැති අතර ඉන්දියාවේ මෙම පැතිකඩ ඉතා මෑතකදී ආරම්භ කරන ලදී.
 
 ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මෙම මුඩුක්කු කලාපය හැඳින්වෙන්නේ ‘‘ධරාවි ’’ යනුවෙන්ය..ධරාවි ’’මුඩුක්කුව මුම්බායි නගර මධ්‍යයේ ඉහළ වටිනාකමක් ඇති බිම් පෙදෙසක ව්‍යාප්තව පවතී. නිමක් කොනක් නොදකින පැල්පත් බොහෝය. පටු මාවත් ගහනය. අනේක විධි සුළුපරිමාණයේ කර්මාන්තකරුවන් ගැවසි අතර ජනගහනය දස ලක්ෂයකට අධිකය. වැසිකිළි ජලපහසුකම් පැවැතියත් සනීපාරක්ෂක මට්ටම නම් බෙහෙවින්ම පහළය. වැසිකිළිවලින් වහනය වන අපද්‍රව්‍ය දොරකඩ පිහිටි පටු මාවත් ඔස්සේ ගලා බසී. 2011 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ඉන්දියාවේ බිලියන 65 ක ජනතාවක් පැල්පත්වාසීන් වන අතර එයිනුදු මුඩුක්කු යනුවෙන් නිර්වචනය වී තිබෙන්නේ ‘‘මිනිස් වාසයට නුසුදුසු ප‍්‍රදේශ ’’ යනුවෙන්ය.
 
 මුඩුක්කු පරිසරයක ජීවිතය ගෙවන නමුත් මෙහි නිවැසියන් ඉතා කි‍්‍රයාශීලීය. තම තමන්ගේ හැකියාවන් අනුව කුමන හෝ ස්වයංරැුකියාවක් ඔවුන් සතුව පවතී. අත් එම්බ්‍රොයිඩර්, සම්භාණ්ඩ, මැටිකර්මාන්ත, ප්ලාස්ටික් භාණ්ඩ ආදී විවිධ නිමැවුම් අතර වේ. ඔවුන්ගේ අත්කම් මොනතරම් උසස් තත්ත්වයේ පවතින්නේද කිවහොත් අපනයන තත්ත්වයට පවා සුදුසු තත්ත්වයේ පවතී. කිසිදු විවේකයක් නොමැතිව කුමන හෝ දෙයක් වෙනුවෙන් කාලය යෙදවීම ධරාවි මුඩුක්කු වැසියන්ගේ ජීවන රටාව වී තිබේ. ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 650 ක් ඉක්මවන තරම් වාර්තාගතය.
 
 මෙවන් අත්කම් කරන්නන් මෙන්ම කසළශෝධකයන්ද බොහෝ වෙති. මුඩුක්කුවේ පිරිසිදුකම රැුකගැනීම ඔවුන්ගේ වගකීම ලෙසින් සලකති. කම්කරුවන්, කුලීකරුවන්ගෙන් මුඩුක්කු පරිශ‍්‍රයට විශාල සේවාවක් සිදු වුණත් ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් වන්නේ නැත.
 
 විදෙස් සංචාරකයන් වෙනුවෙන් චාරිකා සංවිධානය කරන ‘‘කි‍්‍රෂ්ණා පූජාරි ’’ සිය අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ ධරාවි මුඩුක්කුව නැරඹීමට වැඩිම සංචාරක පිරිස් පැමිණෙන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධාණිය සහ ඔස්ටේ‍්‍රලියාවෙන්. මගේ සමාගමේ අයිතිකරු බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. මුලින්ම මට ඔහු මේ මුඩුක්කු පරිශ‍්‍රය සංචාරකයන් වෙනුවෙන් තෝරා ගනිමු කිව්වාම මට ඔහු මේ වගේ පරිසරයක් සංචාරකයන් වෙනුවෙන් තෝරා ගත්තේ ඇයි කියල අදහා ගන්නත් බැරි වුණා. මෙහි මොනවා බලන්නද...? මම හිතුවා. ඒත් අන්තිමේදී මට තේරුම් ගියා මේ පරිසරයෙන් බොහෝ දේ ලෝකයා ඉගෙන ගනීවි කියලා.. මෙම ප‍්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ ආර්ථික හැකියාව අනුව සකස් කරන ලද පැකේජ් තිබේ. ඔවුන්ට අවශ්‍ය නම් වායුසමීකරණය කරන ලද නිවාස තෝරා ගත හැකි අතර මුඩුක්කු නිවාසයක හිඳ ආහාරවේල භුක්ති විඳීමේ පහසුකම්ද සලසා තිබේ.
 
 සංචාරකයන් විසින් මෙම ජීවන රටාවේ දරිද්‍රතාව දැක බලා ගැනීමට පැමිණියත් එයින් සංචාරකයෙකුට ඇති ප‍්‍රසන්නතාව කුමක්දැයි දැන් සංවාදයට තුඩු දී තිබේ. මෙලිසා ලිස්බේට් මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් කියන්නේ සෙසු සංචාරකයන් ධරාවි නරඹන්න ගිය නිසා 2016 වසරේදී මමත් එහි ගියා. පැය හයක් පුරා මේ මුඩුක්කු ප‍්‍රදේශයේ මම ගත කළා.
 
 මට නම් හිතෙන්නේ මේක දරිද්‍රතාව අලංකාර කිරීමක්. දුප්පත්කම සාමාන්‍ය සිද්ධියක්. ඒත් මෙතැනදී එය ඇත්තට වඩා මෙතැනදී දරිද්‍රතාව ආලවට්ටම් කරලා ඉස්මතු කරනවා.. පැල්පත්වැසියන් සමග අපට කතා කිරීමටවත් අවසර නැහැ. ඔවුන් තම තමන්ගේ කාර්යන්හි නිතර වුණා මිසක අප දෙස නිකමටවත් ඇහැක් ඇරලා බැලූවේ නැහැ. මෙලිසා ඇගේ අදහස් එසේ දක්වා තිබුණි. වෙත මෙම ප‍්‍රදේශයේ සංචාරය කළ පිරිස් TripAdvisor වෙබ් අඩවියේ තබා ඇති සටහන් අනුවත් පෙනී යන්නේ බොහෝ සංචාරකයන් ධරාවි සංචාරයට එක්ව සිටියේ දරිද්‍රතාව පිළිබඳව වූ සංවේදී හැඟීමකින් වුවත් සංචාරය අවසානයේදී ඔවුන්ගේ සටහන වී තිබුණේ ‘‘දිළිඳු බව යනු ප‍්‍රශ්නයක් නොවේ...’’ යනුවෙන්ය.
 
 විදෙස් සංචාර සංවිධායක ‘‘කි‍්‍රෂ්ණා පූජාරි මේ සියල්ල අවසානයේදී ප‍්‍රකාශ කරන්නේ ....මේ අයට ලොකු වැරදීමක් වෙලා..අපට අවශ්‍ය වුණේ කුලය, පංතිය නිසා සමාජයෙන් අවතැන් වුණ සමාජ කණ්ඩායම් සිටින බව පෙන්වීමටයි. ඔවුන්ට නිසි පොදු පහසුකම් නැහැ. විදුලිය නැහැ. ඒත් තම තමන්ගේ හැකියාවන් තුළින් කාලය උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගනිමින් කටයුතු කර මේ පරිශ‍්‍රය ඇතත්ටම ආර්ථික බලාගාරයක්. බොහෝ දෙනාට එය අමතකයි. ඔවුන් ගෙවන ජීවන රටාව ගැන ලෝකයට පෙන්වීම ඡුායාරූප ගැනීමට අපෙන් අවසර නැහැ. ඒ ධරාවි වැසියන්ගේ අනන්‍යතාව අප ආරක්ෂා කළ යුතු නිසා...
 
 බීබීසී ඇසුරිනි
 පුන්‍යා චාන්දනී ද සිල්වා


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles