Divaina - ජනාධිපතිවරණය ගැන ජෝතිෂ්‍ය විග‍්‍රහයක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

2019 නොවැ. 16 සෙනසුරාදා ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වේ. කවර හෝ කාරණයක් පිළිබඳව විමසීමේදී එම දවසේ උදාවන ග‍්‍රහචාරය බලපායි. මෙම දිනයේ ජනාධිපතිවරණයේ ඡුන්ද දායකයන් ඡුන්දය ප‍්‍රකාශ කරන ප‍්‍රථම අවස්ථාවේ උදා වනුයේ වෘශ්චික රාශිය වේ.
 
n8 2
 ඉල් අව ජලවක තිථිය රාහු හිමි අද නැකත අව යෝගය හා මුද්ගර යෝගය වේ. සෙනසුරාදා ජලවක රික්තාව සස යෝගය ද වේ. පොදුවශයෙන් ගත්විට මෙම දිනය අසුබ දිනයකි. කුජ හිමි වෘශ්චික ලග්නයේ ලග්නාධිපති 12 භාවය වූ තුලා රාශියේ ශුක‍්‍ර සමග පරිවර්තනය වී රවි බුධ සමග යෙදී ඇත. විපරිත පර්වතනයකි. ලංකාව ලග්නය කුම්භ වශයෙන් ගත් විට 10 භාවය වෘශ්චික රාශිය වේ. 10 භාවය රජය ගැන කියවෙන අතර වෘශ්චික රාශිය ගත්විට 04 භාවය කුම්භ රාශිය වේ. රට ගැන කියවෙන්නේ 04 භාවය වේ. වෘශ්චික රාශියේ 10 භාවය සිංහ රාශිය වේ. රාජ්‍ය කාරක රවි හිමි සිංහ රාශිය වේ. වෘශ්චික රාශිය කුජ හිමි වන අතර කුම්භ රාශිය ශනිට හිමි වේ. මෙය අපූර්වතම දෛවෝපගත සිදුවීමකි.
 
 රාජ්‍ය කාරක රවි 12 භාවයේ සංක‍්‍රාන්ති වී නීචයෙන් මිදී වෘශ්චික රාශි ගත වෙමින් පවතී. තුලා රාශියේ අවසාන කොටසේ ගුරු හිමි විසා නැකතේ 3 පාදයේ සිට 04 පාදයට ගමන් කරයි. 4 පාදය චන්ද්‍රයාට හිමි වේ. චන්ද්‍රයා මාරක ස්ථානය වූ 8 භාවයේ රාහු හිමි අද නැකතේ රාහු සමග චණ්ඩාල යෝගයට සම්බන්ධ වේ. මිථුන රාශිය රාහුට අධි මිත‍්‍ර වේ. අද නැකත නිසා රාහු ඉතා බලවත්ය. චන්ද්‍රයාගේ ද බලය ගෙන රාහු 12 භාවයේ රවි කුජ බුධටද 2 භාවයේ ශනි රාහු කේතුටද දෘෂ්ටි හෙළයි. ශනි කුජ කේතු 8 භාවයේ චන්ද්‍ර රාහුට දෘෂ්ටි හෙළයි. 8 භාවයේ චන්ද්‍ර රාහු හා 2 භාවයේ ශනි ගුරු කේතු සප්තම දෘෂ්ටි හෙළා ඇත. සප්තම දෘෂ්ටිය අසුබ දෘෂ්ටියකි. 2 භාවය ද මාරක වේ.
 
 විරුද්ධ පක්ෂය නියෝජනය කරන ශුක‍්‍ර ලග්නගත වී පාප කර්තරි වුව ද කුජ හා පරිවර්තනය නිසා එතරම් අහිතකර නොවේ. ලංකාවට බලපාන කුම්භ රාශිය හිමි ශනි රටේ පොදු ජනයා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරයි. 12 භාවයේ රවි කුජ බුධගේ ද බලය ගෙන 2 භාවයේ ශනි ගුරු කේතුට දෘෂ්ටි හෙළයි. නීචය අහෝසි වී සම රාශියක් වූ උදා ලග්නය වන වෘශ්චික රාශිය කරා ගමන් කරන රවි වේ. රාජ්‍ය කාරක රවිය. ගුරු පූජකයන් හා නීතිය ධර්මය යුක්තිය නියෝජනය කරයි. ඥාන කාරක කේතු ද ශනි ගුරු සමග වේ. ගුරු ශනි යෝගය ඉතා බලවත්ය. ස්වක්‍ෂේත‍්‍ර හා මුල ති‍්‍රකොණ වූ ගුරු ශනි සමග 8 භාවයේ බලවත් රාහුට දෘෂ්ටි හෙළයි. එමගින් රාහුගේ පාපකාරී බලය සුබදායි ප‍්‍රවණතාවකට හැරේ. ගුරු දෙවියන් වේ.
 
n8 3 ශනි රාහු හැමවිටම බලයේ සිටින පාලකයන්ගේ බලය පහකර දැමීමට කි‍්‍රයා කරයි. අර්ධ කාල සර්පයෝගයක් ද වේ. මෙම ග‍්‍රහයන් යෙදී ඇති ආකාරය අනුව බලයේ සිටින පාලකයන් බලයෙන් පහවීමේ ආරම්භය සිදු වේ. වෘශ්චික ලග්නයට ශනි ඒරාෂ්ටකය ද වේ. විරුද්ධ පක්ෂය නියෝජනය කරන ශුක‍්‍ර, විෂ්ණු හා ලක්ෂ්මි ස්ථානවන 5 භාවය හා 9 භාවයට ද තමාට අයත් 7 භාවය වූ වෘෂභ රාශියට ද දෘෂ්ටි හෙළයි. 7 භාවය වූ වෘෂභ රාශියට දෘෂ්ටි හෙළීම විරුද්ධ පක්ෂයට වාසිදායක ලෙස බලපායි. රාහු මුස්ලිම් ජනයාට බලපායි. ශනි ගුරු දෘෂ්ටිය නිසා මුස්ලිම් ප‍්‍රජාව ද බලයේ සිටින අය බලයෙන් පහකිරීමේ ප‍්‍රවණතාවට නැඹුරු වේ. ගුරු නියෝජනය කරන දෙවියන්ගේ බලය මෙහිලා සුවිශේෂී ප‍්‍රවණතාවකි.
 
  ගුරු නියෝජනය කරන පූජක පක්ෂය පවතින රජය බලයෙන් පහ කිරීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට පෙරමුණ ගනී. ගුරුගේ බලපෑමෙනි. බලයේ සිටින අය බලයෙන් පහකර විරුද්ධ පක්ෂය බලවත් වී අඛණ්ඩව ඉදිරියට යෑමේ ලක්ෂණ පෙන්නුම් කරයි. ගුරු අධර්මය පරදවා ධර්මය ජය ගැනීමට ඉවහල් වන ග‍්‍රහයා වේ. ශනි පාපකාරයන්ට දැඩි දඬුවම් පමුණුවා බලයෙන් පහ කිරීමට කි‍්‍රයා කරයි. රාහු ද බලයේ සිටින අය පෙරළා දැමීමට කි‍්‍රයා කරයි. තවද මෙදින උදාවන වෘශ්චික ලග්නයේ රාහු චන්ද්‍රයා සමග 12 භාවයට දෘෂ්ටි හෙළීම නිසා මෙවර පැවැත්වෙන මැතිවරණයේ ද විදේශීය අතපෙවීම් බහුල වශයෙන් යෙදේ. විදේශීය බලවේග හා සම්බන්ධ වූ රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ වනුයේ තමන්ට හිතකර පවතින රජය නැවත බලයට පත් කිරීම වේ. එහෙත් 2 භාවයේ ධනු රාශියේ යෙදී ඇති ගුරු ශනි කේතු යෝගය අතිශයින් බලවත්ය.
 
 ශනි නියෝජනය කරන පොදු ජනතාවගේ ද ගුරු නියෝජනය කරන ආගමික පූජකයන් හා බුද්ධිමතුන් 8 භාවයේ චන්ද්‍ර රාහුට හෙළන දෘෂ්ටිය බලවත්ය. 8 භාවයේ චන්ද්‍රයා යනු සිතට බලපාන ග‍්‍රහයා වේ. කාන්තා පක්ෂයට ද බලපායි. 8 භාවයේ මිථුන රාශියේ රාහු තමාගේ අද නැකතේ සිට චන්ද්‍රයා බලවත් පීඩනයට ලක් කරයි. රාහු කෙතරම් බලවත් වුව ද 2 භාවයේ සිට ගුරු රාහු හෙළන දෘෂ්ටිය නිසා රාහුගේ පාපකාරී බලය අභිභවා ගුරු ශනිගේ බලය තහවුරු වේ. දෙවියන්ට බලපානුයේ ගුරු ග‍්‍රහයා වේ.
 
 වංචාව, දූෂණය, බොරුව, සොරකම ආදී දුර්ගුණයන්ට එරෙහි වීම දෙවියන්ගේ බලය වේ. ගුරු දෙවියන් වේ. ඒ ආකාරයේ වැරදි ඉදිරියට සිදු නොවන්නට අවශ්‍ය මූලික පදනම ගුරු විසින් ලබාදෙනු ඇත. ශනි හා රාහු බලයේ සිටින අය බලයෙන් පහ කිරීමට කටයුතු කරයි. චන්ද්‍ර
 
 ලග්නය රාහුගෙන් පීඩා වේ. 7 භාවය විරුද්ධ පක්ෂය හා සම්බන්ධ වේ. මාධ්‍ය නියෝජනය කරන බුධ රාහු හිමි සා නැකතේ සිට කුජ රාහු රවි ගේ බලය ගෙන 7 භාවයට දෘෂ්ටි හෙළයි. බුධගේ සිරිත තමා හා යෝගවූ හා නැකත් අධිපති ගේ බලපෑම අනුව වන අතර බුධ වක‍්‍ර වී තුලා රාශියේ ගමන් කිරීම බව ද කිව යුතු වේ. දුම්රිය වර්ජනය තවම ඇදීයන්නේ මේ අනුවයි. බුධගේ බලයද, 7 භාවයට එල්ලවීම චන්ද්‍ර ලග්නය අනුව සිදු වේ.
 
 8 භාවය තුළ රාහු බලවත්වීම නිසා ඡුන්දය විමසන දිනයේ සිදුවිය හැකි දේ ගුප්ත ස්වරූපයක් ගනී. සිතට අධිපති චන්ද්‍රයා රාහුගෙන් පීඩා වීම එයට හේතු වේ. රාහු මායාකාරීය. ඇලඬින්ගේ පහන බඳුය. රාහුගේ බලපෑම තේරුම් ගැනීමට අපහසු වනුයේ එහෙයිනි. බලයේ සිටිනවුන් බලයෙන් ඇද දමා නන්නත්තාර කිරීම රාහුගේ සිරිත වේ. රාහු ඒ දේ හරියටම කරයි. 2 භාවයේ ශනිද ඒ ආකාරයෙන්ම බලයේ සිටින අය බිමට ඇද දැමීමට කි‍්‍රයා කරයි. නොවැ. 5 දින ස්වක්‍ෂෙත‍්‍ර වන ගුරු යහපත් පැත්තට යොමු කරයි. කවුරු කවර ආකාරයෙන් අදහස් ප‍්‍රකාශ කළත් මෙම දිනයේ සිදුවන දේ පිළිබඳව බලපානුයේ උදාවී ඇති ග‍්‍රහචාරය වේ. රාජ්‍ය කාරක රවිගේ සංක‍්‍රාන්තිය ද මෙහි දී ඉතා ප‍්‍රබල ලෙස බලපාන බව කිව යුතුය.
 
 2019 නොවැ. 16 දින මැතිවරණය පිළිබඳ තීරණය කරන ලද්දේ ස්වාධීන මැතිවරණ කොමිසම මගිනි. කිසිදු බලපෑමක් කවරකුගෙන් හෝ සිදු වී නැති බව විශ්වාස කළ හැක. සෙනසුරාදා දිනයක ජලවක තිථිය යෙදී චන්ද්‍රයා රාහු සමග 8 භාවයේ යෙදී රාහු හිමි අද නැකත යෙදී රවි සංක‍්‍රාන්ති වනවිට යෙදුණ නැකත ඉතා අසුබ දායක වන නිසා කිසිදු ජ්‍යොතිෂවේදියෙක් රටේ ඉතා වැදගත්ම කටයුත්තක් සඳහා අනුමත කරන්නේ නැත. අසුබ දිනයක් වුව ද මෙම නැකත අදාළ කාර්යය සඳහා යෙදී ඇත්තේ දෛවෝපගත සිදු වීමක් වශයෙනි. රජය සම්බන්ධ කටයුත්තක් නිසා මෙම නැකතේ අතිශය හානි කර ප‍්‍රතිඵලය එල්ල වනුයේ පවතින රජයට වේ. රාජ්‍ය කාරක රවි නීචයෙන් මිදී සම රාශිගත වෙමින් පවතින අවස්ථාව යෙදී ඇති නැකත හා සම්බන්ධ ග‍්‍රහචාර ඒ බව තහවුරු කරයි. පවතින නායකත්වය වෙනුවට නව නායකත්වයක් නිසැක වශයෙන් ඇතිවේ. ගුරු ශනි සමග යෝග වී රාහු චන්ද්‍රයාට දෘෂ්ටි හෙළීමෙන් පෙන්නුම් කරනුයේ මෙදින ඇති වන වෙනස රට ඉතා යහපත් දිශාවකට යොමු වන බවයි.
 
 පියදාස කස්තුරිආරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles