Divaina - සරාගී පිරිමි දසදෙනා අතර වැජඹෙන පාපන්දු තරුව.... සිව්දරු පියෙක් වූ ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

football1

*

footballලෝකයේ වැඩිම පිරිසක් ආදරය කරන පාපන්දු ක‍්‍රීඩාව අපේ රටේ ඒ තරම් ජනප‍්‍රිය නැතත් ලෝකයේ බොහෝ රටවල්වල ජනප‍්‍රියම ක‍්‍රීඩාව වෙලා තියෙන්නේ පාපන්දු ක‍්‍රීඩාව. ලෝකයම ආදරය කරන පාපන්දු තරු අතර ඉහළම තැනක ඉන්න තරුවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. රොනාල්ඩෝ. ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පාපන්දුවෙන් දාන විස්කම්වලින් ලෝකයක් වසගයට ගත්තු රොනාල්ඩෝ ගැන දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් බලන්නකෝ.

පෘතුගාලයේ මැඩෙයිරාවල 1985 වසරේ පුංචි දරුවෙක් උපත ලබනවා. ඒ දරුවා අනාගතයේදී ලොවක් ආදරය කරන සුපිරි පාපන්දු තරුවක් වෙයි කියලා ඔහුගේ දෙමාපියන් හිතන්න නැතිව ඇති. පවුලේ සිව්වන පිරිමි දරුවා හෙවත් බාලම දරුවා විදිහට උපත ලබන ක‍්‍රිස්ටියානෝගේ අම්මා මාරියා ඩොලොරස්. ඒ වගේම ඇය ගෘහණියක්. ඔහුගේ පියා ජෝස් ඩෙනිස් ඇවැයිරෝ. ඔහු වෘත්තියෙන් ප‍්‍රාදේශීය උද්‍යාන භාරකරුවෙක් විදිහට තමයි කටයුතු කළේ. ක‍්‍රිස්ටියානෝට රොනල්ඩෝ කියන නම ලැබුණේ ඔහුගේ පියා රොනල්ඞ් රේගන් ජනපතිවරයා කෙරෙහි දැක්වූ දැඩි කැමැත්ත නිසා බව පසු කලෙක මාධ්‍යයට කියලා තිබුණා. රොනල්ඩෝගේ පියාගේ මව නැතිනම් රොනල්ඩෝගේ අත්තම්මා තමයි ඔහුට ගොඩක්ම ආදරය කළේ. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියකගේ ආදරය යටතේ හැදී වැඩුණු රොනල්ඩෝ කාගෙත් හුරතලා වුණේ ඒ නිසාම වෙන්න ඇති.

රොනල්ඩෝ පාපන්දු ක‍්‍රීඩාවට යොමු වුණේ වයස අවුරුදු හතේ දී. වයස අවුරුදු 12 දී විශේෂ පාපන්දු කදවුරකට සහභාගී වූ රොනල්ඩෝ එය තමන්ගේ ජීවිතය වෙනස් කරන අවස්ථාවක් වෙයි කියලා කිසිම වෙලාවක හිතන්න නැතිව ඇති. එහිදී පෙන්වන දක්‍ෂතා නිසාම ඔහුට තරුණ පාපන්දු සංගමයකට බැෙදන්නත් අවකාශය ලැබෙනවා. වයස අවුරුදු 14දී රොනාල්ඩෝ තමන්ගේ පාපන්දු දක්‍ෂතාව නිවැරදිව හඳුනාගත්තා. ඒ නිසාම වෙන්න ඇති ඔහුගේ මව ඔහුව අධ්‍යාපනයට සමානව ක‍්‍රීඩා පුහුණුවීම්වලටත් යොමු කළේ. ඔහු පාසලේදී කොයි තරම් දඩබ්බර චරිතයක් ද කියනවානම් එක් දවසක් තමන්ගේ ගුරුවරයෙක් රොනල්ඩෝ ට අශෝභන ලෙස කතා කළ නිසා ගුරුවරයාට පුටුවකින් පවා ගසා තිබුණා. වසරකට පසුව හදවත් ආබාධයක් නිසා වෛද්‍යවරු රොනල්ඩෝ ට පාපන්දු පුහුණුවීම් වලින් ඉවත් වන ලෙසට අනතුරු අගවා තිබුණා. එය කොතරම් දුක්බර ආරංචියක් වුණත් රොනල්ඩෝ අධෛර්ය වුණේ නැහැ. හදවත් සැත්කමින් පසු මාස දෙකකින් රොනල්ඩෝ පුහුණුවීම් වලට එක් වුණේ කවුරුත් පුදුම කරවමින්.

රොනල්ඩෝගේ දක්‍ෂතා දකින එක්තරා පුහුණුකරුවෙක් වයස අවුරුදු 16දී ඔහුව සිය කණ්ඩායමට සහභාගී කරගන්නවා. පළමු වරට ඔහු වයස අවුරුදු 16-17 සහ 18 යන වයස් ඛාණ්ඩ නියෝජනය කරන්න තරම් වාසනාවන්ත වන්නේ දක්‍ෂතාව නිසාමයි. 2002 වසරේදී රොනල්ඩෝ තමන් ගේ පළමු ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගයට මුහුණ දෙනවා. එහිදී ඔවුන්ගේ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස ජයග‍්‍රහණය කරන්නේ රොනල්ඩෝගේ නම ඉදිරියෙන් ගෝල 2ක් සටහන් කරමින්. රොනල්ඩෝ Manchester United කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ 2003 වසරේදී. රොනල්ඩෝව මුලින්ම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 12.24ක් වැනි විශාල මිලකටයි. එය තරුණ ලාබාල ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් කණ්ඩායමක් වියදම් කළ විශාලම මුදල වුණා. ඔවුන් ප‍්‍රකාශ කළේ තරුණ ක‍්‍රීඩකයෙකු ලෙස ඔහුගේ දක්‍ෂතාව ඔවුන්ව විශ්මයට පත් කළ බවයි. 2003 වසරේ සිට 2009 වසර දක්වා Manchester United කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කළ රොනල්ඩෝ ඔවුන්ගේ තරඟ ජයග‍්‍රහණ වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලැබුවා. Manchester United කණ්ඩායම සමඟ එක්ව තරඟ 15ක් ජයග‍්‍රහණය කළ රොනල්ඩෝ කණ්ඩායම වෙනුවෙන් වගේම තමන්ගේ පෞද්ගලික සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කාර්යභාරයක් කරන්නට ඔහුට මේ කාල සීමාවේදී හැකියාව ලැබුණා. Manchester United කණ්ඩායම එක්ක රොනල්ඩෝ ගේ ගිවිසුම අවසාන වෙන්න ලංවෙනකොට බොහෝමයක් කණ්ඩායම් ඔහුව විශාල මුදලකට මිලදී ගන්න උත්සාහ කළා. නමුත් ඒ වාසනාව ලැබුනේ  Real Madrid කණ්ඩායමට.

රොනල්ඩෝට මේ වෙනකොට දරුවන් හතරදෙනෙක් ඉන්නවා. ඔහුගේ පළමු දරුවා පුතෙක්. තමන්ගේ දරුවන් ගැන සහ පෞද්ගලික ජීවිතය ගැන මාධ්‍යයෙන් වසන්කර තබාගන්නා රොනල්ඩෝ තමන් ගේ දරුවන්ගේ මව කවුද කියන එකත් ලෝකයෙන් රහසක් විදිහට තියා ගත්තා. 2015 වසරේදී රොනල්ඩෝ තමන් සහ රුසියානු මෝස්තර නිරූපිකාවක වූ ඉරීනා සමඟ පැවති සම්බන්ධතාව නවතා දැමූ බව මාධ්‍ය සමඟ පවසා තිබුණා. 2017 වසරේදී රොනල්ඩෝ නිවුන් දියණියකගේ සහ පුතකුගේ හිමිකාරයෙක් බවට පත් වුණා. රොනල්ඩෝ මේ වෙනකොට සම්බන්ධවෙලා ඉන්නේ ස්පැනිෂ් ජාතික නිරූපිකාවක වන ජෝර්ජිනා රොද්‍රිගෝ සමඟ. ඇය 2017 වසරේදීම රොනල්ඩෝට දාව ඇලානා මාර්ටිනා නමින් දියණියක් මෙලොවට බිහි කළා.

රොනාල්ඩෝගේ පියා මිය ගියේ ඔහුට වයස 20දී. ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. ඒ නිසාම රොනල්ඩෝ මත් ද්‍රව්‍ය වලට දැඩි සේ වෛර කළා. ඔහු ගේ මව පියයුරු පිලිකාවක් නිසා 2007 වසරේදී මෙලොවෙන් සමුගත්තා. රොනල්ඩෝ කියන්නේ මේ වෙනකොට වයස අවුරුදු 35ක තරුණයෙක්. රොනල්ඩෝ වෙනුවෙන් පෘතුගාලය තුල ක‍්‍රීඩා කෞතුකාගාරයක් වගේම ඔහුගේ පිළිරුවක් පවා නිර්මාණය කර තිබෙන්නේ ඔහු ක‍්‍රීඩාවෙන් පෘතුගාලයට ගෙන ආ ගෞරවය සහ ආඩම්බරය නිසාමයි. ලෝකයේ සරාගී පිරිමින් වර්ගීකරණය තුළ පළමු දස දෙනා අතර වැජඹෙන රොනල්ඩෝ කඩවසම් ක‍්‍රීඩකයින් අතර පළමු පස් දෙනා අතර ඉන්නවා. දුප්පත් පැලකින් තමන්ගෙ ගමන ආරම්භ කරපු රොනල්ඩෝ අද සුපිරි ධනවතෙක් වගේම සුපිරි ක‍්‍රීඩකයෙක්.

අමිල නුවන් මධුසංඛ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles