Divaina - ගෝඨාභය අත්අඩංගුවට ගන්න යෝජනා කළේ සුහද ගමලත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

- ඇමැති චම්පික කියයි
patali

* ටේප්වලට අපි බය නෑ

* ලිපිගොනු හොරකම් කරන මිනිස්සුන්ට රටේ විනය හදන්න පුළුවන්ද?

 

සාකච්ඡුා කළේ
සිරිමන්ත රත්නසේකර

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පාඨලී චම්පික සහ රාජිත සේනාරත්න යන මහත්වරු තමන්ට බලපෑම් කළ බව නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගමලත් මහතා හෙළිදරව්වක් කරමින් අනාවරණය කළේය.

මෙම බරපතළ චෝදනාව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විමසා බැලීමට ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මහා නගර සභා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාව මුණගැසුණෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡුාවයි.

ප‍්‍රශ්නය - ඇමැතිතුමා මේ දවස්වල වෙනදට වඩා පරිස්සමින් නේද ඉන්නේ.

පිළිතුර - එහෙම දෙයක් නැහැ. මොකද අපිට හංගන්න දෙයකුත් නැහැ. හැංගෙන්න දෙයකුත් නැහැ. අපි වෙනදා විදිහටම දේශපාලනය මෙන්ම අනෙකුත් කටයුතු කරනවා. නමුත් මැතිවරණ කාලයක් නිසා වෙනදාට වඩා ටිකක් කාර්යබහුලයි.

ප‍්‍රශ්නය - නැහැ.. මම පරිස්සමට නේද ඉන්නේ කියලා විමසා සිටියේ ඔබට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයකු කාලි මෑණියන් ඉදිරියේ පොල් ගහනවා කියලා මාධ්‍ය ඉදිරියේ කියා සිටි නිසයි.

පිළිතුර - මට ඒ ගැන කියන්න තියෙන්නේ එක දෙයයි. මේ රටේ දෙකෝටියක් ජනතාව අයත් මිලියන දස දහසක ධනය ඒ කියන්නේ සෑම පුද්ගලයකුටම අයිති රුපියල් පන්සියයක් හොරකම් කරපු තක්කඩි රැලක් අපිට පොල් ගහනවා නම් ඒ පොල් පත්තු වෙන්න ඕන ඒ අයගේ ඔලූව මතයි. ඇවන්ගාඞ් ගනුදෙනුව නිසා වර්ෂ 2012 සිට 2015 දක්වා මිලියන දස දහසක ජාතික ධනය වංචා කර තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔබ ඇවන්ගාඞ් නිසා රජයට විශාල පාඩුවක් සිදුව ඇතැයි කියද්දී හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගමලත් මහතා හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස ඔබ සහ රාජිත සේනාරත්න මහතා ඔහුට බලපෑම් එල්ල කළ බවයි.

පිළිතුර - කාරණය මෙහෙමයි. බලපෑම් කළේ සුහද ගම්ලත් මිස වෙන කවුරුවත් නෙමෙයි.

ප‍්‍රශ්නය - ඔහු කියනවා ඔබ බලපෑම් කළා කියලා... ඔබ දැන් කියන්නේ ඔහු බලපෑම් කළේ කියලා. සුහද ගමලත් මහත්මයා කාටද බලපෑම් කළා කියලා ඔබ කියන්නේ ?

පිළිතුර - ඔහු බලපෑම් කළේ අතිරේක සොලිසිටර් ජනරාල්ට තමයි. මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු පාවෙන ආයුධ ගබඩා දෙකක් ඊඵෂක්‍්‍ය එකේ සහ ගාල්ල වරායේ නැවකින් හමුවුණා. එක අවස්ථාවක ගාල්ලේ වරායේ නැවේ ආයුධ ගබඩාව පිළිබඳ විමර්ශනයේ ප‍්‍රගතිය ආවා. ඒ ගැන සාකච්ඡුා කරන්න අගමැතිතුමා සහ අනෙකුත් පක්‍ෂ නියෝජනය වන පිරිස්වල ඉහළ ගණයේ හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවුණා. සොලිසිටර් ජනරාල්වරයා ලෙස එයට සහභාගි වුණේ සුහද ගමලත් මහතා තමයි. එවකට නීතිපති වුණේ යුවන්ජන් විජේතිලක මහතායි. මෙහිදී ගම්ලත් මහතා පැවසුවේ වසන්ත නවරත්න බණ්ඩාර කියන දෙවැනියාට මෙය භාරදී ඇති බවයි. ඔහු මේ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය විමසා බලා සභාවට දැනුම් දෙන බව ඔහු පැවසුවා. ඉන් පසු ගමලත් මහතා දැනුම් දුන්නේ ගිනි අවි ආඥා පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පුපුරණ ද්‍රව්‍ය වැළැක්වීමේ ආඥා පනත යටතේ අපරාධමය වරදක් කර ඇති බව. ඒ අනුව පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න තීරණය කර තිබෙන බව ඔහු පැවසුවා. කවුද ඒ පස් දෙනා කියලා විමසූ විට ගෝඨාභය රාජපක්‍ෂ, ඇවන්ගාඞ් සමාගමේ සභාපති, විධායක නිලධාරි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ රත්නා ලංකා ප‍්‍රධානියා බව ඔහු සඳහන් කළා. ඒ නිසා අපි නෙමෙයි මේක කිව්වේ. මේක කිව්වේ සුහද ගම්ලත්. මෙය යෝජනා කළේ එම සිදුවීම දෙස බලා අතිරේක සොලිසිටර් ජනරාල්වරයායි. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූ පසු වසන්ත නවරත්න බණ්ඩාර මහත්මයා, එය වෙබ් අඩවියේ පළ කළා. එය ප‍්‍රසිද්ධ ලියවිල්ලක්. සුහද ගම්ලත්ට දැන් ඇවිත් ‘නැහ්’ ගාන්න බැහැ. එය යෝජනා කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙක්. අපට තියෙන ප‍්‍රශ්නේ ඇයි ඒ උපදේශය රෙකමදාරුව සුහද ගම්ලත් ක‍්‍රියාත්මක නොකළේ ඇයි කියලයි. එච්චරයි.. වෙන කිසිම බලපෑමක් අපි කළේ නැහැ.

ප‍්‍රශ්නය - හරි.. අපි බලපෑමක් නොකළා යැයි කියමුකෝ. නමුත් වැරදිකරුවන්ට දඬුවම් නොකිරීමේ ප‍්‍රශ්නය එහෙම්මම ඉතුරුයි නොවේද?

පිළිතුර - අන්න ඒකට බලපෑමක් තියෙන්න ඇති. ඇවන්ගාඞ් සභාපතිට රට යන්න පාස්පෝට් එක ඔහුට කොහොමද දුන්නේ කියලා ඔය සභාව ඉදිරියේදී විමසනකොට ගම්ලත් කිව්වේ ඔහුට ඇමැතිවරු දෙදෙනකු කිව්ව නිසා භාර දුන් බව. ඒ දෙන්නා කවුද කියලා දැන් සුහද ගම්ලත් කියන්න ඕනෑ.

ඊළ`ගට දෙවැනි ආයුධ නැව 2015 ඔක්තෝබර් මාසයේ නාවික හමුදාවට හසු වුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති

රැස්වීමකදී ගම්ලත් කිව්වේ ගිනිඅවි ආඥා පනත යටතේ නඩු දාන්න පුළුවන් කියලා. එහි මමත් රාජිත සහ විජේදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් හිටියා. පළවැනි නැවට දාන්න බැරි නඩු දෙවැනි නැවට දාන්න පුළුවන් බව ඔහු කිව්වා. ඒ අනුව නඩු පවරා පිරිස් අත්අඩංගුවට ගත්තා. එයයි එහි කතාව.

ප‍්‍රශ්නය - දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ හඬ පටයත් පසුගියදා කරලියට ඇවිත් තිබුණා. එහිදී ඇය මෙම ඇවන්ගාඞ් මෙහෙයුම් පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් කතා කරනවා අපි දැක්කා.

පිළිතුර - ඒ හඬ පටයෙන් ඔවුන් පෙන්වන්න හදන්නේ මෙතන කිසි පාඩුවක් වී නැති බව. දහස් ගණනකගේ රැකියා අහිමිවීම ගැන පෙන්වන්න හදනවා. ඇත්තටම මෙතන මොකක්ද සිදු වුණේ. සෝමාලියාව අවට රතු මුහුදු කලාපය හා අප‍්‍රිකානු අ`ග කලාපයේ මුහුදු කොල්ලකරුවන්ගේ දැඩි ක‍්‍රියාදාමයක් 2008-2009 සිදු වුණා. ආසියාවට යන විශාලතම නාවුක ම`ග තිබෙන්නේ සුවස් ඇළ හරහා එම කලාපයේයි. එම නිසා මෙම මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම අවශ්‍යය වුණා. යුද්ධය අවසන් වූ පසු එය අප රටේ නාවික හමුදාව සිදු කළා. එය කළේ නාවික හමුදාව එහි ගොස් නොමෙයි. එවැනි ආරක්‍ෂකයින්ගේ අවි ආයුධ නාවික හමුදාව ගබඩා කර තමයි එය කළේ. එහි තිබුණු සමුද්‍ර ආරක්‍ෂක ක‍්‍රියාදාමය වුණේ එවැනි ආරක්‍ෂකයෝ ගුවන් මගින් ලංකාවට ඇවිත් ගාල්ල වරායෙන් ආයුධ ලබාගෙන අදාළ නැවට නැග රතු මුහුද වෙත ගමන් කරනවා. එසේ නැතිනම් එහි සිට මේ දක්වා පැමිණෙනවා. ඉන් පසු ආයුධ භාරදී නැවත යෑමයි. මේ ලෙස සමුද්‍ර ආරක්‍ෂක ක‍්‍රමවේදය 2009 සිට 2012 වනතෙක් නාවික හමුදාව කරගෙන ගියා. ඉන් රුපියල් මිලියන එක්දහස් නමසීයක් නාවික හමුදාව උපයා ගත්තා. මෙම මුදල තමන් සතු කරගන්නේ කොහොමද කියලා මේ අය කල්පනා කළා. ඒ අනුව තමයි පළමුව රත්නා ලංකා එකටත් ඉන් පසු ඒ හරහා ඇවන්ගාඞ් එකටත් එහි කටයුතු ලබා දුන්නේ. ඇවන්ගාඞ් එකට ඒ සඳහා කිසිදු සුදුසුකමක් තිබුණේ නැහැ. ඔවුන් සියලූ සුදුසුකම් සපුරා ගන්නේ මෙම කොන්ත‍්‍රාත් එක ලබා ගැනීමෙන් අනතුරුවයි. එය නීති විරෝධීව ලබා ගැනීම අල්ලසක්. දූෂණ වරදක් ලෙස ගැනෙන බව සුහද ගම්ලත් මහත්මයා කිහිප වතාවක්ම සභාවට කියා තිබෙනවා.

ප‍්‍රශ්නය - සුහද ගමලත් මහත්මයත් සමග මීට පෙර පුද්ගලික අමනාපයක් එහෙම තිබුණද?

පිළිතුර - ඒ මහත්තයාව මම හොඳට අඳුනනවා. කිසිදු පුද්ගලික තරහක් නැහැ. කොටින්ම ඔය මහත්තයා 2015 දී මහින්ද මහත්තයා පරාජය වූ පසු දුරකථනයෙන් මා උදේ පාන්දරම අමතා මට සුබපතපු පුද්ගලයා ඔහුයි. එතුමා සමග මට කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඕනනම් එතුමාගෙන් අහල බලන්න මට කතා කළේ නැද්ද කියලා. එතුමාගේ සහ මගේ හෘද සාක්‍ෂිය දන්නවා එහෙම වූ බව.

ප‍්‍රශ්නය - නාවික හමුදාවෙන් සමුද්‍රීය ආරක්‍ෂක ක‍්‍රමවේදය ඉවත් වූ පසු රජයට කොතරම් පාඩුවක් තිබෙනවාද?

පිළිතුර - මේ තුළින් නාවික හමුදාවට ආදායම් ලැබුණේ නැහැ. එක පාරටම ගිනි අවියකට ගන්න මුදල ඩොලර් 3500 දක්වා වැඩි කළා. එසේ කර දැවැන්ත ධනයක් උපයා එය වංචා කළා. ආරක්‍ෂක හමුදාවන්ට එය ලැබුණා නම් මුලින් සියයට 25 යි. පසුව එය සියයට 17 දක්වා අඩු වුණා. 2015 සිට එක සතයක්වත් ගෙව්වේ නැහැ.

මාස නමයක් නිකම්ම ඔපරේෂන් එක කරගෙන ගියා. ආසන්නයෙන් රටට නැති වූ මුදල රුපියල් මිලියන දසදහසක්. එම මුදල පුද්ගලික සාක්කුවටයි ගියේ.

ප‍්‍රශ්නය - ඔය මුදල පාඩු වුණේ යැයි කියන්නේ කිනම් කාල වකවානුවකද?

පිළිතුර - 2012 සැප්තැම්බර් සිට 2015 ඔක්තෝබර් වෙනකම් තමයි මේ පාඩුව සිදුවුණේ. ඒ පාඩුව ගියේ කොහේටද කියලා නඩුවේ බී වාර්තාවේ තිබෙනවා. ඒ නම් ටික දැන් මට කියන්න පුළුවන්. නමුත් නඩු කටයුත්තක් යන නිසා එසේ කියන්න බැහැ. මේ ජාතික ධනය, රණවිරුවන්ට දෙන්න තිබෙන මුදල් තමයි මේ අය හොරකම් කළේ.

මෙය 2015 දී අප නාවික හමුදාව සතු කළා. ඉන් පසු 2015 ඔක්තෝබර් සිට 2019 ඔක්තෝබර් වෙනතෙක් රුපියල් මිලියන 8000 ක් රජයට මුදල් ඇවිත් තිබෙනවා. රටේ හැම මිනිහාටම අපි රුපියල් 400 ක් ලබාදී තිබෙනවා. රුපියල් 500 ක් හැම මිනිහෙක්ගෙන්ම හොරා කාපු අයටද කාලි මෑණියන් ඉස්සරහ පොල් ගහන්න ඕනෑ. එසේ නැතිනම් හැම මිනිහාගේම පොකට් එකට රුපියල් 400 ක් දාපු අපිටද පොල් ගහන්න ඕනෑ. ඇත්තටම මේ හොරුන්ට වැහි නැති හෙණ ගහන්නයි ඕනේ.

ප‍්‍රශ්නය - නමුත් ඇමැතිතුමා දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය කී එම හඬපටය තුළින් කියන්නේ එතැන වංචාවක් සිදුව නැති බවයි.

පිළිතුර - මෙතරම් මහා ධනයක් හොරකම් කළ සිදුවීමක් වංචාවක් නෙමෙයි කියන්න නම් එන්නේ උමතු රෝගයකින් පෙළෙන්න ඕනෑ. එසේ නැතිනම් ඒ දූෂිතයන්ගේ හවුල්කාරයෙක් වෙන්න ඕනෑ. වෙන කිසි ක‍්‍රමයක් නැහැ. එතනත් ඇමැතිවරයෙක් හිටියා යැයි කියනවා. ඒ කවුද කියලා එතුමිය කියන්න ඕනෑ. එසේ නැතිවුණොත් එතුමිය මේ රටේ හෙරක් හැටියට තමයි පිළිගන්න වෙන්නේ. මේ සෙල්ලම ගුවන් හමුදාවටත් මිග් ගනුදෙනුව හරහා කළා. ඒ වගේම යුද හමුදාවටත් ආරක්‍ෂක මූලස්ථානය ප‍්‍රශ්නය හරහා මොවුන් කළා.

අපි එතුමාගෙන් සතයක් හරි අරගෙන නැති නිසා වංචා කරලා නැති නිසා ටේප් දානවා යැයි කිව්වට අපි භය නැහැ. අපි සුහද ගම්ලත්ට පැහැදිලිව කියන්නේ ගෝඨාභයව අත්අඩංගුවට ගන්න යෝජනා කළේ අපි නොමෙයි ඔබතුමා කියලයි. එය ගොනුකළෙත් ඔබතුමයි. ඔබතුමා උත්තර දෙන්න ඕනා එය නොකළේ ඇයි කියලයි. වංචාවක් සිදුවුණේ යැයි කිව්වේ අපි නොමෙයි. එය කිව්වේ ඔබතුමාලයි. එය වංචාවක් නොවන්නේ කෙසේදැයි දිල්රුක්‍ෂි ඩයස් රටට හෙළි කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව කියන උත්තරීතර ආයතනයේ ඇතැම් පිරිස් මේ දූෂිතයන් සමග කල්ලි ගැසී ඇති බවයි මෙයින් පෙනෙන්නේ. මේ අය රටට වගකියන්න ඕනෑ.

ප‍්‍රශ්නය - මේ සියලූ කරුණු කාරණාවලින් පෙනෙන්නේ රජයේ දුර්වලතාවයි. දූෂිතයන්ට දඬුවම් දෙන්න යැයි කියමින් බලයට පැමිණි ආණ්ඩුව දූෂිතයන් යැයි සඳහන් කළ පිරිස් ආරක්‍ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි රජයකදී මෙවැනි තත්ත්වයක් වළක්වා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මතු වෙනවා.

පිළිතුර - දූෂිතයන් ගැන සොයන්න විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බව සහ නීති ශක්තිමත් කළ යුතු බව මේ රජය පත්වූ වහාම මම කැබිනට් පත‍්‍රිකාවක් දමා කියා සිටියා. නමුත් විශේෂ අධිකරණ හැදුවේ වසර 4 1/2 කට පසුවයි. ඒවාත් අන්තිම මොහොතේ. මිග් ගනුදෙනුවේ මිනිහා, ඇවන්ගාඞ් මිනිහා රට පැනල ගොස් තිබෙනවා. නඩු තීන්දු දෙනවා කියලා දැනගෙනයි පැනල ගියේ. වැරදි නැත්නම් නිර්භීතව මේවාට මුහුණ දෙන්න ඕන නේද? මේවා සමග බැඳී ඉන්න දේශපාලනඥයන්ට මුදල් එන්නේ කොහෙන්ද කියලා අපි දන්නවා. රණවිරුවන්ගේ මුදල් හොරාකන මේ අය රණවිරුවන් ආරක්‍ෂා කරන්නන් නොමෙයි. ඔවුන් මිලිටරි ජුන්ටාවක්.

ප‍්‍රශ්නය - ඇමැතිතුමා මම විමසා සිටියේ ඉදිරි ආණ්ඩුවකදී වැරදිකරුවන්ට දඬුවම් දීමේ කටයුතු ගැනයි.

පිළිතුර - කවුරු බලයට ආවත් නැතත් අපි මැරෙනතුරාවට මේ වෙනුවෙන් සටන් කරනවා. අපිව විනාශ කරන්න හදාවි, අපිව අත්අඩංගුවට ගන්න හදාවි. නමුත් අපි රටේ ජනතාවට යුක්තිය ඉටුකිරීමට මරණය දක්වාම සටන් කරනවා.

ප‍්‍රශ්නය - ඔබ නියෝජනය කරන පාර්ශ්වයේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අභියෝගයට ලක්කර නඩු පැවරීම කර තිබෙනවා. ඔහුව තරගයෙන් ඉවත් කරන්න හදන්නේ ඔහුට බයේද?

පිළිතුර - ගෝඨාභය මහතාගේ ප‍්‍රධාන තේමාව තමා දේශපේ‍්‍රමියෙක් බවයි. එසේ නම් ඔහු විදේශ පුරවැසියෙක් වුණේ ඇයි. ඔහුගේ අයියා ජනාධිපති වෙනකම් රටට නොආවේ ඇයි? ඔය කියන අයගේ දරුමල්ලෝ සිටින්නේ අධිරාජ්‍යවාදී යැයි කියන පිටරටවලයි. අපියි අපගේ ළමයි ඉන්නේ මේ රටේම තමයි. ඔහු නීතිගරුක රටක් හදන බව කියනවා. එහෙම කියන පුද්ගලයා තමන්ගේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත‍්‍රය, පුරවැසිකම නීත්‍යානුකූලව ලබා ගන්න බැරිව වෙනත් ආකාරයකටයි අරගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුගෙන් විනයගරුක රටක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? මේ සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තිබූ ලිපිගොනු දෙකම අතුරුදන් වුණේ කොහොමද? තමන් ගැන තිබූ ලිපිගොනු අතුරුදන් වූ පුද්ගලයෙක් රටේ විනය හදන්නේ කොහොමද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය දැනගෙන ඉන් පසු ඡුන්දය දෙනවාද නැද්ද කියලා ජනතාව තීරණය කළ යුතුයි. අද ඉන්න ඇතැම් මාධ්‍ය අයිතිකාරයොත් මේ දූෂණ ක‍්‍රියාවලියේම අපාය සහයකයෝ. තමන් දේශපේ‍්‍රමී කිව්වට තවම විදේශීය පුරවැසියෙක් නම් අනිත් අයට සී.අයි.ඒ. කියමින් තමන් තවමත් ඇමරිකාව බදාගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇමරිකානු පුරවැසිකම ගන්නවා නම්, විනයගරුක සමාජයක් හදන්න එද්දී ෆයිල් උස්සනවා නම් මේවා ජනතාව දැනගත යුතුයි.

ප‍්‍රශ්නය - හොඳයි. අපි වෙනත් පැත්තකට සාකච්ඡුාව යොදා ගමු. ඔබ පාර්ශ්වයේ ජනාධිපති අපේක්‍ෂකයා ඔබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ හොඳම අපේක්‍ෂකයා යැයි ඔබ සිතනවාද?

පිළිතුර - ඒ සම්බන්ධයෙන් සමාජ සමීක්‍ෂණ ගණනාවක් තිබුණා. ඉන් පෙනී ගිය කරුණක් තමයි රටේ ජනප‍්‍රියම අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාස මහත්මයා බව. එය අපි හැමෝටම පැහැදිලි වුණා. එය අපි පිළිගත්තා.

ප‍්‍රශ්නය - ඔහුට ජයග‍්‍රහණයක් ලබාගන්න හැකි වේවිද?

පිළිතුර - ඔව්. අනිවාර්යයෙන්ම ඔව්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන මිනිස්සු, තනි පවුලක් වෙනුවට අලූත් තරුණ පාලනයක් ගැන හිතන මිනිස්සු, විශේෂයෙන් රටේ තරුණ පරම්පරාව අලූත් ම`ගක් යන්න එකතු වේවි. පරණ වලව්, පරණ දේශපාලකයෝ වෙනුවට නව පරපුරක නව පරිච්ෙඡ්දයක් රටේ ඇතිවීමට නියමිතයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles