Divaina - දෙදරායෑම නවතා ඒකමතිකව සජිත් අපේක්‍ෂක වූ හැටි... පොහොට්ටු ලකුණ මාරු කිරීමට පක්ෂ නායක විරෝධය... ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව ගැන කරපු කතා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 poli
 
අපේ රටේ දේශපාලන කරලියේ නොවිසඳුණු ප‍්‍රශ්න ගණනාවක්ට විසඳුම් ලබා දුන් සැප්තැම්බර් මාසය නිමා වී තවත් මාසයක් උදාවිය. සැප්තැම්බර් මාසයේ දී සිදුවූ දේශපාලන මය වැදගත් සිදුවීම් ගණනාවක් ම තිබිණි. පවත්වනවාද නැද්ද කියමින් දේශපාලන කරළියේ ඒ මේ අතට තල්ලූ වෙමින් තිබූ ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දුව ගත්තේ සැප්තැම්බරයේ දී ය. එසේම එක්සත් ජාතික පක්ෂයට කලක් තිස්සේ වධදුන් බරපතළම ගැටලූව වූ ජනාධිපති අපේක්ෂකයා කවුද යන ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලැබුණේ ද සැප්තැම්බරයේදීය. සැප්තැම්බර් මාසය නිමාවී ඔක්තෝබරය උදාවන විට අපේ රටේ දේශපාලන කරලියේ උණුසුම් ප‍්‍රශ්න ගණනාවකට උත්තර ලැබී තිබුණි. එහෙත් එය තවත් උණුසුම් ප‍්‍රශ්න ගණනාවක ආරම්භයක් වූයේ දේශපාලන ලෝකයේ එකක් විසඳෙන විට තවත් ප‍්‍රශ්න දහයක් මතුවන සනාතන දහම පසක් කර දෙමිනි.
 
 අපේ රටේ දේශපාලන කරලියේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් දෙක වන එක්සත් ජාතික පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තර අර්බුද වලට යම් යම් විසඳුම් ලැබී ගැටලූ සමථයකට පත් වුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ තිබූ බරපතළ ගැටලූ කිහිපය තව තවත් උග‍්‍ර වන්නට පටන්ගෙන තිබිණි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වනවා ද නැද්ද යන කරුණ පසුගිය සතියේ ඉතා දැඩි උණුසුමින් යුතුව සාකච්ඡුාවට ගැනෙන්නට පටන් ගත්තේ දෙපිරිස එක්වී මීට පෙර කරන ලද සියලූම සාකච්ඡුා අසාර්ථක ව තිබූ පසුබිමක් තුළය.
 
 මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ ඉතාමත් කුලූපගව ළඟින් සිටිමින් ඔහුට උපදෙස් දෙමින් ඔහුගේ සියලූ වැඩ කටයුතු සංවිධානය කරමින් සිටි නිලධාරීන් කිහිපදෙනෙක්ද ඉතා රහසිගතව සජිත් පිල හා සාකච්ඡුා කිරීමද ආරම්භ කර තිබිණි. මේ බැව් කරුණු කාරණා හෙළි වීමෙන් ද පසුගිය සතිය ආරම්භයේ දීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිටියේ තරමක් කලබලකාරී මනසකින් යුතුවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉතිරි වී සිටින මන්ත‍්‍රී මන්ත‍්‍රීවරුන්ගෙන් එක් පිරිසක් සජිත් සමඟ එක්වී වී එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද සටනට සහාය දෙන්නට යෝජනා කරමින් සිටි අතර බහු බහුතරයක් දෙනා සූදානම්ව සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකඟතාවක් ඇතිකර ගෙන ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයය තහවුරු කිරීම් පිණිස වැඩ කරන්නට බලාපොරොත්තුවෙනි. එහෙත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගෙන් ඒ සඳහා ඉහළ ගණයේ ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකයො හා මන්ත‍්‍රීවරු පමණක් නොව, ජනාධිපතිවරයාද තරමක කණනස්සල්ලෙන් සිටියා යැයි කීවොත් නිවැරදිය.
 
 මේ අතර පසුගිය සති අන්තයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පක්ෂ නායකයන් සමග මෙම ප‍්‍රශ්නය ගැන දීර්ඝව සාකච්ඡුා කරන්නට විශේෂ සාකච්ඡුාවක් කැඳවූයේය. මෙම සාකච්ඡුාව පසුගිය සෙනසුරාදා උදේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ ජනාධිපති මන්දිරය තුළ සිදු විය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ 8 ක නායකයෝ හා නියෝජිතයෝ මේස සඳහා සහභාගිවී සිටීම විශේෂත්වයක් විය.
 
 පොහොට්ටු ලකුණ මාරු කිරීමට
 පක්ෂ නායක විරෝධය...

 
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡුාවේදී මුලින්ම උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කරමින් විශේෂ කතාවක් කළේය.
 
 අපි අපේ පක්ෂ දෙක අතර සාකච්ඡුා වට කීපයක්ම අරගෙන ගියා. ඒ වුණාට ඒ සාකච්ඡුා සාර්ථකව ඉදිරියට ගිය බවක් මම දැක්කේ නෑ. සාකච්ඡුාවලදී අපි මේ කඳවුරේ අපේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න නමක් යෝජනා කළේ නැහැ. අපි ඒ අවස්ථාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට දුන්නා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරපු අපේ අපේක්ෂකයාට සහයෝගය දෙන්න අපි දැන් සාකච්ඡුා කරමින් ඉන්නවා. සාකච්ඡුාවේදීත් අපේ පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කිසිම දෙයක් ඉල්ලලා නැහැ. අගමැති අපේක්ෂකකම් උප ජනාධිපතිකම් ආදී කිසිදෙයක් අපි ඉල්ලන්නේ නෑ. අපේ ගම්වල ඉන්න ඡුන්දදායකයාගේ අභිමානය රකින්න අපි එකම එක දෙයයි ඉල්ලන්නේ. ඡුන්ද ලකුණ හැටියට පොහොට්ටුවට ඡුන්දය දෙන්න අපේ ගම්වල ඉන්න ඡුන්දදායකයෝ සූදානම් නෑ. ඒක නිසා අපේ යෝජනාව පොහොට්ටුව කියන ලාංඡුනය වෙනස් කරන එක ගැන විතරයි.
 
 අනිත් එක තමයි පහුගිය පළාත් පාලන ඡුන්දයේදී ගම්වල ඉන්න අපේ නියෝජිතයෝ මේ පොහොට්ටු ලකුණුත් එක්ක ගැටෙන්න පටන් ගත්තා. ඔවුන්ව කොහොමටවත් පොහොට්ටුවට ඡුන්දය දෙන්න කියන කාරණාවට එකඟ කරගන්න බෑ. අපි ඒකයි මේ ඉල්ලන්නේ. ජනාධිපතිවරයා දිගින් දිගටම කරුණු දැක්වුවත් ඊට එකඟතාවක් දක්වන්නට තරම් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ සූදානම් වූයේ නැත.
 
 ඔවුන්ගේ මතය වූයේ අනවශ්‍ය හේතුවක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සාකච්ඡුාව වෙනතකට ගෙන යමින් ප‍්‍රධාන මාතෘකාව අත් හැර කතා කරන බවයි...
 
 පොහොට්ටුව අපේ පක්ෂය මුල් ඉඳලා ගොඩනගා ගත්ත ඡුන්ද ලකුණ. ඒක මේ වගේ අවස්ථාවක වෙනස් කරනවා කියන්නේ අපේ පැත්තෙනුත් ඡුන්දදායකයා කලකිරෙන කාරණාවක්. පක්ෂ නායකයෝ කියන්නට වූහ.
 
 ඔබතුමා මේ සාකච්ඡුාවට අපිව කැඳවලා මේ ගැන විවෘතවව කතා කරන්න සූදානම් වීම් ගැන අපේ ලොකු ගෞරවයක් තියෙනවා. හැබැයි අපේ නම් හැඟීම මේ වෙලාවේ ඡුන්ද ලකුණ මාතෘකාව කරන්න කතා කරනවට වඩා අපි අපේ ඉදිරි වැඩ වැඩපිළිවෙළ ගැන කතා කරමින් ඉස්සරහට යාම තමයි වටින්නේ. දිනේෂ් ගුණවර්ධන කීවේය.
 
 විමල් වීරවංශ ද කතා කරමින් ඡුන්ද ලකුණ මාරු කිරීම සම්බන්ධයෙන් කරන සාකච්ඡුාව ඵල රහිත එකක් බව ජනාධිපති ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ඉතාමත්ම මටසිලිටි භාෂාවෙනි. ඉන්පසු උදේ ගම්මන්පිලට කතා කළේය.
 
 පොහොට්ටුව කියන්නෙ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රාහී ඡුන්ද ලකුණ. අපි පළාත් පාලන මැතිවරණය ලංකාව පුරාම තරග කරලා ඒ ලකුණෙන් දිනුවා. පළාත් පාලන මැතිවරණය දිනපු ලකුණෙන්ම එහි අපේක්ෂකයකුගේ ජනාධිපතිවරණයට යන එක තමයි හොඳ. අනිත් එක ජනාධිපතිවරණයේදී ඡුන්ද ඉල්ලන්නේ පුද්ගලයෙක් මිස පක්ෂයක් හෝ ඡුන්ද ලකුණක් නෙවෙයි. ඒක නිසා මේ වෙලාවේ අපි ඡුන්ද ලකුණ බදාගෙන සාකච්ඡුා කරන එක වැඩක් නෑ. රාජපක්ෂවරු පෙන්නන්න බැරි චරිත ගම්වල ඉන්නවනම් එයාලා කොහොමද ලකුණ මාරු කරාය කියල ගෝඨාභය මහත්තයට ඡුන්දෙ දෙන්නෙ නෑ. මේකෙන් වෙන්නේ අපේ පාක්ෂිකයා කලකිරුන එක් මිසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා සතුටු වෙන එක නෙවෙයි.
 
 අපි මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා වටා ගොනු වෙලා ඔහුව දිනවන්න වැඩ කරමු. මහා මැතිවරණය ආවම ඡුන්ද ලකුණ දිනවන එක ගැන කතා කරමු. උදය කීවේය.
 
 ඔය ගොල්ල කියනවා පළාත් පාලන මැතිවරණය පොහොට්ටුව ලකුණින් දිනපු නිසා ජයග‍්‍රාහී ලකුණ ජනාධිපතිවරණයට ගමු කියලා. ජනාධිපතිවරණයත් පොහොට්ටුවෙන් දින්නම ඊළඟට කියාවි ජනාධිපතිවරණයත් පොහොට්ටුවෙන් දිනපු නිසා අපි මහා මැතිවරණයටත් එකෙන් යමු කියලා. ජනාධිපතිවරයා තර්ක කළේය.
 
 ඔබතුමාට ඒ ගැන සැකයක් තියෙනවනම් අපි සාකච්ඡුා කරලා දැන්මම මහ මැතිවරණයට යන ඡුන්ද ලකුණ මොකක්ද කියලා තීරණය කරලා පැත්තකින් තියමු. ඔබතුමා ඔය අත තියාගෙන ඉන්න පුටුවට. ඉතින් පුටුව හොඳ ඡුන්ද ලකුණක්. අපි මේ වැඬේට පුටුව යෝජනා කරමු. වාසුදේව කීවේය.
 
 එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එම යෝජනාවෙන්ද ද සෑහීමකට සතුටට පත් වූයේ නැත.
 
 කොහොමටත් මම අද හවස මම විපක්ෂනායකතුමාවයි බැසිල් රාජපක්ෂ මැතිතුමාවයි දෙන්නාවම හම්බවෙලා සාකච්ඡුා කරනවා. අපට පුළුවන් වේවි මේ ගැන මොකක් හරි සතුටු සතුටුදායක විසඳුමකට ඇවිල්ලා තීරණයක් ගන්න.
 
 එම සාකච්ඡුාව සාර්ථක එකක් නොවීය. ජනාධිපතිවරයාගේ අදහස් වූයේ මේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡුන්ද ගෝඨාභයට ලබාදීමට නම් ඡුන්ද ලකුණ වෙනස් කළ යුතුම කියාය. කෙසේවත් කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ
 නායකයන්ගේ අදහස විය.
 
 එදින හවස යොදාගත් පරිදි ජනාධිපතිවරයාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සාකච්ඡුා කළ නමුදු එහිදීද මෙම ඡුන්ද ලකුණ පිළිබඳ එකඟතාවට කිසි වෙනසක් වූයේ නැත ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති පක්ෂයෙහි පොහොට්ටුව ඡුන්ද ලකුණ මෙවර ජනාධිපතිවරණයට ඉල්ලන බව එහිදී ද තහවුරු විය.
 
 ගෝඨාභයට එරෙහි නඩුවේ
 තීන්දුව ගැන කරපු කතා...

 
 ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප‍්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේ දී පැවැත්වුණේ සඳුදාය. මහින්ද සමඟ ගෝඨාභය සහ බැසිල් ද රැස්වීමට එක්ව සිටි අතර නීතිඥවරුන් කණ්ඩායමක් එහි කැඳවා තිබුණේ ගෝඨාභයගේ නඩුව සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමටය.
 
 වියන්ගොඩ සහ තේනුවර දෙදෙනා විසින් ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න කරමින් පවරා තිබුණු නඩුව සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය නීතිඥයෝ කරුණු පැහැදිලි කළහ. දේශපාලන වුවමනාවක් මත පවරා තිබෙන මෙම නඩුවට කිසිදු නීතිමය පසුබිමක් නොමැති බව ඔවුන්ගේ මතය විය.
 
 ”මේක පැහැදිලිව දේශපාලන පළිගැනීමක් සඳහා පවරපු නඩුවක්. මම පුරවැසිභාවය ලබාගැනීම සහ හැඳුනුම්පත්, ගුවන් බලපත‍්‍ර ලබාගැනීම යන සියල්ල කර තිබෙන්නේ නීත්‍යනුකූලවයි. විනයගරුක නිලධාරියෙක් විදියට මම කවදාවත් නීතියට පිටින් කිසිම දෙයක් කරලා නැහැ. ඒ නිසා මේක අපේ ජයග‍්‍රහණය වළක්වන්න ගහපු ගැටයක්” ගෝඨාභය පැහැදිලි කළේය.
 
 ”ආණ්ඩුව හිතනවා ගෝඨාභය ආවොත් දිනන්න බැහැ කියලා. ඒ නිසා තරගයට පෙර ගෝඨාභයව තරග පිටියෙන් ඉවත් කරගන්නයි මේ උත්සාහ කරන්නේ. සුහද ගම්ලත්, දිල්රුක්ෂි ඩයස් දෙන්නා හෙළිදරව් කරපු කාරණාත් එක්ක මේ ආණ්ඩුවේ නිරුවත හෙළිවුණා. රාජිතලා, චම්පිකලා, අනුර කුමාරලා එකතු වෙලා නඩු අහපු විස්තර දැන් ජනතාවට රහසක් නෙමෙයි.
 
 ආණ්ඩුව හොඳටම දන්නවා ගෝඨාභය ජනාධිපති වුණොත් කරපු හොරකම්, මැරකම්, දූෂණ වංචා සේරම එළියට එනවා කියලා. දැන් මේ අය දඟලන්නේ ජනාධිපතිවරණය ජයගන්නටත් වඩා තමන්ගේ දූෂණ වංචා හෙළිවෙන එක වළක්වගන්නයි. මේ වගේ නඩු තව ඕනේ තරම් ඉස්සරහට එයි” මහින්ද අනාවැකියක් පළ කළේය.
 
 මහින්ද, ගෝඨා, බැසිල් සහ මෛත‍්‍රිපාල අතර පැවැති සාකච්ඡුාව සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ අවධානය යොමුවිය. පසුගිය සෙනසුරාදා එම සාකච්ඡුාව පැවැති අතර මහින්ද ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට කරුණු පැහැදිලි කළේය.
 
 ”අපි මේ ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුා කළා. අපේ පැත්තෙන් අපි කරුණු පැහැදිලි කළා. සුබවාදීව ඒ දිහා බලමු” මහින්ද කීවේය.
 
 ”මේ අයගේ එකම යෝජනාව වෙලා තියෙන්නේ පොහොට්ටුව වෙනස් කරන්න කියන එක. නමුත් මේ වෙලාවේ එහෙම කරන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්. විශේෂයෙන් අපි ජනාධිපතිවරණ සටනේ මේ තරම් දුරක් ඇවිත් තියෙන කොට මේ ඉල්ලීම ඉටු කරන එක හරියට ගග මැද ඉඳන් බෝට්ටු මාරු කරනවා වගේ වැඩක්. වාසු විග‍්‍රහ කළේය.
 
 ”සාකච්ඡුාවෙන් විසඳන්න බැරි දෙයක් නැහැ. ඒ අය තීන්දුව ගන්නේ 05 වෙනිදටනේ. අපි ඊට පෙර සාකච්ඡුා කරලා මේක විසඳගමු. ඒකයි මම කිව්වේ සුබවාදීව මේ දිහා බලන්න කියලා” මහින්ද පැවසීය.
 
 ”ඡුන්දයට අපේක්ෂකයෝ 20කටත් වඩා ඉදිරිපත් වෙනවා. හැබැයි එතැනින් බහුතරයක් ඉන්නේ අපේ අපේක්ෂකයාට විරුද්ධව. අපේ පැත්තට ඉන්නේ අපි විතරයි. මොනවා වුණත් ජනතාව ඉන්නකම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ජනතා මතය තමයි හැම දේටම වඩා උත්තරීතර” බැසිල් පෙන්වා දුන්නේය.
 
 ”ඒ කතාව හරි. දැන් මිනිස්සුන්ට ඕනේ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. ඔය ඉදිරිපත් වෙන හැම අපේක්ෂකයෙක්ම ආණ්ඩුවට මොනයම් හෝ සම්බන්ධයක් තියෙන අය. සමහරු ආණ්ඩුව හදන්න උදව් කළා. සමහරු ආණ්ඩුව යටතේ වැඩ කළා. තවත් සමහරු ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියා. අපි තමයි සැබෑවටම ආණ්ඩුවට විරුද්ධව හිටපු කණ්ඩායම. ” රෝහිත කීවේය.
 
 පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් අනතුරුව රට පුරා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡුාවක් කැඳවා තිබුණි. මහින්ද, ගෝඨා සහ බැසිල් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. එතැනදී ද ගෝඨාභය තමන්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ නීත්‍යානුකූල නොවන කරුණු සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන්ට පැහැදිලි කළේය.
 
 ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සම්මේලනය 02 වැනි දා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්විණි. එම සමුළුවට සහභාගී වීමට ගිය ගෝඨාභයට වැහැර ක‍්‍රීඩාංගණයේදී පොලිස් නිලධාරීන් පිරිසක් හමුවෙන්නට අවස්ථාව ලැබුණි. පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට විවිධ තරාතිරමේ නිලධාරීන් පිරිසක් මෙහි වූහ.
 
 තමන්ට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් නිලධාරීහු මෙහිදී ගෝඨාභයට කරුණු ඉදිරිපත් කළහ. එම ගැටලූවලට සාවධානව කන්දුන් ගෝඨාභය ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්න, උසස්වීම් ගැටලූ, දීමනා යනාදිය සම්බන්ධයෙන් තමා ඉදිරියේ දී සොයා බලා විශේෂ වැඩපිළිවෙළක් සකසන බවට ප‍්‍රතිඥා දුන්නේය.
 
 කරදර එන එකත් දැන්
 ගෝඨාභයට ශක්තියක්ලූ...

 
poli2පවුලේ පුතුන් තිදෙනාගෙන් මීට මාස කිහිපයක ට පෙර පළමුවෙන්ම විවාහ වූයේ බාල පුත් රෝහිත රාජපක්ෂ ය. අයියලා දෙදෙනෙක් ගෙදර සිටියදී බාල මල්ලි විවාහ වීම ගැන යම් යම් කතාබහ ඇති වුවත්
 
 රෝහිතගේ පේ‍්‍රම කතාව ප‍්‍රසිද්ධ එකක් නිසාත් ඔහු මෙම යුවතිය හා ඇසුරු කළ නිසාත් සමාජයට ඒ පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණෙ නැත. සමහරු බැලූවේ රෝහිත නිදහසේ කල් ගෙවන තරුණයා නිසා නාමල් හා යෝෂිත ට පෙර ඔහු විවාහ වන්නට ඇතැයි කියමිනි.
 
 කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ විවාහ ද පසුගිය මාසයේ සිදුවූයේ ඔහු කලක සිට සැලසුම් කරගත් න්‍යාය පත‍්‍රයකට අනුවය. මෙම අවස්ථාවේදී සමහර අය කතා බහ කරන්නට පටන් ගත්තේ යෝෂිත රාජපක්ෂ ගැනයි.
 
 එයා ඉතින් දැනටමත් වූ විවාහ වෙලා ඉන්නේ.
 
 එයාගේ කසාද ගැන කවර කතාද කියමින්. සමහරු ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට වූහ.
 
 එහෙත් ඒ සියල්ලම මවිතයට පත් කරමින් පසුගිය සතියේ 3 වන බදාදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය ගාලූ මුවදොර හෝටලයේදී සීමිත ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මේ අවස්ථාවට සහභාගී වී සිටියේය. පැමිණ සිටි නෑ - හිත මිතුරන් රටේ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය ගැන කතා බහ කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව ශාලාවට ඇතුල් වී නව යුවළට ආචාර කර විපක්ෂ නායක වරයා සිටින තැනට ගියේය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා, විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන අයද එතැන සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා බහ කරමිනි.
 
 ”සර් ! ගෝඨාභය මහත්තයට නඩු පිට නඩු තියෙද්දිත් කිසි ගානක් නැතුව එදිනෙදා වැඩ වල යෙදිල ඉන්න විදිය ගැන මිනිස්සු කතා කරනව” හෙට්ටිගේ කියද්දී ”ඔය පුරවැසිකම ගැන මතු කරල තියෙන චෝදනාවටත් හැඳුනුම්පත ගැන කියන චෝදනාවටත් කිසිම පදනමක් නෑ. මේ වගේ ඒවාට නඩු දාන මිනිස්සු කරන්නෙ උසාවිය අපහසුතාවට පත් කරන එකනේ. හරිනම් උසාවියේ වටිනා කාලය නාස්ති කිරීම ගැන
 
 මේගොල්ලන්ට විරුද්ධවයි නඩු පවරන්න ඕනේ...
 
 ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම නීතියට එකඟව දැන් ඉවත් වෙලා තියෙන්නෙ. එතකොට ඉතිරි වෙන්නෙ ලංකාවෙ පුරවැසිකම. මෝඩයෝ කීපදෙනෙක් කියනව ඒක එහෙම නෑ කියල. ඒ අය කියන විදියට ගෝඨා ට රටක් නෑ නේ...‘‘. සරත් නන්ද සිල්වා කීවේය....
 
 ඒ කියන්නේ ස්ටේට්ලස් තත්ත්වයක් ” කියමින් අවට සිටි අය සිනහවා වෙන්නට පටන් ගත්තේ එබඳු තත්ත්වයන් ගැන ඔවුන් හොඳාකාරවම දැන සිටි නිසාය.
 
 ”ඔය බොරු නඩු දාන වැඩෙන් ඒ අයට නෙවෙයි වැඩි වාසිය අපිට. මිනිස්සු දන්නව අපේ අපේක්ෂකය ශක්තිමත් නිසා තමයි ඔය වගේ වැඩ කරන්නෙ කියල .”
 
 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියද්දී ”මටත් දැන් මේ කරදර කරන එක ශක්තියක් බවට පත් වෙලා .” ගෝඨාභය මහතා කීවේය .
 
 මේ කතා බහ අවසන් වී සරත් සිල්වා සහ හෙට්ටිගේ එතැනින් ඉවත්ව යන අතරේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සහෝදර ඩඞ්ලි සිරිසේන මුණ ගැසුණි.
 
 ”කොහොමද ඩඞ්ලි දැන් ජනාධිපතිවරණයේදී ගෝඨාට උදවු කරනව නේද? අපි කව්රුත් රට ගැන හිතල වැඩ කරන්න ඕන කාලයක්” සරත් සිල්වා කියද්දී ,
 
 ”ඔව් සර්... මම ඒ වැඩෙත් එක්ක තමයි ඉන්නෙ. නුවරඑළිය පැත්තට ගිහින් වැඩ කරන්න තමයි හිතා ඉන්නෙ.” ඩඞ්ලි සිරිසේන කීවේය .
 
 කසකාරයෝ ඇවිත් ඉවරයි
 ඊළඟට එන්නේ නැට්ටුවෝ...

 
 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස කරලියට පැමිණීමත් සමඟම මෙතෙක් කලක් විසිරී කැඞී බිඳී වෙන් වී තිබුණු එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ යම් පිබිදීමක් හා එකමුතුවක් ඇති වූයේ යැයි කියන කතාව තුළ යම් සත්‍යතාවක් තිබිණි. ඊට හේතුව වූයේ දේශපාලනයෙන් සමුගෙන සිටි හා දේශපාලනයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බොහෝ ඈත් වී සිටි නායකයෝ ගණනාවක්ම පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරී මෙහෙවරට සහභාගී වන්නට පැමිණ සිටීමයි.... ඒ අය අතර සිරිසේන කුරේ හා හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායකගේ භූමිකාව ඉතාමත් ප‍්‍රබල විය.
 
 විශේෂයෙන්ම තිස්ස අත්තනායක පසුගිය කාලයේ ස්වාධීන මතයක් දරමින් දේශපාලනයේ නිරතව සිටින බව පෙන්වන්නට කතා කළත් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටියේ නැත. එහෙත් ඔහු ඒකාබද්ධ විපක්ෂයට හා මහින්ද රාජපක්ෂ පිලට යම් යම් සම්බන්ධකම් ඇති බව පෙන්නුම් කරමින් සිටියේය.
 
 සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂක කම ලැබේ යැයි බොහෝ දෙනකු සිතුවේ නැත. එහෙත් සටන්කාමීව සජිත් වෙනුවෙන් කරලියට බැස සිටි කණ්ඩායම් වල ප‍්‍රබල සටන්කාමීත්වය හේතුවෙන් අවසානයේ දී තම අභිලාෂයන් හා තම සටන අත්හරින්නට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සිදුවිය. අනපේක්ෂිත ජයග‍්‍රහණයත් සමඟම එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වී සිටි බොහෝ නායකයන්ට ලොකු ධෛර්යයක් ලැබිණි.
 
 
 ඔවුන්ව වඩ වඩාත් සංවිධානය වී වහාම හා සජිත් වටා ගොනු වෙන්නට පටන්ගත්තේ ඉන් පසුවයි.
 
 මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡුා ආරම්භ වූ මොහොතේ පටන් දෙගිඩියාවට පත්ව කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට පත් වූ පිරිසක්ද දේශපාලනයේ සිටියහ. මේ බහුතරයක් දෙනා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. පහුගිය කාලයේදී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ඇමැති වරප‍්‍රසාද විඳිමින් රාජ්‍ය බලතල පාවිච්චි කරමින් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන්ට හා නායකයන්ට නොයෙකුත් ආකාරයෙන් පීඩනයක් එල්ල කළ අයද මේ අතර වූහ.
 
 ඒ අතරින් බොහෝ දෙනකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් හෝ සම්බන්ධතාවක් ඇති වනවාට කැමැත්තක් දැක්වූයේ නැත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එම සාකච්ඡුාවලට සහභාගී වී යම් එකඟ එකඟතාවක් ඇති වුණහොත් තමුන් කුමන පියවරක් ගන්නේ ද යන කාරණාව ඔවුන් තුළ තදින් හොල්මන් කරන්නට විය. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් අතර සිටි ප‍්‍රභලයෝ කිහිප කිහිප දෙනෙක් ද පක්ෂ දෙක අතර එකමුතුවක් ඇති වනවාට අකැමැත්තෙන් සිටියහ. පසුගිය කාලයේ පොහොට්ටුව වෙනස් කිරීම් සඳහා කරන ලද යෝජනාවට සහයෝගය දෙමින් එය ෂර්ලොක්ගේ මස් රාත්තල මෙන් ඉදිරියට දමමින් සාකච්ඡුාව කඩාකප්පල් කරන්නට වෙහෙස වූයේ ඔවුන්ය.
 
 මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් කිසිදු හෝ කොන්දේසියක් නොමැතිවව පොදුජන පෙරමුණ හා එක්කාසු වන්නට සැලසුම් කරමින් සිටියහ. දේශපාලන කරලියේ සිටි අදෘශ්‍යමාන හස්ත කීපයක් ක‍්‍රියාත්මක වූයේ මෙම අලකලංචි සියල්ල පසුබිමේය.
 
 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සජිත්ගේ සහයට පැමිණීමත් සමගම ඔහු එහි ප‍්‍රබල භූමිකාවක් රඟ දක්වන්නට පටන් ගත්තේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළත් කලකිරීමෙන් වී පැත්තකට වී සිටින සියලූ බලවේග ඔහු සජිත් වෙනුවෙන් ඒකරාශි කරන්නට පටන් ගත්තේ ඒ අනුවය.
 
 පළමුවෙන්ම ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලකිරීමට පත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිප දෙනෙක් සමග කතාබහ කරන්නට හැකි විය. දෙවනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ පැරණි දේශපාලන පතාක යෝධයන්ට මන්ත‍්‍රණය කරමින් සියලූ කටයුතු සංවිධානය කරන්නට විය. මේ සියල්ලෙහි ප‍්‍රතිඵලය සති අන්තයේ දී දැකගත හැකි බව ඔහු තම දේශපාලන හිතවතුන්ට කියන්නට විය.
 
 පසුගිය සතිය මැද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙක්ම සජිත් පිල හා සාකච්ඡුා කරමින් ඔහුට සහාය දෙන්නට තීරණයක් ගත්හ. ඒ අය අතර නාවින්න, නියොමාල් පෙරේරා, ඒකනායක මෙන්ම මෙරට වාමාංශික දේශපාලනයේ වසර 70 ක ප‍්‍රබලයකු ලෙස සිටි අතාවුද සෙනෙවිරත්න ද වීම විශේෂත්වයක් විය.
 
 මේ පිළිබඳව පහුගිය දිනක කොළඹ වොක්ෂෝල් වීදියේ සජිත් වෙනුවෙන් සූදානම් කළ පක්ෂ කාර්යාලයේ දී ඇතිවූ සාකච්ඡුාවකදී එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේ තාම මේ ඇවිත් ඉන්නේ කසකාරයෝ විතරයි. පෙරහැරේ හොඳ හොඳ නැටුම් ඉන්නේ අන්තිමටයි.කියාය.
 
 කකුල් මාට්ටු දැමීම් හා
 ධාවන තරග ජයගැනීම...

 
 ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් පළමුවරට විභාගයට ගැනුණේ 02 වැනිදාය. මෙම පෙත්සම සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලි කඳවුරේ නීතිඥයන්ගේ තිබුණේ දැඩි විරෝධයකි. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා, ගාමිණී මාරපන, පාලිත කුමාරසිංහ, කුෂාන් ද අල්විස්, අලි සබ්රි ඇතුළු නීතිඥයන් 300ක පමණ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්ව සිටීම සුවිශේෂී කරුණකි. අභියාචනාධිකරණයේ 301 කාමරයේ කැඳවීමට තිබූ නඩුව විශාල නීතිඥ සංඛ්‍යාවක් පෙනී සිටීම නිසා කැඳවූයේ වෙනත් ශාලාවකය.
 
 ඊට අමතරව පෙත්සම විභාගයට ගැනෙන අවස්ථාවේ දී සුසිල්, කෙහෙළිය, අනුර, ප‍්‍රසන්න ඇතුළු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ද එහි ගොස් සිටියහ. විශේෂ සිදුවීම වූයේ නිමල් සිරිපාල ද එම අවස්ථාවට එක්ව සිටීමය. පෙත්සම් විභාගය පසුදිනට කල්තැබුණු පසු මන්ත‍්‍රීවරුන් කතාබහ කරමින් සිටියේ ගෝඨාභය ඉලක්ක කරමින් ආණ්ඩුව ගෙන යනු ලබන කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ ගැනය.
 
 ‘මේක පදනම් විරහිත චෝදනාවක්. රනිල්ගේ පස්සෙන් වැටිලා ඉන්න එන්. ජී. ඕ. කාරයෝ දෙන්නෙක් මේ පෙත්සම ගොනු කරලා තියෙන්නෙම දේශපාලන අරමුණක් මුල් කරගෙන. අවුරුදු පහළොවකට පස්සේ පුරවැසිභාවය හොයන්න මතක් වෙලා තියෙන්නේ ගෝඨාභය මේ මැතිවරණයෙන් දිනන බව තහවුරු වෙලා තියෙන නිසයි’ සුසිල් පැවසීය.
 
 ‘දැන් මේ අය උත්සාහ කරන්නේ කකුල් මාට්ටු දාලා හරි රේස් එකෙන් දිනන්නයි. මේ නඩුව දැම්මත් එක්කම ඒ අය පරාජයත් පිළිඅරන් ඉවරයි. කොච්චර උඩ පැන්නත් සජිත් එනවා සජිත් එනවා කියලා ගෝඨාභය එනවට මේ අය බය බව දැන් ඔප්පු වෙලා තියෙන්නේ’ ප‍්‍රසන්න කීවේය.
 
 ‘ඒක ඇත්ත. ගෝඨාභය මේ රටේ ආරක්ෂක ලේකම් වෙලා වසර තිහක යුද්ධය නිමා කරන කොට කවුරුත් එයාගේ
 
 පුරවැසිකම ගැන ප‍්‍රශ්න කළේ නැහැ. දැන් අවුරුදු ගාණකට පස්සේ එයා ඡුන්දයට එනකොට ඒක මුල්කරගෙන උසාවි යනවා කියන්නේ මේ පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවාය කියන එකයි’ කෙහෙළිය පැවසීය.
 
 ‘අනික් පැත්තට ගත්තොත් දැන් බලන්න අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් කියන එක දැන දැනම මහ බැංකුවේ අධිපති තනතුරට පත් කළා. ඔය එන්. ජී. ඕ. කාක්කෝ එක්කෙනෙක්වත් අද වෙනකම් ඒ ගැන කතා කරලා තියෙනවද? මහ බැංකුව කොල්ල කාලා පැනපු හොරා ගැන කතා නොකරන අය ජනාධිපතිවරණය කිට්ටු වෙද්දි උසාවි ගාණේ රස්තියාදු වෙන්නේ ගෝඨාභයගේ නියත ජයග‍්‍රහණය ගැන දැනගෙනයි’ සුසිල් කීවේය.
 
 ‘ඒක නෙවෙයි වැඬේ. ඊයේ ? මම දැක්කනේ පුදුමාකාර හීනයක්. මේ තරුණ මන්ත‍්‍රී මන්ත‍්‍රිවරයෙක් නිසා සියල්ලෝම ඔහු දෙස හැරී බැලූවේ ඔහු මේ කුමක් කියන්නේ ද කියාය.
 
 
 ‘මං දැක්කා අමුතුම බෝඞ් ටිකක් අතින් ගත්ත කණ්ඩායමක් බෝඞ් වගයක් උස්ස උස්සගෙන පාරේ යනවා...’
 
 ‘ඉතින් ඕක අමුතු දෙයක්ද. පඩි වැඩි කරන්න කියලා පාරේ පෙළපාලි යනවා ඇති. තවත් මන්ත‍්‍රීවරයෙක් කීවේය.
 
 ‘නෑ නෑ. ඒ බෝඞ්වල තිබුණේ අමුතු කතන්දර වගයක්.
 
 ‘මොනවද ඉතිං. නයි නටවනවා. රිලව් නටවනවා. අත බලලා සාස්තර කියනවා. ඔය වගේ දේවල්නේ.
 
 ‘නැහැ. ඒ බෝඞ්වල තිබුණේ ආණ්ඩු කඩනවා... රාජපක්ෂලාට නඩු දමනවා. කඬේ යනවා. පෙත්සම් ගහනවා. වගේ කාරණා ටිකක්.
 
 ‘හරි හරි දැන් අපිට පැහැදිලියි. ඔයා ඔය හීනෙන් දැකලා තියෙන කට්ටිය කවුද කියලා. හෙට අනිද්දා නඩුවෙන් පරාද උනාම ඒගොල්ලන්ට ඔය වගේ අහිකුණ්ඨික වැඩ තමයි කරන්න වෙන්නෙ කියමින් ප‍්‍රසන්න රණතුංග එතනින් පිටව ගියේ එම කථාව කී මන්ත‍්‍රීවරයාගේ පිටට ද තට්ටුවක් දමමිනි.
 
 වාමාංශික ප‍්‍රතිපත්ති අරන්
 අතාවුද එජාපයට ගිය හැටි...

 
 තිස්ස අත්තනායක ඇතුළු කණ්ඩායමක් පසුගිය කාලයේදී පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරය නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරවය. රට ගොඩනැගිය හැකි දේශපාලන නායකත්වයක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ආරම්භ කළ මෙම දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය තිස්සට හිමිව තිබුණත් එහි සභාපතිවරයා වූයේ වාමාංශික නායකයෙක් වන අතාවුද සෙනවිරත්නට ය.
 
 තිස්ස සජිත්ගේ මැතිවරණ මෙහෙයුම සමග සම්බන්ධවීමත් සමග අතාවුද තිස්සට කතා කළේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් ගැන අවධානය යොමු කරමින්ය.
 
 ‘අපිට මේ වෙලාවේදී දේශපාලන තීරණයක් ගන්න වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින් අතරින් හොඳම අපේක්ෂකයාට අපි සහාය ලබාදෙන්න ඕන. මේ රටේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින නායකයාට අපි සහාය ලබාදෙන්න ඕන’ අතාවුද, තිස්ස සමග කීවේය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගමන් මගක සිටින සජිත් සමග එක්වන ලෙස තිස්ස කළ ආරාධනාව අතාවුද පිළිගත්තේය.
 
 ඒ අනුව සජිත්ට සහාය ලබාදීම පිළිබඳ අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට අතාවුද පැමිණියේ මංගල සමරවීර ඇමැතිවරයාගේ නිවසට ය. අතාවුද සමග ඩබ්ලිව්.බී. ඒකනායක හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ද පැමිණියේය. මංගලගේ නිවසට අතාවුද එන විට සජිත් එහි පැමිණ සිටියේය.
 
 ‘අපේ රටට දරුණු පාලකයෙක් අවශ්‍ය නෑ. රටට හොඳ දෙයක් කරන නායකයෙක් වෙනුවෙන් අපි පෙළගැසෙනවා’ අතාවුද කීවේ සජිත්ගේ දෑත් අල්ලාගෙනය.
 
 ‘ඔබතුමා වාමාංශික නායකයෙක්නේ’ එතැන සිටි අයෙක් අතාවුදගේ දේශපාලනය ගැන සිහිපත් කළේය.
 
 ‘මම අදටත් වාමාංශිකයෙක්. මගේ වාමාංශික ප‍්‍රතිපත්ති මම අතහැරලා නෑ. ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන්
 
 හොඳම අපේක්ෂකයා මම තෝරාගෙන තියෙනවා’ අතාවුද කීවේ තමන් සමග දේශපාලන පක්ෂ හතක් හා සිවිල් සංවිධාන දහ නමයක් සජිත්ට සහාය ලබාදීමට එක්වන බව සිහිපත් කරමින්ය.
 
 මේ අතර ජයම්පති වික‍්‍රමරත්නගේ වාමාංශික පෙරමුණේ විධායක සභිකයින් පිරිසක් තිස්ස අත්තනායක හා ඉමිටියාස් බාකීර් මාකර් හමුවූයේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබාදීම ගැන සාකච්ඡුා කිරීමටය.
 
 ‘අපිට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙක් අවශ්‍යයි. ඒ නිසා අපි ඔබතුමාලාගේ අපේක්ෂකයා දිනවීමට වැඩ කරනවා’ විධායක සභිකයින් පිරිස පැවසූහ.
 
 ‘එතකොට ජයම්පතිලා ඉන්නේ කොතැනද’ ඉමිටියාස් ඇසුවේය.
 
 ‘එයාලා කොතැන හිටියත් අපි සජිත් වෙනුවෙන් එනවා’ ඔවුහු පැවසුහ.
 
 අපේක්ෂක සජිත්ට අනුමැතිය
 කථානායක කරුට ස්තුතිය...

 
poli3එක්සත් ජාතික පක්ෂයේ 73 වන සම්මේලනය පසුගිය බ‍්‍රහස්පතින්දා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකවරයා ලෙස සජිත් පේ‍්‍රමදාසගේ නම් සම්මත කර යෝජනා කරගත් මෙම සමුළුවේදී ම පසුගියදා දින 52 ආණ්ඩුව පැවති අවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට නිර්භීතව පෙනී සිටීම පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට ප‍්‍රසාදය පළ කරමින් විශේෂ යෝජනාවක් ද සම්මත වීම විශේෂත්වයකි.
 
 එමෙන්ම, සම්මේලනය ආරම්භවීමට පෙර හා පසුව කථානායකවරයා ඇමතු එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල චරිත ගණනාවක්ම විශාල දෙදරායෑමේ අවදානමකට මුහුණ දී තිබූ පක්ෂය සමගියේ මාවතට ගෙන ඒමට කළ කැපවීම පිළිබඳව ස්තූතිය පළ කළ අතර, ප‍්‍රධාන චරිත කිහිපයක්ම කථානායක නිල නිවසට පැමිණ කිසිදු ප‍්‍රතිලාභයක් අපේක්ෂා නොකර තීරණාත්මක මොහොතේ පක්ෂය බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අගය කළහ.
 
 මේ අතර, ගෙවී ගිය සතියේ (29) දිනට යෙදුනු සිය උපන්දිනය වෙනුවෙන් කථානායකවරයා අනුරාධපුර මහවිලච්චිය කුඩාතම්මැන්නාවේ මාඳුළුවාවේ ශ‍්‍රී සෝභිත හිමි ගම්මානය වෙත ගියේ එහි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද තෑගි බෝග රැසක් රැගෙනය.
 
 යුද සමයේ මායිම් ගම්මානයක් ලෙස නිරන්තරයෙන් ත‍්‍රස්තවාදී තර්ජනයන්ට ලක් වූ වනඅලි උවදුරෙන් හා නියඟයෙන් බැට කෑ අසරණ කුඩාතම්මැන්නාව ගම්වාසීන්ට ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් ගෙන දුන්නේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ය.
 
 උන්වහන්සේ විසින් ගොඩනැංවීම ආරම්භ කළ එම ගම්මානයේ වගකීම ඉන්පසු කරු ජයසූරිය මහතා විසින් උරමතට ගත්තේ නා හිමියන්ට කරන ගෞරව කිරීමක් ලෙසය.
 
 මැතිවරණ කොමිසමෙන්
 රූපවාහිනියට ටොක්කක්...

 
 පසුගිය සතියේ සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රධානියකුගේ අත්සනින් ජාතික රූපවාහිනිය වෙත විශේෂ ඉල්ලීමක් සහිත ලියුමක් ලැබී තිබිණි.
 
 සංස්ථාවේ සභාපතිවරයාට යොමු කර තිබූ මෙම ලියුමෙන් ඉල්ලා තිබුණේ ඔක්තෝබර් 03 බ‍්‍රහස්පතින්දා උදේ වරුවේ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව සඳහා සජීවී රූපවාහිනි විකාශයක් ලබා දෙන ලෙසය. ඒ සඳහා අදාළ ගෙවීම් විකාශයට පෙර ඉතා ඉක්මනින් කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබිණි.
 
 ඒ අනුව එම විකාශය ජාතික රූපවාහිනී බලධාරීන් විසින් උදේ 10.45 සිට පවත්වා ගෙන යන්නට ඉල්ලීම අනුමත කර තිබිණි. එදින උදේ වෙනත් රූපවාහිනී නාළිකාවක් විසින් නිල වශයෙන් පවත්වාගෙන
 
 ගිය රූපවාහිනී විකාශය ජාතික රූපවාහිනිය විසින් ද එම මොහොතේම විකාශනය කිරීම ආරම්භ කරන ලද්දේ ඒ අනුවය.
 
 මෙම අවස්ථාවේ විමතියට පත් රූපවාහිනී සේවකයෝ මෙම සිදුවීම් සම්බන්ධයෙන් සොයන්නට බලන්නට පටන් ගත්හ. පළමුවෙන්ම ඔවුන් සොයනු ලැබුවේ රූපවාහිනිය සඳහා මෙම විකාශනයට පොරොන්දු වූ පරිදි අදාළ මිල මුදල් ගෙවා ඇත්ද, ඒ කොපමණ මුදලක් ද යන කාරණා පිළිබඳවය. මුදල් ගෙවා ප‍්‍රචාරණය කරන ලදී කියා එහි සඳහන්ව තිබුණත් ඒ මොහොත වන විටත් කිසිදු මුදලක් ගෙවා නැති බව රූපවාහිනී සේවකයෝ සොයා ගනු ලැබූහ. මේ වන විට මැතිවරණ ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය මාධ්‍ය සඳහා මාධ්‍ය හසුරුවන ආකාරය ගැන එක්තරා නීතිමය ක‍්‍රමවේදයක් ද ආයතනය වෙත එවා තිබූ අතර මෙම විකාශය ආරම්භ කර තිබුණේ එම ක‍්‍රමවේදයට පිටින් ගොස් නිලධාරීන් බලය යොදවා බව සේවකයෝ සොයාගත්හ.
 
 සේවක පිරිස අනතුරුව කළේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසම වෙත මෙම නීතිවිරෝධී විකාශනය ගැන පැමිණිලි කිරීම ය. රූපවාහිනියේ ඉල්ලූම වැඩිම විශේෂ උදා විකාශනයක් වන ‘‘නුගසෙවන‘‘ සඳහා වෙන්වූ කාලයෙන් පැය 3ක් මෙම විකාශය සඳහා බලධාරීන් අනුමත කර තිබුණේ රුපියල් 2,36000 වැනි අඩු මුදලකට ද බව ද සේවකයෝ සොයා ගත්හ.
 
 මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක‍්‍රියාත්මක පරිදි සමන් සී. රත්නායක නම් අධ්‍යක්ෂ ජනරාල්වරයා රූපවාහිනියට පැමිණියේය.
 
 ඒ මොහොතේ කරමින් තිබෙන රූපවාහිනී විකාශය මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන බව කියමින් වහාම විකාශනය අත්හිටුවන්නැයි එම නිලධාරියා රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්නට දන්වා සිටියේය.
 
 සාරංග විජේරත්න මෙහෙයුම් මැදිරියට දුරකතනයෙන් කතා කොට එම විකාශය අත්හිටුවන්නැයි නියෝග කළත් එවැනි නියෝග පිළිපදින්නට මෙහෙයුම් මැදිරියයේ සිටි සේවකයන් පිරිස් එකඟ වූයේ නැත. ඊට හේතුව රූපවාහිනියේ ඉහළම බලධාරිනියක් ඒ වනවිට රූපවාහිනී මෙහෙයුම් මැදිරියට කථාකොට මොන බලවේග ආවත් මෙම විකාශය අත්හිටුවන්නට දෙන්න එපා යැයි කියමින් ඔවුන්ට කරන ලද බලපෑමක් බව පසුව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා විය.
 
 අවසානයේ බලය පාවිච්චි කරමින් එම විකාශය අත්හිටු වන්නට රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මෙහෙයුම් මැදිරිය වෙත පවා යන්නට සිදුවිය.
 
 මෙම සිදුවීමෙන් පසුව මැතිවරණ කොමිසම් නිලධාරියාට රූපවාහිනී බලධාරීන් වෙත නීති රීති පිළිපැදීම් ගැන තදින් අවවාද කරන්නට ද සිදුවිය. එම නීතිරීති පිළිපදින්නේ නැත්නම් මැතිවරණයේ ප‍්‍රතිඵල විකාශනය ජාතික රූපවාහිනිය සඳහා තහනම් කරන බව ද ඔහු නිවේදනය කළේය. එපමණක් නොව. විකාශන කාලය සඳහා රූපවාහිනිය වෙත ගෙවිය යුතු මුදල් අදාළ පක්ෂයේ බලධාරීන් විසින් ගෙනැවිත් රූපවාහිනී අයකැමි වෙත භාර දෙන තුරුම මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයේ රැඳී සිට සියල්ල නිරීක්ෂණය කිරීම ද විශේෂත්වයක් විය.
 
 සජිත්ගේ පැමිණීමත් ගෝඨාභය රාජපක්ෂගේ නඩුවත් එකිනෙකට වෙනස් දේශපාලන සංසිද්ධීන් දෙකක් ලෙස සමාජයේ පසුගිය සතියේ දැඩි කතාබහට ලක්ව තිබිණි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ළඟ සිටිමින් ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරමින් සිටි පුද්ගලයකු වූ නීතිඥ ශිරාල් ලක්තිලක හිටිහැටියේම පසුගිය සතියේ සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කිරීම සඳහා එකතුවීම ගැන ද පසුගිය සතියේ නොයෙක් කතා ඇති විය.
 
 ශිරාල් එසේ එකතු වීමත් සමඟම ජනාධිපතිවරයා කුමක් කරනු ඇත්දැයි කියා බොහෝ දෙනෙක් විමසන්නට වූහ. ශිරාල් ලක්තිලකගේ හිතවතුන් ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් ලෙස පළාත් සභාවලට පත් කරන ලද ආණ්ඩුකාරවරුන් ගැන ද මේ අවස්ථාවේ කථා පැතිර ගියේය.
 
 ශිරාල්ගේ හිතවතුන් වන මෛත‍්‍රී සජිත් සහය පළ කිරීම් සඳහා කැමැත්ත පළකර ඇතැයි කතා පැතිරෙන්නට විය. සමහරු පෙන්නුම් කළේ මෙම අවස්ථාවේ දී එබඳු කථා පතුරවන්නට යම් යම් තීරණාත්මක දේශපාලන කල්ලි විසින් වෙන වෙනම කණ්ඩායම් ද සූදානම් කර ඇති බවකි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා සවස් වන විට මේ සියලූ සිද්ධීන් නිසා දේශපාලන කරළිය හොඳටම උණුසුම් ව තිබිණි. දුරකථන ඇමතුම්වලින් පවා දූෂමාන ආරංචි ද පැතිරෙන්නට පටන් ගත්තේය. 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles