Divaina - සිකුරු තුලාවේ රජවෙයි... මාසකට ආසන්න ඉදිරි කාලසීමාව රටතුළ ධාන්‍ය සම්පත් බහුලවෙයි... නළු නිළියන් හා ස්ත‍්‍රීන්ට ඉතාම සුබදායකය... ප්‍රේම සම්බන්ධතා බහුලවේ!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

ලග්න නමයකට සුබම සුබයි....

na3 1අප සෞරග‍්‍රහ මණ්ඩලයේ නව ග‍්‍රහයින් අතරින් ග‍්‍රහ ලොව සුරතලිය, නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන සකලකලා වල්ලභ ගුරු පුත් ශුක‍්‍ර නොහොත් සිකුරු ග‍්‍රහයා තවත් ග‍්‍රහ ගමනකට එළඹෙනු ඇත. ඒ අනුව ක‍්‍රි. ව. 2019 ඔක්තෝබර් 04 වන සිකුරාදා දින හරියටම උදේ 05.14 ට බුධ හිමි කන්‍යා රාශියේ නීච ව සිට සිය මූලත‍්‍රීකෝණ වාසභවන වන සිකුරුටම අයත් තුලා රාශියට ශුක‍්‍ර පිවිසෙනු ඇත.
 
 සිකුරු යනු නව ග‍්‍රහයින් අතරින් ගුරුට පසු ව සිටින සුබම සුබ ස්ත‍්‍රී කාරක ග‍්‍රහයාය. එසේම සිකුරුගේම රාශියක් වන තුලාව යනු සිකුරාගේ නිවහනයි. ඒ අනුව තුලාවේ ස්වක්ෂේත‍්‍ර වන සිකුරුගේ ග‍්‍රහ ගෝචරයට අනුව මෙම කාලසීමාව තුල ලග්න 12 අතරින් මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා තුලා, ධනු, මකර, කුම්භ යන ලග්නවලට අති ප‍්‍රබල සුබ ප‍්‍රතිඵල උදා වනු ඇත.
 
 මෙම ග‍්‍රහ මාරුව හේතුකොට ගෙන මාසකට ආසන්න ඉදිරි කාල සීමාව තුළ රට තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර, ගං වතුර හා කාලගුණ වෙනස්කම් ද බහුල වනු ඇත. විශේෂයෙන් නළු නිළියන් හා ස්ත‍්‍රීන්ට මෙම කාල සීමාව ඉතාම සුබදායකය. එසේම තරුණ තරුණියන් අතර පේ‍්‍රම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශි‍්‍රත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග‍්‍රහ මාරුව ආශි‍්‍රත කාලය ඉතාම සුබදායක වනු ඇත.
 
 පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු තුලාවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප‍්‍රතිඵල උදා වනු ඇතx
 
 මේෂ -
 
 ඔබට මෙම සිකුරු මාරුව සමග සිකුරු මාලවි යෝගය උදා කරමින් ඔබගේ ජන්ම පතේ 7 වැන්නට පිවිසෙනු ඇතx ඒ අනුව ඔබට විවාහ වාසනා උදා වනු ඇතx අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකිx එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇතx පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායක වනු ඇතx
 
 වෘෂභ -
 
 මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට අසුභ වෙයි.
 
 මිථුන -
 
 ඔබගේ ජන්ම පතේ 5 වැන්නට සිකුරු පිවිසීමත් සමගින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇතx පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
 
 කටක -
 
 ඔබගේ ජන්ම පතේ 4 වැන්නට සිකුරු පිවිසීමත් සමගින් ඔබට මාලවි යෝගය උදාවීමත් සමගින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමි වනු ඇතx මෙම කාල සීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇතx පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
 
 පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.
 
 සිංහ -
 
 ලග්නයෙන් 3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාල සීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප‍්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇතx විවාහ ජීවීතයේ පැවති කරදර හා බාධා මෙම කාල සීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට ට අපලතාවක පෙනේ.
 
 කන්‍යා -
 
 සිකුරු ඔබේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකිx මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට ට අපලතාවක් පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
 
 තුලා -
 
 ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට ද හැකියාව ඇත. මුත‍්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත.
 
 වෘශ්චික -
 
 හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාර ද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
 
 ධනු -
 
 ඔබගේ 11 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇතx ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.
 
 මකර -
 
 සිකුරු 10 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැුකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැුකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියාවල නිරතවන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.
 
 කුම්භ -
 
 9 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇතx රැුකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහල යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමි වනු ඇතx
 
 මීන-
 
 එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල් වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇතිවිය හැකියි.
 
 සැ. යු.
 
 ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
 
 ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,
 බණ්ඩාරගම  සම්පත් එස්. කල්පගේ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles