Divaina - විකෘති බන දේසනා කරන අර්හත් උපාසක... සංවාදයට එන අයත් බුදු දහම විකෘති කරනවා.... සංවාදයට විවෘතයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

02
 
 වාරියපොළ ධම්ම ගවේශී හිමි
 
vba ජෛන දහමේ ගස් - ගල් වන්දනාව අපට ස්ථාපිත කොට එය බුදුන් වහන්සේගේ දේශනා ලෙස කීම තර්කානු කූල ද?
 
 දිට්ඨිවලට අනුගත නොවී සමබරව සිතන්න. ඉන්දියාවේ බුද්ධාගම ලෙස පවතින්නේ ‘‘අම්බෙක්කාර් මහතා’’ ස්ථාපිත කළ නාග්්පූර් වල බුද්ධාගමත් අපේ ස්වාමින් වහන්සේ බුදුන්ගේ ස්ථාන යැයි හඳුනාගත් තැන්වල පවතින නවාතැන් පොළවල් හැරෙන්නට ඉන්දියාවේ කිසිදු තැනක ථෙරවාදී බෞද්ධ පන්සලක් තිබේ ද?
 
 ලංකාවේ බැලූ බැලූ අත පන්සල්, සමාජයේ මිනිසුන්ගේ තිබෙන බෞද්ධ හැඟීමත්ය. පස් මහ බැලූම් බලා උපන් බුදුන් වහන්සේට දහම ස්ථාපිත නොවන එදත් අදත් අපිරිසිදු භූමියක උපත ලබයි ද?
 
 බුදුන් වහන්සේ ලංකාවේ ද ඉන්දියාවේ ද එංගලන්තයේ ද යන්න සෙවීමට වඩා කළ යුත්තේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීමයත සිසිර පෙරේරා මහතා දක්වන්නා සේ කස්සප හිමියන් ඇතුළු විභජ්ජ්වාදීන් ට සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුව නම් මඩ වගුරට ගොස් ද‘ගලන භික්‍ෂූන් නොපෙනේ. රන්ජන් රාමනායක නම් පාර්ලිමේන්තුවේ සිටින එකම දුප්පතුන්ගේ ජනතා නියෝජිතයා හෙළි කරන ¥ෂිත භික්‍ෂූන් ආරක්‍ෂා කිරීමටත් රන්ජන් රාමනායකව විවේචනය කිරීමටත් විභජ්ජවාදී භික්‍ෂූන් වහන්සේ ඇතුළු බහුතර භික්‍ෂූන් වහන්සේ පෙළඹෙයි. නමුත් රන්ජන් රාමනායක පෙන්වා දෙන දහම විකෘති කරන භික්‍ෂූන් ගෙන් බුදු දහම බේරා ගැනීමට විභජ්ජවාදීන්ගේ අවධානය යොමු නොවේ. මැණික් ව්‍යාපාරවල නියැළෙන, සංචාරක ව්‍යාපාරයේ නියැළෙන, තිරස්චිත විද්‍යාවල නියෙළෙමින් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන භික්‍ෂූන් ආරක්‍ෂා කරමින් පවතින හින්දු බුද්ධාගම පෙන්වා දෙන එඩිතර භික්‍ෂූන් ‘‘චීවරධාරීන්’’ ලෙස හංවඩු ගසන මෙම විභජ්ජවාදී කණ්ඩායමේ මූලික අරමුණ වී ඇති බව විමසුම් ඇසින් බලන විට පැහැදිලි වෙයි.
 
 කස්සප හිමියන් ඇතුළු විභජ්ජවාදීන් බුදු දහම ලෙස දකින්නේ කුමක් ද?
 
 සාර අසංක කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ බුදුන් වහන්සේ දේශනා කළේ ‘‘ශුන්‍යතාවය නම් වූ මහා විද්‍යාවයි’’
 
 නමුත් කස්සප හිමියන් ඇතුළු විභජ්ජවාදීන් බුදු දහම ලෙස ආරක්‍ෂා කිරීමට උත්සාහ කරන්නේ පහත සඳහන් හින්දු මතවාද නොවන්නේ ද?
 
 (1* මරණින් පසුව මිනිය විකුණාගෙන කන සංස්කෘතිය
 
 (2* ගසක කොළයක් කැඞීම පාපයක් ලෙස දැක්වූ බුදුන් වහන්සේ ගේ අනුගාමිකයන් මල් ලක්‍ෂ ගණනින් කඩා විනාශ කිරීම
 
 (3* ගස්ගල් වන්දනාව ප‍්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේගේ විද්‍යාත්මක දහම වෙනුවට නැවතත් ගස් ගල් වන්දනාව හුරු කිරීම
 
 (4* හෑගොඩ විපස්සී හිමියන් වැනි එඩිතර හිමිවරු නිර්දය ලෙස විවේචනය කරන එම ස්වාමින් වහන්සේ ගේ ම අන්තර් ජාලයේ සඳහන් ලිපියට චෛත්‍ය වටා හැට්ට ඇන්ද වීම
 
 (5* දුප්පත් මිනිසුන් පන්සල් වටේ කුසගින්නේ සිටිය දී සිය ගණනින් කිරි ආහාර පූජාකොටවලට දැමීම
 
 (6* අර්ථයක් නැති හ‘ඩක් නැති ‘‘පිරිත් සජ්ඣායනා’’ පැවැත්වීම
 
 (7* නිවන හෙවත් නිරෝධය වෙනුවට හින්දු දහමේ තිබෙන ධ්‍යාන භාවනා ඉගැන්වීම. බුදුන් වහන්සේ කිසිතැනක සඳහන් නොකළ භක්ති ගීත, වෙසක් කූඩූ, තොරණ, දන්සැල්, පෙරහැර බෞද්ධයන්ට හුරු පුරුදු කිරීම
 
 (8* පන්සල් තුළ භාවනා කිරීමේ නිසංසල පරිසරය වෙනුවට ටියුෂන් කඩ සහ රූපලාවන්‍යය පාඨමාලා වැනි දෑ පන්සල් වල ස්ථාපිත කිරීම
 
 (9* තුන් සිවුරත් පාත‍්‍රයත් ගත් භික්‍ෂූව වෙනුවට සත් මහල් ප‍්‍රසාද වල ඉන්ටර්කූලර් භාවිත කරන ආගමික ප‍්‍රභූවරු බිහි කිරීම.
 
 (10* මගඵල ලැබීම ගැන කථා කරන භික්‍ෂුව චීවරධාරීන් ලෙස හැඳින්වීමටත් දිව්‍යලෝක ගැන කථා කරන භික්‍ෂුව සද්ධර්ම දේශකයන් ලෙස හඳුන්වා දීමටත් පෙළඹීම.
 
 බුදු දහම යනු ශුන්‍යතාවය නම් නිවන කියා දීමයි. මෙය මරණයට මොහොතකට හෝ පෙර කළ යුතුය. නමුත් මරණයෙන් පසුව මිනියට කරන සත්කාර ආගමික වැඩ පිළිවෙළයි. එම නිසා අද තිබෙන්නේ බුද්ධ ධර්මය නොව බුද්ධාගමයි.
 
 ආගමක් සහ දහම අතර විශාල වෙනසක් තිබේ. ආගමක් යනු ලෞකික වශයෙන් මිනිසාගේ කායික මානසික සිත් වේදනා පීඩාව දුක නැති කරගෙන ඊළඟ ආත්මය සුගතිගත කිරීමේ වැඩ පිළිවෙළකි. මෙහිදී භෞතික සංකේත පදනම් කරගෙන එනම් වෘක්ෂ, ගල්පර්වත, ප‍්‍රතිමා වලට වැඳුම් පිදුම් කරමින් එම වස්තූන් අභියස සිට යැදුම් - පැතුම් කරන ක‍්‍රම වේදයකි.
 
 නමුත් ධර්මයක් යනු විද්‍යාත්මක වූ විමුක්තිය හෙවත් මරණයෙන් පසු නැවත ඉපදීමක් නැති කරන ක‍්‍රම වේදයයි. බුදුන් වහන්සේ අවධාරණය කළේ එවැනි වූ විමුක්ති මාර්ගයකි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට එම සමාජයේ අද සමාජයේ අප මෙන්ම ගස්ගල් වන්දනා කරමින් දිව්‍යලෝක ප‍්‍රාර්ථනා කරමින් ආගමික වහලූන් බවට පත් වී සිටි අතර එම ආගමික වහල්් භාවයෙන් මුදා ‘‘උත්තරීතර වූ මනුස්ස ආත්මයක් ලබාගත හැකි නිවන නම් වූ මරණින් පසු නැවත නො ඉපදීමේ විද්‍යාත්මක ක‍්‍රමය අවබෝධ කොට අන් අයට එය අවබෝධ කර දෙනු ලැබීමයි.’’
 
 නමුත් කාලයත් සමග නැවත එම විමුක්ති මාර්ගය වෙනුවට මරණයෙන් පසු සුගතියක උප්පත්තිය කරා යන ආගමික වැඩ පිළිවෙළට නතු වී වර්තමානය වන විට මේ ආත්මයේ නිවන් දැකිය නොහැකි යැයි මතවාදයක් ස්ථාපිත වී මෛත‍්‍රී බුද්ධ ශාසනයේ නිවන ප‍්‍රාර්ථනා කරන යාචකයින් බවට පත් වී ඇත.
 
 බුදුන් වහන්සේ දක්වා තිබූ නිවන් මඟ වෙනුවට බුදුන්ගේ උපන් භූමිය, බුදුන් වහන්සේගේ පෙර ආත්මවල ජීවිත කතා, (ජාතක කථා* බුදුන් වහන්සේගේ ධාතු වහන්සේගේ ස්ථාපිත තැන්, එම ධාතුන් වහන්සේට වන්දනාව, බුද්ධත්වයට පිටදුන් බෝධිය පමණක් නොව ලොව පුරා ඇති එම වර්ගයේ වෘක්‍ෂ වන්දනාව, මරණයට පත් වූ අය දුගතියෙන් ගළවා ගැනීමේ මහා පින්කම් නම් වූ අපායෙන් මිදී දිව්‍යලෝකයට යෑමට අවශ්‍ය කරන අවිද්‍යා සහගත පින්කම් කරමින් අනිකුත් ආගමික අනුගාමිකයින්ට වඩා ප‍්‍රාථමික වත්පිළිවත් ගණනාවක නිරත වෙමින් සිටියි.
 
 කුමාර කස්සප හිමියන් වැනි ත‍්‍රිපිටකය බුද්ධ භාෂිතයක් යැයි සියයට සියයක්ම පිළිගන්නා ශාස්ත‍්‍රීය දැනුමක් ඇති ගිහි - පැවිදි පින්වතුන් එම ත‍්‍රිපිටකයට සත්‍ය යැයි විශ්වාස කරමින් එයට එරෙහි වන්නන්ට මිත්‍යා දිට්ඨිකයින් ලෙස හඳුන්වන්නේ කාලාම සූත‍්‍රයේ බුදුන් වහන්සේ
 
 ‘‘මා පිටක සම්පදානේන’’ ලෙස ත‍්‍රිපිකටයේ තිබූ පමණින් පිළි නොගන්නා ලෙස දැක් වූ අවවාදයට අනුගත නොවීමෙන්ය.
 
 එමෙන්ම සිසිර පෙරේරා වැනි උගතුන් ද ඇතැම් ගිහි පැවිදි පින්වතුන් ද තමන් මඟඵල ලාභීන් ලෙස කියමින් අභිඤ්ඤා හැකියාවන් සහ පද නිරුක්ති දෙන විට ඒවාට රැුවටී මිනිසා මඟඵල ලාභීන් ලෙස තර්කයෙන් තොරව ගමන් කරමින් ඔවුන්ගේ මත කටපාඩමින් අන් අයට කියාදෙන කණ්ඩායම් කිහිපයක්ම අද සමාජයේ සිටිය හැක.
 
 අමුනුෂ්‍ය බලපෑම මත ඇතැම් ගිහි පැවිදි පින්වතුන් තමන් මඟඵල ලබා ඇති බව දක්වමින් ජනතාවගේ කායික මානසික ලෙඩ දුක් සුව කරමින් අද්භූත ක‍්‍රියා කාරකම් සිදු කරන විට ඔවුන් පසු පස මඟඵල ලාභීන් යැයි සිතමින් ගමන් කරයි.
 
 බුද්ධ දේශනාවේ කිසි තැනක ගිහි අය අරහතුන් වහන්සේ ලෙස සඳහන් නොවන අතර දඹුල්ල ප‍්‍රදේශයේ වෛද්‍යවරයකු තමන් ‘‘අර්හත් උපාසක’’ යන නාමයෙන් ජනතාවට බණ දේශනා කරන අවස්ථා අන්තර්ජාලය තුළ අප දැක ඇත්තෙමු.
 
 කුමාර කස්සප හිමියන් ඇතුළු විභජ්ජවාදීන් දහම රැුක ගත යුත්තේ ‘‘ත‍්‍රිපිටකයේ වැරදි පෙන්වා දෙන විද්වතුන් ගෙන් නොව ත‍්‍රිපිටකය බුද්ධ භාෂිතයක්ම යැයි විස්තර කරමින් මේ ආත්මයේ දැකීමට තිබූ නිවන මෛත‍්‍රී බුද්ධ ශාසනයට කල් දමන බුද්ධ පුත‍්‍රයන් යැයි රඟ දක්වන ජනතාවට මිත්‍යාදිට්ඨික පුද පූජා හුරු කරන’’ චීවර දාරී මුදලාලිලා ගෙන්ය.
 
 අපි ඉතිහාසය පිළිගන්නේ ඉන්දීය ජාතිකයකු වූ මහනාම හිමියන් විසින් ගොතනු ලැබූ මහාවංශය නම් ඉන්දියානු සාහිත්‍යයකරුවකුගේ සාහිත්‍ය රස කථා වලින්ය. රාවණා නම් වූ අපේ මහා හෙළයාගෙන් පැවැති ආ අපගේ ඉතිහාසය විකෘති කොට සිංහයෙක් හා සංවාසය කොට මනුෂ්‍ය පැටවකු බිහි කළා යැයි විශ්වාස කිරීමට තරම් මුග්ධ වූ ආචාර්යය මහා චාර්යය පරම්පරාවලට ආවඩන විභජ්ජවාදී පරපුර බුදුන් ලංකාවේ යැයි විශ්වාස කිරීමට මැලි වන්නේ පරගැති භාවය නිසාමය.
 
 බුදුන්වහන්සේ ලංකාවේ නම් අප මොනතරම් ආඩම්බර විය යුතු ද? නමුත් පිරිසක් බුදුන් ලංකාවේ යැයි කියන විට එය විශ්වාස කිරීමට මැලිවන පිරිස් ‘‘මහාවංශයේ තිබෙන සිංහයකු සහ කාන්තා සංවාසයේ දි මනුෂ්‍ය දරුවන් බිහි කළ බව’’ විශ්වාස කරනු ලැබේ.
 
 එම බුදුන් වහන්සේ ‘‘ආණි සූත‍්‍රයේ’’ දේශනා කළ පරිදි අද වන විට ශුන්‍යතා දහම විනාශ වී සාහිත්‍යයට සහ කවියට  ගොඩනැඟුන බුද්ධාගමක් ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles