Divaina - යළිත් මෛත‍්‍රී යුගයකට ඇදෙන ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගමන්මඟ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


mithree
 

ටී. චන්ද්‍රසේකර


ජනාධිපතිවරණය පිළිබඳ දේශපාලන අවකාශය වැඩිවෙමින් පවතින මොහොතක 1981 අංක 15 දරන ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ පනතට අනුව මීළඟ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීම අදින් පසු දිනෙක සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන මොහොතක දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් පවතී. මෙහි ඉහළම ගැටුම හටගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තුළය. එම ගින්න ඇවිලී මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇතත් එය සමථයට පත්වන බවක් පෙනෙන්නට නැත. තවත් පැත්තකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා පවත්වමින් සිටියි. එම සාකච්ඡාවලින්ද මෙතෙක් අවසන් තීරණයක් දැකිය නොහැකිව පවතී.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනෙන්නේ එම පක්ෂයේ 68 වන සංවත්සරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයත් සමඟය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව 2020 පත්වන ජනාධිපතිවරයාට වඩා වැඩි බලයක් හිමිවන්නේ අගමැතිවරයාට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ ජනාධිපතිවරයා පත්කිරීමට වඩා මීළඟ අගමැතිවරයා පත්කිරීම වෙනුවෙන් කැපවිය යුතු බව කියා සිටියේය. එම ප‍්‍රකාශයට අනුව මෙවර ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වන්නේද නැද්ද යන ප‍්‍රශ්නය ජනතාව තුළ ඇති කරන්නට විය. ඒ ප‍්‍රශ්නයට ද ජනාධිපතිවරයා යම් පිළිතුරක් එක් කළේ මෙසේය.

”තමුන්නාන්සේලා වගේම හුඟ දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා? කාටද සහයෝගය දෙන්නේ කියලා. මෙහෙම ප‍්‍රශ්න වැලක් අහනවා. ඒ ප‍්‍රශ්නවලට මම එක උත්තරයක් දෙන්නම් අපේ ප‍්‍රතිපත්ති තුළ අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපි.”

මේ පිළිතුර තුළින් දහසකුත් දේ කියවී ඇත. කියැවී නැත්තේ කාටවත් සහාය දෙන්නේද නැද්ද යන්න සෘජුව ප‍්‍රකාශ කිරීම පමණි. එහෙත් ඒ ප‍්‍රශ්නයටද පිළිතුර ජනාධිපතිවරයාගේ කතාවේම ගැබ්වී ඇත. අපේ ප‍්‍රතිපත්ති තුළ අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපි. එසේ නම් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තිය කුමක්ද? දර්ශනය කුමක්ද? ඒ දර්ශනය හා ප‍්‍රතිපත්තිය තුළ කවරෙකු හෝ රැඳී සිටින්නේද එසේ රැඳී සිටින්නෙකුට මිස කිසිවෙකුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබන්නට සමත් වන්නේ නැත. 1951 දී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ප‍්‍රතිපත්ති රැක්කේද එසේ නම් ඒ කාගේ පාලන සමයක් තුළද? ඒ පිළිබඳ කොතෙක් විවේචන තිබුණ ද 2015 න් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහි ප‍්‍රතිපත්ති හා දර්ශනය මතම කටයුතු කළ බව සැබෑය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පාලනය තුළ රජයේ තුවක්කුවක් කිසිදු අවස්ථාවක සාමාන්‍ය වැසියෙකු දෙසට ක‍්‍රියාත්මක වූයේ නැත. පාතාලය ළංකර ගත්තේ නැත. පාලනයට පාතාලයේ සහාය ලබාගත්තේද නැත. මත් කුඩු තුරන් කරමින් මතින් තොර දේශයක් වෙනුවෙන් උපරිම වශයෙන් කටයුතු කළේය. කිසිවෙකු පසුපස සුදු වෑන් යැව්වේ නැත. රටේ ආහාර නිෂ්පාදනය සීමා කර පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට කටයුතු කළේ නැත. රටේ සදාචාරයට සභ්‍යත්වයට හානියක් වන්නට ඉඩදුන්නේ නැත. අල්ලසට, ¥ෂණයට හොරකමට ඉඩ දුන්නේ නැත. තම පරපුර දේශපාලනයට ගෙනෙන්නට සැලසුම් හැදුවේ නැත. එවැනි වැරදි ක‍්‍රියාවල නිරතව සිටි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට එරෙහිව ගතයුතු පියවර ගැනීමට කිසිදු අවස්ථාවක පසුබට වූයේ නැත. එය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තිය විය.

ජනාධිපතිවරයා එම ප‍්‍රතිපත්තිය හා දර්ශනය මත රැඳී සිටිමින් එදා ජනාධිපතිවරයා වටා කේන්ද්‍ර වී තිබුණු ජනතාව පීඩාවට පත්කරන්නට හේතු වූ අසීමිත බලය විමධ්‍යගත කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනයෑමත්, ඒ තුළින් එතෙක් මෙරට පිළිබඳ ජාත්‍යන්තරය තුළ පැවැති වැරදි මතය වෙනස් කරන්නටද සමත් විය. රටට උදාකර දුන් ඒ සුවිශේෂි මතවාදය වෙනස් කරමින් යළිත් මේ දේශය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දකින්නටවත් නැති යුගයක් කරා ගෙනයාවි යන සැකය ඇතිකරවන පුද්ගලයකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙක එකඟ නොවනු ඇත. එවන් පසුබිමක් තුළ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කුමක් වනු ඇත්ද?

මෙවන් ප‍්‍රතිපත්තියක් සහිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඉල්ලා සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කොන්දේසි ගණනාවක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තාවිය. මේ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා වට 15 ක් පමණ පැවතියද දෙපාර්ශ්වයට එකඟතාවට පැමිණීමට නොහැකි වී ඇත. මේ ගැන ජනතාව තුළ තවත් සැකයක් මතුව ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඞී ගිය පිරිසක් විසින් ගොඩනගාගත් පක්ෂයක් වුවද ඔවුනට ශ‍්‍රීලනිප සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වන්නේ ඔවුන් ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තියෙන්ද ඉවත්ව සිටින නිසාදැයි ජනතාව ප‍්‍රශ්න කරති.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන දරුණු ගැටුම නිමාවට පත් කිරීමේ අරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමැති සජිත් පේ‍්‍රමදාස අතර අවසන් වරට පැවැති සාකච්ඡාවද අසාර්ථක වී ඇත්තේ දෙදෙනාම මස් රාත්තලම ඉල්ලන නිසාය. එහෙත් සාකච්ඡාව අවසානයේ සජිත් පේ‍්‍රමදාස මහතා මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශය මත පදනම්ව එකක් සිතාගත හැකිය. ඔහුට තියුණු සටනක් මෙහෙයවීමේ ශක්තියක් නැති බවය. ප‍්‍රශ්නවලට සෘජුව මුහුණ දිය නොහැකි, ඒ ප‍්‍රශ්නවලින් ලිස්සා යන අයෙකුට නායකත්වය ලබාදෙන්න, පෙරමුණ ගන්නා පිරිසගේ අනාගතය පිළිබඳවද මෙහිදී ප‍්‍රශ්නයක් මතුවන්නේ සෘජු ප‍්‍රතිපත්තියක් නැතිකම නිසාය. එදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැතිකම භාරගන්නැයි අවස්ථා කිහිපයකදීම කරන ලද ආරාධනාව මග හැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට අද ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ ගැටලූවට මුහුණ දෙන්නට සිදුව ඇත.

මෙවන් පසුබිමක් තුළ ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන්ම තරග කරන බව රනිල් වික‍්‍රමසිංහ පුනපුනා පවසයි. ඔහු අවසන් වරට සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නොහැකි වූ නිසා එය අහෝසි කිරීම සඳහා තමන්ට තවත් එක් අවස්ථාවක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ යනු කවුරුද යන්න ජනතාවට අලූතින් කිවයුතු නැත. කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නා ප‍්‍රතිපත්තියක් ඇති ඔහු කරන්නට හදන්නේ කුමක්ද කියා අලූතින් කිවයුතු නොවේය.

රනිල් වික‍්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාස අතර පැවැති සාකච්ඡාවේ දී ජනාධිපති ධුර අපේක්ෂක ලෙස තමන්ට තරග කිරීමට අවශ්‍ය බව සජිත් පැවසුවත් රනිල් පවසා ඇත්තේ එා සඳහා දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සහාය ලබාගෙන පැමිණෙන ලෙසය. එසේ කී රනිල් ඊට ප‍්‍රථම එම පක්ෂවල නායකයන්ට කියා ඇත්තේ සජිත් පේ‍්‍රමදාසව ප‍්‍රතික්ෂේප කරන ලෙසය. මෙවන් පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිය.

මෙවන් අර්බුද හමුවේ ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගියදා හබරාදුව කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දී කළ ප‍්‍රකාශය වත්මන් එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව පිළිබඳ කරන ලද නිවැරදි විග‍්‍රහයක් විය. ඔහු සඳහන් කළේ පක්ෂයකට විනයක් අවශ්‍යයි. විනයක් නැති පක්ෂයකට අනාගතයක් නෑ. විනයක් නැති පක්ෂයකට රටක් පාලනය කරන්න බෑ. අද රටට සිදුව ඇත්තේත්, එක්සත් ජාතික පක්ෂයට සිදුව ඇත්තේත් එයමය.

අද රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් ප‍්‍රධානම ස්ථානය ගෙන ඇත්තේත් අර්බුදයක් නැති පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණ ඇත්තේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙරට පැරණිම දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් දේශපාලන පක්ෂයක නායකත්වයෙන් සන්ධානයකට එකතුවිය නොහැකිය. සිදුවිය යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන සන්ධානයකට සෙසු පක්ෂ එක්කර ගැනීමය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඉල්ලා සිටියි. ඊට යම් මට්ටමකින් එකඟතාව පළකර ඇති පක්ෂය ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා එම සන්ධානයට වෙනත් නමක් වෙනත් ලාංඡුනයක් තිබිය යුතු බව සඳහන් කළත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ පොහොට්ටුව ලකුණින්ම තරග කළ යුතු බවය. එය කිසිදු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් පිළිගන්නා කොන්දේසියක් නොවනු ඇත. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පමණි.

මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත්වීමට මාන බලමින් සිටිති. එම සංඛ්‍යාව විස්ස ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වරක් සඳහන් කර තිබිණි. අද ජනතාවට සිතන්නට සිදුව ඇත්තේ මේ විසිදෙනා අතරින් ඉදිරි වසර පහ රට භාරදීමට සුදුසුම අපේක්ෂකයා කවුරු විය යුතුද යන්නයි. මහ බැකු බැඳුම්කර සිද්ධිය වගේම රටේ සම්පත් විජාතිකරණය කරමින්, රණවිරුවන් සිරගතකරමින්, බුද්ධි අංශ ඇතුළු රටේ ආරක්ෂක අංශ දුර්වල කරමින් විජාතික හමුදාවන්ට රටතුළට ඇතුල්වීමට අවශ්‍ය පසුබිම සැකසු බවට චෝදනාවන්ට ලක්ව එජාප අපේක්ෂකයාට මනාපය දෙනවාද, පසුගිය පාලන සමයේ මාධ්‍ය මර්දනය, සුදු වෑන් සංස්කෘතිය, වැනි චෝදනාවන් පිළිබඳ වගකිවයුතු අයට මනාපය දෙනවාද?

එසේත් නැත්නම් එට්කා, සීපා වැනි ගිවිසුම් තුළින් දේශීය සම්පත් විදේශීය රටවලට පාවාදීමට ආණ්ඩුව ගත් පියවර කැබිනට් මණ්ඩලයේ දී වැළක්වූ, විදේශ සමාගම්වලට දීර්ඝ කාලීන බදු ක‍්‍රමය යටතේ ඉඩම් ලබාදීමට ගෙනා ඉඩම් විශේෂ විධිවිධාන පනත අත්හිටුවූ, මෙරට දෙකන්න වගා කරන්නට දිය බිඳක් නැතිව පීඩා විඳින ජනතාවට පිහිට වෙමින් මෙරට වාරි කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් මොරගහකන්ද- කළුගඟ වාරි ව්‍යාපෘතිය, වයඹ ඇළ, එල්ලංගා පද්ධති මිනිපේ බැම්ම ප‍්‍රතිසංස්කරණය, වැව් ගම් පුබුදුව වැනි ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරමින් ස්වයං පෝෂිත රටක් ගොඩනගමින් සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද මනාපය දිය යුත්තේ යන්න ජනතාව තීරණය කළ යුත්තකි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles