Divaina - ගිලෙන්න යන ජකාර්තාව... උතුරු ජකාර්තාව වසරකට සෙ.මී. 25 ක වේගයෙන් ගිලෙනවා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N3 roadරටක අගනුවර වෙනස් කිරීම පිළිබඳව වූ සිදුවීම් අතීතයේ පටන්ම වාර්තා වේ. 1916 වසරේදී ඉන්දියාවේ අගනුවර ලෙසින් පැවැති කල්කටා නගරය දිල්ලි දක්වා වෙනස් විය. ඔස්ටේ‍්‍රලියාවේ අගනුවර ලෙසින් පැවැති සිඞ්නි නගරය කැන්බරා ලෙසින් මාරු වීමත් මෙම අගනුවර මාරු වීමේ තවත් එක් අවස්ථාවක්. 2006 වසරේදී මියන්මාරය එතෙක් අගනුවර ලෙසින් පවත්වා ගෙන ගිය ‘‘රැුන්ගුන්’’ සිට ‘‘නයිපිඩෝ ’’ දක්වා මාරු විය. ඒ අතරම අපේ රටේ අගනුවර ලෙසින් පැවැති කොළඹ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලෙසින් මාරු වූ බවත් අමතක නැත.
 
 මේ අන්දමින් අගනුවර පිළිබඳ වෙනසක් කර ගත් රාජ්‍යන්හි ලැයිස්තුවට ඉදිරියේදී ඉන්දුනීසියාවද එක් වෙනු ඇත.
 
 ඉන්දුනීසියා ජකාර්තාව ලෙසින් හැඳින්වෙන මෙම මුහුදු නගරය ඉන්දුනීසියාවේ අගනුවර ලෙසින් තෝරා ගනු ලැබුවේ ලන්දේසි ජාතිකයන් විසින්ය. අතීතයේදී ‘‘බතාවියා’’ යනුවෙන් හැඳින්වුණ මෙම නගරය වැසි වනාන්තර රාශියකට උරුමකම් කියන නගරයකි. මෙහි වපසරිය වර්ග කි. මී 661 කි. ලෝකයේ කාර්ය බහුල මහා මාර්ග පද්ධතියක් වන ජකාර්තා නගරයේ මාර්ග තදබදය වළක්වා ගැනීම සඳහා දුම්රිය සේවාවන් සහ නාගරික මෙට්‍රෝ සේවාවන් කි‍්‍රයාත්මක වේ.
 
 2004 වසරේ ඇති වුණ සුමාත‍්‍රා භූමිකම්පාවේ අමිහිරි මතක තවමත් ලෝකයාගේ මතකයෙන් දුරස්ව නැත. ශ‍්‍රී ලංකාවේ සිට කි.මී. 3000 ක් පමණ ඈතින් මෙම නගරය පිහිටා අති අතර ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ  ‘‘ගිනිවළල්ල’’ ලෙසින් හැඳින්වෙන කලාපයකයි.
 
 ඉන්දුනීසියාව ඔවුන්ගේ ජකාර්තා අගනුවර වෙනුවට අලූත් අගනුවරක් සොයන උත්සාහයක මේ දිනයන්හි නිරතව සිටින්නේ මෙම නගරය ගිලා බැසීමේ අවදානමකට පත්ව තිබෙන නිසයි. උතුරු ජකාර්තාව වසරකට සෙ.මී. 25 ක වේගයෙන් ගිලෙන අතර ඒ නිසා වසර දහයක් යන විට උතුරු ජකාර්තාවේ උස මීටර් දෙකකින් අඩු වෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මේ නිසා අසල පිහිටි මුහුදු ජලය නගරයට ඒම වළක්වා ගැනීමට තාප්ප ඉදි කළත් එය සාර්ථක නැත. මිලියන දහයක ජනගහනයක් ඇති ජකර්තා නගරයේ ඇතැම් කොටස් මේ වෙන විටත් ජලයෙන් යට වී ඇති අතර 2050 වන විට නගරයෙන් 95% ක් පමණ ගිලී යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
 
  N3 blast runඒ අතර නගරය මාරු කිරීම සාධාරණීයකරණය කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙහි ජල පාරිභෝගිකයන් වැඩි දෙනෙක් නළ ජලයෙන් සිය කටයුතු ඉටු කර ගනිති. නළ ළිං වලින් වතුර අදින විට පොළව අභ්‍යන්තරයේ භූගත ජල ස්ථරය තුනී වෙන අතර ඒ නිසාම ඉහළ තිබෙන කොටස් මහ පොළව යටට කිඳා බසින බවයි. ගිලෙන නගරයක මේ තත්ත්වය පාලනය කර ගැනීමත් අපහසු කාර්යක් බැවින් අගනුවර මාරු කිරීමේ අවශ්‍යතාව එවුන්ට තදින් දැනී ඇති බැව් සඳහන් වේ.
 
  ඔවුන්ගේ නව අගනුවර ලෙසින් තෝරා ගෙන ඇත්තේ ‘‘බෝර්නියෝ ’’¥පත්හි පිහිටි බෝර්නියෝ නගරයයි. මෙම නගරය ගිනි කඳු වලල්ලට බාහිරව පිහිටා තිබීමත් ඔවුන් දකින්නේ වාසි පැත්තටයි. මේ වෙනුවෙන් වැය ශීර්ෂය ඩොලර් බිලියන, ටි‍්‍රලියන ගණනක් වේ. ඉන්දුනීසියානු නිදහස් සටනෙන් පසුව බලයට පත් සුකර්නෝ රජය බෝර්නියෝ හි ‘‘කලිමන්තාන් ’’ කලාපයේ නව අගනුවරක් පිහිටු වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මේ වෙන විටත් ඉන්දුනීසියාවේ ජනාධිපති ‘‘ජොකෝ විඩඩෝ ’’ විසින් බෝර්නියෝහි අලූත් අගනුවර වෙනුවෙන් බෝර්නියෝහි ස්ථාන තුනක ශක්‍යතා අධ්‍යනයන් පවත්වා තිබේ. අලූත් අගනුවර ‘‘කුතායි කර්ටනගරා සහ ‘‘පනජාම් පසෙර් උතාරා වැනි අඩු සංවර්ධනයක් සහිත ප‍්‍රදේශයන්හි පිහිටවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 කෙසේ හෝ වේවා නව අගනුවර වෙනුවෙන් තෝරාගත් බෝර්නියෝව ජෛව විවිධත්වයෙන් යුක්ත සරුසාර මෙන්ම ඉතාම දර්ශණීය ප‍්‍රදේශයකි. උසට වැඩෙන ගහ කොළ මෙන්ම ඔරංඔටන්, මුවෝ කුරුල්ලෝ වැනි වන සත්ව
 
 ගහනයෙන් අලංකෘත වූ නගරයකි. අලූත් අගනුවර සම්ප‍්‍රාප්තිය සමග බෝර්නියෝවට උරුම සම්පත් අහිමි විය හැකිය යන අවදානම ගැනත් කතා බහ ගොඩ නැගී තිබේ. මේ වෙනුවෙන් විකල්ප විසඳුම් සොයන ඉන්දුනීසියානුවන් අදහස් කරන්නේ ‘‘හරිත නගර සංකල්පය’’ යටතේ අලූත් අගනුවර ඉදි කිරීමේ කටයුතු සිදු විය යුතු බවයි. ඉන්දුනීසියාවේ අගනුවරට ලබා දෙන නාමය කුමක්දැයි තවමත් තීරණය වී නැත.
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා

N3 Boat


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles