Divaina - මෙහෙම පාර්ලිමේන්තුවක් මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

ෂමීන්ද්‍ර ෆර්නැන්ඩෝ
 parli
 
 * ඇමැතිවරු ප‍්‍රශ්න මගහරිති
 
 * මහජන මුදල් කාබාසිනියා කළ මැති සබය වාර්තාවක් පිහිටුවයි.
 
 * මහ බැංකු බැඳුම්කර වාර්තාව අදටත් විවාදයට ගෙන නොමැත
 
 * අජිත් පී. පෙරේරාගේ බෝම්බය
 
 * අපිරිසිදු පාර්ලිමේන්තුවට සුනිල් හඳුන්නෙත්තිගෙන් ප‍්‍රබල ආලෝකයක්.
 
 * අවිචාරවත් පාර්ලිමේන්තුව අසූචී වළක්ද?
 
 * ශී‍්‍රලනිපය දෙවැනි බැඳුම්කර වංචාවට වගකිවයුතුද?
 
 
 
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අවිචාරවත්ය. ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කිසිදු වගකීමකින් තොරව කටයුතු කරයි. සැප්තැම්බර් 05 සහ 06 දින දෙක තුළ පාර්ලිමේන්තුවේ කි‍්‍රයාකාරීත්වය එම ආයතනය අවිචාරවත් බව නැවත ජනතාවට මතක් කර දුන්නේය. සැප්තැම්බර් දින මන්තී‍්‍රවරු වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් විමසා තිබූ ප‍්‍රශ්න 15 සඳහාම ආණ්ඩු පක්‍ෂයෙන් පිළිතුරු ලැබුණේ නැත. ඊට පසු දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මුදල් පනතක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටි විපක්‍ෂ මන්තී‍්‍ර ඒ. සී. මුතුකුමාරණ සභාවේ නොසිටීම හේතුවෙන් සහ ආණ්ඩු පක්‍ෂයේ තවත් යෝජනා දෙකක් ඉවත් කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 49 කට සීමා විය.
 
 මෙවැනි පාර්ලිමේන්තුවක් මහජන මුදලින් නඩත්තු කිරීම අපරාධයකි. මෙම ලියුම්කරු 2018 වසරේදී එවකට උතුරු පළාතේ ආණ්ඩුකාර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෙජිනෝල්ඞ් කුරේ සමග කළ සම්මුඛ සාකච්ඡුාවකදී පාර්ලිමේන්තුව මන්තී‍්‍රවරුන්ට කප්රුකක් බව පැවසීය. හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා මෙම ලියුම්කරු සහභාගි වූ මාධ්‍ය හමුවකදී නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුර ලෙස පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවේ දූෂිතම ආයතනය ලෙස පැවසීය. පාර්ලිමේන්තුව ඉතාමත් අකාර්යක්‍ෂම ආයතනය ලෙස නම් කළත් වරදක් නැත. 2017 දෙසැම්බර් ජනපතිවරයාට බාර දුන් මහ බැංකු වංචා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ ජනපති කොමිසමේ වාර්තාව අදටත් පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන නොමැත.
 
 2019 වසර අවසන් වීමට පෙර පැවැත්වීමට නියමිත ජනපතිවරණයට පෙර එම වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමේ අවස්ථාවක් නැත. මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ‘කාලය මැරූ. බව පැහැදිලිය. පාර්ලිමේන්තුවේ කි‍්‍රයා කලාපය වංචනිකය. මෙම තත්ත්වය කිසිසේත්ම 2015 අගෝස්තු මස පැවැති මහා මැතිවරණයෙන් පසුව ඇතිවූ තත්ත්වයක් නොවේ. වසර 20 ක පමණ කාලයක් තුළ පිරිහෙමින් පැවැති පාර්ලිමේන්තු ක‍්‍රමය අද අන්තයටම වැටී ඇත.
 
 කිසිදු හිරිකිතයක් නොමැතිව සැප්තැම්බර් 17 දිනට පාර්ලිමේන්තුව කල් තැබීය.
 
 පාර්ලිමේන්තුව මසකට දින 08 ක් සතියකට දින 4 බැගින් සතියක් හැර සතියක් අඟහරුවාදා සිට සිකුරාදා දක්වා රැස්වේ. මේ අතරට පෝය දිනයක් යෙදෙන විට දින 08, දින 07 වේ.
 
 කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කිසිදු පක්‍ෂයකට මැති සබයේ ගෞරවය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් නැත. යහපත් දේශපාලන වාතාවරණයක් නොමැති රටක පාර්ලිමේන්තු ක‍්‍රමය අවිචාරවත් වීම පුදුමයක් නොවේ.
 
 2018 දී ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වනවිට එවකට එහි ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය නිකී හේලි එම ආයතනය අසුචි වළක් ලෙස හැඳින්විය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන යමහර මන්තී‍්‍රවරු පෙන්වා දුන්නේ ඇමරිකාව එම අසූචි වළෙන් ඉවත් වුවත්, ශී‍්‍ර ලංකාව මානව හිමිකම් කි‍්‍රයාවලියේ තවදුරටත් නිරතවී ඇති බවය.
 
 ශී‍්‍ර ලංකාවේ ‘පාර්ලිමේන්තු ක‍්‍රමය. අසූචි වළක්ද? පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක වීමේදී කරනු ලබන මහජන මුදල් නාස්තිය වළක්වා ගන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම, පාර්ලිමේන්තු ක‍්‍රමයේ අවශ්‍යතාවක් වර්තමාන තත්ත්වය යටතේ ශී‍්‍ර ලංකාවට තිබේද?
 
 පාර්ලිමේන්තුව නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන බව පැහැදිලිය. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්‍ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැති තත්ත්වයක් යටතේ පක්‍ෂ ක‍්‍රමය බිඳවැටී ඇත. ප‍්‍රධාන පක්‍ෂ තුළ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය පාර්ලිමේන්තුවට බලපා ඇති ආකාරය විමසා බැලිය යුතුව ඇත.
 
 මහජන මුදලින් මෙවැනි පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම සාධාරණද? මහජන මුදල් වඩාත් යහපත් කටයුත්තකට යෙදවිය යුතුය. අප පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුය. දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ඡුන්ද ක‍්‍රමය වෙනසකට භාජනය කිරීමට පෙර පාර්ලිමේන්තු ක‍්‍රමය නැවත ස්ථාපිත කළ යුතුය. පාර්ලිමේන්තු ක‍්‍රමය කඩා වැටී ඇත. මහජන ඡුන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් තම වගකීම පැහැර හැර ඇත.
 
 පක්‍ෂ නායකත්වය නොසලකා කටයුතු කිරීම තුළ පාර්ලිමේන්තුවේ අර්බුදය තීව‍්‍ර වී ඇත. බලයේ සිටින එජාපය තම ජනපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට දෙපිලකට බෙදී ගැටීම පාර්ලිමේන්තුවේ අර්බුදය පෙන්නුම් කරන තවත් අවස්ථාවකි..
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර ගැටුම හේතුවෙන් සැප්තැම්බර් 05 දින පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වය බරපතළ ලෙස දුර්වල විය.
 
 එදින පාර්ලිමේන්තුව නියෝජනය කරනවා වෙනුවට මැති ඇමැතිවරු සජිත් පේ‍්‍රමදාසට ජනපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට උද්ඝෝෂණය කිරීමට කුරුණෑගලට රැස්විය. තමන් තෝරා පත් කළ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා වෙනුවට සජිත් පේ‍්‍රමදාසගේ මෙහෙයුමට එකතුවී ඇත.
 
 එජාප සභාපති කබීර් හෂීම් ද සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායමට එකතුවීම හේතුවෙන් එම පක්‍ෂයේ විනය බරපතළ ලෙස පිරිහී ඇත. එජාපය දරුණු බෙදීමකට ලක්වී ඇත.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රස් නායක රිෂාඞ් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් මහජන නියෝජිතයන් අතර කබිර් හෂීම් ද විය. එජාපය, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රසයට අයත් එම මන්තී‍්‍රවරු දිව්රා පොරොන්දු වූයේ තමන් කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවය. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආශිර්වාදය මත කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් තම ඇමැති ධුර නැවත බාරගත්තේ එජාප නායක වික‍්‍රමසිංහගේ විරෝධතාවය ද නොතකාය. කබීර් හෂීම් ගත් කි‍්‍රයාමාර්ගය ඔහු දරන එජාප සභාපති ධුරයට ගැලපේද? සජිත් පේ‍්‍රමදාසට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම වරදක් නැත.
 
 අද වනවිට එජාපයේ තත්ත්වය කනගාටුදායකය. පාර්ලිමේන්තු කටයුතුවලට නිසියාකාරව සහභාගි වීමට නායක වික‍්‍රමසිංහ දුන් උපදෙස්වලට පටහැනිව යම් මන්තී‍්‍රවරු කි‍්‍රයා කරති. පසුගිය සැප්තැම්බර් 05 දින පාර්ලිමේන්තුවේ ඇසූ ප‍්‍රශ්න 15 ට පිළිතුරු දීමට ඇමැතිවරු මැති සබයේ නොසිටීම සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි.
 
 එජාපයේ සභාපති කබීර් හෂීම් සහ එම පක්‍ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් සජිත් පේ‍්‍රමදාස ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයට සටන් කිරීම පිළිබඳ මත දෙකක් දැරීම එම පක්‍ෂයේ අවාසනාවකි. කබීර් හෂීම් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 07) නායක වික‍්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතිබවට පළ වූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂේප කිරීම බරපතළ අර්බුදයක් නොවේද? කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ හරින් ප‍්‍රනාන්දු, වික‍්‍රමසිංහ මහතාගේ ඡුන්දයට ඉදිරිපත් වීම කොළඹදී ප‍්‍රතික්‍ෂේප කළේය. මුදල් ඇමැති මංගල සමරවීරද එම අමාත්‍යවරුන්ගේ ස්ථාවරය එදිනම යාපනයේදී අනුමත කළේය. නමුත් වික‍්‍රමසිංහ නායකත්වය දෙනු ලබන කණ්ඩායම තවදුරටත් එජාප නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසයි. සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් පෙනී සිටින කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු සහ මංගල සමරවීර කළ ප‍්‍රකාශය සත්‍ය විය නොහැක. රනිල් වික‍්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප‍්‍රකාශයක් කළේ නැති බවට කළ අනාවරණය පිළිගත නොහැක.
 
 එජාප නායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උනන්දුවක් නොදක්වන්නේ නම් සජිත් පේ‍්‍රමදාසට බදුල්ලේ, මාතර සහ කුරුණෑගල රැස්වීම් පැවැත්වීමට අවශ්‍යතාවක් නැත. සජිත් පේ‍්‍රමදාස සහ කථානායක කරු ජයසූරිය අතර තරගයේදී වඩාත් පහසුවෙන් එජාප නියෝජ්‍ය නායකයාට එම අවස්ථාව හිමිවනු ඇත.
 
 කරු ජයසූරිය එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා බව අද කාටත් අමතකය. ජයසූරිය එම තනතුර අහිමි කර ගත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආරාධනයක් අනුව ඔහුගේ රජයට එකතුවීම නිසාය. ජයසූරිය නැවත 2008 අග භාගයේදී එජාපයට එකතු විය. නමුත් නැතිවූ නියෝජ්‍ය නායක පදවිය නැවත ලැබුණේ නැත.
 
 ඉහත සඳහන් කළ එජාප ගැටුම සමස්ත පාර්ලිමේන්තු කි‍්‍රයාවලියටම බලපා ඇත.
 
 අගමැති වික‍්‍රමසිංහ සමග සිටි එජාප ප‍්‍රබලයන් වන මලික්් සමරවික‍්‍රම, මංගල සමරවීර අද සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටී. මලික් සමරවික‍්‍රම වික‍්‍රමසිංහගේ ඉතාමත් කිට්ටු මිත‍්‍රයෙකි. පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ කිසිදු අත්දැකීමක් නොමැති මලික් සමරවික‍්‍රමට 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් පසු ප‍්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් හිමි විය. එජාප නායක වික‍්‍රමසිංහ මලික් සමරවික‍්‍රම වෙනුවෙන් මැදිහත් විය. මලික් සමරවික‍්‍රම අද වික‍්‍රමසිංහ ළඟ නොමැත. පවතින දේශපාලන ව්‍යුහය තුළ මලික් සමරවික‍්‍රමට අත්දැකීම් නැත. අත්දැකීම් නොමැති මලික් සමරවික‍්‍රමට ප‍්‍රබල අමාත්‍ය ධුරයකින් පිදීම වරදක්ද? එසේ නම් කිසිදු පවතින දේශපාලන ව්‍යුහයක කටයුතු කර නොමැති හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට රටේ ප‍්‍රබලම පක්‍ෂය වන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ හරහා ඉදිරිපත් වීම කෙලෙස අර්ථකථනය කළ හැකිද?
 
 කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කර දැමීමේ මෙහෙයුමේ නායකයකු වූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තුළින්ද පෙන්නුම් කරන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ අසමත් භාවයයි. පාර්ලිමේන්තුව අවුල් වී ඇති අවස්ථාවක පැවැත්වෙන 2019 ජනාධිපතිවරණය රටේ ඉරණම විසඳනු ඇත.
 
 නමුත් එය එසේ නොවීමටද ඉඩ ඇත. ජනාධිපතිවරණ ජයග‍්‍රහණය කාට හිමි වුවත් පාර්ලිමේන්තුවේ කි‍්‍රයා කලාපය මත රටේ අනාගතය රඳා පවතින බව වටහා ගත යුතුය.
 
 ඡුන්ද දායකයා ජනාධිපති බලතල සහ පාර්ලිමේන්තුවේ බලතල පක්‍ෂ දෙකකට ලබා දුන්නොත් ඇතිවන තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත. 2015 අගෝස්තු මස පත්වූ යහපාලන රජය කළ විනාශය අදහාගත නොහැක. දින 100 තුළදී පළමු වැනි වරට මහ බැංකුව මංකොල්ල කෑ කණ්ඩායම ම 2016 මහ මැතිවරණයෙන් පසුව නැවත මහ බැංකුවට ‘තට්ටු කළේය...
 
 2015 පෙබරවාරි 27 දින මහ දවල් කි‍්‍රයාත්මක කළ පළමුවැනි මහ බැංකු මංකොල්ලය ‘පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය. තුළ විසඳා ගැනීමට හැකියාව තිබිණි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් බලවත් මහජන විරෝධතාවක් ගොඩනැඟිනි. එජාප ජවිපෙ හවුලේ අනිත් පාර්ශ්වය වූ ශ‍්‍රී ලනිපයට අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සිදු විය. නමුත් බුර බුරා නැගෙන විරෝධතා හමුවේ විශේෂ පාර්ලිමේන්තු කොමිටියක් ඩිව් ගුණසේකරගේ නායකත්වයෙන් පත්විය. එම 13 දෙනකුගෙන් සමන්විත කොමිටියේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර දින ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එජාපය ගලවා ගැනීමට නොවේද?
 
 ඩිව් ගුණසේකර වාර්තාව යොදාගත් පරිදි, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් වඩාත් බරපතළ දෙවැනි බැඳුම්කර වංචාව 2016 මාර්තු 29 දින සිදු කළේය. පාර්ලිමේන්තුව එම අවස්ථාවේ විසුරුවා හැරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම පක්‍ෂ විමසා බැලිය යුතුය. අද අප රට පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයට 2015 ජුනි මස අග පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බරපතළ ලෙස බලපෑ බව පැහැදිලිය.
 
 2015 ජනවාරි ජනාධිපතිවරණය පැවැත්වූ දින සිට, එජාපය සහ ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව හැසුර වූ ආකාරය විමසා බැලිය යුතුය. ජනාධිපති ධුරය බාරගත් මෛති‍්‍රපාල සිරිසේන පාර්ලිමේන්තුව උඩු යටිකුරු කළ බව එජාපයට මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයටද අද අමතකය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි කර ගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති දි. මු. ජයරත්න ඉවත් කර එජාප නායක රනිල් වික‍්‍රමසිංහට අගමැති පුටුව ලබා දුන්නේ කවුද? එදා අගමැති ධුරය ලබාගන්නා විට, එජාප නායකයා යටතේ අවම වශයෙන් 50 ක පාර්ලිමේන්තු කණ්ඩායමක්වත් නොවීය.
 
 මහ බැංකුව පළමුවරට සොරුන්ගේ ග‍්‍රහණයට හසුවන අවස්ථාවේ එජාප විරෝධී පාර්ලිමේන්තු කණ්ඩායම අති ප‍්‍රබල විය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කළ වහාම ජනාධිපතිවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජවිපේ කි‍්‍රයාත්මක විය යුතුව තිබිණි. අවාසනාවකට ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවට වඩා ප‍්‍රමුඛතාවය දීමට එජාප - ජනපති සිරිසේන, ජවිපේ සහ ද්‍රවිඩ ජාතික සංධානය කටයුතු කළේය. 19 වන සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළු කිරීම එම දේශපාලන අවශ්‍යතාවය විය. මහින්ද රාජපක්‍ෂ රජය පරාජය කිරීම බටහිර බලවතුන්ගේද අවශ්‍යතාවය විය. බැඳුම්කර මංකොල්ලය නොසලකා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක විය. ජනාධිපති සිරිසේන එදා නිවැරැදි තීන්දුවක් ගැනීමට මැලි විය. බැඳුම්කර වංචනිකයන් ආරක්‍ෂා කිරීමට පාර්ලිමේන්තු ක‍්‍රමය යොදා ගත්තේය. ජනාධිපතිවරයා තම මුළු වෙර යොදා 19 සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළේය. එතුමා 19 සශෝධනය ගෙන ඒමට අත්‍යවශ්‍යය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවේ බලය එජාපයට දීමට මුල්විය. පසුගියදා ශී‍්‍ර ලනිපයේ 68 වන සංවත්සරයේදී 2015 සහ 2016 මහ බැංකු බැඳුම්කර වංචාවලට එදා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරු උසාවියට ඉදිරිපත් කරන බව කීමට ජනාධිපති සිරිසේනට සිදුවූයේ ඇයි? පළමුවැනි මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා ශී‍්‍ර ලනිපයේ නායකයා ලෙස කටයුතු කළ ආකාරයද විමසීමට ලක්විය යුතුය.
 
 කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ‘අසූචි වළක්. බවට පත් කිරීමට මූලික වූයේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය බව නොකියා බැරිය. පළමුවැනි වංචාවට එජාපය වගකිව යුතු නම් 2016 මාර්තු 29 දින කි‍්‍රයාත්මක කළ දෙවැනි බැඳුම්කර වංචාවට එජාපය සහ ශී‍්‍රලනිපය වගකිව යුතු නොවේද? 2015 ජුනි අග පාර්ලිමේන්තුව විසුරුවා ශී‍්‍ර ලනිපය කළ වික‍්‍රමය හේතුවෙන් පළමුවන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර ඇතුළු 13 කණ්ඩායම ඉදිරිපත් කිරීමට තිබූ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නොහැකි විය. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් අද පෙනී සිටින රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ එදා උසාවියට කරුණු දක්වා සිටියේ ඩිව් ගුණසේකර වාර්තාව එළි දැක්වීම වැළැක්වීමටය. සජිත් පේ‍්‍රමදාස කණ්ඩායමේ තවත් ප‍්‍ර‍්‍රබලයකු වන රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෑතකදී අපූරු ප‍්‍රකාශයක් කළේය. සජිත් පේ‍්‍රමදාස තම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ නිසාවෙන් තමන්ට විරුද්ධව විනය පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක කරනවා නම් මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් ද පරීක්‍ෂණයක් කළ යුතු බවයි. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා කළ මෙම ප‍්‍රකාශය පිළිබඳ ගැඹුරින් විමසා බැලිය යුතුය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයකු වූ අජිත් පී. පෙරේරා කළ ප‍්‍රකාශය පිළිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වීමට ඒකාබද්ධ විපක්‍ෂය/ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට අවශ්‍යතාවක් නොවීය. එජාප ජනාධිපති අපේක්‍ෂක ධුරයට එම පක්‍ෂය දෙකට බෙදී ගැටෙන මෙම මොහොතේ අජිත් පී. පෙරේරා කළ ප‍්‍රකාශය අතිිශයින්ම වැදගත්ය. එය තේරුම් ගැනීමට හැකියාවක් ඒකාබද්ධයට නැතිය. පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිකුල්ය. මෑතකදී එජාප නායක වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම මහජන නියෝජිතයන් ජනතාවට පිළිකුල් බව පැවසීය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්‍ෂ නියෝජිතයන් පිළිකුල් නම් අගමැතිවරයා ද පිළිකුල් ය. පාර්ලිමේන්තුවද පිළිකුල් ය. පාර්ලිමේන්තුව මෙලෙස කඩා වැටී ඇති අවස්ථාවක ජනාධිපති ධුරය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ව්‍යුහය මතද කිසිසේත් විශ්වාසයක් තබාගත නොහැක. පාර්ලිමේන්තුව පිළිකුල් වන්නේ වෙන කිසිවක් නිසා නොව එය ආයතනයක් ලෙස ඉතාම අකාර්යක්‍ෂම වන අතරම දූෂිතයන් ඉහළම ස්ථානයට පැමිණ ඇති බැවිනි.
 
 පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිණුම් කාරක සභාව මාධ්‍යයට මෑතකදී විවෘත විය. එම කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් පූර්ණ ගෞරවය කථානායක කරු ජයසූරියට හිමි විය යුතුය. පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ පසුගියදා හෙළිදරව් වුයේ 2008 සිට මහජන බැංකුවේ පත්වීම් සියලූ පිළිගත් ක‍්‍රමවේදයන්ට පටහැනිව කර ඇති බවයි. වර්තමාන මුදල් ඇමැති මංගල සමරවීර එම වරද කර ඇත්නම් ඔහුට පෙර එම අමාත්‍ය ධුරය දැරූ සියලූම ඇමැතිවරුන් සහ ඔවුන් නියෝජනය කළ පක්‍ෂ වගකීම ගත යුතුය.
 
 අද පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්තී‍්‍රවරු ජනතාවට පිළිකුල්ය. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවට පිටුුපස දොරින් ඇතුළු වී ඇත්තේ ජාතික ලැයිස්තුවට පිංසිදු වන්නටය. ජවිපේ ප‍්‍රබලයකු වන සුනිල් හඳුන්නෙත්තිද ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙකි. නමුත් ජවිපේ ජාතික ලැයිස්තුව හරහා ඔහු 2015
 
 අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඇතුළු විය. නමුත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවට ඔහු දෙන නායකත්වය අති ප‍්‍රබලය.
 
 මෑතකදී සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහ මහජන බැංකුවේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රශ්න කළ ආකාරය මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අලූත් බලාපොරොත්තුවක් ඇතිවිය. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ එම මන්තී‍්‍රවරයා සිදු කරමින් පවතින රාජකාරිය අනෙකුත් මහජන නියෝ්්ජිතයන්ට ප‍්‍රබල ආදර්ශයකි. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ මන්තී‍්‍රවරයකුගේ කාර්යභාරය නැවත සාකච්ඡුාවට ලක් විය යුතුය. ඡුන්ද දායකයන්ට නැවත සිතීමට කාලය පැමිණ ඇත. පාර්ලිමේන්තුව සහ ශී‍්‍ර ලංකා දේශපාලනය ‘අසූචි වළක්. බවට පත් කළ මහජන නියෝජිතයන් සැබෑ සිත් හැරීමක් අවශ්‍ය බව තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ හැකියාව ඇත්තේ එම දූෂිත ආයතනය නියෝජනය කරනු ලබන නොයෙකුත් පක්‍ෂ හරහා පත්වන මහජන නියෝජිතයන්ටමය. පිටස්තරයකුට රටට අවශ්‍ය එම වෙනස කළ නොහැක. මහජන නියෝජිතයන් දූෂණ සහ වංචාකාරී කි‍්‍රයාමගින් තම මඩිය තර කර ගැනීමට කටයුතු කරන තාක් දේශපාලනය ‘අසූචි වළක්. ලෙසම පවතිනු ඇත. සැබෑ වෙනසක අවශ්‍යතාව දැකිය යුත්තේ අප ආර්ථිකය කාබාසිනියා කළ මෙම දූෂිත කණ්ඩායමටය.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles