Divaina - සේනගේ කඩල කරත්තය සහ ශ‍්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

na8 1ඕනෑම රටක දියුණුවට සුළු පරිමාණ ව්‍යාපාර මගින් සිදුවන්නේ සුවිසල් කාර්යභාරයකි. ලෝකයේ ආර්ථික කියවීම තුළ ආර්ථිකයට සහ එම ආර්ථිකයේ වර්ධනයට කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය ගස සහ පොත්ත මෙන් එකිනෙක බැඳී පවතී. උදාහරණයක් ලෙස ඇමරිකාවේ නව රැකියා උත්පාදනයේදී සියයට හැත්තෑවක පමණ කුඩා ව්‍යාපාර මගින් සිදු කරන අතර විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ එම රට තුළ කුඩා පරිමාණ ව්‍යාපාර මගින් මහා පරිමාණ ව්‍යාපාරවල මෙන් 13 ගුණයක් පේටන්ට් නිෂ්පාදන ලොවට දායක කරන බවයි.
 
 ශ‍්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ ව්‍යවසායකත්වය තුළ අපහට නිරීක්ෂණය කළ හැක්කේ නිර්මාණශීලි පුද්ගලයන් මෙන්ම ව්‍යාපාර දක්නට තිබුණත් එහි දිගුකාලීන දියුණුවට නිසි ක‍්‍රම වේදයක් රට තුළ නොමැති වීමයි. රටේ මූල්‍ය ආයතන ‘‘ලෝන් දීමේ” මානසිකත්වයෙන් අත්මිදී ඉන් ඔබ්බට විහිදුණු උපදේෂණාත්මක සේවාවලට යොමු විය යුතුමය. විශේෂයෙන් රටේ ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන සමහර ආයතන කුඩා ව්‍යාපාරිකයාට සහන සලසනු වෙනුවට තම කෙටි කාලීන ලාභ සඳහා ‘‘ණය උගුලක” හසු කරන අවස්ථා දක්නට ඇත . සමහර මූල්‍ය සාක්ෂරතාව අඩු (”මූල්‍ය සාක්ෂරතාව” අනිවාර්යෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දරුවන්ගේ විෂය නිර්දේශය ඇතුළත් කරයුතු අතරම , අවම ලෙසවත් අප රටේ විශ්වවිද්‍යාල සහ වගකිව යුතු ආයතන සමාජ මෙහෙවරක් ලෙස සෑම පුරවැසියකුටම කියා දිය යුතුය* අහිංසක ව්‍යාපාරිකයන් එක ආයතනයක ණය පියවීමට තව ආයතනයකට යෑම තුළ දිගින් දිගටම දිලි\ු බවේ දුෂ්ට චක‍්‍රයට හසුවීම නිරීක්ෂණය කළ හැක. මෙතුළින් අවාසනාවන්ත දිවි හානි කරගැනීම් පවා වාර්තා වී ඇත.
 
 එමෙන්ම පුද්ගල ආකල්ප සම්බන්ධ අර්බුදයකද ජාතියක් වශයෙන් අපි මුහුණ දී සිටිමු. මෙය ‘‘කඩල වෙළෙන්දාගේ ” කතාවෙන් පැහැදිලි කළ හැක. සේන පෝය දවස්වල තම කඩල කරත්තය පන්සලට ගෙන යන අතර සාමාන්‍යයෙන් දවසකට රුපියල් 2500-3000 උපයා ගනී. නමුත් මාස දෙකකට පසු දකිනට ලැබෙන්නේ තවත් කඩල වෙළෙන්දෙකි. තෙවන මාසයේ එම පන්සල ළඟ කඩල වෙළෙන්දන් තිදෙනෙකි. අවාසනාවන්ත ලෙස ඊළඟ මාසයේ ඔබට කඩල මිලට ගැනීමට සේන දක්නට නැත. මෙය මූලික හේතුව වන්නේ ජාතියක් හැටියට තම වර්ගයාට උපකාර කරන චින්තනය වෙනුවට අන් අයගේ දියුණුව තමාට ආදේශ කර ගැනීමට උත්සහ දැරීමේ ‘‘කුහක” මානසිකත්වය තුළ තමාද අන් ව්‍යාපාරිකයන්ද අපහසු තාවයට පත් කිරීමයි. මෙය ඇත්තටම දිගුකාලින සියදිවි හානි කර ගැනීමේ සුවිසයිඞ් මිෂන් (Suicide Vision) එකක් ලෙස දැක්විය හැක. අප චින්තනය දියුණු කර ගත යුත්තේ පෝය දින සේනගේ කඩල කරත්තයට අමතරව අනෙකුත් දිනවල තම වෙළෙඳාම වැඩි කර ගැනීමේ ක‍්‍රමවේද ඔහුට සපයා දීමත්,දෙවන, තෙවන, කඩල විකුණනන්ට පැමිණෙන වෙළෙන්දන්ට ‘‘තරගය” වෙනුවට අදාළ වෙළෙදපළ තුළ විකිණිය හැකි තව නිෂ්පාදන සඳහා උපදෙස් දීමත්ය. මෙය රට ආදරය කිරීමේ කලාවේ සුන්දර විකාශනයකි. මෙවැනි වැඩපිළිවෙළවල් රට තුළ ඇති විය යුතුය.
 
 තම භාණ්ඩය නිසි ලෙස පාරිභෝගිකයාට අලෙවි කරගැනීමට හැකියාවක් නැති බව තව ගැටලූවක් ලෙස දැක්විය හැක. එනම් අලෙවිකරණය පිළිබඳව කුඩා ව්‍යාපාරිකයා දැනුවත් විය යුතුමය. ලෝකයේ සුප‍්‍රසිද්ධ දෙරඉැි සඟරාව මගින් පළ කළ වාර්තාවක සඳහන් වනුයේ කුඩා ව්‍යාපාරයක දියුණුවට බලපාන ප‍්‍ර‍්‍රධානතම සාධක 10 අතුරින් අලෙවිකරණයට හිමිවන්නේ ඉතාමත් විශාල තැනක් බවයි. එම නිසාම මේ ගැන අප තවදුරටත් හැදෑරීම ඉතා වැදගත් වෙයි.
 
 ඉහත සඳහන් කළ ආකාරයට කුඩා ව්‍යාපාර රටක ආර්ථිකයට ජීවය සපයන අංගයක් බව ජනතාව වටහා ගතයුතුය. අපගේ කුඩා ව්‍යාපාරිකයන්ට අප උදව් කළ යුතුය. රටේ වෘත්තිකයන් , බුද්ධිමතුන් තමාගේ, රටේ දියුණුව දෙස බලා එම ව්‍යාපාරිකයන්ට සහය දීම ජාතික වගකිමකි.
 
 මහාචාර්ය නලින් අබේසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles