Divaina - ගුරු මණ්ඩලයට ඉතාම සුබ තාරකා සලකුණ ඔබේ අත්ලෙත් තියනවද? එහෙනම් ජීවිතයම ගොඩ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

අත්ලේ විවිධ රේඛාවලින් වගේම අත්ලේ පිහිටන විවිධ සලකුණු මගින් ද කෙනෙකුගේ ජීවිතයේ සුබ අසුබ දැනගත හැක. මෙවර ලිපියෙන් විස්තර කරන්නේ එවැනි සලකුණක් ගැනයි. එය තමයි තාරකා සලකුණ. දැන් අපි බලමු පිහිටි ස්ථානය අනුව හෙළිවන සුබ අසුබ කෙසේ ද කියා.
 
 මණ්ඩල මත
 
 අංක 1 සලකුනු කර ඇත්තේ ගුරු මණ්ඩලයයි. තාරකා සලකුණ ගුරු මණ්ඩලයට ඉතා හොඳ පිහිටීමක් කොයි කාගේත් ගෞවාදරයට ලක්වෙන ඔවුන් හරිම වාසනාවන්තයි. පිරිමියෙn7 1ක් නම් රූමත්, ධනවත් බලවත් බිරිඳක් ලබන අතර ගැහැනියක් නම් උගත් ධනවත් ප‍්‍රසිද්ධ අයෙකුට භාර්යාව වීමට හේතුවයි.
 
 (2) සඳහන් වන්නේ ශනි මණ්ඩලයේයි. තාරකා ලකුණ ශනි මණ්ඩලයට ඉතාම අශුභයි. මරණීය දණ්ඩනයට නියම වන අයගේ එම ස්ථානයේ තාරකා ලකුණ පිහිටන ඔප්පු වී ඇත. රිය අනතුරකින් එහෙම නැතිනම් සාහසිකයකුගේ මරණයට පත්වෙන අයගේ අත්වල මෙම සලකුණ පිහිටිය හැක.
 
 (3) රවි මණ්ඩලය මත තාරකා ලකුණින් ප‍්‍රකාශවන්නේ ඔහු හෝ ඇය ලේඛකයෙක්, සංගීතඥයෙක් හෝ නළුවකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙන බවයි. ස්ව උත්සාහයෙන් දියුණු වෙන ඔවුන් සමාජයට විශාල සේවයක් කර අමරණීය නාමයක් තබා මියයනු ඇත.
 
 (4) දක්‍ෂ කපටි පුද්ගලයන්ගේ අත්වල බොහෝ විට බුධ මණ්ඩලය මත තාරකා ලක්‍ෂණ දිස්වෙයි. ව්‍යාපාර කටයුතුවලින් විශාල ධනවතකු වීමටත්, මෙම සලකුණ හේතුවිය හැක. එමෙන්ම මෙවැනි පිහිටීම් ඇති අධ්‍යාපනය ලබන දරුවන් ද වාණිජ අංශයෙන් උසස් ජයග‍්‍රහණයන් ද ලැබිය හැක.
 
 (5) සලකුණ කර ඇත්තේ අත්ලේ පිහිටි කුජ මණ්ඩල දෙකින් පහළ කුජ මණ්ඩලයයි. ජීවන සටනකින් ජයගෙන කායික මානසික සුවයෙන් ජීවත්වීමේ වරම් ලබන පුද්ගලයා පහල කුජ මණ්ඩල මත ඇති තාරකාවෙන් හඳුනාගන්න.
 
 (6) නව නිපැයුම්, නව සොයා ගැනීම් නිසා ප‍්‍රසිද්ධියට පත්වන අයගේ අත්ලේ චන්‍ද්‍ර මණ්ඩලය මත තාරකා ලක්‍ෂණ පිහිටියි. නමුත් ජලයෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇති හෙයින් එය අසුභ ලකුණක් ලෙස ද සැලකිය හැක.
 
 (7) මෙම අංකය සලකුණු වි ඇත්තේ සිකුරු මණ්ඩලයේ යි. පහසුවෙන් පේ‍්‍රම සබඳතා ඇතිවීමට වගේම සාර්ථක පෙම් බැඳුමකින් සිදුවන විවාහයන්ට ද සිකුරු මණ්ඩලය මත දිස්වන මෙම තාරකා ලක්‍ෂණ හේතු වෙයි. අසීමිත කාම රාග නිසාම විවාහ දිවියේ අවුල් වියවුල් ඇති වීමට ද මෙම සලකුණ බොහෝ විට හේතු විය හැක.
 
 (8) දැන් බලන්න මෙම අංකය සඳහන් ඉහළ කුජ මණ්ඩලය දෙස. එම ස්ථානයේ තරු ලකුණ ඇති අය ඉතා නිර්භීතයි. යුද කටයුතුවලින් ජගත් කීර්තියට පත්වන ඔවුන් හමුදා ආඥාපති පදවිවලට සුදුසුම පුද්ගලයෝ ය. ත‍්‍රිවිධ හමුදා සේවයට ඔවුන් බොහෝ විට ගැලපේ. මෙවැනි අය වැරදි පැත්තට යොමු වුවහොත් ප‍්‍රසිද්ධ මැරවරයෙක් වීමට බොහෝ විට ඉඩ ඇත. ප‍්‍රසිද්ධ මැරවරයෙක් වූ මරු සිරාගේ අතේත් මෙවැනි තාරකා ලකුණක් තිබුණ බව සැලකේ.
 
 (9) මෙම අංකය ඇති තැන කුජ තලාවයි. තාරකා ලකුණ මෙම ස්ථානයට අසුබයි. මෙය විවාහක පුරුෂයෙකුගේ අතේ තිබුණොත් විවාහක ස්ත‍්‍රියටත, ස්ත‍්‍රියකගේ අතේ සලකුණු වුවහොත් විවාහක පුරුෂයාටත් මාරක අපල ගෙන දේ.
 
 (10) මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකට තාරකා ලක්‍ෂණ සුබ නොවේ. බලාපොරාත්තු ඉටු නොවීමට එය හේතු වේ.
 
 (11) මහපටගිල්ලේ දෙවෙනි පුරුකේ තාරකා සලකුණ පිහිටි අය තර්කානුකූලව කතා කරන්න දක්‍ෂ නිසා ඉක්මනටම ජනප‍්‍රිය වෙයි.
 
 (12) උසස් අදහස් ඇති පුද්ගලයා දබර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ තාරකාවෙන් හඳුනා ගත හැක. හදිසි ධන ලාභලැබීමටත් එය හේතුවෙයි.
 
 (13) සුවිනීත ගති පැවතුම් ඇති බව දබර ඇඟිල්ලේ මැද පුරුකේ ඇති තාරකා ලකුණින් හෙළිවෙයි.
 
 (14) අනවශ්‍ය දේවල් කතා කිරීමේ දක්‍ෂ අයගේ අත්වල පිහිටන ලක්‍ෂණයක් වෙයි.
 
 (15) ඕනෑම දෙයක් විනිවිද දැකිය හැකි තියුණු වින්දන ශක්තියක් ඇති අයගේ ඇඟිලි තුඩුවල ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. ඇඟිලිතුඩුවල බලයන් ලොව මවිත කළ ‘හෙලන් කේලර්’ නමැති ප‍්‍රසිද්ධ අන්ධ කාන්තාවගේ අතේ ඇඟිලි තුඩුවල එවැනි තාරකා ලකුණ තිබුණ බව සඳහන් වේ.
 
 (16) යුතු අයුතුකම් නොදන්නා එවැනි අය ඇසුරට සුදුසු නොවේ.
 
 (17) අසුභ ලකුණක්. සාහසිකයකු අතින් ජීවිතය අහිමි වුණ මහත්මා ගාන්ධිතුමාගේ අතේත් තාරකා ලකුණක් තිබුණු බව කියැවේ. කෙසේ වුවත් තමන්ගේ අතේත් එවැනි ලකුණක් තිබුණත් බිය විය යුතු නොවේ. වෙනත් සුබ පිහිටීමක් ඇතිනම් ජීවිතය ආරක්‍ෂා වේ.
 
 (18) වෙද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ වැටී ඇති තාරකාවෙන් ගුප්තමය බලශක්තියක් ඇති අයෙකු හඳුන්වාදෙයි.
 
 (19) තමන්ගේ සුදුසුකම්වලට නොගැලපෙන රැුකියාවල නියුතු අයගේ අත්වල මේ විදියේ තාරකා ලකුණු වැටිය හැක.
 
 (20) වඩා බුද්ධිමත් වන එවැනි අය කුමන ක‍්‍රමයකින් හෝ උසස් තත්ත්වයකට පත්වෙයි.
 
 (21) සුළඟිල්ලේ මුල් පුරුකේ ඇති තාරකා ලකුණෙන් අන් අයගේ සිත් හඳුනාගැනීමේ ගුප් බලයක ඇති කෙනෙක් හඳුනා ගත හැක.
 
 (22) කුඩා කාලයේදීම මව්පියන් මිය ඇදෙන බව පෙන්නුම් කරයි.
 
 (23) සුලැඟිල්ලේ තුන්වෙනි පුරුකේ දිස්වෙන තාරකාවෙන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන වාසනාවන්තයෙක් හඳුනාගත හැක.
 
 රේඛා මත පිහිටීම
 
 ජීවන රේඛාව මත තාරකා ලකුණක් වැටීම අසුභයි. හදිසි අනතුරුවලට එය හේතුවිය හැකිය. නොයෙකුත් විදියේ මානසික රෝගවලට වගේම ස්නායු රෝගවලට හේතුවිය හැකි නිසා ශීර්ෂ රේඛාවට වුවත් තාරකා සලකුණ සුබ නොවේ. හෘදය රෙඛාව මත තාරකාවක් වැටී තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ ඇස්වලට ආබාධ ඇතිවීමට ඉඩ ඇත. කීර්ති රේඛාවට තාරක ලකුණ ඉතා හොඳ පිහිටීමක්. ජනතාව අතර ජනප‍්‍රිය වීමට ප‍්‍රසිද්ධ වීමට එය හේතුවෙයි. ශල්‍ය කර්මයන් සිදුවීමට ඉඩ ඇති නිසා සුඛ රේඛාව මත තාරකා ලකුණ දිස්වීම අසුබයි. කාන්තාවකගේ අතේ එවැනි පිහිටීමක් ඇතිනම් දරු ප‍්‍රසූතීන්වලදී ප‍්‍රවේශම් විය යුතුය.
 
 හිඹුටානේ  - පියතිලක ද අල්විස්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles