The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

⋆ වව්නතිව් පොලිස් භටයන් දෙදෙනා ඝාතනය වසන් කිරීමට කොටි උත්සාහ කරති

⋆ පුනරුත්ථාපනය නොවූ කොටි 416 ක් උතුරේ

⋆ උතුරේ මාධ්‍ය චැනල් ෆෝ මෙහෙයුම් වසන් කරති

⋆ නැගෙනහිර කොටි හමුදා නායකයාව සිටි රමේෂ්ගේ සගයා කන්නන් අසුවෙයි

සතුරන් අවස්ථාව එනතුරු බලාසිටියි - ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු

policeයුද්ධයක් නැති නිසා මාර්ග බාධක අවශ්‍ය නැති බව පැවසුවේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ය. ඒ අනුව උතුරු නැගෙනහිර මාර්ග බාධක රැසක් ඉවත් කෙරුණි. එහෙත් පුනරුත්ථාපනය වූ බව කියන කොටි 12000 ක් මෙන්ම පුනරුත්ථාපනය නොවූ කොටි, 416 ක් උතුරේ සිටින බව යහපාලන රජයට අමතක විය. ඒ සමගම යහපාලනයේ සංහිඳියා දොර විවෘත විය. ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් මෙන්ම යුරෝපයට පැනගිය කොටි සංචාරක වෙස්ගෙන උතුරට මෙන්ම නැගෙනහිරටද පැමිණියහ. මේ පසුබිම මැද සාධාරණ සමාජය නමින් අටවාගෙන තිබූ සංවිධානයක ප‍්‍රධානියාට අවශ්‍ය ලෙස හමුදා බුද්ධි ප‍්‍රධානියාද ඉවත් කෙරුණි. හමුදාව දිවිපුදා අල්ලාගත් කොටි පාලන ප‍්‍රදේශද මුදාහරිනු ලැබීය. මෙවන් අරාජික තත්ත්වයක් මැද යහපාලන රජය ඇද වැටුණි. රටේ ආරක්‍ෂාව කෙරේ තැකීමක් නොකළ යහපාලන රජය ඇද වැටීමෙන් පසු කොටි මිනීමරුවන් සැමරීමේ උත්සවවලට පොලිසියේ බාධාවන් ඇතිවිය. පසුගිය නොවැම්බර් 30 දා මඩකලපුව වව්නතිව් මුරපලේ සිටි පොලිස් භටයන් දෙදෙනා ඝාතනය වූයේ එවන් වාතාවරණයක් මැදය. කොටි පාලන සමයේ වව්නතිව් හමුදා කඳවුරට පවා ප‍්‍රහාර එල්ල විය. ආරක්‍ෂක කේන්ද්‍රස්ථානයක්වූ වව්නතිව්හි පිහිටුවා තිබූ මෙම පොලිස් මුරපල වෙත යවා තිබුණේ පිස්තෝල වලින් සන්නද්ධවූ පොලිස් භටයන් දෙදෙනකු පමණකි. හදිසියකදී වව්නතිව් පොලිසිය ඇමතීමට පණිවුඩ හුවමාරු ජාලයක්ද තිබුණේ නැත.

පොලිස් භටයන් දෙදෙනා ඝාතනය වීමෙන් පැය කීපයකට පසු නෝර්වේ සිට කි‍්‍රයාත්මක කොටි වෙබ් අඩවිය පැවසුවේ පොලිසිය සමඟ එක්ව කි‍්‍රයාකරන අපරාධ කල්ලියක් අතර ඇතිවූ අර්බුදයක් නිසා මෙම ඝාතන සිදුවී ඇති බව ප‍්‍රදේශවාසීන් පවසන බවයි. එසේම මහින්ද රාජපක්‍ෂට සම්බන්ධ විනයාගමුර්ති කරුණා මෙම ඝාතනයට සම්බන්ධ බව කොළඹ මාධ්‍ය පවසන බවද එම වෙබ් අඩවිය කියා සිටියේය.

මේ ප‍්‍රකාශයට සමගාමීව නොවැම්බර් 2 දා ලන්ඩන් කොටි වෙබ් අඩවිය පැවසුවේ පොලිස් භටයන් ඝාතනයට කරුණා සම්බන්ධ බවයි. එහෙත් ලන්ඩන් නුවර සිට කි‍්‍රයාත්මක වන අයි. බී. සී. රූපවාහිනියට ප‍්‍රකාශයක් කළ කරුණා තමා ඊට සම්බන්ධ නැති බව පවසනු ලැබීය.

එසේම ලන්ඩන් කොටි වෙබ් අඩවිය ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් කළ ප‍්‍රකාශයක්ද සඳහන් කර තිබුණි.

‘‘මඩකලපුවේදී පොලිස් භටයන් සිව්දෙනකුට වෙඩි තබා ඇති බවත් ඉන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔක්තෝබර් 20 දායින් පසු යළි මතුවී ඇති පාර්ශව කෙරේ බරපතල සැකයක් ඇති බවත් සුමන්තිරන් තවදුරටත් ප‍්‍රකාශ කර තිබුණි.

police1මෙවන් පසුබිම මැද මෙවර මඩකලපුව ප‍්‍රදේශයේ පැවැත්වූ කොටි සමරු උත්සවවලට කොටි ඩයස්පෝරාව අරමුදල් සපයා තිබුනත් පොලිස් හා බුද්ධි අංශ ඊට සහභාගි වන පාර්ශව වීඩියෝ ගතකිරීමට කි‍්‍රයාකළේ නැත. එලෙස කොටි සමරුවලට සහභාගිවූවන් වීඩියෝ ගතකළා නම් මෙවන් ඝාතනයක් සිදුවන්නේ නැත.

වව්නතිව් පොලිස් මුරපලේදී ඝාතනය වූ පොලිස් භට ප‍්‍රසන්නගේ සිරුරේ කැපුම් තුවාල 21 ක්ද දිනේෂ්ගේ සිරුරේ කැපුම් තුවාල 6 ක්ද තිබුණි.

මඩකලපුව පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් ඈතින් පිහිටි වව්නතිව් පොලිස් මුරපොළේ භටයන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඝාතකයන්ට පැනයාමට ඉඩ ලැබුණේ කෙසේද? මෙම පොලිස් භටයන් දෙදෙනාට ටී 56 අවියකින් වෙඩි තබා තිබුණ බවද හෙළිවිය.

ආරංචි මාර්ග දක්වන අන්දමට වව්නියා පොලිස් වසමට අයත් තන්ඩියාඩි කොටි සමරුමට බාධාකිරීමේ සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි කියති.

තන්ඩියාඩි යනු කලින් කොටි පාලන ප‍්‍රදේශයකි. මෙහි දැන් විශේෂ බළකා හමුදා කඳවුරක් ස්ථානගත කර තිබේ. පසුගිය වසර තුන තුළ මෙම කඳවුර නිසා කොටි සමරු උත්සව වලට පැමිණීම බෙහෙවින් අඩුවිය.

නොවැම්බර් 27 දා කොටි සමරුව පැවැත්වීමට පෙර නෙයාකිස් වේරහල් අඩයිප්පු නමින් සංවිධානයක් විසින් වෙළෙඳසල් වලින් කප්පම් ගෙන තිබූ බවද හෙළිවිය. කොටි සමරුව පැවැත්වීම සඳහා මෙම සංවිධානය එලෙස කප්පම් ගෙන තිබේ. මේ සංවිධානයේ නායකයා කේ. ප‍්‍රභාකරන් නැමැති හිටපු කොටියෙකි. මොහු සංවිධානය කර තිබූ මහාවිරු සමරුවට ජනතාව පැමිණ නැත. මේ නිසා එම ස්ථානයේ සරසා තිබූ කොඩි හා වෙනත් සැරසිලි ඉවත්කරන ලෙස ඝාතනයට ලක්වූ පොලිස් භටයින් දෙදෙනා නියෝග කර තිබූ බවත් අනාවරණය විය. පොලිස් භටයන්ගේ මේ කි‍්‍රයාව කොටි හිතවාදීන් නිරීක්‍ෂණය කර ඇතැයිද විමර්ශන වලින් හෙළිවිය.

මෙලෙස පොලිස් භටයන් දෙදෙනා ඝාතනයවීමට පෙර ලන්ඩන් කොටි වෙබ් අඩවිය කොටි හිතවාදීන් වෙත අනතුරු අඟවමින් රාජපක්‍ෂ බලයට පැමිණ ඇති බව කියා සිටියේය.

police2මේ නිසා වව්නතිව්හි සිදුවූ පොලිස් භටයන් ඝාතනය කොල්ලකරුවන්ගේ හෝ වෙනත් පිරිසකගේ කි‍්‍රයාවක් යයි පිළිගත නොහැක. වාකරේ ප‍්‍රදේශයේ පැවැත්වූ කොටි මහවිරු සමරුවට අළුතින් ස්මාරක ගෙනඒමට දරු උත්සාහයද වව්නතිව් පොලිසිය ව්‍යර්ථ කර තිබේ. මේ බව කොටි වෙබ් අඩවියක් විසින් හෙළිකර තිබුණි. වව්නතිව් පොලිස් ස්ථානාධිපතිවරයා ඊට වගකිවයුතු බවද එම වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කර ඇත.

මේ අතර කොටි හිතවාදී හිටපු බීබීසී වාර්තාකාරී ප‍්‍රෑන්සස් හැරිසන් නොවැම්බර් 27 දා මහවිරු දිනයේදී ගිනි ඇවිලීමට කි‍්‍රයාකළාය.

ඇය පැවසුවේ හමුදාව බුල්ඩෝසර් යොදා කොටි සුසාන භූමි වනසා ඇති බවත් කොටින්ගේ ආයුධ සන්නද්ධ අරගලය නව මගකට අවතීර්ණ වී ඇති බවයි. මෙලෙස වව්නතිව් ඝාතන සිදුවී අදට දින 10 ක් ගතවී ඇතත් මෙරට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් මේ අමානුෂික අපරාධය හෙළා දැක නැත.

එහෙත් එම පොලිස් භටයන් දෙදෙනාගෙන් ඝාතකයා හෝ ඝාතන පිරිස වෙඩි ප‍්‍රහාරවලට ලක්වී මියගියේ නම් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා අනිකුත් එන්. ජී. ඕ කල්ලි නටන නාඩගම දැකීමට හැකිවේ.

එන්.ජී. ඕ කල්ලි වල මේ නිහඬතාවයෙන් කියන්නේ එම ඝාතන අනුමත කරන බව නොවේද? යහපාලනය යටතේ දියත් කළ සංහිඳියාවේ සැබෑ යථාර්ථය වව්නතිව් සිද්ධියෙන් ජනාධිපතිට අවබෝධ විය යුතුය.

මන්ද යත් හමුදා බුද්ධි අංශයේ ප‍්‍රධානියාව සිටි බි‍්‍රගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත්කරනු ලැබුවේ සාධාරණ සමාජය නමින් අටවාගෙන තිබූ සංවිධානයේ ප‍්‍රධානියායි.

අනතුරුව ඔහුට මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමාසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කි‍්‍රයාකිරීමට සිදුවිය.

මෙම පසුබිම මැද නැගෙනහිර බුද්ධි ජාලය මුළුමනින්ම බිඳ වැටී දේශපාලකයන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට හමුදාවට සහ පොලිසියට සිදුවිය.

එහෙත් යහපාලන රජය ඇදවැටීමත් සමඟම පොලිසිය යළි කි‍්‍රයාත්මක විය. වව්නතිව්හි කොටි සමරුව සඳහා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කිරීමට හිටපු කොටි කි‍්‍රයාකාරීන් දැරූ උත්සාහයට පොලිස් ස්ථානාධිපතිවරයා ඉඩදී නැත. මේ පිළිබඳව දෙසැම්බර් 1 දා කොටි නිල වෙබ් අඩවිය මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි.

‘‘කොටි සමරු උත්සවයට පැමිණි ජනතාවට පොලිසිය හිරිහැර කරනු ලැබීය. එසේම සිකුරාදා දිනයේදී මහමග සිටි සිව්දෙනකුට පොලිසිය පහරදී තිබේ. ඊට පෙර මහවිරු සමරුව සඳහා සකස් කර තිබූ තාවකාලික කුටි වව්නතිව් පොලිසියේ නිලධාරීන් විසින් කඩාබිඳ දමා ඇත. මේ හැර සමරු උත්සවයේදී ප‍්‍රචාරය කිරීමට නියමිත ගීත කොටි සින්දු බව කියමින් එම ගීත වාදනය කිරීම වැලැක්වීමට අධිකරණ නියෝගයක්ද ගෙන තිබුණි. වව්නතිව් පොලිස් ප‍්‍රධානියා නීති විරෝධී වැලි ජාවාරමට සහ කළු සල්ලි ජාවාරමටද සම්බන්ධ බව හෙළිවිය. වරක් ප‍්‍රදේශයේ ජනතාව ඔහුව අතටම අල්ලා ගෙන තිබුණි...

police3කන්නන් තමා පැළඳ සිටි කළු කබාය වව්නතිව්හි බෝක්කුවක් යටට විසිකර තිබුණි. සූරෝ නැමැති පොලිස් නිල සුනඛයා එම කබාය සොයාගනු ලැබීය. මේ කබාය තම සැමියාගේ බව හඳුනාගත්තාය. අනතුරුව කන්නන්ගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී එහි ඝාතන ඡායාරූප තිබී හමුවිය.

කොටි නිල වෙබ් අඩවියේ මේ ප‍්‍රකාශය ඝාතනයට තුඩුදුන් බවට සැකකළ හැක. ගනේෂ් දිනේෂ් සහ ඉන්දික ප‍්‍රසන්න යන පොලිස් භටයන් දෙදෙනාගේ ඝාතනය සිදුවූයේ මේ පසුබිම මතය. මේ අතර එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුවේ කාත්තන්කුඩාහි හිටපු කොටි බුද්ධි නායකයකු වූ කන්නන් හෙවත් රාජ්කුමාරන් කදිරමාහම්බිද අත්අඩංගුවට ගෙන ඇත. මොහු හිටපු නැගෙනහිර කොටි හමුදා නායකයකුව සිටි රමේෂ්ගේ සහචරයෙක් බව හෙළිවී තිබේ.

මේ අතර කොටි සංවිධානයේ වත්මන් දේශපාලන හා නීති කි‍්‍රයාකාරීන් යයි හඳුන්වා ගත් කුර්බුරන් ගුණස්වාමි සහ ලාතන් චන්ද්‍රලිංගම් නැමැත්තන් ප‍්‍රකාශයක් කරමින් රජීව් ගාන්ධි ඝාතනයට කොටි සංවිධානයේ සබඳතාවයක් නැතැයි කියා සිටියහ.

රජීව් ගාන්ධි ඝාතනය සිදුකළේ ප‍්‍රභාකරන් බව කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් පවා නෝර්වේ සාම දූත එරික් සෝල්හයිම් වෙත හෙළිකර තිබියදී මේ කොටි නියෝජිතයන් ලෙස පෙනී සිටින තක්කඩි දෙදෙනා රජීව් ගාන්ධි ඝාතනයට ශ‍්‍රී ලංකාව සම්බන්ධ බව පවසා ඇත.

එසේ නම් බෝම්බකාරිය වූ ධනු නැමැත්තිය ශ‍්‍රී ලංකා රජය විසින් තමිල්නාඩුවට එවා ඝාතන මෙහෙයුම සිදුකළ බව පිළිගත හැකිද?

1991 වසරේ මැයි මස සිදුවූ රජිව් ගාන්ධි ඝාතනයට අදාල සියළු තොරතුරු මේවන විට හෙළිවී ඇත. රජීව් ගාන්ධි ඝාතනය කරන ලෙස ප‍්‍රභාකරන් විසින් තමිල්නාඩුවේ සිටි කොටි කණ්ඩායමට දුන් පණිවුඩය ප්ලොට් නායක සිද්ධාර්ථන් විසින් ඉන්දීය සාම හමුදාවේ බුද්ධි අංශ නායක හරිහරන්ටද ලබාදී තිබුණි. එවැනි විටක වසර 27 කට පසු මේ කොටි නරුමයන් දෙදෙනා සිය නිවේදනයෙන් ලෝක ප‍්‍රජාව රැවටීමට උත්සාහ කර ඇත.

මෙවන් පසුබිමක් මැද උතුරේ කි‍්‍රයාත්මක වන නියෝජ්‍ය අමාත්‍ය අන්ජාන් රාමනාදන් රැඳවුම් භාරයේ සිටින යුද අපරාධ සිදුකළ කොටි මිනීමරුවන් මුදාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් වාර්තා විය. මොහු තවත් නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුවූ කාදර් මස්තාන් සහ එස්. වියලේන්ද්‍රන් සමඟ රජයේ ඇමැතිවරයකු සමඟ සාකච්ඡාවක් පවත්වමින් එම හිටපු කි‍්‍රයාකාරීන්ට ජනාධිපති සමාවක් ලබාගැනීමට උත්සාහ කර ඇත.

police4මෙලෙස ජනාධිපති සමාව ලබාදීමට උත්සාහ කරන්නේ ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කර මගීන් 48 ක් මරාදැමූ සහ හමුදා භටයන් 26 ක් වෙඩි තබා මරා පිළිස්සූ කොටි ඇතුළු ත‍්‍රස්තයන් නොවේද?

පාර්ලිමේන්තු අර්බුදය අවසන් නොවී තිබියදී හිටපු කොටි යුද අපරාධකරුවන් නිදහස් කරන ලෙස හෝ ඔවුන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා නැත. මෙලෙස හිටපු කොටි මිනීමරුවන් නිදහස් කළහොත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් චෝදනා එල්ල කර ඇති හමුදා නිලධාරීන් 56 ක පිරිස යුද අපරාධ චෝදනා වලින් නිදහස් වේද?

උතුරු මහ ඇමැතිව සිටි විග්නේෂ්වරන් මෙන්ම ද්‍රවිඩ සන්ධානයටද හිටපු කොටි මිනීමරුවන් නිදහස් කරගැනීමට අවශ්‍ය වී ඇත.

යාපනයේ ශ‍්‍රීලනිප සංවිධායක අන්ජාන් රාමනාදන්ද මෑතකදී පත්වූ රජය ලවා ඉටුකරගැනීමට උත්සාහ කරන්නේ එම ද්‍රෝහී කි‍්‍රයාදාමයයි. මෙවන් පසුබිමක් මැද පසුගිය අඟහරුවාදා දහවල් කොළඹ අළුත්කඬේ අධිකරණය ඉදිරියේ පති‍්‍රකාවක් බෙදාහරින එන්.ජී. ඕ කාන්තාවන් පිරිසක් දැකගැනීමට හැකිවිය. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව නමින් සඳහන් පති‍්‍රකාවක් මොවුන් විසින් මුද්‍රණය කර තිබුණි.

නැවතත් අපි අපේ අයව බිලිදෙමුද යන ශීර්ෂය යටතේ බෙදාහරින ලද මේ පති‍්‍රකාවේ සඳහන් වූයේ ව්‍යවස්ථාව වල්වැද්දුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? ඒවායේ ගොදුරුවීමට ඔබගේ පවුලේ අයට ඥාතීන්ට ඉඩහැර අප මෙන් සදාකාලිකව වැළපීමට ඔබ සූදානම්ද යනුවෙනි.

මේ පති‍්‍රකාව පසුගියදා ඇද වැටුනු යහපාලන රජය වෙනුවෙන් නිකුත් කළ බව තහවුරු විය. එම පති‍්‍රකාවේ ප‍්‍රකාශකයා කවුරුන්දැයි හෙළිවීමෙන් බළලා මල්ලෙන් පැන්නා යන කියමන තහවුරු කළේය.

මේ අයුරු අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව අතුරුදන් හමුදා භටයන් 5000 ක් ගැන අදවන තුරු ප‍්‍රකාශයක් කර නැත. බටලන්ද වධකඳවුරේදී අතුරුදන්වූවන් ගැනද ඔවුන්ගේ හඬක් නැත. මේ සංවිධානය ඉරාකයේ අතුරුදන්වූ දස ලක්‍ෂයකට අධික සිවිල් වැසියන් ගැන කියන්නේ කුමක්ද?

මේ අතර කොටි ඩයස්පෝරාව උතුරේ සියළුම ද්‍රවිඩ පක්‍ෂ සහ එන්.ජී. ඕ කි‍්‍රයාකාරින්ට දැඩි බලපෑම් එල්ල කරමින් සඳහන් කර ඇත්තේ සිංහලයන් භේද බින්න වීමේ මෙවන් වාසිදායක අවස්ථාවක් මින්පෙර ඇතිවී නැති බවත් වහාම තම ඉල්ලීම් ලිඛිතව ලබාගැනීමට කි‍්‍රයාකරන බවයි. එම බලපෑම් තහවුරු කරමින් ප‍්‍රභාකරන්ගේ මස්සිනාවූ එම්. කේ. සිවාජිලිංගම් පැවසුවේ ද්‍රවිඩයන්ට ලබාදෙන ඉල්ලීම් ලිඛිතව ලැබිය යුතු බව පසුගිය යහපාලන රජයේ ප‍්‍රධානියාට දන්වන ලෙසයි.

police5මේ ඉල්ලීම් නම් හිටපු කොටි කි‍්‍රයාකාරීන් නිදහස් කිරීම, පෙඩරල් සහිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක්, උතුරු නැගෙනහිරට ද්‍රවිඩ භාෂාව කතාකරන පරිපාලන නිලධාරීන් පත්කිරීම, උතුරේ කටයුතු වලට මැදිහත්වීමේදී උතුරේ ද්‍රවිඩ පක්‍ෂවල අවසරය මත කි‍්‍රයාකිරීම, නව ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම ඇතුළු කරුණුයි.

මෙවන් පසුබිමක් මැද මෙරට ජර්මානු තානාපති ජෝන් රෝඞ්ස් මන්නාරම සමූහ මිනීවළ නිරීක්‍ෂණය කිරීමට කි‍්‍රයාකළේ මන්දැයි විදේශ කටයුතු බලධාරීන් විමසුවේ නැත.

මේ අන්දමට ජර්මනියේ සිටින ඇමරිකානු තානාපති රිච්ඞ් ගේ‍්‍රකල් එරට දේශපාලන කටයුතු වලට මැදිහත්වූ අවස්ථාවේ එස්. ඞී. පී. පක්‍ෂයේ හිටපු නායක මාටින් ග‍්‍රල්ස් මේ මිනිසා අපේ රටේ සිදුකරන්නේ කුමක්ද ඔහුගේ කි‍්‍රයාවන් ජාත්‍යන්තර තානාපති කටයුතු නොවේ යයි චෝදනා කළේය.

මෙම ඇමරිකානු තානාපතිවරයා රටින් පිටුවහල් කළ යුතු බවටද ජර්මන් දේශපාලකයන් කීපදෙනෙක් රජයට කියා සිටියහ.

ජර්මනියේ සිටින ඇමරිකානු තානාපතිවරයා රටින් පිටුවහල් කරන ලෙස හඬ නැගීමට එරට දේශපාලකයන් කි‍්‍රයාකළත් ශ‍්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති පිටුවහල් කළ යුතු යයි මෙතෙක් හඬක් නැගී නැත. ඉන් අපේ රටේ තත්ත්වය පැහැදිලි වේ.

ඇමරිකානු කැනඩා බි‍්‍රතාන්‍ය නෝර්වේ ස්විට්සර්ලන්තය මෙන් යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරු මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන්නේ පාලකයන්ගේ නිවටකම නිසාය.

මේ අතර වව්නතිව් ද්විත්ව ඝාතනයෙන් පසු නොවැම්බර් 4 දා ශ‍්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකිනොන් මුලතිව්හි පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ රහසිගත සංචාරයක යෙදුණි.

ඔහු පුදුකුඩිඉරිප්පුහි හිටපු කොටින්ගේ කාර්යාලයේදී හමුවූයේ හිටපු කොටි ත‍්‍රස්තයන්ය. දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගෙන ඇති බව කියන මේ කොටි ත‍්‍රස්තයන්ව කැනඩා මහකොමසාරිස් හමුවී පැවැත්වූ රහස් සාකච්ඡාව කුමක්ද?

කැනඩා මහ කොමසාරිස්ගේ මේ මුලතිව් සංචාරය සිදුවූයේ කොටි ත‍්‍රස්තවාදීන් උත්සව පැවැත්වීමෙන් දින කීපයකට පසුවය.

ඬේවිඞ් මැකිනොන් මුලතිව් වලදී කොටි හමුවන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ රජයක් කි‍්‍රයාත්මක නොවුනි.

එහෙත් පොලිසිය, හමුදාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය බලාසිටියේය.

ඬේවිඞ් මැකිනොන් මුලතිව්හිදී හමුවූයේ ප‍්‍රභාකරන්ගේ පුද්ගලික ආරක්‍ෂක ප‍්‍රධානියා ලෙස කටයුතු කල සිවනාදන් නවිද්රා හෙවත් වෙන්තන් නැමැත්තායි.

එහිදී කැනඩා තානාපතියා සාකච්ඡා කර ඇත්තේ හිටපු කොටින්ගේ වත්මන් ආරක්‍ෂාව සහ ඔවුන්ට ආරක්‍ෂක අංශවලින් හිරිහැර සිදුවන්නේද යන්නයි.

මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් ත‍්‍රස්තයන්ගේ ආරක්‍ෂාව ගැන විමර්ශනය කිරීමට මේ තානාපතියා කවුද යන්නයි.

ඉන්පසු කැනඩා තානාපති හිටපු පළාත් සභා මන්ත‍්‍රී රවිකරන් හමුවී සාකච්ඡා කර ඇත. එහිදී මුලතිව්හි බෞද්ධ කි‍්‍රයාකාරකම් සිදුවන බවටත් නන්දිකඩාල්හි ඉඩම් හමුදාව අල්ලාගෙන ඇති බවටත් රවිකරන් තානාපතිට පැමිණිලි කර ඇත.

police6කැනඩාව කොටි නෞකා ජාලයේ ප‍්‍රධානියාට පවා දේශපාලන රැකවරණ ලබාදී තිබුණි. එසේම කැනඩා කොටි ජාලය ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත යුද්ධයට අරමුදල් එවූ බව කැනඩා පොලිසියද සොයාගෙන තිබුණි. මේ තත්ත්වය මැද කැනඩා මහකොමසාරිස් අද මෙරට ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද සෘජුව මැදිහත්වේ. එහෙත් මොහු පිටුවහල්කිරීමට කි‍්‍රයානොකරන්නේ මන්ද?

මෙලෙස දිනපතාම විදේශ තානාපතිවරුන්ගේ කි‍්‍රයාදාමයන් හෙළිවෙද්දී බි‍්‍රතාන්‍යයේ සිටි කොටි හිතවාදී මන්ත‍්‍රී කණ්ඩායම බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කරමින් ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන් අනතුරුදායක තත්ත්වයකට ලක්වී ඇති බව දක්වමින් වහාම ශ‍්‍රී ලංකාවට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා ආ ඔවුන් ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණීමය.

කොටි සහය මත කටයුතු කරන මේ මන්ත‍්‍රී කණ්ඩායම බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් වෙත හදිසි සංදේශයක් යවමින් මේ බව දක්වා තිබේ.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

srima250

නවලිය

nava250

දියග

instine250

මීවිත

rohitha250

More Articles