Divaina - මෙන්න! රටේ තත්ත්වය... නාවික හමුදාවේ මෙහෙයුම් සහ බුද්ධි ජාලයේ රහස් සතුරන්ටහෙළි කරයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

araksha

⋆ හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා රහස් පොලිසියට ප‍්‍රකාශයක් කළ බව එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා හෙලිකරයි

⋆ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකානු නිලධාරීන් දෙදෙනකු කළ තර්ජනය ඉරිදා දිවයින විශේෂයෙන් හෙලිකිරීම ගැන රජයේ විiුත් නාලිකාවක පත්තර විස්තර කියන්නෙක් උම්බෑ කියයි

⋆ ප‍්‍රභාකරන්ගේ වම් පාදය කැපූ බවටත් රජීව් ගාන්ධි ඝාතනය කළේ ඉන්දියාව බවටත් පැවසූ ලන්ඩන්හි ශ‍්‍රී ලාංකිකයා තවත් රැුවටීමකට මෙරටට පැමිණේ

අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඩිට අපි යුක්තිය ඉටුකළෙමු - ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්

ලොව බිහිසුණු ත‍්‍රස්ත නායකයා වූ අබු බකර් අල් බැග්ඩෑඩිට එරෙහි ඇමරිකානු ජනපති දුන් නියෝගය වූයේ අල්ලාගනු නැත්නම් මරාදමනු යන්නයි. අයිසිස් නායකයාට එරෙහි ඝාතන මෙහෙයුම නිරීක්‍ෂණය කිරීම සඳහා ධවල මන්දිරයේ මෙහෙයුම් කාමරයට ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්පර් - උප ජනපති මයික් පෙන්ස් ඒකාබද්ධ මෙහෙයුම් ප‍්‍රධානි ජෙනරාල් මාර්ක් මිලර් පැමිණ සිටියහ. අබුබකර් අල් බැග්ඩෑඩි ඝාතනය වූ බව ට‍්‍රම්ප් නිවේදනය කළේ පසුගිය ඉරිදා උදේ 9 ට පමණය.

බැග්ඩෑඩිට එරෙහි මෙහෙයුම සාර්ථක වීමෙන් සතුටට පත් ට‍්‍රම්ප් පැවසුවේ අයිසිස් නායකයා හඬමින් උමගක රිංගූ බවත් ඔහු මියගියේ බල්ලෙකු මෙන් බවත්ය.

එහෙත් මේ ඝාතනය මෙහෙයවීමට පෙර ට‍්‍රම්ප් ජිනීවා මානව හිමිකම් කවුන්සලයෙන් හෝ මානව හිමිකම් ගැන හඬ නගන එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාගෙන් සහ ලොව මානව හිමිකම් සංවිධාන වලින් අවසර ගත්තේ නැත.

ජනපති ට‍්‍රම්ප් ක‍්‍රියාකළේ ලෝක පොලිස් කාරයා මෙනි. එසේම අයිසිස් නායකයා මරාදැමීම සඳහා සහය වූ ඇමරිකානු ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්පර් ඊට වගකිවයුතු යයි ඇමරිකානු මාධ්‍ය පැවසුවේ නැත. මේ ඝාතනය යුද අපරාධයක් බවත් ට‍්‍රම්ප් ඇතුළු නිලධාරීන් පිරිස ජාත්‍යන්තර අධිකරණයට ගෙන යායුතු බව ඇමරිකාවේ හෝ බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්‍ෂ පැවසුවේ නැත.

araksha2මේ මෙහෙයුම ගැන ට‍්‍රම්ප් පැවසුවේ ඇමරිකාවට තර්ජනය එල්ල කරන ඕනෑම ත‍්‍රස්ත නායකයකු විනාශ කරදැමීමට ඇමරිකාවට අයිතියක් ඇති බවයි. එසේ වුවත් පසුගිය බ‍්‍රහස්පතින්දා ඇමරිකානු විදේශ සබඳතා පිළිබඳ කමිටුව හමුවේ කරුණු දැක්වූ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් ඩෙස්ට්රෝ පැවසුවේ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම නිසා ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර කි‍්‍රයාත්මක වන හමුදා සහයෝගිතාවය අඩාල වන බවයි.

මෙම ප‍්‍රකාශයට සමානව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ශ‍්‍රී ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් කළේය.

ශවේන්ද්‍ර සිල්වා සහ අනිකුත් චූදිතයන්ට එරෙහිව සීමාවන් පැනවීමට ඉඩ ඇතැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය. විදේශ සබඳතා කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ ඇලිස් වෙල්ස් තවදුරටත් මෙලෙස පවසා ඇත.

‘‘හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම නිසා ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාව පිළිබඳ ලබාදුන් ප‍්‍රතිඥාවලට අයහපත් තත්ත්වයක් ඇතිකරයි. ඔහුට එරෙහිවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සංවිධාන ගොනුකර ඇති චෝදනා බරපතල මෙන්ම විශ්වාසනීය වේ. ජනපතිවරණයේදී කුමන අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කලත් අපේ මානව හිමිකම් න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන ලෙස අපි ඔහුට බලපෑම් කරන්නෙමු.

එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ තර්ජනයට ශ‍්‍රී ලංකා රජය හෝ විදේශ කටයුතු බලධාරීන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි පවසන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇමරිකාව සිදුකළ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන නිහඬව සිටියි.

දෙවැනි ලෝක මහා යුද්ධයේදී හිරෝෂිමා සහ නාගසාකි යන ජපන් නගරවලට පරමාණු බෝම්බ දමා විශාල ජනකායක් මරාදැමීම, වියට්නාම් යුද්ධයේදී උතුරු වියට්නාම් ජනතාව අතිවිශාල පිරිසක් බෝම්බ දමා ඝාතනය කිරීම, සර්බියාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය, ඉරාකයේ ලක්‍ෂයකට අධික ජනතාවක් අතුරුදන් කිරීම, ඇෆ්ගනිස්ථානයේදී යුද අපරාධ සිදුකිරීම යන සිදුවීම් ඇමරිකාවේ යුද අපරාධ ලේඛනයේ සඳහන් වී ඇත.

ජාත්‍යන්තර අධිකරණය පසුගියදා ඇමරිකානු භටයන් ඇෆ්ගනිස්ථානයේ සිදුකළ යුද අපරාධ ගැන සෙවීමට එරටට සිය නඩු අධ්‍යක්‍ෂවරිය එවීමට තීරණය කළ අතර ඇමරිකානු රජය ඊට ඉඩදුන්නේ නැත.

මේ පසුබිම මැද අයිසිස් නායකයා ඝාතනය කිරීමේ මෙහෙයුමේදී සිවිල් වැසියන් කීදෙනෙක් මරුමුවට පත්වූයේද යන්න ගැන ජනපති ට‍්‍රම්ප් හෝ ඇමරිකානු හමුදාව හෙලිකර නැත.

මෙලෙස ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමට සතියකට පෙර කොළඹ ඇමරිකානු තානාපති නිලධාරීන් පිරිසක් යාපනයට ගොස් උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් හමුවී රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.

එසේම ඇලිස් වෙල්ස් ශ‍්‍රී ලංකාව පිළිබඳව එරට විදේශ සබඳතා කමිටුව හමුවේ කළ කරුණු දැක්වීමේ සියලූ තොරතුරු කොටි ඩයස්පෝරාවට කල්තියා ලැබී ඇත.

ඇය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක‍්‍රියාත්මක කිරීම ත‍්‍රස්ත මර්දන පණත අහෝසි කිරීම, සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කිරීම, අතීත අපරාධ සෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම යන කරුණු ශ‍්‍රී ලංකාව ඉටුකළ යුතු බවයි.

එහෙත් ඇමරිකාව මේ අන්දමට ඉන්දියාවේ රාජ්‍ය නායකත්වයට අනතුරු අඟවමින් අප ඉදිරිපත් කරන ඉල්ලීම් ඉටුකළ යුතු යයි කියන්නේද?

මෙරටට පෙඩරල් පාලන ක‍්‍රමයක් යෝජනා කළේ ඇමරිකාවයි. තම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටද ඇමරිකාව කි‍්‍රයා කළේය.

එසේ වූවත් අයිසිස් නායකයාගේ ඝාතනය සිදුවූයේ ඔහු පුපුරුවා ගැනීමෙන් නැත්නම් ඇමරිකානු ඩෙල්ටා ප‍්‍රහාරක බළකාය ඔහුව මරාදැමුවාද යයි සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීමට ඇමරිකානු රජය කි‍්‍රයාකරනු ඇතැයි කිවහැකිද?

මේ අතර පසුගිය 24 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ද්‍රවිඩ සංහාරය

පිළිගැනීමේ සමුළුව නමින් රැුස්වීමක් පවත්වනු ලැබීය.

කොටි හිතවාදී විපක්‍ෂ නායක ජෙරමි කොර්බින්ගේ මෙහෙයවීමෙන් පැවැති මේ සමුළුවට කැනඩාවේ මන්ත‍්‍රි ගැරී ආනන්ද සංගරිද සහභාගි විය.

මෙහිදී කරුණු දැක්වූ කොර්බින් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්විය යුතු බවත් ත‍්‍රස්ත මර්දන පණත අහෝසි කළ යුතු බවත් කියා සිටියේය.

මේ සමුළුව සඳහා කොටි ඩයස්පෝරාව මුල්ලිවයික්කාල්හිදී දිවි බේරාගත් තරුණියක ලෙස දක්වමින් කල්පාරනි කනගලිංගම් නැමැත්තියවද කැඳවා තිබුණි. ඇය ලන්ඩන් නුවරදී සමුළුවකට සහභාගිවූ මුල් අවස්ථාව මෙයයි.

araksha3මේ ද්‍රවිඩ තරුණිය ප‍්‍රකාශයක් කරමින් 2019 මැයි 17 දා තමා අවසන් වරට සිය පියාව දුටු බව කීවාය. 2019 දී ඇගේ වයස අවුරුදු හතරකි. දැන් ඇගේ වයස අවුරුදු 14 කි. ලන්ඩන් නුවර පදිංචිව සිටින තමා ළමුන් හඬන අයුරු දුටු බවත් තම පියා ඥාතීන් සමඟ විවෘත බංකරයක සිටි බවත් කියා සිටි ඇය යුද හමුදාව එල්ල කළ බෝම්බයක් තමා සමීපයේ පිපිරුන බවද පැවසුවාය. එසේම තම ඥාතීන් දෙදෙනකු ගුවන් ප‍්‍රහාර වලින් මියගිය බවත් ඇය තවදුරටත් කීවාය.

මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය වන්නි මෙහෙයුම සමයේ සිව් හැවිරිදි වියේ පසුවූ මේ ද්‍රවිඩ තරුණිය 2019 ඔක්තෝබර් මස ලන්ඩන් නුවරින් මතුවීමයි.

මේ හැර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණ රැුඳවුම්භාරයේ සිටින කොටින්ගෙන් කටඋත්තර ලබාගත් බෙන් එමර්සන්ද මෙම සමුළුවට සහභාගි විය.

බෙන් එමර්සන් ද්‍රවිඩ සමූල ඝාතනය පිළිගැනීමේ කොටි සමුළුවට සහභාගිවීමෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය කි‍්‍රයාකරන්නේ කොටින්ට පක්‍ෂව බව සනාථ විය.

ඔහු මෙම සමුළුව අමතා පැවසුවේ උතුරු නැගෙනහිර හමුදාකරණයට ලක්වී ඇති බවයි. ශ‍්‍රී ලංකාව ත‍්‍රස්ත මර්දන පනතෙන් ද්‍රවිඩයන් ඉලක්ක කර ඇතැයිද එමර්සන් තවදුරටත් කි‍්‍රයා සිටියේය.

මේ නිසා බෙන් එමර්සන් 2020 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන විමර්ශන වාර්තාව පිළිගත හැකිද?

ඔහු ලන්ඩන් කොටි සමුළුවට සහභාගිවීමෙන් කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාපිත බව කියන පිළිවෙත බිඳ දැමීමකි. බෙන් එමර්සන් හෝ පෙට්රි මේ සමුළුව ඇමතීම ගැන ශ‍්‍රී ලංකාවේ වත්මන් රජය විරෝධතා දක්වා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට හෝ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ට පැමිණිලි කර නොමැත.

මේ සමුළුවට එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරියකු වූ චාල්ස් පෙට්රිද සහභාගි වී ඇත.

මින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කි‍්‍රයාකලාපය තහවුරු නොවන්නේද?

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විමර්ශන වාර්තාවෙන් ආරක්‍ෂක බුද්ධි සේවාවල දුර්වලතා සනාථ වන අවස්ථාවේ තවත් බරපතල සිද්ධියක් අනාවරණය විය.

ඒ නාවික හමුදාවේ සමස්ත බුද්ධි ව්‍යුහය පමණක් නොව ආරක්‍ෂක කි‍්‍රයාමාර්ගද හෙලිදරව් කිරීමේ පිටු 110 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමයි.

අද අපි එම වාර්තාවේ තොරතුරු විශෙෂයෙන් හෙලිකරන්නෙමු.

බුද්ධි නිලධාරීන් ගැන මෙන්ම ආරක්‍ෂක උපාංග සවිකර ඇති ස්ථානවලට අදාල තොරතුරු ඇතුළත් මේ වාර්තාව එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා විසින් කොටුම්පත් කර තිබුණි.

මේ ගැන ඇය එම වාර්තාවේ දක්වා තිබුණේ පිරිමි 11 ක් ති‍්‍රකුණාමල නාවික හමුදා කඳවුරේදී අතුරුදන්වීම ගැන හෙලිකෙරෙන පොලිස් පරීක්‍ෂණවලට අදාළ ලිපිලේඛන සිද්ධිය සියැසින් දුටු දිවි ගලවා ගත් අයගේ සහ අභ්‍යන්තර සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ තම වාර්තාවට ගොනු වී ඇති බවයි.

මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් පොලිස් පරීක්‍ෂණවලට අදාළ ලිපි ලේඛන ඇයට ලැබුණේ කෙසේද සහ එම ලිපිගොනු සැපයුවේ කවුද යන්නයි. යස්මින් සුකාගේ වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ති‍්‍රකුණාමල තිස්ස නාවික කඳවුරේ ඊශ‍්‍රායල් නිෂ්පාදිත අවට දිස්වන පැනෝරාටික් කැමරාවක් සවිකර තිබූ බවයි.

ඇය සිය වාර්තාවෙන් හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනකු වූ වසන්ත කරන්නාගොඩ, රවීන්ද්‍ර විජයගුණරත්න සහ රියර් අද්මිරාල් ඞී. කේ. පී දසනායක වරදකරු කර තිබේ.

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ඇතුලත කි‍්‍රයාමාර්ග විමර්ශනය කිරීමට වසර හයක් ගතවූ බවත් ජී. පී. එස්. තාක්‍ෂණය ඔස්සේ ති‍්‍රකුණාමල නාවික කඳවුරේ ගන්සයිඞ් සිරකඳවුරක් සොයාගත් බවද ඇය අනාවරණය කර ඇත.

මෙම වාර්තාවෙන් ඇය ජිනීවා මානව හිමිකම් බලධාරීන් වෙත පවසා ඇත්තේ සමස්ත නාවික හමුදාව විදේශ රටවල් සමඟ පවත්වන සබඳතා ඒකාබද්ධ මෙහෙයුම් වැඩමුළු සහ පුහුණු කිරීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ගේ ඡුායාරූපද ඔවුන්ගේ නිල ලිපිගොනුවල රහසිගත විස්තරද හෙලිදරව් කෙරෙන මෙම වාර්තාව මෙරට නාවික හමුදාව පාවාදීමකි.

මිලේනියම් සිටි සිද්ධියෙන් හමුදාවේ දිගුදුර විමර්ශන ඒකකය පාවාදීම සිදුවූයේ එ.ජා.ප. පාලනය සමයේදීය. මෙවරද නාවික හමුදාව පාවාදීමකට ලක්වී ඇත්තේ එවන් පාලනයක් තුළය. එහෙත් එයට සම්බන්ධ නාවික නිලධාරීන් කවුදැයි මෙතෙක් හෙලිවී නැත. එහෙත් විශාල මුදලක් මත මෙම පාවාදීම හෙවත් ද්‍රෝහිකම සිදුවී ඇත. ඊට නාවික හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ද සම්බන්ධ බව අවිවාදයෙන්ම තහවුරු වේ.

සුකාගේ මේ වාර්තාවෙන් හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා රහස් පොලිසියට ප‍්‍රකාශයක් කර ඇතැයිද දක්වා ඇත. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා ලෙස සේවය කර දේශපාලන

පලිගැනීමකට ලක්වූ බව පවසා නාවික හමුදාපතිධුරය ලබාගත් සින්නයියා රහස් පොලිසියට ප‍්‍රකාශයක් කළ බව යස්මින් සුකා දැනගත්තේ කෙසේද?

එසේම කොළඹ නාවික හමුදා මූලස්ථානයේ තිබූ හමුදා නිලධාරීන්ගේ ඡුායාරූප ඇගේ වාර්තාවට ඇතුලත්වීමද බරපතල සිද්ධියකි. නාවික හමුදාවට චෝදනා එල්ල වන මේ වාර්තාව ගැන නාවික හමුදා බලධාරීන් විදේශ කටයුතු බලධාරීන් වෙත දන්වනු ලැබුවත් ඒවනවිටත් එවන් වාර්තාවක් ගැන ඔවුන්ට අනාවරණය වී නොතිබුණි.

පසුගිය ඔක්තෝම්බර් 24 දා ප‍්‍රකාශයට පත්වූ මේ වාර්තාව ගැන අද වන තෙක් විදේශ කටයුතු බලධාරීන් ප‍්‍රතිචාරය දක්වා නොමැත. ඇමරිකාවේ හිටපු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් එරට පැවැති සිවිල් යුද්ධය සමයේ පැවසුවේ ද්‍රෝහීන් හා චරපුරුෂයන් තම හමුදාව තුළ සිටින බවයි. නාවික හමුදාව තුළත් අද සිදුවී ඇත්තේ එවන් ද්‍රෝහී කි‍්‍රයාදාමයක් නොවේද?

එහෙත් වත්මන් රජය ජනපතිවරණය ජයගැනීම මිස නාවික හමුදාවේ රහස්‍ය තොරතුරු පිටවීම කෙරේ අවධානය යොමුකර නොමැත.

එම රහස් තොරතුරු පිටස්තර අයකුගෙන් නොව එම තොරතුරු ගැන හොඳින් දන්නා නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියකුගෙන් පිටවී ඇති බව සනාථ වේ.

එය තහවුරු වන්නේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධව නාවික සාක්‍ෂිකරුවකු කළ බව කියන ප‍්‍රකාශයයි.

මේ නාවික සාක්‍ෂිකරු කවුදැයි යස්මින් සුකා හෙළිකර නැත.

එම සාක්‍ෂියේ මෙලෙස දක්වා තිබේ.

‘‘ගෝඨාභය රාජපක්‍ෂ සමයේ කි‍්‍රයාත්මක වූ ඒකකයක් පැවැති බව ෆොන්සේකා පැවසුවා අපි කතා කරන්නේ එම ඒකකය ගැනයි’’

මෙම ප‍්‍රකාශය එම නාවික සාක්‍ෂිකරු කර ඇත්තේ සුකාට නොව රහස් පොලිසියට බව හෙළිවී ඇත. එවන් විටෙක එකී ප‍්‍රකාශය සුකාට ලැබීම බරපතල සැකයට තුඩුදෙන කරුණක් නොවේද?

මේ හැර යස්මින් සුකා වාර්තාවෙන් පිටවී ඇති නාවික හමුදා රහසිගත තොරතුරු මෙලෙස දැක්විය හැක.

1. නාවික හමුදා අණදෙන ව්‍යුහය

2. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යටතේ විශේෂ බුද්ධි ඒකකයක් කි‍්‍රයාත්මක වීම

3. නාවික හමුදා බුද්ධි ඒකකය : භ්ඩහ සබඑැකකසටැබජැ ජදපප්බ්ා* මේ ඒකකයට සම්බන්ධ නිලධාරීන් නවදෙනා හෙළිවීම ඊට අනුබද්ධ නිලධාරීන් 18 ක් ගැනද අනාවරණය වීම.

4. නාවික නිලධාරීන් 34 කගේ ඡුායාරූප සහිත තොරතුරු ප‍්‍රකාශයට පත්වීම

මෙලෙස නාවික හමුදාවේ මෙහෙයුම් ඒකකය සහ බුද්ධි මණ්ඩලයේ තොරතුරු දකුණු අපි‍්‍රකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින කොටි කොන්ත‍්‍රාත්කාරියක් යස්මින් සුකාට ලැබෙන තුරු නාවික බලධාරීන්ට වාර්තා වී නැති බව පැහැදිලිය.

පරීක්‍ෂකයන් හයදෙනකු යොදවා වසර හයක් තිස්සේ තමා නාවික හමුදාවට අදාළ තොරතුරු සෙවූ බව සුකා හෙළිකර ඇත.

එසේ නම් මේ පරීක්‍ෂකයන් සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ නොව කොළඹ බව සනාථ නොවන්නේද?

සුකාගේ මේ විමර්ශන වාර්තාවේ

ඇවන්ගාඞ් නැමැති පුද්ගලික සමාගමට අදාළව පිටු 7 ක වාර්තාවක් ඇතුලත්වීමෙන් හෙළිවන්නේ දේශපාලනික මෙහෙයුමක් මෙකී වාර්තාව පසුබිමේ ඇති බවයි.

මේ අතර පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ ගෝඨා-සජිත් කවුරු දිනුවත් යුද හමුදාපති ඉවත් කළ යුතුයි යන ප‍්‍රධාන පුවත පිළිබඳව රජයේ විiුත් නාලිකාවක පත්තර විස්තර කියවන්නෙක් උම්බෑ යයි හඬ නැගුවේය. එ.ජා.ප.ය යටතේ ප‍්‍රාදේශීය සභාවකට තරග කළ පරාජය වූ මේ අඥානයා අපට ඇමරිකානු විදේශ පිලිවෙත ඉගැන්වීමටද ඉදිරිපත් විය. සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් කළ මෙම තර්ජනය ගැන දැක්වෙන පුවත විශේෂයෙන් හෙළිකළේ ඉරිදා දිවයිනයි.

ඇමරිකානු විදේශ කටයුතු පිළිබඳ අනුකමිටුව හමුවේ සහකාර රාජ්‍ය ලේකම්වරුන්වූ රොබර්ට් ඩෙස්ට්රෝ ඉදිරිපත් කළ කරුණු අප සතුව ඇත. එවැනි විටෙක රජයේ විiුත් මාධ්‍ය අනිසි ලෙස භාවිත කර ජනතාව රැවටීමට මොහු කි‍්‍රයාකර ඇත.
Alice wells said the us would actively press its human rights agenda with whichever candidate emerged victorious from next months election

මේ පසුබිම කොටි සංවිධානය යලි පණගැන්වීමට සැලසුම් කළ මැලේසියානු මන්ත‍්‍රීවරු දෙදෙනකු ඇතුළු 12 කට එරෙහි චෝදනා ගොනු කිරීමට මැලේසියා ත‍්‍රස්ත මර්දන පොලිසිය කි‍්‍රයාකර ඇත.

මෙම කොටි හිතවාදීන්ට ඇප නියම කිරීම මැලේසියා අධිකරණය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මේ අතර ජනපතිවරණයක් යටතට ලන්ඩන් නුවර පදිංචි ශ‍්‍රී ලාංකිකයෙක් මෙරටට පැමිණියේය. ප‍්‍රභාකරන්ගේ වම් පාදය කැපූ බවටත් රජීව් ගාන්ධි ඝාතනය කළේ ඉන්දියාව බවද චැනල් ෆෝ රූපවාහිනිය වසා දැමීමට නියමිත බවත් පැවැසුවේ මේ තැනැත්තායි.

මහින්ද රාජපක්‍ෂ රජය සමයේ මොහු සිය දියණිය බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ බෑණා ස්විස්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරු වලටත් පත්වූ බව අනාවරණය විය.













 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles