Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

cbl135ශ‍්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගම් සමූහයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඞ් (CBL) සමාගමේ 2018/19 වාර්ෂික සම්මේලන සහ විකුණුම් තරු සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පසුගිය මුල්‍ය වර්ෂය පුරා සමාගමේ වර්ධනය සඳහා දායකත්වය ලබා දුන් ක්ෂේත‍්‍ර විකුණුම් බළකාය සහ ඉහළ විකුණුම් කාර්යසාධනයක් පෙන්නුම් කළ විකුණුම් බළකායේ සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම මෙම වාර්ෂික සම්මාන උළෙලේ ප‍්‍රධානත ම අරමුණයි. ක්‍ඊඛ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරීන්, ක්ෂේත‍්‍ර විකුණුම් කළමනාකාරිත්වය සහ එම සමාගම නියෝජනය කරමින් තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

wela1බේකින් පාඨමාලා පැවැත්වීම සඳහා යුරෝපයේ අංක එක Beko සහ Kenwood සන්නාමයන් භාවිතයට AB Mauri සූදානම් වේ.
 
 ගෘහස්ථ බේකරි නිෂ්පාදකයන් වෙනුවෙන් බේකින් පාඨමාලා පැවැත්වීම සඳහා බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා AB Mauri Lanka සමාගම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් ( ශී‍්‍ර ලංකා), සමග අත්වැල් බැ`දගනී.
 
 AB Mauri Lanka සමාගම විසින් ලොව සුපතල විද්‍යුත් බේකරි උපකරණ සන්නාමයන් වන Beko, Kenwood ආදී උපකරණ උපයෝගී කරගනිමින් බේකරිවලට, ව්‍යාපාරවලට සහ නිවාසවලට අවශ්‍ය බේකරි නිෂ්පාදන නිපදවීමට දැනුම ලබාදීම වෙනුවෙන් මෙම බේකින් පාඨමාලා පවත්වයි. AB Mauri සමාගම වසර 30ක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් කටයුතු සිදුකරන අතර AB Mauri බේකරි පුහුණු මධ්‍යස්ථානය ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටා තිබේ. එහිදී ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින සූපවේදීන්ගේ මගපෙන්වීමෙන් NVQ Level 03 iy City & Guilds  සහතික පත‍්‍ර ලබාදෙන සියලූ බේකරි උපකරණවලින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් පුහුණු සහ නුපුහුණු බේකරිකරුවන් වෙනුවෙන් පවත්වයි.
 
 සිංගර් (ශී‍්‍ර ලංකා) ආයතනය විසින් Beko, Kenwood සන්නාමයෙන් නිර්මාණය කළ නවතම freestanding ovens iy kitchen machines වර්ග AB Mauri බේකරි පුහුණු මධ්‍යස්ථානය වෙත ලබාදෙමින් ගෘහස්ථ බේකරි නිෂ්පාදකයන් හට සිය පුහුණුවීම් කටයුතු කරගෙන යාමට පහසුකම් සපයයි. මෙම පුහුණු කාලසීමාව අතරතුර නවීන
 
 මුළුතැන්ගේ උපකරණ භාවිතා කරන අන්දම, කලින් මුසු කළ AB Mauri බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය ඇතුළත් කර නිෂ්පාදන සිදුකරන ආකාරය සහ හොඳම තත්ත්තවයෙන් බේකරි නිෂ්පාදනයක් සාදාගන්නා අන්දම කියා දෙයි.
 
 සිංගර් (ශී‍්‍රලංකා) ආයතනයේ අලෙවි අධ්‍යක්ෂක කුමාර සමරසිංහ මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ සිය අදහස් දැක්වීය. ”ශ‍්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ආයතන විසින් නවීන මුළුතැන්ගේ උපකරණ මාලාවක්
 
 පාරිභෝගිකයන්ට පිරිනමා තිබෙනවා. අපි ඇත්තටම ජාත්‍යන්තර ආයතනයක් වන AB Mauri සමාගම සමග  ඔවුන්ගේ පුහුණු පාසලට අවශ්‍ය පහසුව සළසන උපකරණ ලබාදීමට අත්වැල් බැ`දගැනීම ගැන සතුටු වෙනවා. සිංගර් ආයතනය තරුණ ව්‍යවසායකයන්ට ඉහළට යාමට උදව්කිරීමට කැමතියි. ව්‍යාවසායකත්වයෙන් ඉදිරියට යාමට කැමති අය අතර ගෘහස්ථ බේකරි නිෂ්පාදන මේවන විට රටේ ඉතාම වේගයෙන් දියුණුවෙන ප‍්‍රවනතාවක් බවට පත්වෙලා තියෙනවා. සිංගර් ආයතනයේ නවතම මුළුතැන්ගේ උපකරණ යොදාගෙන මෙම නිෂ්පාදකයන්ට කිසිදු කරදරයකින් තොරව සෞඛ්‍ය සම්පන්න ආහාර නිපදවන්න පුළුවන්.”
 

“Cipla” අනුබද්ධිත සමාගමක් වන බී‍්‍රත් ෆී‍්‍ර ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් (”බී‍්‍රත් ෆී‍්‍ර ලංකා”) Ultibro® Breezhaler® ඉන්හේලරය මෙරට අලෙවි ප‍්‍රවර්ධනය සහ බෙදාහැරීම සඳහා Novartis සමාගම සමගින් එක්වන ලදී.

bike135මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට තවත් සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් මැලේසියාවේ පැවැත්වෙන ලෝකප‍්‍රකට Motor GP මෝටර් සයිකල් ධාවන තරගය නැරඹීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ටත් උදා කර දීමට KTM ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත.

වසර පුරාම ජනතාවට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලීසිං පහසුකම් ලබාදෙන ‘ජාතියේ පහන් ටැඹ’ වූ ලංකා බැංකුව ගනුදෙනුකරුවන් සඳහා සහනදායි පොලිී අනුපාතයන් යටතේ ඉතා ඉක්මනින් ලීසිං පහසුකම් ලබාදීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙස අගෝස්තු මස ආරම්භයත් සමගින් ලීසිං මාසයක් ප‍්‍රකාශයට පත් කරන ලදී. කෙසේ හෝ ඒ සඳහා යොමුවූ ඉහළ ප‍්‍රතිචාර හේතුවෙන් එම වැඩසටහන සැප්තැම්බර් මස අවසානය තෙක් දීර්ඝ කිරීමට ලංකා බැංකුව තීරණය කොට තිබේ. මේ ඒ පිළිබඳව ලංකා බැංකුවේ ශාඛා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ කළමනාකාර ඊ. එම්. ජයරත්න මහතා සමග කළ සාකච්ඡුාවකි.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles