Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

singer1සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය අලෙවි අධ්‍යක්‍ෂ (අලෙවි) ධම්මික විඡේසුන්දර, සිංගර් ශ්‍රී ලංකා සමාමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ, හේලීස්‌ හා සිංගර් සමූහයේ සභාපති මොහාන් පණ්‌ඩිතගේ, සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌, සිංගර් ශ්‍රී ලංකා කර්මාන්තශාලා අධ්‍යක්‍ෂ කැලුම් කොස්‌පැලවත්ත යන මහත්වරු සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වාදීමේ අවස්‌ථාවට එක්‌ වූ අයුරු.

 singerපාරිභෝගික භාණ්‌ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා විසින් සිංගර් GEO Smart ශීතකරණ වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
 
 පෙරේදා (09වැනිදා) පස්‌වරුවේ කොළඹ කිංග්ස්‌බරි හෝටලයේ පැවති උත්කර්ෂවත් උළෙලකදී මෙම සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වාදීම සිදු කෙරිණි.
 
 ආසියාවේ වඩාත්ම කාර්යක්‌ෂම සහ බලශක්‌තිය පිරිමසින ශීතකරණයක්‌ ලෙස මෙම GEO Smart ශීතකරණය වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.
 
 වසර 2003 දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර් ඨෑධ ශීතකරණ තාක්‌ෂණය තවදුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශීතකරණය නිපදවා තිබේ. 100% ක්‌ම පරිසර හිතකාමී ශීතකරණයක්‌ වන මෙම GEO Smart ශීතකරණය R600a ක ශීතකරණ හැකියාවෙන් යුක්‌ත වෙයි. එමෙන්ම 50% ක බලශක්‌ති අරපිරිමැස්‌මක්‌ සහිතවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. භාවිත කරන කාලය පුරාම වගකීමක්‌ සහිත තඹ නල වලින් සැදුම් ලත් මෙම ශීතකරණය අවම නඩත්තුවක්‌ සහිත එකක්‌ වන අතර එහි LED දීප්තිමත් බල්බ් පද්ධතිය සහ දිගු කළක්‌ බලශක්‌තිය පිරිමසා ගැනීමට හැකිවීම ආදී විශේෂතා රැසකි.
 
 singer2දේශීය නිෂ්පාදනයක්‌ වන මෙම සිංගර් GEO Smart ශීතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර් GEO Smart ශීතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසල්වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමග මිලදී ගැනීමට හැකියාව ඇත. Inverter, No Frost සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම සිංගර් GEO Smart ශිතකරණ මිලදී ගත හැකිය. මෙම සිංගර් GEO Smart ශිතකරණවල උපරිම ප්‍රමාණය ලීටර් 240 ක ධාරිතාවයෙන් යුක්‌ත වෙයි.
 
 සිංගර් GEO Smart ශිSතකරණය නවතම Smart තාක්‌ෂණයෙන් යුක්‌ත වන අතර ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්‌තිය අරපිරිමැස්‌ම සඳහා මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතර පරිසර උෂ්ණත්ව සෙන්සරය මගින් ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත ඇති උෂ්ණත්වයට සමගාමීව ශීතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්‌වයංක්‍රීයව සකස්‌වීම ප්‍රමුඛ විශේෂතාවයකි. එමෙන්ම විදුලි බලය අඩු වැඩි වීමකදී ශිතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක්‌ නොවන ආකාරයට ඊට අනුගතවීමේ ස්‌වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම, ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැළැක්‌වීමේ ක්‍රමවේදය හා ද්විත්ව ක්‍රියාකාරි උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්‌ෂණික ක්‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි.
 
 නවතම සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වා දීමේ අවස්‌ථාවට එක්‌වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‌ෂ කුමාර සමරසිංහ මහතා සඳහන් කළේ වසර 2013 හඳුන්වාදීමේ සිට අති සාර්ථක අලෙවියක්‌ පෙන්නුම් කරන සිංගර් ඨෑධ ශීතකරණ මේ වනවිට 500,000 ක්‌ පමණ අලෙවි කර ඇති බවයි. බලශක්‌ති අරපිරිමැස්‌ම සහ Smart තාක්‌ෂණය සහිතව හඳුන්වා දුන් සිංගර් GEO Smart ශිතකරණය වත්මන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි නිමවා ඇති බවත් එය ශීතකරණ ක්‌ෂේත්‍රයේ නවතම පෙරළිය බවත් හෙතෙම සඳහන් කළේය. දීර්_ඝ කාලයක්‌ තිස්‌සේ සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස නවතම කාර්යක්‌ෂම ශීතකරණයක්‌ හඳුන්වාදීමට හැකි ව ඇති බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නියත වශයෙන්ම මෙම නවතම සිංගර් GEO Smart ශීතකරණය මෙරට වෙළෙඳපොළ තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

singer3
 ප්‍රභාත් විතාන
 ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

busi2මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පානීය ජල ව්‍යාපෘතීන් සඳහා ලබන වසරේ රුපියල් මිලියන පනස්‌හය දහසක්‌ වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක, නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් මහතා පැවැසීය.

යෝජිත කුණ්‌ඩසාල - හාරගම ජල සම්පාදන ක්‍රමය සඳහා රුපියල් මිලියන 23000 ක්‌ ද, මහනුවර උතුර පානීය ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 33000 ක්‌ ද මෙසේ වෙන් කිරීමට ඇස්‌තමේන්තු කර ඇත.

කුණ්‌ඩසාල - හාරගම ජල ව්‍යාපෘතියෙන් දෙලක්‍ෂ පනස්‌දහසකට වැඩි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවන අතර, මහනුවර උතුර ජල ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් හාරලක්‍ෂයකට පමණ සෙත සැලසේ.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීම නියමිත මෙම ව්‍යාපෘති දෙක හරහා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ලක්‍ෂ 7 කට වැඩි ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකියාව ඇත. තවද ලූල්කඳුර ජලාශය මූලාශ්‍ර කරගෙන දෙල්තොට නගරයට පානීය ජය ලබාදීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්‌ ඉදිකිරීමට ද නියමිත බව රාවුෆ් හකීම් මහතා පෙරේදා (09 වැනිදා) තලවතුඔය ප්‍රදේශයේදී කුඩා ජල ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමේ උත්සවයකට එක්‌වෙමින් වැඩිදුරටත් පැවැසීය.

සිරිමන්ත රත්නසේකර

rdbදිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB සිය ගණුදෙනුකාර ප්‍රජාවට වඩාත් පුළුල් හා නවීන පහසුකම් සැපයීමේ අරමුණින් එහි පොතුහැර ශාඛාව පසුගිය 02 වැනිදා අංක 70/ A, කොළඹ පාර, පොතුහැර යන ස්‌ථානයේදී ඛැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න, ක්‍රියාකාරී අධ්‍යක්‌ෂක ප්‍රියන්ත අෙ€සිංහ, සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරී ටී. ඒ. ආරියපාල, වයඹ පළාත් සාමාන්‍යාධිකාරී ඩී. එම්. ටී. එස්‌. කුමාර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රතිස්‌ථාපනය කිරීම සිදු කෙරිණි.
 
 උත්සව සභාව අමතමින් අදහස්‌ දැක්‌වූ එහි සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ටී. ඒ. ආරියපාල මහතා සඳහන් කර සිටියේ ව්‍යාපාරික ප්‍රජාවගේ දියුණුවට අත්වැල සපයමින් RDB දොරින් දොර තැන්පතු සේවාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා විශේෂ මූල්‍ය පහසුකම් මෙන්ම උපදේශන සේවාවන්වලින් සමන්විතව වැඩසටහන් රැසක්‌ දියත් කර ඇති බවත්, පැය 24 පුරා ක්‍රියාත්මක ATM ජාලය හරහා ක්‌ෂණික මුදල් අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුකම් ද ගණුදෙනුකරුවන් වෙත ලබා දී ඇති බවයි.
 
 ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ ප්‍රියන්ත අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ව්‍යවසායකයින් සඳහා රජය විසින් හඳුන්වාදුන් "ස්‌වශක්‌ති"විශේෂ ණය යෝජනා ක්‍රමය මගින් RDB බැංකුවෙන්, අලුතින් ව්‍යාපෘති ආරම්භ කරන ව්‍යවසායකයින් හා දැනට පවත්වාගෙන යන ව්‍යාපෘති වැඩි දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහනදායී පොලීS අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගත හැකි බවයි. තවද රජය විසින් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කැපී පෙනෙන දායකත්වයක්‌ ලබාදීමට අපේක්‌ෂා කරන බවත්, ඒ සඳහා අපගේ කාර්ය මණ්‌ඩලය සැදී පැහැදී සිටින බව ද අවධාරණය කළේය.
 
 RDB ඛැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න මහතා උත්සව සභාව අමතමින්a මෙම ශාඛාව නව ස්‌ථානයක ප්‍රතිස්‌ථාපනය කිරීම තුළින් පොතුහැර ප්‍රදේශය අවට ජනතාවට වඩාත් කඩිනම් හා වැඩි පහසුකම් සහිතව තම ඛැංකු කටයුතු කරගෙන යැමට අවස්‌ථාව ලැබෙන බවත්, ලෝක ළමා දිනයට සමගාමීව දැයේ දූ දරුවන්ට විශේෂ වරප්‍රසාද සහ තිළිණ රැසක්‌ සමඟ "RDB තෑගි පිට තෑගි" වැඩසටහන ඔක්‌තෝබර් මාසය පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව ද සඳහන් කළේය.
 
 තවද ඔබේ දරුවාට ළමා දින තිළිණයක්‌ ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද ආරාධනා කර සිටියේය. ප්‍රතිස්‌ථාපනයට සමගාමීව ප්‍රදේශයේ ව්‍යවසායකයන් සඳහා සංකේතාත්මක ණය ප්‍රදානය කිරීමක්‌ද සිදුකළ අතර, ප්‍රදේශයේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් මෙම අවස්‌ථාවට එක්‌ වූහ. ශාඛා කළමනාකරු පාලිත ගුණසේකර මහතා ඇතුළු ශාඛා කාර්ය මණ්‌ඩලය සහ පළාත් කාර්ය මණ්‌ඩලයේ මහත්ම මහත්මීන් උත්සව කටයුතු සංවිධානය කර තිsබුණි.

dialog
මෙරට ගොවි ජනතාවට සුවසෙත සැලසීමේ හා ඔවුන්ගේ ඵලදාව සුරැකීමේ අරමුණින් Dialog ආයතනය පිරිනමන 'ගොවි මිතුරු' දුරකතන තොරතුරු සේවාව, එහි කෘෂි තාක්‌ෂණික තොරතුරු සේවා වපසරිය වඩාත් පුළුල් කිරීම සඳහා කාර්මික තාක්‌ෂණ ආයතනය සමග පසුගියදා ගිවිසුමකට එළැඹිණ. 2015 වසරේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව Dialog ලබාදෙන මෙම සේවාව ඔස්‌සේ, වී ගොවිතැන, එළවලු හා පලතුරු භෝග වර්ග 15ක්‌ පිළිබඳ උපදෙස්‌ මෙන්ම, කාලගුණික විපර්යාසයන් හා පවුලේ පෝෂණය සම්බන්ධයෙන් ගොවි ජනතාවට මහෝපකාරී තොරතුරු රැසක්‌ ද සැපයේ. මේ වනවිට එහි ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 300,000 ද ඉක්‌මවා ඇත.
 
 ප්‍රමිතියානුකූලව පලතුරු ඉදවීමේ තාක්‌ෂණ ක්‍රම, අපනයන විධිවිධාන ගැන ගොවීන් දැනුම්වත් කිරීම, ඇසුරුම් හා ගබඩා නඩත්තු ක්‍රම, එළවලු හා පලතුරු අස්‌වනු නෙළීම හා ඉන්පසු ආරක්‌ෂා කරගැනීම ආදී මූලික කරුණු ඉලක්‌ක කරගනිමින්, කැනඩා රජයේ ආධාර ලබන IDRC/CIFSRF/ITI ව්‍යාපෘතිය යටතේ තාක්‌ෂණික උපදෙස්‌ සපයන කාර්මික තාක්‌ෂණ ආයතනය (ITI) සමග අත්වැල් බැඳගැනීම නිසා ගොවි මිතුරු සේවාව වෙතින් ඉටු වන මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. දැනට අඹ වර්ග (TJC ඇතුළු විවිධ අඹ ප්‍රභේද, කර්තකොලොම්බන්, විලාඩ්, වෙල්ලකොලොම්බන්... ආදී) සඳහා තාක්‌ෂණ උපදෙස්‌ සැපයෙන අතර, ඉදිරියේ දී අන්නාසි, රඹුටන් ඇතුළු තවත් අපනයනික පලතුරු වර්ග ගණනාවක්‌ ඊට එකතු කෙරේ. මෙවැනි නවීන තාක්‌ෂණ ක්‍රම හඳුන්වාදීම මගින් ඵලදාවේ ගුණාත්මක භාවය වැඩි වර්ධනය කරගැනීමට, නාස්‌තිය අවම කරගැනීමට හා වඩාත් හොඳ මිලක්‌ ලබා ගැනීමට ගොවීන්ට ඉඩ සැලසෙන අතර, එමගින් උසස්‌ ජීවන තත්වයක්‌ හිමි කරගැනීමට ඔවුන්ට හැකි වෙයි.
 
 ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 70%ක්‌ පමණ වාසය කරන්නේ ග්‍රාමීය පෙදෙස්‌වලය. ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මාර්ගය ගොවිතැන වේ. ජාතියේ ජීවනාලිය සේ සැලකිය හැකි මෙම ගොවි මහත්වරුන් මෑතක්‌ වනතුරු මුහුණ පෑ එක්‌ ප්‍රධාන බාධකයක්‌ වූයේ තම වගාවන් සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික තොරතුරු නිසි කලට, නිවැරදිව ලබාගැනීමට පැවති අපහසුවයි. ශ්‍රී ලාංකික ජනතාව අතර දිගු කලක සිට පවතින ශක්‌තිමත් මිතුදම එහි දී උපයෝගී කරගත් Dialog සමාගම, එතෙක්‌ කතාබස්‌ කිරීමට පමණක්‌ සීමා වී තිබූ ජංගම දුරකථනය, ගොවි ජනතාවගේ ජීවනෝපාය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය දැනුම් සම්භාරයක්‌ මිත්‍රශීලීව බෙදාදෙන ප්‍රවීණ උපදේශකයකු බවට පත් කරමින් එම බාධකය දුරලීමට වැදගත් පියවරක්‌ ගත්තේය.
 
 යම් ගොවි මහතකු, ගොවි මහත්මියක හෝ කෘෂි ව්‍යවසායකයකු ගොවි මිතුරු සේවාවට ලියාපදිංචි වන අවස්‌ථාවේ ඔහු/ඇය වගා කරන භෝග වර්ග පිළිබඳ තොරතුරු ලබාගන්නා අතර, සෑම වගා කන්නයක දීම බීජ සිටුවීමේ සිට අස්‌වනු නෙළීම, ගබඩාකරණය හා නිෂ්පාදන සැකසුම් දක්‌වා එම වගාව පවතින අදියරට හා ඔහුගේ ප්‍රදේශයට අනුකූල ලෙස එම පණිවිඩ සකස්‌ කරනු ලබයි. භෝග වගාව ගැන පමණක්‌ නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැනත් අත්‍යවශ්‍ය කාලීන තොරතුරු සෑම ගොවි මහතෙකුටම පෞද්ගලිකව අදාළ වෙන ආකාරයට යොමු කරනු ලබන්නේ ඒ අනුවය.
 
 'ඵලදාව සුරැකුමයි, පවුලේ සුවසෙතයි' යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ගොවි මිතුරු සේවාව, වගාව සඳහා බිම සකස්‌ කිරීම, ජලය සම්පාදනය, වැපිරීම, පොහොර යෙදීම, වල් නාශනය හා අස්‌වනු නෙළීම ඇතුළු ගොවීන්ට ප්‍රයෝජනවත් බොහෝ තොරතුරු ස්‌වයංක්‍රීය දුරකථන ඇමතුම් ආකාරයෙන් සතියකට 3 - 5ක්‌ පමණ ලබාදෙයි. මෙවැනි ඇමතුම්වල කෘෂිකාර්මික උපදෙස්‌ පමණක්‌ නොව, පවුලේ සෞඛ්‍යය ආරක්‌ෂා කරගැනීමට අවශ්‍ය වටිනා කාලීන උපදෙස්‌ ද අඩංගු වේ. Dialog ජංගම දුරකථනයකින් 616 ඇමතීමෙන් ගොවි මිතුරු සේවාව වෙත ලියාපදිංචි විය හැකි අතර, ගොවි මහතාගේ මනාපය පරිදි සිංහල හෝ දෙමළ භාෂාව තෝරාගත හැකිය. මෙම අගනා සේවාව වෙනුවෙන් වැය වන්නේ දිනකට රුපියල් 1ක්‌ (සහ අදාළ බදු) වැනි සුළු මුදලකි.
 

busi1ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක්‌ විදහා දක්‌වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX)) සම්මාන උළෙලේදී තරු 4 පන්තියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට පසුගියදා සමත් විය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ "මෙම විශිෂ්ටතා ඇගයුම ලබාගැනීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්වන බවත් ගුවන් මගී ප්‍රතිචාර මත මෙම ඇගයුම හිමිවීම තුළින් මෙම සම්මානය ඉතා වැදගත් කොට සලකන බවයි". ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ "පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක්‌ ලබාදී ඔවුන් තෘප්තිමත් කරමින් ඉදිරියේදී තරු 5 පන්තියේ (Five Star) ඇගයුම් ලබාගැනීමට කටයුතු කර සිටින බවයි".

APEX සංවිධානය (www.apex.aero) යනු ලෝකයේ ලාභ ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කර සිටින සංවිධානයකි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරි සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ "ගුවන් සමාගමේ සෑම සේවකයකුම අඛණ්‌ඩව සාමුහිකව කටයුතු කිරීම සහ සේවාවන් අඛණ්‌ඩව නව්‍යකරණය කිරීම මත මෙම විශිෂ්ට ඇගයුම් ලබාගැනීමට හැකිවූ බවයි. එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලෝකයේ අනෙකුත් ගුවන් සේවා සමඟ තරගකාරීව කටයුතු කිරීමේ හැකියාව ඇති බවට මෙමඟින් පෙන්නුම් කරන බවත්" ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සමීක්‌ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470 ක්‌ ඇගයීමට ලක්‌කළ අතර එම ගුවන් සේවා අතරින් 12% පමණක්‌ තරු 5 පන්තියේ (Five Star) ඇගයුමක්‌ ලබාගෙන ඇත. ඉතිරි 14% ගුවන් සේවා සඳහා තරු 4 පන්තියේ (Four Star) ඇගයුම හිමි වී ඇත. මෙම Fසඩැ Sඒර ඇගයුම සඳහා 2016 ඔක්‌තෝබර් මස 24 වැනිදා සිට 2017 ජුලි මස 31 වැනිදා දක්‌වා සිදුකළ ගුවන් ගමන් 500,000 ක්‌ තෝරාගනිමින් ගුවන් මගීන් විසින් නම් ගම් මනඃකල්පිත ලෙස මෙම ඇගයුම සිදුකර ඇත. මේ අනුව ගුවන් මගීන් විසින් ඔවුන්ගේ සමස්‌ත ගුවන් ගමන් අත්දැකීම ඇගයීමට ලක්‌කළ අතර ඊට ආසන සුවපහසුව, ගුවන් මැදිරි සේවාව, ආහාරපාන, විනෝදාස්‌වාදක පද්ධතිය සහ Wi-Fi සේවාව ඇතුළත් විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා කාණ්‌ඩයේ ප්‍රමුඛ ගුවන් සේවාවක්‌ ලෙස හැඳින්වූ අතර අනෙකුත් ගුවන් සේවා ගෝලීය සහ පිරිමැසුම් ගුවන් සේවා ලෙස නම් කරන ලදී.

මෙම සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 25 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ කැලිෆොaනියාවේහි APEX EXPO සම්මන්ත්‍රණයේදී පැවැත්වූ අතර ඒ සඳහා ගුවන් සේවා වෘත්තිකයන් 4000 ට අධික ප්‍රමාණයක්‌ ගුවන් සේවාවන්ට අදාළ තාක්‌ෂණය, නිෂ්පාදන සහ සේවා ඉදිරිපත් කරන ලදී.

මෙම සම්මානයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ තවත් ගෝලීය සම්මාන රැසක්‌ එනම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2 ක්‌ නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්‌ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවට පත්වීම චීනයේ Life සතිපතා සඟරාවේ චීනයේ "විශිෂ්ටතම නව්‍ය අලෙවිකරණයක්‌ ඇති ගුවන් සේවය" ලෙස නම් කිරීම චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන (Top Travel) උළෙලේදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත්වීම, තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී වසර 2 ක්‌ නොකඩවා ආසියාවේ විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකන් නිරන්තරයෙන් සිය ගුවන් යානා ඇණිය නව්‍යකරණය කරමින් සිටියි. ඒ අනුව ගුවන් සමාගම වෙත නව ගුවන් යානා වන පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා ද පටු බඳ සහිත A320neo සහ A321neo ගුවන් යානා එකතු වී ඇත. මෙමඟින් ගුවන් මගීන්ට සුවපහසු ආසන, නවීන පන්නයේ විනෝදාස්‌වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්‌ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට හැකිවී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 47 ගමනාන්ත 105 ක්‌ වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක්‌ වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශ්ව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්‌වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles