Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

b1 1රක්ෂණයේ ප‍්‍රමුඛයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පසුගියදා සිය නවතම රක්ෂණාවරනය දිවිසවි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී හඳුනවාදුන් අතර මේ ස`දහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමණාකාර අධ්‍යක්ෂ දුෂ්්‍යන්ත බස්නායක මහතා සහ ඉහළ කළමනාකාරීත්වය සහභාගි වූහ.
 
 මෙම නවතම රක්ෂණාවරණය මගින් ඔබට දැරිය හැකි සුළු මුදලකට ජීවිත රක්ෂණයක් ලබාගනිමින් ඔබේ ළබැ`දියන්ගේ මූල්‍ය රැකවරණය සහතික කළ හැක.
 
 තරගකාරී ජීවන රටාව සමගින් පැනනගින සංකීර්ණ පාරිභෝගික අවශ්‍යතාවයන් හේතුවෙන් බොහෝ විට තම ළබැ`දියන්ගේ අනාගතය වෙනුවෙන් මූල්‍යමය රැුකවරණයක් ස`දහා මුදල් වෙන්කිරීම අපහසු කරුණක් වී ඇත. මෙම අවශ්‍යතාවය හඳුනාගනිමින් රාජ්‍ය රක්ෂණ ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉතාමත් සුළු වාරිකයකින් හෙබි දිවිසවි රක්ෂණ සැලසුම හඳුන්වා දී ඇත.
 
 උදාහරණයක් ලෙස වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු අවුරුදු 30 රක්ෂිත කාලසීමාවකට රු. ලක්ෂ 5 ක ආවරණයක් ලබාගැනීමට ගෙවිය යුත්තේ රු 320 ක් වැනි සුළු මාසික වාරික මුදලකි.
 
 වාරික ගෙවීමේ කාලසීමාව අවුරුදු 5 සිට 40 දක්වා විහිදී තිබෙන අතර වාරික ගෙවීම වාර්ෂිකව, අර්ධ වාර්ෂිකව, ත්‍රෛමාසිකව, මාසිකව සිදුකළ හැකිය. අවුරුදු 18 සිට 65 දක්වා වයස් සීමාවන් වල පසුවන්නන්ට රක්ෂණ සැලසුම ලබාගත හැකි අතර මූලික රක්ෂිත මුදල අවම රු 50,000 සිට උපරිමය රු 1,250,000 දක්වා ලබාගත හැකිය.
 
 දිවිසවි රක්ෂණාවරණය යටතේ තවත් අතිරේක ආවරණද ලබාගත හැකි අතර ඔබේ බිරි`ද හෝ සැමියා ස`දහා වන ආවරණය, සෞඛ්‍ය ආවරණ සහ ස්වර්ණ ජයන්ති ආවරණ මේ අතර වේ.
 

b1 3‘සම්පත් සවිය’ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ සම්පත් බැංකුව විසින් දියත් කරන වැඩසටහන් මාලාවෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ මහනුවරදී සාර්ථකව නිමාව දුටු ‘සම්පත් සවිය ව්‍යාපාරික නායකත්ව සමුළුව’ සමගිනි. ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම වෙනුවෙන් වන ප‍්‍රධාන
 
 ප‍්‍රවේශයන් පිළිබඳ ප‍්‍රායෝගික දැනුම හා අවබෝධය ලබා දීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය.
 
 මෙම වැඩමුළුව නායකත්ව කුසලතා වර්ධනය, විකුණුම්කරණය හා අලෙවිකරණය, සන්නාමකරණය හා මනෝ විද්‍යාත්මක ප‍්‍රවේශයන් යනාදී ප‍්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ ක‍්‍රියාත්මක විය. ඊට අමතරව ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර සම්බන්ධයෙන් වන ගැටලූ ඉදිරිපත් කරමින් ඒවා නිරාකරණය කර ගැනීමේ සාකච්ඡුා වටයක්ද මෙහිදී පවත්වනු ලැබීම විශේෂත්වයකි.
 
 සම්පූර්ණයෙන් නොමිලේ පවත්වනු ලැබූ මෙම වැඩමුළුව ස`දහා විවිධ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන්හි නියැලෙන ව්‍යවසායකයන් 170කට අධික පිරිසක් එක්ව සිටියහ. සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ සහ කළමනාකාර උපදේශක, විධායක පුහුණු උපදේශක හා ලේඛක දීපාල් සූරියආරච්චි, අලෙවිකරණ කුසලතා හා සංවර්ධන පුහුණු උපදේශක සුරංජිත් ගොඩගම සහ මනෝ විද්‍යා පුහුණු උපදේශක හා ලේඛක චන්දන ගුණවර්ධන යන මහත්වරුන් එම වැඩමුළුවෙහි සම්පත් දායකයන් ලෙස එක්ව සිටියහ.
 
 සංස්කරණය - ප‍්‍රභාත් විතාන

පුද්ගලයින් 5 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බිහිසුණු වෙඩි තැබීමක් පිළිබඳව ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයෙන් වාර්තා වෙයි.
 
 ඊයේ සන්ධ්‍යා කාලයේ සිදුව ඇති එම වෙඩි තැබීමෙන් තවත් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
 
 ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සිදු වූ බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු පමණ මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
 
 එහිදී අහඹු ලෙස සිවිල් වැසියන්ට වෙඩි තබා ඇති බවද ඔවුන් කියා සිටියේය.
 
 වෙඩි තැබීම සිදුව ඇත්තේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් නගර අතර ප‍්‍රදේශයකදී.
 
 එක් තුවක්කුකරුවකු රිය පදවන අතරතුර අහඹු ලෙස ජනතාවට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.
 
 මෙම සිදුවීම අතරතුර ඇමෙරිකාවේ තැපැල් සේවයට අයත් වාහනයක් පැහැරගෙන තිබුණි.
 
 සැකකරුවකු වෙඩි තබා ඝාතනය කළ බවත් සෙසු සැකකරුවන් පිළිබඳ පළවූ වාර්තා විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය ප‍්‍රකාශ කළේය.
 
 මෙම බිහිසුණු වෙඩි තැබීමෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
 
 විදෙස් වාර්තා පවසන්නේ ඒ අතර පොලිස් නිලධාරීන් ද සිටින බවයි.
 
 පුද්ගලයන් විසි දෙදෙනකුට මරු කැඳවමින් එල් පාසෝ නගරයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීමෙන් සති හතරකට පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

se2018 මෙම කාලපරිච්ෙඡ්දයේදී වාර්තා කරන ලද බදු ගෙවීමට පෙර ලාභ වටිනාකම රුපියල් මිලියන 2,996 ක් ලෙසින් සටහන් වූ අතර අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හා මෑතකදී සිදු වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම් තත්ත්වයන් මත මෙම කාර්යසාධනය අත්පත් කර ගැනීමට බැංකුව සමත් වී තිබීම විශේෂ සිදුවීමකි. කෙසේ වෙතත් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය මෙම වකවානුව තුළදී වර්ධනය වී ඇත්තේ 0.89% කිනි. මීට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2018 ඔක්තෝම්බර් 01 දින සිට කි‍්‍රයාවට නංවන ලද ණය ආපසු ගෙවීමේ (ෘඍඛ* බදු වියදම් මෙම කාලපරිච්ෙඡ්දයට රුපියල් මිලියන 461 ක් ලෙසින් සටහන්ව තිබීමයි.

 

fori2වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ.
 
 මෙම හිස් කබල විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, වානර ලක්ෂණ සහිත මුතුන් මිත්තන්ගෙන් පළමු මානවයා පරිණාමය වීම පිළිබදව දැනට පවතින මතවලට අභියෝගයක් එල්ල වන බවය.
 
 පළමු ආදි මානවයා ලූසී නමැති වානර විශේෂයකින් පරිණාමය වූ බවට දැනට පවතින මතය ඒ අනුව නැවත සලකා බැලීමට සිදුවනු ඇතැයි අදහස් පළවේ.
 
 මෙම නවතම අනාවරණය පිළිබඳව Nat  මරු විද්‍යා සඟරාවේ පළ කර තිබේ.
 
 TMuseum of Natural History Image caption   මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී හිස් කබල සමග අදාළ හිස් කබල මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී විසින් ඉතියෝපියාවේ මිරෝ දෝරා නමැති ස්ථානයකින් සොයාගෙන තිබිණි.
 
 ඇමෙරිකාවේ ඔහායෝහි පිහිටි ක්ලෙව්ලන්ඞ් ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥයෙකු වන ඔහු පැවසුවේ, අදාළ පොසිලයෙහි වැදගත්කම තමන් සැණෙකින් වටහා ගත් බවය.
 
 ”දෙවියනේ, මම හොයපු දේ ම මට හම්බ වුණා නේද කියල මට හිතුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වුණා. මට තේරුණා මම සිහින දැකපු දේ මට ලැබුණා කියලා,” මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී බීබීසී පුවත් සේවයට පැවසීය.
 
 මහාචාර්ය හයිලේ සෙලාසී පවසන්නේ, වානර ලක්ෂණ සහිත මානව මුතුන් මිත්තන් වූ ඔස්ට‍්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් මීට වසර මිලියන 4.2 කට පෙර සිටි බවට මෙම හිස් කබල හොඳ ම උදාහරණයක් බවය.
 
 ඔස්ට‍්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් (Australopithecus anamensis)  යනු පසුකාලීනව වඩා දියුණු විශේෂයක් වන ඔස්ට්‍රොලොපිතීකස් ඇෆරෙන්සිස් විශේෂයේ  (Australopithecus afarensiසෘජු මුතුන් මිත්තකු ලෙස සැලකූ අතර, එය පළමු හෝ මුල් කාලීන මානව වර්ගය ලෙස සැලකෙන හෝමෝ (Homo) ලෙස හැඳින්වෙන කුලයේ මුල්ම මුතුන් මිත්තෙකු ලෙස සැලකිණි.
 
 1974 වසරේදී සොයා ගනු ලැබූ ඇෆරෙන්සිස් විශේෂයට අයත් ඇටසැකිල්ල විශාල අවධානයකට ලක්විය. එම ඇටසැකිල්ල ලූසී ලෙස නම් කරන ලද්දේ, එම සැකිල්ල සොයා ගත් ස්ථානයේ සිට බීට්ල්ස් සංගීත කණ්ඩායම ගායනා කළ 'Lucy in the Sky With Diamonds'  නමැති ගීතය හේතුවෙනි.
 
 ‘‘ඇවිදින ලද පළමු වානරයා” ලෙස සැලකුණු ලූසී පිළිබඳව දැඩි අවධානයක් එවක යොමු විය. එහෙත්, Nature සඟරාවට අදහස් පළ කරමින් ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මහාචාර්ය ෆ්‍රෙඞ් ස්පූර් පැවසුවේ, ඉතියෝපියාවෙන් හමුවී ඇති ඇනමෙන්සිස් විශේෂයට අයත් හිස් කබල ‘‘මානව පරිණාමයේ තවත් සුවිශේෂී සංකේතයක්” වනු ඇති බවය.
 
 මෙම තත්ත්වයට හේතුව වන්නේ, ඇනමෙන්සිස් සහ ඇෆරෙන්සිස් එකම කාලයක වාසය කර තිබීම විය හැකිය. මීට පෙර ඉදිරිපත් කළ මත පරිදි පිළිවෙළින් රේඛීය ආකාරයකින් පරිණාමය වීමක් සිදුවී නොමැත.
 
 මෙම නව පොසිලය සොයාගැනීම මගින් මීට පෙර සොයාගෙන තිබූ හිස් කබල සම්බන්ධයෙන් නව අර්ථ නිරූපණයක් ලබා දෙනු ඇත. එම පොසිලය ඇනමෙන්සිස් විශේෂයට ඇතුළත් කර තිබිණි. එහෙත්, එය ඇෆරෙන්සිස් විශේෂයට අයත් වූවක් බවත්, එම විශේෂයේ ආරම්භය තවත් ඈතට දිවයන බවත් දැන් විද්‍යාඥයින්ට පෙනී යනු ඇත.
 
 මේ අනුව පෙනී යන්නේ, මෙම විශේෂ දෙකම වසර 100,000ක පමණ කාලයක් සමකාලීනව වාසය කළ බවය.
 
 බොහෝ දුරට සිදුවී ඇතැයි අනුමාන කළ හැක්කේ, ඇනමෙන්සිස් විශේෂයට අයත් කුඩා කණ්ඩායමක් ප‍්‍රධාන ජනගහනයෙන් හුදෙකලා වී කාලයාගේ ඇවෑමෙන් ඔවුන් වාසය කළ ප‍්‍රදේශයේ තත්ත්වයන්ට අනුවර්තනය වීම නිසා ඇෆරෙන්සිස් බවට පරිණාමය වූ බවය. සෙසු ඇනමෙන්සිස් මානවයින් විනාශ වීමට පෙර ඔවුන් එකිනෙකා සමග ගැටෙමින් වාසය කරන්නට ඇත.
 
 මෙම අනාවරණය වැදගත් වන්නේ, අදාළ කාල වකවානුව තුළ වානර ලක්ෂණ සහිත මානව විශේෂ ගණනාවක් පැවති බවට එමගින් කරුණු ඉදිරිපත් වන හෙයිනි. ඒ අනුව, පළමු මානවයා සම්බන්ධයෙන් ගොඩනැගෙන පරිණාමීය මං සලකුණු තවත් වැඩි වී තිබේ.
 
 නූතන මානවයා බිහිවීම සම්බන්ධයෙන් පැහැදිලි රේඛීය තත්ත්වයක් නොමැති බව පෙන්නුම් කරන නවතම අනාවරණය ඇනමෙන්සිස් විශේෂයයි.
 
 ඒ අනුව, නූතන මානව පරිණාමය පිළිබඳ ඇත්ත තවදුරටත් සංකීර්ණ මෙන් ම ආකර්ෂණීය වී තිබේ. එමගින් කියැවෙන්නේ, පරිණාමය පිළිබඳ කතාන්දය තුළ විවිධාකාරයේ ආදි මානවයින් විවිධ දේශගුණික, වාසස්ථාන සහ ආහාර සාධක මත වාසය කළ බවය.
 
 (බීබීසී විද්‍යා වාර්තාකරු පල්ලාබ් ඝෝෂ් සැකසූ වාර්තාවක් ඇසුරිනි.)

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles