Divaina - සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2019 පළමු මාස නවය තුළ 13.4‍% කින් ඉහළ යයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sam333
 
 2019 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම, 2018 අනුරූප කාලසීමාවේදී වාර්තා කල අගයට සාපේක්ෂව 13.4‍%ක ඉහල වර්ධනයක් වාර්තා කරන ලදී.
 
 සමාලෝචිත කාලච්ෙඡ්දය තුලදී ණය හා අත්තිකාරම්වල මන්දගාමී වර්ධනය, අක‍්‍රිය ණයවල වැඩිවීම සහ පැවති අනෙකුත් බාහිර පාරිසරික තත්වයන් හමුවේ එය සැලකිය යුතු ප‍්‍රතිඵලයක් විය.
 
 2019 සැප්තැම්බර් 30 අවසන් මාස නවය සඳහා බැංකුව වාර්තා කරන ලද අපහායන අය කිරීම් හා බදුවලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 25.6 වූ අතර එය 2018 අනුරූපී කාලසීමාවට වඩා 5.2‍%ක වැඩිවීමකි. එසේ වුවද, 2019 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය තුලදී බදු පෙර ලාභය 2018 අනුරූපී කාල සීමාවේදී වාර්තා කල රුපියල් බිලියන 12.6 සිට රුපියල් බිලියන 10.4 දක්වා පහත වැටිණි. එම බදු පෙර ලාභයේ 17.4‍%ක අඩුවීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම අපහායන අය කිරීම් වල 22% ක වැඩිවීම හා මූල්‍ය සේවා මත බදු 50‍%කට ආසන්න ප‍්‍රමාණයකින් ඉහල යාම බලපා ඇත. 2019 මුල් මාස නවය තුලදී මූල්‍ය සේවා මත බදු රුපියල් බිලියන 4.8 දක්වා වැඩිවූ අතර ඊට ප‍්‍රධාන සාධකය වූයේ රුපියල් බිලියන 1.6 ක් වූ ණය ආපසු ගෙවීමේ බද්දයි. කෙසේ වෙතත්, 2019 මුල් මාස නවය සඳහා බදු පෙර ලාභයේ අඩුවීම 2019 පලමු අර්ධ වර්ෂයේ වාර්තා වූ අගයට වඩා අඩු අගයක් විය.
 
 සමාලෝචිත කාලසීමාව තුලදී, සම්පත් බැංකුව රුපියල් බිලියන 6.5 ක බදු පසු ලාභයක් වාර්තා කල අතර, එය 2018 අනුරූපී කාල සීමාවේදී වාර්තා කල අගයට සාපේක්ෂව 23.5‍% අඩුවීමකි.
 
 සම්පත් බැංකු සමූහය, බදු පෙර ලාභය හා බදු පසු ලාභය පිලිවෙළින් රුපියල් බිලියන 10.8 ක් හා රුපියල් බිලියන 6.8 ක් වාර්තා කරන ලදී.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles