Divaina - මහජන බැංකු සේවක සමුපකාර සමිතියේ සේවක දූ දරු ප‍්‍රණාම උළෙල..

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

wela1මහජන බැංකුවේ සේවක සමූපකාර සමිතිය විසින් සිය සාමාජික දූ දරුවන්ගේ විශිෂ්ට අධ්‍යාපන කුසලතා අගය කරමින් තෙවන වරටත් සංවිධානය කළ ”සාමාජික දූ දරු ශිෂ්‍යත්ව ප‍්‍රණාම උළෙල” පසුගියදා කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදි පැවැත්විණි.
 
 මෙහිදී 2018 වසරේ පහ වසර ශිෂ්‍යත්ව, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස (උසස් පෙළ) විභාගයන්ගෙන් උසස් ප‍්‍රතිඵල ලබාගත් සේවක සමුපකාර සාමාජික දූ දරුවන් 91 දෙනකු ස`දහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.
 
 මෙම ප‍්‍රණාම උළෙලේ ප‍්‍රධාන දේශනය ප‍්‍රවීණ නිවේදක ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලදී. ගායන හා නර්තනාංග රැසකින්ද මෙම උළෙල වර්ණවත් විය.
 
 මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට‍්‍රාර් සුවින්ද එස්. සිංග්ප්පුලි, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා යන මහත්වරුන් ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, මහජන බැංකු සේවක සමූපකාර සමිතියේ සභාපති ජේ. ඞී. ජේ. පී ජයකොඩි, ලේකම් නිශාන්ත කුමාර පීරිස් යන මහත්වරුන් හා සමිතියේ සාමාන්‍යාධිකාරි පද්මා මාපලගම මහත්මිය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යත්වලාභි දරුදැරියන් විශාල පිරිසක් සහභාගි විය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles