Divaina - ශ‍්‍රී ලංකාවේ බැංකු අතර ලීසිං ලබාදීමේ ප‍්‍රමුඛයා ලංකා බැංකුවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ලංකා බැංකුවේ ශාඛා බැංකු කටයුතු පිළිබඳ
නියෝජ්‍ය මහ කළමනාකාර ඊ. එම්. ජයරත්න
 
 boc
 
 වසර පුරාම ජනතාවට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලීසිං පහසුකම් ලබාදෙන ‘ජාතියේ පහන් ටැඹ’ වූ ලංකා බැංකුව ගනුදෙනුකරුවන් සඳහා සහනදායි පොලිී අනුපාතයන් යටතේ ඉතා ඉක්මනින් ලීසිං පහසුකම් ලබාදීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙස අගෝස්තු මස ආරම්භයත් සමගින් ලීසිං මාසයක් ප‍්‍රකාශයට පත් කරන ලදී. කෙසේ හෝ ඒ සඳහා යොමුවූ ඉහළ ප‍්‍රතිචාර හේතුවෙන් එම වැඩසටහන සැප්තැම්බර් මස අවසානය තෙක් දීර්ඝ කිරීමට ලංකා බැංකුව තීරණය කොට තිබේ. මේ ඒ පිළිබඳව ලංකා බැංකුවේ ශාඛා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ කළමනාකාර ඊ. එම්. ජයරත්න මහතා සමග කළ සාකච්ඡුාවකි.
 
 ප‍්‍රශ්නය - මේ වගේ ලීසිං පහසුකම් ලබාදීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණ කුමක්ද?
 
 පිළිතුර - දැනටමත් ශී‍්‍ර ලංකාවේ ලීසිං ලබාදීමේ බැංකු අතර ප‍්‍රමුඛයා වන්නේ ලංකා බැංකුවයි. ඒ තත්ත්වය වැඩිදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් තමයි මේ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට තීරණය කළේ. ඒ එක්කම අපේ මේ ඊධක්‍ ලීසිං කියන නිපැයුම රට පුරා
 
 රැුගෙන යෑම එහි තවත් අරමුණක්. ලංකා බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්. අපි හැම ගනුදෙනුවක්ම කරන්නේ පහසුවක් ගෙන දෙන අන්දමින් සහ ඉතාමත් විනිවිද භාවයකින් යුතුවයි. ඉතින් මේක ජනතාව අතර තවත් ප‍්‍රචලිත කරන්නත් අපට අවශ්‍ය වුණා. ඒ හින්දා බැංකුවේ 80 වැනි සංවත්සරයට සමගාමීව අපි මේ ප‍්‍රවර්ධන වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේ 01වැනිදා ආරම්භ කළා.
 
 ප‍්‍රශ්නය - ගනුදෙනුකරුවකුට ලංකා බැංකුවෙන් ලීසිං පහසුකම් ලබා ගැනීමේ ඇති විශේෂත්වය කුමක්ද?
 
 පිළිතුර - ලංකා බැංකුවෙන් ලීසිං පහසුකම් ලබා ගැනීමේදී ගනුදෙනුකරුවකුට අනෙකුත් ආයතනවලින් ලැබෙනවාට වඩා විශාල පහසුවක් ලැබෙනවා. ප‍්‍රධානම දේ තමයි, ලීසිං ලබා ගැනීම සඳහා ආයතනය වෙත ළගාවීමේ පහසුව. ලංකා බැංකුව කියන්නේ ලංකාව පුරා ශාඛා 636ක් පවත්වාගෙන යමින් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන බැංකුවක්. මේක ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක්. අනිත් එක ලංකාවේ කුමන ශාඛාවකින් පහසුකම ලබා ගත්තත් අනුමත කිරීමේ ක‍්‍රියාවලිය සිදුවන්නේ එකට සම්බන්ධ වූ ක‍්‍රමවේදයක් හරහායි. ඒ හින්දා ලංකාවේ ඈත කාර්යාලයකින් ලබා ගත්තත්, ප‍්‍රධාන කාර්යාලයේ සිට පැය දෙක තුනකින් අපට ලීසිං පහසුකමක් අනුමත කරදීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි, රටේ ලීසිං ක්‍ෂේත‍්‍රයේ පවතින පොලී අනුපාතයන් සමග සසඳන කොට අඩුම පොලී අනුපාතයක් ක‍්‍රියාත්මක වන ආයතනයක් තමයි ලංකා බැංකුව. මේකෙ වාසිය ලැබෙන්නේ ගනුදෙනුකරුවාට. ඊළග දේ තමයි අපේ ලීසිං පහසුකම් ලබාදීමේදී සැඟවුණු ගාස්තු නොමැතිවීම. තවත් දෙයක් තමයි අපි පොරොන්දුවූ කාලය තුළ රටේ පොලී අනුපාත වෙනස් වුණත් අපි එකග වුණ පොලී අනුපාතයන් වෙනස් නොකිරීම. ඒ වගේම පොරොන්දු කාලයට කලින් වටිනාකම ගෙවීමට ගනුදෙනුකරුට යම් හැකියාවක් උදා වුණොත් අපි පොලියෙන් විශාල සහනයක් ඔහුට ලබාදෙනවා. අනික තමයි බොහෝ ආයතනවලින් ලීසිං පහසුකම් ලබාගත් විට එය ගෙවන්න වෙන්නෙ එක හා සමාන වාරිකවලින්. ඒත් ලංකා බැංකුව ගනුදෙනුකරුට ආදායම් සැලැස්ම, එය ලැබෙන රටාව අනුව වාරික ලිහිල් කරලා දෙනවා. උදාහරණයක් හැටියට ගොවි ජනතාව ගත්තොත් ඔවුන්ට ආදායම් ලැබෙන්නේ කන්නයකට වතාවක්. අපි ගොවි ජනතාවට ලීසිං පහසුකම් ලබාදෙන කොට ඒක කන්න සලකා බලා ලබාදීමට කටයුතු කරනවා. තවත් විශේෂ දෙයක් තමයි, පොරොන්දු වූ කාලය තුළ ගනුදෙනුකරුවකු යම් අකරතැබ්බයකට මූණපෑම නිසා ගෙවීම් කිරීම අපහසු වූ අවස්ථාවලදී ගෙවන ආකාරය ප‍්‍රතිලේඛනය කිරීමට අවස්ථාව ලබාදීම. ඒ වගේම අපේ රටේ ප‍්‍රධාන පෙළේ වාහන සැපයුම්කරුවන් සමග අපි අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ හින්දා මේ ආයතනවලින් වාහන ලබා ගැනීමේදී ඔවුන්ගෙනුත් තවත් පහසුකම් රැුසක් ගනුදෙනුකරුවන්ට ලැබෙනවා. මේ හැම දේත් එක්කම රාජ්‍ය බැංකුවක ආරක්‍ෂාවද ගනුදෙනුකරුවකුට අපෙන් ලැබෙනවා.
 
 ප‍්‍රශ්නය - ප‍්‍රතිලේඛනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
 
 පිළිතුර - අපි හිතමු මුලින් අපි වාරිකය රුපියල් 2000 ගානේ ගිවිස ගත්තා කියලා. ටික කලක් යද්දී ඒ ගනුදෙනුකරුවාට වාරිකය රුපියල් 2000 ගානේ ගෙවන්න බැරුව යනවා. ඔහුට මෙය රුපියල් 1500 ගානේ ගෙවන්න හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවක ගනුදෙනුකරු බැංකුවෙන් ඉල්ලීමක් කළොත් වාරිකය 1500 ගානේ ගෙවන්න හදල දෙන්න කියලා බැංකුව ඒකට එකඟ වෙලා ඒ විදිහට ගෙවන්න කටයුතු සලස්වා දෙනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ සඳහන් කළා ඉතාම කෙටි කාලයක් තුළදී ලීසිං පහසුකම් ලබාදීමට කටයුතු කරන බව. ඒ සඳහා හැකියාව උදාකර ගන්නේ කොහොමද?
 
 පිළිතුර - මේ ලීසිං පහසුකම් ලබාදීමේ කාර්යාවලිය අපි පරිගණකය ඔස්සේ ජාලගත කොට තිබෙනවා. ලීසිං සඳහා යම් ඉල්ලීමක් කළ විට එය ලංකාවේ කුමන හෝ බැංකු ශාඛාවකින් පරිගණකයට ඇතුල් කොට බලගැන්වූ විට එය ඩිජිටල් පද්ධතිය හරහා ඊළ`ග නිලධාරියා වෙත යොමු වෙනවා. ඒ ආකාරයෙන් ඉතාම කෙටි කාලයක් තුළ එය අනුමත කරන නිලධාරියා දක්වාම යොමු වෙනවා. මේ ක‍්‍රමය අනුව දත්ත ඇතුළත් කරලා පැයක් දෙකක් වැනි කාලයක් තුළ අපට ලීසිං පහසුකමක් අනුමත කිරීමේ හැකියාව තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - මෙහි ඉදිරි ව්‍යාප්තිය සඳහා වන සැලසුම් මොනවාද?
 
 පිළිතුර - මෙම සේවය තවදුරටත් කඩිනම් කිරීම මගින් ජනතාව අතරට ලීසිං රැුගෙන යන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකුවක් වන අපේ වත්කම් ප‍්‍රමාණය බොහොම ඉහළයි. ඒ අනුව අපි ගනුදෙනුකරුවන්ට වාසි ලැබෙන ආකාරයෙන් පොලී අනුපාතයන් සකස් කරගෙන මේ සේවාවන් ඉදිරියටම ගෙන යෑමට කටයුතු කරනවා. ඒ වගේම ගෙවීම් කිරීමේදී ගනුදෙනුකරුවාට හිතකර විදිහට ගෙවීම් කිරීම තවදුරටත් පහසු කිරීමට අපි සෑම උත්සාහයක්ම ගන්නවා. තවත් වැදගත් දෙයක් තමයි, වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රටේ ජනතාව අවිධිමත් අංශවලින් ලීසිං පහසුකම් ලබා ගැනීම සඳහා පෙළඹී ඉන්නවා. රාජ්‍ය බැංකුවක් ලෙස එය විධිමත් අංශය වෙත යොමු කිරීම ජාතික වගකීමක් ලෙස සලකා අප කටයුතු කරනවා.
 
 ප‍්‍රශ්නය - ඊධක්‍ ලීසිං පහසුකමක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන කෙනෙක් ඒ පිළිබඳව තොරතුරු විමසිය යුත්තේ කෙසේද?
 
 පිළිතුර - හොඳම දේ තමයි ළගම පිහිටි ලංකා බැංකු ශාඛාවක් වෙත ගිහින් විමසන එක.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles