Divaina - HNB ඇෂුවරන්ස් නව සන්නාම ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

HNB 
 HNB ඇෂුවරන්ස් (HNBA) හී ආයතනික වෙළඳනාමය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා සන්නිවේදන වැඩසටහනක් මෑතකදී සමාගම එළි දැක්විය.
 
 මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ තේමාව වුයේ ජීවිතයේ සෑම පියවරකටම ඔබට ශක්තියක් වෙමින් සැමට ඉහළින් ඔබගේ විශ්වාසය දිනූ අපි, අතර මෙම වැඩසටහන දියත් කිරීමේ ප‍්‍රධාන අරමුණු වුයේ සමාගමත්, සමාගමේ සේවාලාභීන් මෙන්ම ශ‍්‍රී ලංකීය ජනතාව අතරත් ඇති සුහද සබැඳියාව තව දුරටත් වර්ධනය කිරීමත්, HNBA වෙළෙඳ නාමය පිළිබඳ සමාජයේ දැනගැන්මත් අවබෝධයත් ඉහළ නැංවීමත් වේ.
 HNBA සහ එහි පූර්ණ පරිපාලිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI) හී කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන අධ්‍යක්ෂ නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සිය අදහස් දැක්වමින්, අප මෙහෙයුම් කරන්නා වූ මෙම කාල පරිච්ෙඡ්දය තුළ වර්ධනයට නොයෙකුත් අවස්ථාවන් ඇති අතර, ආසියානු කලාපීය සහ ජාත්‍යන්තරයේ ආර්ථික සාධකයන් හේතුකොටගෙන ශ‍්‍රී ලාංකීය සමාජයේ පසුබිමද සීඝ‍්‍රව වෙනස් වෙමින් පවතී. පසුගිය වසර කිහිපය සලකා බලන කල අප සමාගම අඛණ්ඩ, තිරසාර වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. අනාගතයේදී ද අපගේ විසඳුම් සහ සැලසුම් තුළ කැපීපෙනෙන සේවා විශේෂාංග තව දුරටත් හඳුන්වා දිය යුතු බව අප අවබෝධ කරගෙන ඇති අතර අපගේ විසඳුම් සොයා පැමිණීමට ශ‍්‍රී ලාංකිකයන් හට වුවමනාවක් ඒ තුළින් ඇති කිරීම අපගේ ඉලක්කය වේ. මේ සඳහා අප කළමනාකාරණ කණ්ඩායම සයිමන් සිනෙක් ගේ ගෝල්ඩන් සර්කල් ව්‍යුහය උපයෝගී කරගනිමින් විසඳුම් සෙවීමේ විශේෂ අභ්‍යාසයක නිරතවුණී. එමගින් අප අවබෝධ කරගත් ප‍්‍රධාන කාරණාව නම්, සමාගමක් ලෙස අපගේ සියලූ සේවාවන් හී උසස් පරමාර්ථය වන්නේ අපගේ සේවාලාභීන්ගේ ජිවිත ගමනේ සෑම පියවරක්ම සවිබලගැන්වීම බවයි. එබැවින් මෙම වෙළඳ නාම ප‍්‍රවර්ධන වැඩසටහනෙහි ප‍්‍රධාන බලාපොරොත්තුව වන්නේ අප සමාගමේ මෙම අරමුණ පැහැදිලිව අපගේ සේවාලාභීන් වෙත සන්නිවේදනය කිරීම යැයි කියා සිටියේය.
 HNBA ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ප‍්‍රසාන්ත ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක් වීමේ අපගේ උපාය මාර්ගයේ වැදගත් කොටසක් ලෙස මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදිය හැකි අතර එය අපගේ අලෙවි බලකායට නව සැලසුම් අලෙවි කිරීමේ ක‍්‍රියාවලියෙහි මුහුණ දෙන්නා වූ තරගකාරී අභියෝගයන් ජය ගැනීමටත් ඉමහත් සවියක් වනු නොඅනුමාන යැයි ප‍්‍රකාශ කළේ.
 
 මෙම අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් HNBA සමාගමෙහි අලෙවිකරණ අංශ ප‍්‍රධානී දිනේෂ් යෝගරත්නම් මහතා මෙසේ පැවසීය. අපේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවන් පදනම් කරමින් ගොඩනැගුණු මෙී න්ගේ ලවි ප‍්‍රවර්ධන වැඩසටහන HNBA හී සමාජීය අගයන් මනාව පිළිබිඹු කරයි. අපගේ ආදරණීයන් හා සමග අප ගත කරන්නා වූ ඒ සුන්දර, සුවිශේෂී අවස්ථාවන්හී අපට දැනෙන්නා වූ සංවේදී, මිහිරි හැගීම් කාණ්ඩ හතර්ක් මෙම වැඩසටහනේ පාදක දර්ශන ලෙස යොදා ගෙන ඇත. තවද අපගේ වෙළෙඳ සන්නාම ලාංඡුනයේ ඇති සූර්යයා මෙන් අන් සියල්ලන්ට වඩා අප විශ්වාසවන්ත බව සන්නිවේදනය කිරීමද අපගේ අරමුණක් විය. මෙම අලෙවි වැඩසටහන සාම්ප‍්‍රදායික සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා සමාජයේ සියලූ ජන කාණ්ඩයන් වෙත සන්නිවේදනය කිරීමට සියලූ වැඩකටයුතු යොදා ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles