Divaina - රැකියා ඉලක්කගත සරසවි අවශ්‍යතාවන්ට පිළිතුර SLIIT විශ්වවිද්‍යාලයද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මෙරට ආර්ථිකයට නව ප‍්‍රබෝධයක් උදා කරමින්, නොබෝ කලකින් විවෘත වන කොළඹ වරාය නගරය සහ දැනටමත් ක‍්‍රියාත්මක හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතින් රට තුළ ව්‍යාප්ත වනවාත් සමග, විවිධ කුසලතා සහිතවූවන් සඳහා දැවැන්ත රැකියා වෙළඳපලක් බිහිවීම නොඅනුමානය. නමුත් එවිට මතු වන ප‍්‍රශ්නාර්ථ නම්, ඉහළ යන රැුකියා අවස්ථා සඳහා ඉල්ලූම් කළ හැකි කුසලතා පූර්ණ ශ‍්‍රම බළකායක් අප සතුව සිටිනවාද, එසේත් නැත්නම් පුහුණු හා උගත් කුසලතා ඇත්තන් විදෙස් රට වලින් ආනයනය කරනවාද යන්නයි. වර්තමානයේදී, මේ තත්ත්වය වඩාත් අත්දකින්නේ මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේය. චීන සහ ඉන්දියානු ශ‍්‍රමිකයින් බහුල වශයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවල නිරතවීම සුලබවී ඇති සේම, ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් අප රට තුළ දුර්ලභ වීම සත්‍යයක් බැවිනි.
 
 අනාගත රැුකියා වෙළඳපල පිළිබඳ ප‍්‍රකල්පිත ප‍්‍රවේශයක් අප සතු විය යුතුය. අනාගත අපේක්ෂාවන්ට සරිලන පරිදි මෙරට උසස් අධ්‍යාපන ක‍්‍රමවේද සැකසිය යුතු වන අතර, ඉහළ ඉල්ලූමක් සහිත රැකියා සහ අනාගතයේදි අභාවයට යන ක්ෂේත‍්‍රයන් පිළිබඳව අවධානය යොමු කරමින් අධ්‍යාපන පාඨමාලා නිර්මාණය කිරීම අතිශයින් වැදගත්ය. අනාගතයේ එළැඹීමට නියමිත, කෘත‍්‍රිම බුද්ධිය මුල්කරගත් සිව්වැනි කාර්මික විප්ලවය හේතුවෙන් වෘත්තීන් විශාල ගණනක් අහෝසි වන නිසා අධ්‍යාපනඥයින්ගේ චින්තන ක‍්‍රියාවලිය වෙනස් විය යුතුය. ඉදිරියේදී අපට අවශ්‍යවන්නේ අනාගත ලෝකයේ අවශ්‍යතාවන් වටහාගෙන ඊට ගැලපෙන උපාධිධරයන් බිහිකරන විශ්වවිද්‍යාල මිස යල්පැන ගිය උපාධි ලබා දෙන, හුදු ඒකාකාරී හා ගතානුගතික විශ්ව විද්‍යාල නොවේ.
 
 මීට විසි වසරකට පෙර, තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන් සඳහා වූ දැවැන්ත රැුකියා ඉල්ලූම සපුරාලීම ඉලක්ක කරමින් අප රටේත් මෙවන් සරසවියක් බිහි විය. ප‍්‍රමුඛ අධ්‍යාපනඥයින් සහ වෘත්තියවේදීන් කිහිපදෙනෙකුගේ සුසංයෝගයෙන් ගොඩනගන ලද තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අරමුණ වූයේ, එකල සීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පැවති තොරතුරු තාක්ෂණ කර්මාන්තයට රුකුලක් වීමයි. ඉතා කෙටි කාලයක් තුළ තොරතුරු තාක්ෂණ ශිල්පීය දැනුම සහිත ශ‍්‍රම බළකායක් නිපදවීමට මෙම විශ්වවිද්‍යාලයට හැකි වූ අතර එතුළින්, මෙරටට පරිගණක මෘදුකාංග ආශ‍්‍රිත ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ක‍්‍රියාවට නංවා තිබූ, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ක‍්‍රමෝපායී ඉලක්කයට සාර්ථකව දායක වීමට ද හැකි විය. මෙම ජයග‍්‍රහණයට ඉවහල් වූයේ SLIIT විශ්වවිද්‍යාලය, ගතානුගතික නීති රාමු වලින් ඔබ්බට ගිය ලාභ අපේක්ෂාවෙන් තොර සැලසුම් ආකෘතියක් මත නිර්මාණය වීම හේතුවෙනි.
 
 සිසුන් 390ක් සමඟ 1999 වසරේ ආරම්භ වූ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල පිහිටියේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකය. මේ වන විට සමස්ත තොරතුරු තාක්ෂණ රැුකියා අවස්ථා අතරින් 65% ක් පමණ ප‍්‍රමාණයක් සපුරාලීමට මාලඹේ SLIIT විශ්වවිද්‍යාලය සමත් වී ඇත.
 
 රාජ්‍ය විශ්වවිද්‍යාල රාමුවෙන් බැහැර, ලාභ නොලබන නමුත් වත්මන් සහ අනාගත රැකියා වෙළඳපල ඉලක්ක කරගත් විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත වූ SLIIT ආයතනයේ අරමුණ සහ දැක්ම එදා මෙන් අදත් නොවෙනස්ව පවතී. සිසු අවශ්‍යතා හඳුනාගත්, රටේ දැක්ම සමගින් ගමන් ගන්නා සරසවියක් ලෙස ඔවුන් නම් දරයි.
 
 මාලඹේ SLIIT විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසන පරිදි, එළැඹෙන වසර 25 සඳහා වන විශ්වවිද්‍යාල දැක්ම පිළිබඳ සාකච්ඡුා මේ වනවිට ආරම්භ කර තිබේ. වසර 2045 වන විට නව රැුකියා අවස්ථා බිහිවනවා මෙන්ම අද පවත්නා බොහෝ රැුකියා නැති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. එම නිසා විදෙස් විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගොඩනඟා, ඒ දැනුම උපයෝගී කර ගෙන ඉගැන්වීමේ රටා නිසි ලෙස හැඩගස්සා ගැනීමේ කටයුතු වල සිය විශ්වවිද්‍යාලය මේ වන විට නිරත වන අතර , විශ්වවිද්‍යාලයේ ජීවගුණය සදාකාලිකව නොවෙනස්ව පවතින්නේ ඒ කරුණ හේතුවෙන් බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
 
 ”මෙම නව ක‍්‍රියාවලියට ආවේණික වූ අවදානම් ඇතත් ඒවා නිසි ලෙස හැසිරවීමේ හැකියාව අපට ඇත. මෙවන් ව්‍යවසායක ජීවයක් අපට නොතිබුණා නම් මෙවැනි දැවැන්ත කාර්යභාර්යයක් ඉටුකරගැනීමට සමත් නොවනු ඇත. අපේ තීන්දු තීරණ හා ප‍්‍රතිපත්ති සඳහා දේශපාලනික මැදිහත් වීම් නැහැ. ඒ වගේම ලාභ නොලබන ආයතනික රාමුව නිසා අන් කවර ආයතනයකට වඩා කඩිනමින් ක‍්‍රියාත්මක වීමේ හැකියාවත් අප සතු’’ යැයි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසයි.
 
 නෙලූකා ජයසිංහ සංස්කරණය - ප‍්‍රභාත් විතාන
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles