Divaina - ‘‘මිරලස්’’ කැමරා තාක්ෂණය ලෝකයේ කැමරා වෙළෙ`දපොළ ග‍්‍රහණයට ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

camara222කැමරා වෙළෙඳපොළ ග‍්‍රහණයට ගනිමින් සිටින බව පොටෝ ටෙක්නිකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හර්ෂ මල්වැන්න මහතා පවසයි. ලෝක ප‍්‍රකට ජපානයේ නිකොන් සමාගමේ නව තාක්ෂණය සහ වෙළෙඳපොළ පිළිබද ජපානයේ අධ්‍යයන චාරිකාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හර්ෂ මල්වැන්න මහතා මේ බව පැවැසීය.
 
 ලෝක ප‍්‍රකට ජපානයේ නිකොන් කැමරා සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා පොටෝ ටෙක්නිකා සමාගමයි. දශක හයකටත් වැඩි කාලයක් ශ‍්‍රී ලංකාවේ ඡුායාරූප ක්ෂේත‍්‍රයට ලොව නවීනතම කැමරා තාක්ෂණය හඳුන්වාදීම සඳහා පුරෝගාමී වූ පොටෝ ටෙක්නිකා සමාගම, ඡුායාරූප ක්ෂේත‍්‍රයේ සෑම අංශයක්ම ආවරණය වන ආකාරයට ව්‍යාපාර කරන ශ‍්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ආයතනයයි.
 
 මේ පිළිබ`දව වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ මල්වැන්න මහතා...‘‘පරාවර්තන දර්ශන තලය නැතහොත් පරාවර්තන කන්නාඩිය, ෘීඛඍ කැමරාවක ප‍්‍රධාන උපාංගයක්. එයින් කරන්නේ ඡුායාරූප ශිල්පියා ඡුායාරූපගත කරන වස්තුව කන්නාඩියක් හරහා ආලෝක ධාරාවක් පරාවර්තනය කරවා වස්තුවේ ප‍්‍රතිබිම්බයක් ප‍්‍රකාශ දර්ශන කවුළුවෙන් ඡුායාරූප ශිල්පියාට බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ක‍්‍රමයේදී දර්ශන කවුළුවෙන් පෙන්නුම් කරන එහි ප‍්‍රතිබිම්බයත්, ඡුායාරූපයේ සටහන් වන ප‍්‍රතිරූපයේ හි නියම ස්වභාවයත්, අතර වෙනසක් පැවතී. එම වෙනස ඡුායාරූප ශිල්පියාට දැක ගත හැකි වන්නේ දර්ශන තලය බැලීමෙන් පසුවයි. ලොව ප‍්‍රධාන පෙළේ කැමරා නිෂ්පාදකයන් මිරලස් තාක්ෂණය හදුන්වා දෙන්නේ මෙම අඩුපාඩුව ම`ග හරවා ගන්නයි. මිරලස් කැමරාවක පරාවර්තන දර්ශන තලයක් නැති අතර ප‍්‍රකාශ දර්ශන කවුළුවක් වෙනුවට එහි තියෙන්නේ සෑම විටම ආලෝකයට නිරාවරණය වූ
 
 ඉලෙක්ට්‍රොනික් දර්ශන කවුළුවකි. මෙයින් ඡුායාරූප ශිල්පියාට ඔහු ඡුායාරූපගත කරන වස්තුවේ ඩිජිටල් පූර්ව දර්ශනයක් ඉලෙක්ට්‍රොනික් දර්ශන කවුළුවට ලබා දෙනවා. මෙම තාක්ෂණයේදී ඡුායාරූපගත කරන වස්තුවේ නියම ප‍්‍රතීමූර්තයත්, දර්ශන කවුළුවෙන් පෙන්නුම් කරන එහි පූර්ව දර්ශනයත් අතර වෙනසක් නැහැ. සරලව පැවසුවහොත් ඡුායාරූප ශිල්පියා ඔහුගේ පියවි ඇසින් සජීවීව දකින වස්තුවේ නියම ස්වභාවයම ඉලෙක්ට්‍රොනික් දර්ශන කවුළුවෙන් බලා එය ඒ ආකාරයටම ඡුායාරූපයට නගන්න පුළුවන්. ඒ අනුව දැනට ලෝකයේ පවතින නවතම කැමරා තාක්ෂණ ප‍්‍රවණතාව මෙම මිරලස් කැමරා තාක්ෂණයයි.’’

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles