Divaina - ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2019 පළමු අර්ධ වර්ෂය තුළදී ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

nsbමන්දගාමී සාර්ව ආර්ථික හා වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ 2019 පළමු අර්ධ වර්ෂය තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කළ අතර, 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්‍ෂව 15.5% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 4.3 ක බදු පෙර ලාභයක් අත්පත් කරගන්නා ලදී.

2018.04.01 දින සිට බල පැවැත්වෙන පරිදි රඳවාගැනීමේ බදු ප‍්‍රතිලාභ ඉවත් කිරීම හේතු කොටගෙන රුපියල් බිලියන 1.3 ක අගයක් ගත් රඳවාගැනීමේ බදු අහිමි වූ තත්වයක් හමුවේ 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්‍ෂව 2019 වර්ෂයේ පළමු මාස 06 තුළදී බැංකුව විසින් 15.2% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 2.3 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලදී. එමෙන්ම 2018.10.01 දින සිට බලපැවැත්වුණු ණය ආපසු ගෙවීමේ අයබද්ද ක‍්‍රියාත්මක කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්‍ෂව 2019 පළමු අර්ධය තුළදී ගෙවීමට සිදුවූ රුපියල් මිලියන 832.7 ක අතිරේක බදු හේතුවෙන් ලාභය මත සෘණාත්මක බලපෑමක් ඇති කෙරිණි. සමාලෝචිත කාලපරිච්ෙඡ්දය තුළ බැංකුව විසින් බදු හා අය බදුමුදල් ලෙස රුපියල් බිලියන 4.8 ක දායකත්වයක් රජය වෙත ලබා දී ඇත.

සමස්ත ආදායම 6.2% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 59.1 ක් දක්වා වර්ධනය වූ අතර සමස්ත මෙහෙයුම් ආදායම 15.3% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.1 ක අගයට ළඟා විය. පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ෙඡ්දය හා සසඳන විට සමස්ත මෙහෙයුම් ආදායමෙහි 90.9% කට දායක වූ ශුද්ධ පොලී ආදායම 10.9% කින් වර්ධනය වී, රුපියල් බිලියන 13.8 ක අගයක් වාර්තා කරන ලදී. 2019 වර්ෂයේ ජුනි මාසය තෙක් සය මාසික කාලපරිච්ෙඡ්දය තුළ ශුද්ධ පොලී ආන්තිකය පසුගිය වර්ෂයේ මීට අනුරූප කාලසීමාව තුළ පැවති 2.39% ක ප‍්‍රතිශතයට සාපේක්‍ෂව 2.61% ක් තෙක් වැඩිදියුණු විය. පොලී ආදායමේ වර්ධනය, පොලී වියදමේ වර්ධනය ඉක්මවීම මීට හේතු පාදක විය.

තවද, ව්‍යාපාරික ගනුදෙනුවල වර්ධනයෙන් ලත් ප‍්‍රතිලාභ මත ශුද්ධ ගාස්තු ආදායම රුපියල් මිලියන 499.2 ක් දක්වා 30.7%කින් වර්ධනය විය. පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දය තුළ වාර්තා වූ රුපියල් මිලියන 45.2 ක අලාභයට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් සමාලෝචිත කාලපරිච්ෙඡ්දය තුළ ඉපයූ වෙළඳාම් මත ශුද්ධ ලැබීම් අගය රුපියල් මිලියන 663.9 ක් විය.

ව්‍යාපාරික ක‍්‍රියාකාරකම්වල වර්ධනය හා සමගාමීව පරිපාලනමය හා පොදු කාර්ය වියදම්, 2019 මුල් මාස 6 තුළ වර්ධනය විය. ශාඛා ජාලය හා ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් සිදුු කරන ලද ආයෝජන හේතුවෙන් අස්පෘශ්‍ය හා ස්පෘශ්‍ය වත්කම් මත ක්‍ෂයවීම් හා ක‍්‍රමක්‍ෂය 65.8% කින් වර්ධනය විය. කෙසේ වුවද, 2018 වර්ෂයේ තෙවන කාර්තුව තුළ කල් පිරුණු ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිදහස් කිරීම මගින් ඇති වූ බලපෑම මත 2019 ජුනි මස 30 දිනෙන් අවසන් වූ සය මාසික කාලපරිච්ෙඡ්දය සඳහා හානිකරණ ගාස්තුව, පසුගිය වර්ෂයේ අනුරූප කාලසීමාවට සාපේක්‍ෂව 36.7% කින් පහත වැටිණි. මේ හේතුකොට ගෙන ආදායම් පිරිවැය අනුපාතය, 2018 වසරේ පළමු අර්ධය හා සසඳන විට පැවති අගය වූ 54.5% සිට 51.3% දක්වා වැඩිදියුණු විය.

ගනුදෙනුකාර තැන්පතුවල වර්ධනය මත බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය 2018 දෙසැම්බර් 31 පැවති අගයට වඩා 5.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් ටි‍්‍රලියන 1.1 ක් ලෙස වාර්තා විය. ගනුදෙනුකාර තැන්පතු අගය 2018 දෙසැම්බර් අවසානයට සාපේක්‍ෂව 8.1% කින් වර්ධනය වී රුපියල් බිලියන 907.8ක් ලෙස සටහන් විය. ශුද්ධ ණය හා අත්තිකාරම් 2018 දෙසැම්බර් අවසානයට සාපේක්‍ෂව 5.7% කින් වැඩිවී රුපියල් බිලියන 447.8 ක් ලෙස වාර්තා විය. 2019 පළමු අර්ධය අවසන් වන විට, දළ අක‍්‍රීය ණය අනුපාතිකය 1.69% ක මට්ටමේ පවත්වාගෙන යාමට බැංකුව සමත් විය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles