Divaina - එයාර්ටෙල් ක්‍ඵධ ආසියානු සම්මාන උළෙලේදී සම්මාන ත‍්‍රිත්වයකින් පිදුම් ලබති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
  airtel
 
ශ‍්‍රී ලංකාවේ වේගවත්ම සහ තරුණ ප‍්‍රජාවේ ජනප‍්‍රියතම දුරකථන සන්නිවේදන ජාලය වන එයාර්ටෙල් ලංකා තම කීර්තිය තවදුරටත් තහවුරු කරමින් 2019 CMO ආසියානු සම්මාන උළෙලේදී සම්මාන ත‍්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය.
 
 ලෝක අලෙවිකරණ සම්මේලනය මගින් පිරිනැමූ ‘‘‍ශ‍්‍රී ලංකාවේ සන්නාම නායකත්ව”‍ සම්මානයට අතිරේකව ලෝක මානව සම්පත් සම්මේලනය මගින් පිරිනැමූ හොඳම සේවායෝජක සම්මානයෙන් පිදුම් ලැබීමටද එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. එසේම ආයතනය විසින් ක‍්‍රියාත්මක කරන ලද (FSE) Field Sales Executive වැඩසටහනද ප‍්‍රශංසාවට ලක්වූ අතර රඳවා ගැනීමේ උපායමාර්ගයේ හොඳම නවෝත්පාදනය සඳහා වන සම්මානය ඒ සඳහා හිමි විය.
 
 මේ පිළිබඳව අදහස් දක්වන භාරති එයාර්ටෙල් ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ජිනේෂ් හෙජ් මහතා,‘‘ එයාර්ටෙල් ලංකා හි අපගේ අංක එකේ ප‍්‍රමුඛතාව වන්නේ පාරිභෝගික තෘප්තිය සහ ආයතනය සමග පාරිභෝගිකයාගේ සමීප බවයි. මේසියලූ‍ ඉලක්කයන් ඵලදායී අලෙවිකරණයකින් සහ උද්යෝගීමත් කණ්ඩායමකින් තොරව කළ නොහැක්කක්. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන දුරකථන සන්නිවේදන ජාලය ලෙස අද අපි ලබා තිබෙන මෙම ජයග‍්‍රහණයට ප‍්‍රධාන හේතුව වන්නේ අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කරන ලද ආයෝජනය පාරිභෝගිකයන් අවබෝධ කරගැනීම සහ ඵලදායී සන්නිවේදනයයි. එයාර්ටෙල් හී සිදුවන දැවැන්ත වර්ධනයන් සමග අපගේ පාරිභෝගිකයන්ට වඩා වැඩි වටිනාකමක් ඉදිරියේදී ලබා දීමට අපට හැකිවන බව විශ්වාස යයි ”‍ඔහු පවසයි.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles