Divaina - සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ එක් දින වැඩමුළුවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

singer
  මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන ඇඳුම් පැළඳුම් කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ මැහුම් කලාව සහ විලාසිතා නිර්මාණකරණයයි. විලාසිතා නිර්මාණකරණය මේ වන විට විවිධ අංශයන් ඔස්සේ නවීකරණය වී ලොව පුරා විවිධ රටවල් තුල මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී ඇති විෂය ක්ෂේත‍්‍රයකි.
 
 එසේ ගත් කල ශ‍්‍රී ලංකාවේ මැහුම් කලාවේ සහ විලාසිතා නිර්මාණකරණයේ ප‍්‍රමුඛයා ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය සිය අභිමානය පතුරවමින් සිටී. වසර 60 කට අධික ප්‍රෞඨ ඉතිහාසයකට උරුමකම් කරන සිංගර් ෆැෂන් ඇකඩමිය වර්තමානයේ දිවයින පුරා විසිරී ඇති 60 කට අධික සිය ශාඛා ජාලය හරහා වසරකට සිසුන් 5000කට වැඩි ප‍්‍රමාණයකට සිය දැනුම බෙදා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට වෘත්තීයමය වටිනාකමක් එක් කරමින් සිය ජාතික මෙහෙවර ඉටු කරයි.
 
 සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඔබට ඩිප්ලෝමා පාඨමාලා 2ක්, සහතික පත‍්‍ර පාඨමාලා 8ක් සහ විවිධ කෙටි කාලීන පාඨමාලාද ඇතුළු පාඨමාලා 20 කට අධික ප‍්‍රමාණයක් හැදෑරීමේ අවස්ථාව ඇත. ඒ සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක් අප සමග අත්වැල් බැදගෙන සිටී. මෙම පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර ඕනෑම වයස් කාණ්ඩයක අයකුට මුල සිට සරලව මෙම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව පවතී
 
 සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විලාසිතා දැක්ම සිසුන් හට තම හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට සකසා ඇති තෝතැන්නකි. එහිදී සිසුන් හට දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සහ විලාසිතා නිර්මාණකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් හරහා සිය නිර්මාණ ඉදිරිපත් කර තම දක්ෂතා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලැබී ඇත.
 
 දිනෙන් දින වෙනස් වන ලොව තුල අලූත් වෙමින් ඉදිරියට යන සිංගර් ෆැෂන් ඇකඩමිය මේ වන විටත් ලෝකයේ විශාල ලෙස ඉල්ලූමක් පවතින හා රැුකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් ඇති විලාසිතා නිර්මාණකරණය (ෆැෂන් ඩිසයිනින්ග්* පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාව (ක්‍ැරඑසසෙජ්එැ සබ ත්‍්ියසදබ ෘැිසටබසබට* ඔබ වෙත හඳුන්වා දී ඇත. මෙම පාඨමාලාව ඇතුළු සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පවත්වනු ලබන පාඨමාලා 06 ක් මහා බි‍්‍රතාන්‍යයේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (ක්‍ය්රඑැා ීදජසැඑහ දෙ ෘැිසටබැරි (ඹණ** පිළිගත් පාඨමාලා ලෙස නම් කර ඇති අතර එම පාඨමාලා හදාරන සිසුන් හට එම සංගමය මගින් පිරිනමන ජාත්‍යන්තර සහතිකයක්ද හිමි වේ.
 
 මීට අමතරව සිංගර් ෆැෂන් ඇකඩමිය ශ‍්‍රී ලංකාව පුරා විහිදී ඇති වසර 160 කටත් වඩා කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගත් සිංගර් වෙළෙඳ නාමය හා බැඳෙමින් දිවයින පුරා නොමිලේ මැහුම් වැඩමුලූ, මැහුම් ප‍්‍රදර්ශණ සහ විවිධ ශිෂ්‍යත්ව වැඩ සටහන් ආදී ප‍්‍රජා සත්කාරක වැඩසටහන් දියත් කරමින් මෙරට වනිතා පරපුර සවි බල ගැන්වීම සිය ජාතික මෙහෙවර ලෙස සලකමින් කටයුතු කරයි.
 
 සෑම විටම කාන්තා අභිවෘද්ධිය සහ බලගැන්වීම් සඳහා කැප වී සිටින සිංගර් ෆැෂන් ඇකඩමිය මාර්තු මස 08 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ එක් දින වැඩ මුළුවක් ‘දිවයින’ පුවත් පත සමග එක්වී සංවිධානය කර ඇති අතර විලාසිතා නිර්මාණකරණය, පුද්ගල ප‍්‍රතිරූප ඔප් නැංවීම වැනි කාන්තා අභිවෘද්ධිය සඳහා වන මාතෘකා ගණනාවක් මෙදින සාකච්ඡුා වේ. වැඩමුළුවට සහභාගී වන සියලූම දෙනාට වටිනා සහතිකයක් සහ සිංගර් ෆැෂන් ඇකඩමි මගින් පවත්වන පාඨමාලා සඳහා විශේෂ වට්ටමක්ද හිමි වනු ඇත.
 
 මෙම පාඨමාලා පිළිබඳ වැඩිදුර විස්තර ඔබට 0766177177 යන දුරකථන අංකය ඔස්සේ සහ අඅඅගිසබටැරඉමිසබැිිිජයදදකගජදප යන අපගේ වෙබ් අඩවිය හරහාද ලබා ගත හැක.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles