Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

welada1අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයක් පැවතියද හැටන් නැෂනල් බැංකුව සිය 2019 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ බදු පෙර ලාභය වශයෙන් රුපියල් බිලියන 3.3ක් වාර්තා කළ අතර බදු පසු ලාභය වශයෙන් රුපියල් බිලියන 2ක් වාර්තා කිරීමට සමත් විය.
 
 මේ පිළිබඳව අදහස් දක්වන HNB සභාපති දිනේශ් වීරක්කොඩි මහතා පැවසුවේ ‘‘ ශ‍්‍රී ලංකා සාර්ව ආර්ථික ප‍්‍රතිලාභ අත් කර ගැනීම ගැනීම සඳහා යන ගමනේදී අපි මුහුණ දී ඇති අභියෝගාත්මක පරිසර තත්වයන් තුළ රටක් ලෙස අපගේ ආර්ථික වර්ධන වේගය 4‍%කට අඩු මට්ටමකට පත්වීමට බෙහෙවින් ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම දේශීය ඉල්ලූම අඩුවීම, රජයේ වියදම් අඩුකිරීම සහ දෘඩ මුදල් ප‍්‍රතිපත්ති සහ 2018 වසරේ අවසන් කාර්තුවේ පැවති දේශපාලනික අස්ථාවර තත්වයන් මීට හේතුන් වූ බව මගේ අදහසයි. මේ සියලූ තත්වයන් බැංකුවේ මෙහෙයුම් කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ල සමස්ත  ප‍්‍රතිඵලය කෙරෙහි අභියෝගාත්මක බලපෑමක් එල්ල කළා’’ යනුවෙනි.
 
 2019 වසරේ මාර්තු 31වන දිනෙන් අවසන් වූ පසුගිය මාස 12තුළ HNB හි අත්තිකාරම් සහ තැන්පතු පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ සමග සසඳන විට 11.4‍% කින් වර්ධනය වී පිළිවෙලින් රුපියල් බිලියන 749.8 ක් සහ 11‍%‍ ක වර්ධයක් සමග රුපියල් බිලියන 799ක් බවට පත් වී ඇත. එමෙන්ම බැංකුවේ CASA අගය රුපියල් බිලියන 279.6ක මට්ටමක පවත්වාගෙන යෑමට ද HNB සමත් ව ඇත. මේ තත්වය මත බැංකුවේ ශුද්ධ පොළි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 22.1‍%‍කින් වර්ධනය වී රුපියල් බිලියන 13ක් බවට පත්ව ඇත.
 

ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලද හේමාස් රෝහල් සමූහය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල භාවිතා කර අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීති මාර්ගයට එළැඹෙන බව හේමාස් රෝහල් සමූහය නිවේදනය කර සිටී.
 
 මුස්ලිම් ප‍්‍රජාව සඳහා හේමාස් රෝහල් සමූහය විසින් විශෙෂ වට්ටම් ලබා දෙන බවට  සඳහන් කළ ව්‍යාජ දැන්වීමක් සකස් කර සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරිමින් ශ‍්‍රී ලාංකිකයින් නොමග යැවීම සඳහා කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක හා අන්තර්ජාල ආශ‍්‍රිත අපරාධ මැඩලීමේ ඒකකයේ (CERT) උපදෙස් මත නීතිමය වශයෙන් කටයුතු කරන බව හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය පැවසීය.
 
 හේමාස් රෝහලේ නිල ලාංඡුනයද අවභාවිතා කරමින් 2015 වසරේ ජුනි මාසයේදී මුල් වරට තලවතුගොඩ හා ඒ අවට ප‍්‍රදේශ වෙත අත් පත‍්‍රිකාවක් බෙදා හැරි පුද්ගලයකුට එරෙහිව 2015 ජුනි මස 27වන දින හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය විසින් තලංගම පොලිසිය වෙත CIB 03 – 322රැු403 යන අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කරනු ලදුව ඊට එරෙහිව පියවර ගැනීමට තලංගම පොලිසිය කටයුතු කරන ලදි. මේ සිද්ධියෙන් අනතුරුව ව්‍යාජ ලෙස සකස් කළ එම අත්පත‍්‍රිකාවම කිසියම් පාර්ෂවයක් විසින් හේමාස් රෝහල් සමූහයේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණෙන් දැන්වීමක් ලෙස සකස් කර වරින් වර එය මුහුණු පොතේ සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල හරහා පළ කරන්නට යෙදුනි. මේ අවස්ථාවේදී ඊට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට හේමාස් රෝහල් සමූහය විසින් පියවර ගන්නා ලදි.
 

tracktarසිංගර් ශ‍්‍රී ලංකා සමාගමද දේශීය ගොවියාට ශක්තියක් වෙමින් පසුගිය වසර ගණනාව පුරා කෘෂි කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලන විවිධ යන්ත‍්‍ර සහ මෙවලම් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ. සිංගර් සමාගම වියට්නාමයෙන් ආනයනය කෙරෙන විකිනෝ ෆාම් මාස්ටර් අත් ට‍්‍රැක්ටර් සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත ලෙස 2013 වසරේ දී පත්වූ අතර

srilanka135ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සහ විශ්වාසදායී රක්ෂණ නාමයක් වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්්ඩය වඩා ගුණාත්මක පාරිභෝගික සේවයක් ලබාදෙමින් සාමාන්‍ය රක්ෂණයේ ප‍්‍රමුඛයා යන නාමය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව සිටී. මෙනුව පසුගියදා නිකුත් කරන ලද බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් 16 වන ප‍්‍රකාශනයේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍

huawei1මිනිසාගේ ජීවිතයේ බොහෝ කටයුතු ස්මාර්ට් ජංගම දුරකථන මාර්ගයෙන් ඉටුකර ගත හැකි යුගයක, අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාව ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles