Divaina - පාලන මිල යටතේ පොල් අලෙවියට තවත් ජංගම රථ 33 ක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 
polවැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා පොල් වගා කිරීමේ මණ්‌ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැවිලි සවිය ශ්‍රම බළකාය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වැනිදා පෙ.ව. 10.00 ට බත්තරමුල්ල පොල් වගාකිරීමේ මණ්‌ඩල පරිශ්‍රයේදී පැවැත්විණ.
 
 මෙහිදී වැවිලි සවිය ශ්‍රම බළකාය නිල වශයෙන් පිහිටුවීම, කප්රුක සමිති 33 ක්‌ සඳහා ජංගම අලෙවි රථ ප්‍රදානය, පොල් වගාකිරීමේ මණ්‌ඩලයේ නිළ වෙබ් අඩවිය එළිදැක්‌වීම, ප්‍රාදේශිය කළමනාකරුවන්ට ටැබ් පරිගණක ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කෙරිණ.
 
 පොල් වගාකිරීමේ මණ්‌ඩලයට සමගාමීව සුළු පරිමාණ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් නගාසිටුවීම සඳහා පිහිටුවා ඇති කප්රුක අරමුදල් මණ්‌ඩලය මගින් දිවයින පුරා විසිරී ඇති සිය සමිති ජාලය හරහා මේ වන විටත් රජයේ පාලන මිල යටතේ පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක්‌ ක්‍රියාත්මක කර ඇත. එහි දෙවැනි අදියර ලෙස තවත් සමිති 33 ක්‌ සඳහා කුඩා ලොරි රථ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. මෙම ජංගම සේවාව හරහා වගාකරුවාට සාධාරණ මිලක්‌ ලබාදීම, පාරිභෝගිකයාට පාලන මිලට පොල් අලෙවිය, පොල් පැළ අලෙවිය මෙන්ම පොල් කටු, පොල්ලෙලි, ඉරටු යනාදිය මිලදී ගැනීමේ සේවාවක්‌ද ක්‍රියාත්මකයි.
 
 ශ්‍රම බළකාය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොල් වගාව ආශ්‍රිත ව්‍යාප්ති සේවා ශක්‌තිමත් කිරීම සඳහා ස්‌වෙච්ඡා තරුණ ශ්‍රම බළකායක්‌ නිල වශයෙන් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණ. පොල් වගාවේ ඵලදායිතාව නැංවීම සඳහා තරුණ ශ්‍රමයේ දායකත්වය ලබාගැනීම මෙන්ම පොල් වගාව කෙරෙහි නව පරම්පරාව තුළ සුභවාදී දැක්‌මක්‌ ඇති කිරීම මෙයින් අපේක්‌ෂා කෙරේ.
 
 පොල් වගාව පිළිබඳ පුළුල්ම ව්‍යාප්ති සේවාවන් ලබාදෙන ආයතනය වන්නේ පොල් වගාකිරීමේ මණ්‌ඩලයයි. එම සේවා වඩාත් කාර්යක්‌ෂමව හා නවතාවන්ගෙන් යුක්‌තව ලබාදීම සඳහා සකස්‌ කළ නිල වෙබ් අඩවිය එළිදැක්‌වීමද නවින් දිසානායක මහතා විසින් සිදු කෙරිණ. ඒ අනුව අඅඅගජදජදබමඑගටදඩගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් පොල් වගාව ආශ්‍රිත තොරතුරු ලබාගැනීමේ හැකියාව පවති.
 
 මෙම අවස්‌ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්, ෙ-. ඒ. රංජිත් මහතා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් ද පොල් වගාකිරීමේ සභාපති, කපිල යකන්දාවල මහතා ප්‍රමුඛ කාර්යය මණ්‌ඩලයද එක්‌ වූහ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles