The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Lolc mCash 365x90 S

UPali


 
 
 rajarata
සත්ත්ව ආහාර නිෂ්පාදනය, ත්‍රිපෝෂ, කිරි කරල් පාරිභෝජනය වැනි හේතුන් නිසා අපේ රටේ බඩඉරිඟු අවශ්‍යතාවය බෙහෙවින් ඉහළ ගියේය. රජරට පොළොව බඩඉරිඟු ගසට හොඳින් යාදෙයි. මේ අනුව බඩඉරිඟු අවශ්‍යතාවය ඉහළ යැමත් සමඟ ඉවක්‌ බවක්‌ නැතිව රජරට වනපෙත් කලඑළි කරමින් බොහෝ ගොවියෝ බඩඉරිඟු වගාවට උනන්දු වූහ. බඩඉරිඟු වගාව ආරම්භ කළ මුල් යුගයේදී සාමාන්‍යයෙන් හෙක්‌ටර් යාරයකින් මෙටි්‍රක්‌ ටොන් හයහමාරක පමණ අස්‌වැන්නක්‌ ලබාගත හැකි විය. නමුත් වසර කීපයක්‌ ගෙවී යද්දී. මේ වනවිට බඩඉරිඟු හෙක්‌ටර් යාරයක වගාවෙන් ලබාගත හැකි අස්‌වනු ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් තුන හමාර දක්‌වා අඩු වී තිබේ. මෙසේ අස්‌වනු අඩු වූයේ ඇයි දැයි සොයා බලා ඊට පිළියම් යොදනවාට වඩා ගොවියන් උනන්දු වන්නේ අස්‌වනු අඩු ඉඩම් අත්හැර දමා තව තවත් කැලය කපමින් අලුතෙන් වගා බිම් ඇති කර ගැනීමටය.
 
 ගොවීන්ගේ මේ ඇබ්බැහිය වසංගතයක්‌ සේ රටට හානිකරය. රජරට කැලෑ වැඩි වැඩියෙන් එළි කරන තරමට අනෙක්‌ පැත්තෙන් රජරට වර්ෂාපතනය හීන වී යයි. ඒ සමඟම බඩඉරිඟු වගා කරන භූමිය හායනයට පත් වී කිසිවක්‌ වගා කළ නොහැකි නිසරු පොළොවක්‌ බවට පත් වේ. මේ වනවිට බඩඉරිඟු වගා කළ රජරට ප්‍රදේශයේ අක්‌කර දෙලක්‌ෂයක්‌ පමණ හායනයට පත්වී නිසරු ඉඩම් බවට පත්වී ඇත. මෙය ජාතික ආපදාවකි.
 
 පසේ සක්‍රීයතාවය පිළිබඳව විඥනයක්‌ ඇතිව හෝ නැතිව පෙරදා ගොවීන් ශෂ්‍ය මාරු ක්‍රමයට ගොවි බිම් පරිහරණය කළහ. ඒ නිසා පසේ සක්‍රීය ගුණාංග ආරක්‌ෂා විය. නමුත් වර්තමානයේ ශෂ්‍ය මාරු ක්‍රමය ගැන ගොවීන් සැලකිලිමත් වෙනවා අඩුය. නිතර ගොවිතැනට යොදා ගන්නා බිම්වල ශෂ්‍ය මාරු ක්‍රමය අනුගමනය කිරීම පස නිසරු වීම වළක්‌වා ගැනීමට යොදා ගත හැකි එක්‌ පිළිවෙතකි.
 
 ගොවි බිමේ පස නිසරු වීම වළක්‌වා ගැනීමට යොදා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ පස සෝදා යැම වළක්‌වාලීම සඳහා වගා බිමේ විධිමත්ව බිම් වැටි යෙදීමය. කුඹුරේ නියරවල් සේ ගොඩබිමේදී සුදුසු අන්දමින් බිම් වැටි යෙදීම අතිශයින් ඵලදායක වේ.
 
rajarata2වගාවට බිම් සකස්‌ කිරීමේදී ට්‍රැක්‌ටර් කිරීම, කෙටීම, පෙරළීම වැනි ක්‍රියාමාර්ග නිසා වගාබිමේ පස බුරුල් වී යයි. මෙවැනි අවස්‌ථාවල වැසි වැටීමෙන් විශේෂයෙන් බෑවුම් සහිත බිම්වල මතුපිට පස සේදී යයි. වැසි දිනවලදී ගොවි බිමෙන් පිටතට ගලා යන හැම බොර වතුරකම පවතින "බොර" කොටස පසේ සාර යයි. ඒ අන්දමට වැසි ඇලිවලින් බොර වතුරට පස සේදී ගිය පසු වගා බිමේ ඉතිරි වන්නේ නිසරු මුඩු පසකි. රසායනික පොහොර සහ වෙනත් යෙදවුම් වැඩි වැඩියෙන් පසට අවශ්‍ය වන්නේ මේ නිසයි. පසේ මතුපිට සාරවත් කොටස සේදී යැමට ඉඩ නොදී පාලනය කළ හැකි නම් පසට එකතු කරන යෙදවුම් ප්‍රමාණයද අඩු කරගත හැකිය.
 
 අඩු බිම් ප්‍රමාණයකින් වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට අපේ රට වහ වහා ගමන් කළ යුතුය. මක්‌ නිසාද? අපේ බිම් වැඩි නොවූවත් ජනගහණය නිතිපතා වැඩි වෙයි. වැඩි වන ජනගහණයේ පාරිභෝගික ආහාරමය අවශ්‍යතා දේශයෙන්ම උපයා ගැනීමට නම් අඩු බිම් ප්‍රමාණය උපරිම ආහාර භෝග නිෂ්පාදනය සඳහා යොදාගත හැකි උපාය මාර්ගවලට යොමු කර ගත යුතුමය.
 
 ගොඩ ඉඩම් සශ්‍රික කර ගැනීමේදී රසායනික පොහොර පමණක්‌ භාවිත කිරීමේ පුරුද්දෙන් ගොවියා අත්මිදිය යුතුය. යම් පමණකට රසායනික පොහොර භාවිතය සීමා කොට ඒ වෙනුවට පස සරු කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගවලට ගොවියා යා යුතුය. මෙහිදී ඉතාම වැදගත් වන්නේ පසේ සරු භාවය ආරක්‌ෂා කර ගැනීමයි. වගාවකට "බීජ" යම් පමණට අවශ්‍ය වේද? ඒ තරමටම වගාව කරන බිම වගාවට සුදුසු සේ සකස්‌ කර ගැනීමද වැදගත් වේ. බොහෝ ගොවීන් පස ගැන හිතන්නේම නැත. ඔවුන්ගේ වගා සංකල්පය ගොඩනැඟී ඇත්තේ බීජ, පොහොර හා ජලය යන කරුණු තුන පදනම් කරගෙනය. මෙම කරුණු තුන වගාවේදී අවශ්‍ය වන තරමටම වගා බිමේ "පස" ආරක්‌ෂා කර ගැනීමද ඉතාම වැදගත් වේ. මේ නිසා වගාවකට පය තියන ගොවියා පළමුවෙන්ම වගා බිමේ පස ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
 
 ගොඩ බිමේ ගොඩ භෝග වගා කිරීමේදී වී වගා කරන කුඹුරේ මෙන් පස්‌ වැටි දමා පස සෝදා පාළුව වළක්‌වා ගත යුතුය. විශේෂයෙන් සුළු වශයෙන් හෝ බෑවුම් සහිත ඉඩම්වල පස්‌ වැටි දැමීම අත්‍යවශ්‍ය වේ. ඉඩමේ පිහිටීම අනුව සුදුසු පරිදි පස්‌ වැටි දැමීමෙන් පස සෝදා යැම වළක්‌වා ගත හැකි අතර ඒ මගින් පසේ සාරය වගා බිමේ ර¹ සිටී. මේ නිසා වගා බිමේ පස්‌ වැටි දැමීමේ ක්‍රමවේදය වහාම ගොඩබිම් වගාවට ඇතුළු කළ යුතුය. මෙය නීතියක්‌ වශයෙන්ම වගාබිම්වල වහාම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යව පවතී.
 
 රජරට පොළොවේ සරුසාර පස මේ වනවිට සෝදා පාළුව හරහා යාබද වැව්වලට ගලා ගොස්‌ මේ වනවිට බොහෝ ග්‍රාමීය වැව් රොන් මඩවලින් පිරී පවතී. වගාබිම් ආශ්‍රිත කුඩා වැව් මේ වනවිට පිට්‌ටනි බවට පත්ව ඇත.
 
 මහ ඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ කරුණාතිලක
 
 
 සාකච්ඡා කළේ එප්පාවල -
 රත්න බී. ඒකනායක
 

sikuru

සිනමා කලා

dil250

නවලිය

nava250

දියග

gaga250

මීවිත

rana250

More Articles