The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Lolc mCash 365x90 S

UPali


 
 
uwaරටේ එළවළු වගාව මේ වන විට අභාවයට යමින් පවතී. දැන් ඉතිරිව ඇත්තේ පෙට්‌ටියට ඇණ ගැසීම පමණි.
 
දැනට ගොවිතැන් කරන වයසක ගොවි මහතුන් ඇරුණුවිට පසු පෙළක්‌ (ගොවි දූ දරුවන්) නිර්මාණය නොවන මට්‌ටමට පිරිහී ඇති ගොවිතැන පැරණි ගොවිමහතුන් මියෑදුණු පසුව අභාවයට යන තත්ත්වයට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ අවසන් කටයුතු කිරීමය.
 
 ඉක්‌බිතිව සිදුකළ යුතුව ඇත්තේ රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක්‌ මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට එළවළු පලතුරු සියල්ල පිටරටින් ආනයනය කිරීමය.
 
 අඩසිය වසකටත් වැඩි කාලයක්‌ ශ්‍රී ලංකා ධරණීතලයේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයක්‌ ලෙස පැවැති එළවළු වගාවට එතෙක්‌ මෙතෙක්‌ පැවැති කිසිදු රජයක්‌ විශේෂ සැලකිල්ලක්‌ නොදැක්‌වීම මත මේ වන විට හදන මිනිහටත් නැති, කන මිනිහටත් නැති ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත.
 
 ගොවිතැනට ආදාළ රාජ්‍ය ආයතන බොහොමයක්‌ (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්‌ෂණ මණ්‌ඩලය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ හා අනුබද්ධ කාර්යාල, ජාතික කෘෂිකර්ම පර්යේක්‌ෂණ ආයතනය, දිවයින පුරා වසම් මට්‌ටමින් සිටින කෘ.ප.නි.ස. වරු) තිබියදී සහ සිටියදී ගොවිතැනට මෙම ඉරණම අත්වූයේ ඇයි දැයි මේ වනතෙක්‌ කිසිදු වගකිව යුත්තෙක්‌ පශ්චාත් පරීක්‌ෂණයක්‌ කළ බවක්‌ දැකගන්නට හෝ අසන්නට නැත.
 
 මේ වන විට වස විස සහිත ගොවිතැනේ ආනුභාවයෙන් රටේ බහුතරයක්‌ රෝගීන් බවට පත්ව සිටීම සැලකිල්ට ගනිමින් ජනාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය විසින් වස විස රහිත ගොවිතැනක්‌ අරඹයා ලොකු වැඩ සටහනක්‌ කරගෙන යන අතර, ඒ සමගම ගොවිතැනේ දියුණුවටද, වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සැළයි.
 
 ගොවි ප්‍රදේශයක ඉපදි හැදී වැඩුණු මාධ්‍යකරුවකු ලෙස ගොවිතැන හා ගොවියා නැති භංගවීම ඇස්‌කන් පියාගෙන බලාසිටීමට නොහැකි කමේ පාපයට මේ ධර්මදීපය භාරව සිටින පාලන උත්තමයන්ගේ අවධානය පිණිස ගොවිතැනේ සාපය හා ගොවීන්ගේ දුක්‌ කඳුළු අකුරු කරන්නටගත් උත්සහයයි මේ.
 
 මේ ගමනට පණ දෙමින් අප මුලින්ම හමුවූයේ ඌව පරණගම දරගල ගොවි සංවිධානයේ ලේකම් ධර්මදාස වික්‍රමසිංහ මහතායි. මේ ඔහු ගොවිතැනේ දුක්‌බර කථාව අපට ප්‍රකාශ කළ ආකාරයයි. ගොවිතැන කියන්නේ සසර දුකක්‌. දැන් ගොවිතැන් කරලා ජීවත් වෙන්නට බෑ. අපි මේ පාර ලොකු වියදමක්‌ කරලා කැරට්‌ හැදුවා රු. 40 යි. වෙළෙන්දා විකුණන්නේ රු. 100 යි. අපි ගොවිතැන් කරනවා වෙළෙන්දෝ හම්බ කරනවා. අපේ දුකට පිහිටක්‌ වෙන විදියට රාජ්‍ය අලෙවි ජාලයක්‌ හදන්නට මොන ආණ්‌ඩුවකටවත් බැරි හැටි. මුන් මොකෙකුටවත් ඡන්දේ දීලා වැඩක්‌ නෑ. කොයි එකෙක්‌වත් අපේ දුක බලන්නේ නෑ. ඉස්‌සර අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව තියෙද්දී කොයි තරම් සේවයක්‌ ගොවියට තිබුණද ඒ ඔක්‌කොම මේ පාණ්‌ඩු ආණ්‌ඩු නැති කළා. දැන් උන් උන්ගේ සැප විතරක්‌ බලාගෙන අපි රවට්‌ටවමින් ජීවත් වෙනවා. මේ පාර තක්‌කාලි හැදුවා ඉල්ලන්නේ රු. 10 - 15 ට (මෙම කතාවේ කොටසක්‌ ඔබ භාරයේ ඇත.)
 
 ඉක්‌බිති පූර්ණ කාලීනවම ගොවිතැනේ නියෑළෙන ගොවි මහතෙක්‌ අපට හමුවුණා. ඔහු රන්හවඩිගම පැරණි ගොවියෙකු වන ආර්. ඩී. නිමල් (70) මහතා. මේ ඒ ගොවි හඬයි. මම ළමයි 04 දෙනෙක්‌ ඉන්න පියෙක්‌. මේ වනවිට දරු මුණුබුරොත් 10 ක්‌ විතර ඉන්නවා. ඒ සියලු දෙනා ජීවිකාව ලෙස කරන්නේ ගොවිතැන, මමත් උපන්දා සිටම කරන්නේ ගොවිතැන ඉස්‌සර ගොවිතැන පහසුයි, ලාභයි. දැන් වගේ නොවෙයි. ඒ දවස්‌වල බේත්, පෝරත් ගණන් අඩුයි. මොනවා හැදුවත් පාඩුවක්‌ නැතුව අස්‌වැන්න තිබුණා. අපි මේ ගෙවල් දොරවල් හැදුවේ, දරු මල්ලන්ට ඉගැන්නුවේ ලොකු මහත්කරේ ඒ ගොවිතැන්වලින්.
 
uwa2දැන් ඒකට අල පෙට්‌ටියක්‌ හදන්ටත් (අර්තාපල්) ගෙදර දොර බඩු මුට්‌ටු උගස්‌ කරන්නට ඕනි. 1960- 1970 කාලවල ඉඳන් විතර තමයි මේ වින්නැහිය පටන් ගත්තේ. දැන් වගාවක්‌ කරන්නටත් රටේ දස අතේ ණය වෙන්නට ඕනි. දැන් අපි ගොවිතැන් කරන්නෙත්, කරන්නන් වාලේ කරන්නට වෙන දෙයක්‌ නැති නිසා.
 
මේ ගමනේදී ගොවිතැනේ විපාකය ගැන කියන්නට අප හා එක්‌වුණු තවලම්පොල එම්. එම්. එච්. බණ්‌ඩාර මහතා - ගොවියා දැන් සදා අනාතයි. ගොවිතැනේ කම්කරු කුලියත් ඉවසන්නට බෑ. අල පෙට්‌ටියක්‌ (කිලෝ - 50 ක්‌) හදන්නටත් රු.20000.00 ක්‌ විතර යනවා. දැන් පොළවත් බරපතල විදියට නිසරු වෙලා. අල පෙට්‌ටියකටත් දැන් පළදාව තියෙන්නේ පෙට්‌ටි 03 - 04 යි. බීජ - පොහොර මිල අඩුවිය යුතුයි. ගොවි නිශ්පාදන අලෙවියට රාජ්‍ය මැදිහත් වීමෙන් අළෙවි ජාලයක්‌ ඇතිවිය යුතුයි. හිසේ ඇම්මට කොට්‌ටය මාරු කරනවා වාගේ අපට මහන්සියට හරියන මිලක්‌ දෙනවා වෙනුවට පිටරටවල්වලින් බීජ වර්ග හා වෙනත් දේවල් ගෙන්වීම නොකළ යුතුයි.
 
 ක්‍රියාකාරී ගොවි නායකයකු වන රන්හවඩිගම ගාමිණී සමරනායක මහතා ගොවි හඬ අවධි කරමින්. දැන් එළවළු ගොවිතැන කම්බස්‌. අපි ජීවත් වන්නට කරන්නට දෙයක්‌ නැතුවටයි මේ ගොවිතැන් කරන්නේ. දැන් වැඩි හරියක්‌ ගොවි පවුල් වගාව අත්ඇරලා. මොනවා හරි කුලි වැඩක්‌ කරලයි එදිනෙදා ජීවත්වීම හොයා ගන්නේ.
 
 ගොවිතැන් කරලා වැඩක්‌ නැති නිසා තරුණ පරම්පරාවත් කොළඹ පැත්තේ නොයෙක්‌ නොයෙක්‌ රක්‌ෂා කරනවා. හෙට අනිද්දා වෙනකොට මේ ගොවිබිම් තනිකර කැලෑ බවට පත්වේවි.
 
 ඉහල කඳුවල තියෙන පයිනස්‌ වගා නිසා දැන් වතුරත් බොහාම හිඟයි. වයසක අපි නැති වුණාම ගොවිතැනත් වලපල්ලටම යාවි.
 
 රන්හවඩිගම ගෙවිළියක වන ඥණා සමරනායක මහත්මිය (63) - ගොවිතැන් ගැන කතා කරලා වැඩක්‌ නෑ. අපි දැන් කබලෙනුත් ළිපට වැටිලා ඉන්නේ වගාවක්‌ කළාම අපේ මහන්සියේ ඉවරයකුත් නෑ. එකෙන් ප්‍රතිපලයකුත් නෑ. අපි හැමදාම බරපතල විදියට සූරාකෑමට ලක්‌වෙනවා. මතක ඇති කාලෙක ගොවිතැනකින් ආදායමක්‌ ඇරන් නෑ. මේ පාර ගොඩක්‌ මහන්සිවෙලා රට වටේ ණය වෙලා තක්‌කාලි හැදුවා ඉල්ලනනේ රු. 10-15 ට අපි කොහාමද ජීවත් වෙන්නේ. තක්‌කාලි කඩන්නටත් කෙනෙක්‌ කුලියට ගත්තම එයාට කුලි දුන්නම අපි නිකන්. මේකයි ගොවිතැනේ තත්ත්වේ. ඒ වුණාට දැන් බලන්ටකෝ කඩේ තක්‌කාලි කීයද කියලා. ග්‍රෑම් 500 රු. 40 - 50 යි. එතකොට කිලෝවක්‌ කියද... රු. 80 යි. 100 යි. මහන්සි වෙන අපට සොච්චමක්‌වත් නෑ. අපිට පොලවේ පස්‌කලා තමයි මැරෙන්න වෙන්නේ.
 
 දුකෙන් දුක බෙදා හදාගන්නට බැරිව දුක්‌තව ඉන්න ගොවි ජනතාවගේ ගොවි දුක අපට කියූ කොඩකුඹුර ගොවි සංවිධානයේ ලේකම් රොමියෙල් දිසානායක මහතා -
 
 දැන් ගොවිතැන විනාශ මුඛයට ඇද වැටිලා කොයි පැත්තෙන්වත් ගොවියට සහනයක්‌ නෑ. දැන් වැඩි හරියක්‌ ගොවිතැන අත්අරලා. කුලී වැඩ කරන්නේ දැන් හාල් පිටරටින් ගෙන්වනවා වාගේ එළවළුත් පිටරටින් ගෙන්නන්නට වේවි. අපිට තියෙන්නේ මේ ගොවිතැන් වැඩ අත්ඇරලා කොහෙන් හරි කියක්‌ හරි හොයාගෙන පිටරටින් නැව් එනකන් බලාගෙන ඉන්න එක. ගොවියාගේ එදිනෙදා මහන්සියවත් හොයාගන්නට බැරි ගොවිතැනක්‌ දැන් තියෙන්නේ. හරි හම්බ කරන්නේ අතරමැදි මුදලාලිලා.
 
 
 ඌව පරණගම -
 එන්. ඩී. එන්. අබේසේකර
 ජගත් කණහැරආරච්චි

sikuru

සිනමා කලා

dil250

නවලිය

nava250

දියග

gaga250

මීවිත

rana250

More Articles