The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

pan1හබරාදුව කතළුව පිහිටි රන්වැල්ල විහාරය ඓතිහාසික ස්‌ථානයකි. මෙම විහාරස්‌ථානය ගිනිවැල්ල විහාරස්‌ථානය ලෙසද හඳුන්වා ඇත. රන්වැල්ල විහාරස්‌ථානයේ නිර්මාතෘ වන්නේ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්‌ස නාහිමියන්ය. 1803 උපත ලද බුලත්ගමුවේ හිමි 1915 දී නියම් ගම්පාය විහාරස්‌ථානයේදී පැවිදි වී මහියංගනයේ අළුත්නුවර පඤ්ඤාධස්‌සි නාහිමියන්ගෙන් දහම් අධ්‍යාපනය ලදහ. අමරපුර නිකායේ උපසම්පදාව ලබන ගාල්ල පරමානන්ද විහාරස්‌ථානයේ වැඩ වාසය කරන ලදී.
 
 කතළුව, රන්වැල්ල විහාරය ආරම්භ කර එම ස්‌ථානයේ වැඩ වාසය කරන ලද බුලත්ගම නාහිමි 1860 දි ලංකාවේ මුල්ම සිංහල පුවත්පත මුද්‍රණය කිරීමට උත්සුක විය. බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්‌ස නම් ලංකාවේ මුදුන් මල්කඩක්‌ සේ සැලකෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි සිංහල බෞද්ධයාට ස්‌වාධීනව අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා පුවත්පතක්‌ බිහි කිරීම නිසාය. ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව බුදු දහම පිළිබඳව ප්‍රකාශ අතින් ලියා සඟරාවක්‌ මාසිකව නිකුත් කර ඇත. පසුව බුලත්ගම නාහිමියන්ගේ සහභාගිත්වයෙන් පංච මතවාද නමින් වාද රැල්ලක්‌ ලංකාව පුරා පැවැත්වෙමින් තිබිණි. පානදුර දුම්රිය පොළ අසලදී 1873 අගෝස්‌තු 26, 28 පැවති පානදුරාවාදයට ඉන් විශේෂ තැනක්‌ හිමිවිය. එය ලාංකික නිදහස්‌ අරගලයේ සන්ධිස්‌ථානමය හැරවුම බවටද පත්වන්නේ පානදුරාවාදයයි. ලංකාවේ මුල්ම පුවත්පත වූ ලංකාලෝකය ආරම්භ වන්නේ ද මේ යුගයේ දීය. පානදුරාවාදයට සම්බන්ධ වූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වස්‌කඩුවේ සුභූති හිමි, දොඩංදූව පියරතන හිමි, බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු පිරිස සමඟ බුලත්ගම ධම්මාලංකාර හිමියන් විශේෂ කාර්යභාරයක්‌ මෙම විවාදයේදී සිදුකොට ඇති බව සඳහන් වේ.
 
 1867 දී රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පැල්මඩුල්ලේ දී ආරම්භ කර සබරගමු ධර්ම සංඝයානාවේද මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ බුලත්ගම නාහිමිය. බුදු දහමට අනුපමේය මෙහෙවරක්‌ කළ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා 1880 දී බුදු දහම වැළඳ ගැනීම, පංචශීලය සමාදන්වූ සංඝ සභාවේ මුලසුන දරා ඇත්තේ ද බුලත්ගම නාහිමි විසිනි. බුලත්ගමනාහිමියන්ගේ තියුණු තර්ක ඥානය ගාම්භීර ධර්මාවබෝධය සහ මහා කරුණාගුණය ගැන සෙන්පති ඕල්කට්‌තුමා ඉමහත් ගෞරවයෙන් යුතුව එතුමාගේ දින පොත්වල සටහන්කර තිබී ඇත. බුලත්ගම හිමියන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ සිංහල පුවත්පතක්‌ මුද්‍රණය කිරීමයි. බුලත්ගම නාහිමියන් සියම් රටේ රජු වන චූලාලොන්කෝන් රජු (Cයමක්‌කදබටනදරබ) සමඟ මිත්‍රත්වයක්‌ පැවතියේය. එම මිතුදම ප්‍රයෝජනයට ගෙන සිංහල මුද්‍රණ යන්ත්‍රයක්‌ ලබා ගැනීමට රජු වෙත ඉල්ලීමක්‌ කළේය. සියම් රජු විසින් ලන්ඩනයේ නිෂ්පාදිත පවුම් 212 යි සිලින් 10 ක්‌ විටිනා මුද්‍රණ යන්ත්‍රයක්‌ නැව් මගින් ගාල්ලට එවන ලදී. ගාල්ල කොටුවේ කුඩා ස්‌ථානයක 1860 දී ලංකාලෝකය නම් මුල්ම පුවත්පත බිහි කළේය. මේ සියලු කටයුතු බුලත්ගම හිමියන් විසින් කරන ලදී. ලංකාලෝකය පුවත්පතේ කලාප කිහිපයක්‌ මුද්‍රණය වූ අතර එය ලියාපදිංචි නොවීය. පසුව එම මුද්‍රණාලයම ලක්‌මිණිපහන නමින් ලියාපදිංචි පුවත්පතක්‌ ප්‍රකාශ කරන ලදී.
 
pan2 මෙම මුද්‍රණ යන්ත්‍රය පසුව කතළුව, රුවන්වැල්ල විහාරස්‌ථානයට රැගෙන එන ලද්දේ බුලත්ගමුවේ නාහිමියන් විසිනි. එවක්‌ පටන් 2012 නොවැම්බර් 19 වැනි දින දක්‌වා විහාරස්‌ථානයේ තිබූ යන්ත්‍රය නොවැම්බර් 19 වැනි දින විහාරස්‌ථානයේ ඇති වූ ගින්නකින් විනාශ විය.

ගැමුණු චන්ද්‍රලාල් - වංචාවල
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles