Divaina - රට යන අත - පොහොට්ටුව හා ශ‍්‍රීලනිපය ගැටෙද්දී එජාප අර්බුදය දුරදිග යයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

 

ජනිත සෙනෙවිරත්න

rata222
 
 මහමැතිවරණය ළංවත්ම දේශපාලන ලෝකය එන්න එන්නම උණුසුම් වෙමින් තිබේ. ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් බොහෝදෙනා තුළ විවිධ අදහස්
 
 ගණනාවක් තිබේ. ඒ අදහස් කෙසේ වෙතත් ආණ්ඩුව බලාපොරොත්තු වූ බොහෝ දේ කරගන්නට ආණ්ඩුවට නොහැකි වූ බව බොහෝදෙනා පිළිගනිති.
 
 එම නිසා බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව ආණ්ඩුව ලබා නොගෙන වහාම මහමැතිවරණයකට සටන් කළේ නම් අතිවිශාල ජයග‍්‍රහණයක් ලබා ගන්නට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවස්ථාව තිබූ බවය.
 
 එහෙත් ඒ සම්බන්ධයෙන් දැන් කළ හැකි දෙයක් නොමැත. මේ වන විට මහමැතිවරණයට දින නියම වී තිබේ. පාර්ලිමේන්තුව මාර්තු දෙවැනිදා විසුරුවා හැරීමට නියමිතය. අපේ‍්‍රල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිත බව පැවසේ. එම නිසා රටේ වර්තමාන ප‍්‍රශ්න හා ජනතා ගැටලූ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර වහාම තීරණ ගෙන සාමාන්‍ය ජනතාවට ලබාදෙන සහන ක‍්‍රියාවට නංවන්නට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව තිබේ.
 
 ආණ්ඩුව මුහුණදුන් ගැටලූ
 
 වත්මන් ආණ්ඩුව පත්වූ වහාම බලාපොරොත්තු වූ විවිධ කරුණු ක‍්‍රියාත්මක කරන්නට නොහැකි වීමට විවිධ කරුණු බලපෑවේය. එක පැත්තකින් ආණ්ඩුවට බහුතරයක් පාර්ලිමේන්තුව තුළ නොමැති වීම, රජයට මුදල් නොමැති වීමෙන් ඇතිවූ ආර්ථික අර්බුදය, ආණ්ඩුව ගත් බොහෝ තීරණ දේශපාලන තීරණ නොවීම, ඇතැම් තීරණ ජනතාවාදී නොවීම, ඉහළ ගිය අත්‍යවශ්‍ය ආහාර මිල පාලනය කරගන්නට ආණ්ඩුව අපොහොසත් වීම, ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන ව්‍යාපාරිකයන් විසින් ලබා නොදීම, ආණ්ඩුව දුන් බදු සහන බොහොමයක් ව්‍යාපාරික ප‍්‍රජාව හා වෘත්තිකයන් මූලික කර ලබා දීම නිසා සාමාන්‍ය ජනතාවට නොලැබීම, කොරෝනා වෛරසය නිසා ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුදය ශ‍්‍රී ලංකාවේ විවිධ ක්ෂේත‍්‍රවලට බලපෑම ආදී කරුණු ගණනාවක් ඊට බලපා තිබේ.
 
 ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට සාමාන්‍ය ජනතාවට සහන පැකේජයක් දීමට ගත් උත්සාහය එතරම් සාර්ථක නොවීය. එසේම එම කාලය තුළ සහල්, පොල් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ
 
 ගණනාවක මිල විශාල ලෙස ඉහළ ගියේය. ව්‍යාපාරික මාෆියාව මීට බොහෝදුරට බලපෑ අතර එය පාලනයට ආණ්ඩුව අපොහොසත් විය. වැට් බදු අඩුකිරීම නිසා ආණ්ඩුවේ ආදායම පහළ ගිය නමුත් ජනතාවට එයින් භාණ්ඩ මිලෙහි හෝ සේවාවන් මිලෙහි අඩුවීමක් සැලකිය යුතු ලෙස සිදු නොවුනි.
 
 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල
 
 සහල් මිල දිගින් දිගටම ඉහළ යද්දී එය පාලනය කරන්නට ආණ්ඩුව අපොහොසත් විය. සාමාන්‍ය කැකුළු සහල් කිලෝවකින් රුපියල් විසිපහකුත්, කීරි සම්බා කිලෝවකින් රුපියල් හැටපහකුත් සහල් මෝල් හිමියන් ලාභ ලබන බව හෙළිදරව් වෙද්දීත් ඒ සඳහා නිසි ක‍්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුව අපොහොසත් විය. ඒ වෙනුවට ආණ්ඩුව කළේ සහල් වල පාලන මිල තවදුරටත් වැඩි කරමින් මෝල් හිමියනට සහන සැලසීමය. සහල් වල පාලන මිල වැඩි කිරීමට ආණ්ඩුවේ බහුතරයක් විරුද්ධ වූ නමුත් ප‍්‍රබල නිලධාරීන්ගේ වුවමනාව මත එය සිදුවූ බව පැවසිනි.
 
 එහෙත් ඒ මොහොතේ අඩුම තරමින් රාජ්‍ය ආයතන හරහා හෝ සහල් සීමිත ප‍්‍රමාණයක් ආනයනය කරන්නට ආණ්ඩුව කටයුතු කළේ නම් සහල් මිල වහාම පහත දමා ගන්නට ආණ්ඩුවට අවස්ථාව තිබිණි.
 
 ආණ්ඩුව එදිනෙදා අපහසුවෙන් ජීවත්වෙන සාමාන්‍ය ජනතාවට සහන සැලසීම වෙනුවට මුලින්ම කළේ විශාල වැටුප් ලබන වෘත්තිකයන්ට සහන සැලසීමය. ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් සැමට සමාන බැවින් රුපියල් ලක්ෂ එකහමාරකට වඩා මාසිකව වැටුප් ලබන පිරිස් වලට සැලකිය යුතු බදු පැනවීමක් සිදු කිරීම අසාධාරණ නොවන බව අපගේ අදහසයි. මේ සියලූ දෙනා අපේ රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය භුක්ති විඳි අයයි. එසේත් නැතිනම් තවමත් භුක්ති විඳින අයයි. එම නිසා වැඩි වැටුප් ලබන අයගෙන් සාධාරණ බද්දක් අයකිරීමේ අසාධාරණයක් අපට නම් නොපෙනේ. විශේෂයෙන්ම රුපියල් විසි දහස හෝ විසිපන්දහසක වැටුප් ලබන ලක්ෂ ගණනක ජනතාවක් සිටියදී විශාල වැටුප් ලබන වෘත්තිකයන්ට බදු සහන ලබාදීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැක.
 
 ආණ්ඩුවේ න්‍යායාචාර්යවරු
 
 ආණ්ඩුව තුළ සිටින ඇතැම් න්‍යායාචාර්ය වරුන්ගේ සහ වෘත්තිකයන්ගේ ක‍්‍රියාකාරිත්වය මේ සඳහා කිසියම් ආකාරයකට බලපා තිබේ. විශේෂයෙන්ම වියත්මග වැනි සංවිධානවල බලපෑම නිසා ආණ්ඩුවට දේශපාලන තීරණ ගැනීම කළ නොහැකි විය. එසේම රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වලට පත් කිරීම් කරන්නට ප‍්‍රමාදවීම, ඇතැම් ආයතන වලට තවමත් අධ්‍යක්ෂ මණ්ඩල නොවීම ආදී කරුණු රජයේ එදිනෙදා කටයුතු වලට බලපෑවේය.
 
 වියත් මග වැනි සංවිධාන වල සිටින පිරිස් වල උගත්කම ගැන අපට ගැටලූවක් නොමැත. එහෙත් මේ බොහෝදෙනා පවසන කරුණු බොහෝ සුන්දර ලෙස දැනුනත් ඒවා ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක කරන්නට ඇති අපහසුතා තේරුම් ගත යුතුය. අනෙක් අතට වියත් මග, එලිය වැනි සංවිධාන වල පිරිස් ඉදිරි මහමැතිවරණයට තරග කිරීම හා ඔවුන්ට අපේක්ෂකත්වයන් ලබා දීමේදී පැරණි සංවිධායකවරුන්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් මේ දිනවල විශාල මතවාදයක් පවතී.
 
 
 
 ඉන්ධන මිල සහනය
 
 ලෝක ඉන්ධන මිල ඩොලර් 50-55 අතර මිලකට පහළ බසිද්දී ආණ්ඩුව ඉන්ධන මිල අඩුකරන්නට කටයුතු නොකිරීම කැපී පෙනේ. 2014 වසර අගදී මේ ආකාරයෙන්ම ලෝක ඉන්ධන මිල අඩුවෙද්දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය එහි සිටි ඇතැම් ප‍්‍රබල නිලධාරීන්ගේ තීරණ මත එම සහනය ජනතාවට ලබාදීමට කල් ගත් අතර 2015 ජනවාරි 8 පරාජයටද එය බෙහෙවින් බලපෑවේය. රනිල් වික‍්‍රමසිංහ රජයේ මංගල සමරවීරගේ මිල සූත‍්‍රය දැඩි විවේචනයකට ලක්කළ වත්මන් රජයේ මැති ඇමැතිවරු ඉන්ධන මිල ගැන අද කියන්නේ වෙනත් කතාය.
 
 පොහොට්ටුවේ හා ශ‍්‍රීලනිපයේ ගැටුම
 
 මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මේ වන විට ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට තනිව මැතිවරණ ජයග‍්‍රහණයක් ලබා ගත හැකි බව රහසක් නොවේ. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ලෙසකින් තනිව තරග කළහොත් එයින් මේ පක්ෂ දෙකටම යම් හානියක් සිදුවීම වැළැක්විය නොහැක. එමනිසා වාද බේද නොසලකා මේ මොහොතේ එක්විය යුතුව තිබේ. එසේම මේ මොහොතේ කළ යුත්තේ සියලූදෙනා එක්ව පොහොට්ටුවෙන් තරග කිරීමය.
 
 පක්ෂ දෙක අතර ඇතිකරගෙන තිබෙන එකඟතා හෝ පොරොන්දු ගැන නොදැන ඇතැමුන් කරන ප‍්‍රකාශ ගැන කනගාටු වන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ
 
 ගිවිසුම් අත්සන් කිරීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දුන් පොරොන්දු සම්බන්ධයෙන් ගැටලූ පවතීනම් ඒවා සාකච්ඡුා කර විසඳා ගැනීමට සූදානම් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබේ.
 
 එසේම පොහොට්ටුවේ පක්ෂ අතරද අපේක්ෂක ධුර සම්බන්ධයෙන් ගැටලූ පවතී. මේවා සාකච්ඡුා මට්ටමින් විසඳා නොගතහොත් අවසානයේ මේවා නතරවන්නේ වෙනත් පක්ෂ සමග සාකච්ඡුාවලට යෑමෙනි.
 
 එජාප අර්බුදය
 
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ද දිගින් දිගටම දිග්ගැසෙමින් පවතී. ඉදිරි මහා මැතිවරණය සඳහා නව සන්ධානයේ හදවත ලකුණින් තරග කළයුතු බව පිරිසක් පවසන අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් පවසන්නේ අලියා ලකුණින් තරග කළ යුතු බවය.
 
 අලූතින් පිහිටුවා ගෙන ඇති නව සන්ධානයේ ලකුණ ඇතුළු ගැටලූ විසඳා ගැනීම සඳහා දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ වන විට එකඟතත්වයකට පැමිණ තිබේ.
 
 ඒ සඳහා රනිල් පිලෙන් පස් දෙනකු සහ සජිත් පිලෙන් පස් දෙනකු වශයෙන් දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර අද (14දා* සිකුරාදා දිනයේදී ඔවුන්
 
 රැුස්ව අවසන් තීරණයක් ගැනීම නියමිත බව සඳහන්ය.
 
 මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන සන්ධානය සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසා තිබේ.
 
 සහල් ආනයන නොකිරීමට  රජය තීරණය කරයි
 
 සහල් ආනයන නොකිරීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. මෙය රටක් ලෙස ගත් යහපත් තීරණයකි. එහෙත් සහල් මෝල් හිමියන්ගේ මාෆියාව විනාශ නොකර රටේ සහල් මිල අඩුකළ නොහැක. ඔවුන් ලබන රුපියල් බිලියන ගණනක ලාභය විශාල පිරිසක් අතර බෙදී යන බව රහසක් නොවේ. එම නිසා මේ මාෆියාව විනාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතුමය. එහෙත් සහල් මාෆියාව මෙහෙයවන්නේ ප‍්‍රබල දේශපාලඥයන් හෝ ඔවුන්ගේ සමීපතමයන්ය. එම නිසා මෙය පහසු කටයුත්තක් නොවේ.
 
 වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇති බව සඳහන්ය. එසේම මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 30 ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
 
 විදේශ විනිමය ඉතිරිවීම යහපත් දෙයකි. එසේම රටේ සාමාන්‍ය ජනතාවට සාධාරණ මුදලකට තුන් වේල කන්නට සහල් ලබාදීමද ඊටත් වඩා වැදගත් බව අපගේ අදහසයි. එසේම අපගේ අදහස නම් එලවළු වර්ගවල මිල වුවද කිලෝව රුපියල් සියයට වඩා ඉහළ යන අවස්ථා වලදී රජයේ ආයතන හරහා සීමිත ප‍්‍රමාණයක් ආනයනය කිරීමේ වරදක් නොමැති බවය. හේතුව මේවායේ මිල පාලනය හා ලාභය තනිකරම අතරමැදියා සතුවීමය. පසුගිය දිනවල රතු ලූනු කිලෝව රුපියල් හත්සියයටත් තක්කාලි කිලෝව රුපියල් හාරසිය පනහටත් ඉහළ ගිය ආකාරය දක්නට ලැබිණි. මේ මිල ගොවියාට ලැබෙන්නේ නැත. එවන් අවස්ථාවක ඒවා ලක් සතොස හෝ සමුපකාර මගින් සීමිත ප‍්‍රමාණයක් විදේශ රටකින්
 
 ගෙන්වා බෙදාහැරීමේ වරදක් නොමැත. එය සිදුකරන්නේ මිල අඩුකර ජනතාවට සහන සැලසීමටය.
 
 රජයේ සංවර්ධන ව්‍යාපෘති
 
 වත්මන් රජයේ ”රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කරන සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ග‍්‍රාමීය ප‍්‍රජා කමිටු මගින් හඳුනා ගත් සංවර්ධන ව්‍යාපෘති 37,872 මේ වන විට දිවයින පුරා ආරම්භ කර තිබේ. මෙය මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කෙරේ.
 
 සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන 2020 යටතේ දිවයිනේ පිහිටි 14,021 වන සියලූම ග‍්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් ලක්ෂ 2 80420 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති මේ යටතේ ක‍්‍රියාත්මක කෙරේ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles