Divaina - වල්ලී කඳකුමර පේ‍්‍රමය සුනිල් ආරියරත්නයන් කදිර දිව්‍යරාජ ලෙස සිනමාට නගයි..

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

walli1
 
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 24 වන සිනමා නිර්මාණය මේ දිනවල රූගත වන්නේ රන්මිණිතැන්න සිනමා ගම්මාන පරිශ‍්‍රයේ. මෙරට ජනතාවට සංවේදි මාතෘකා ඔස්සේ කවදත් කතා ගොතන සුනිල් ආරියරත්නයන් මෙවරද එම නිලය හරියටම අල්ලා ඇත්තේ සිංහල දමිළ පොදු මහජනතාවගේ සංස්කෘතියට වඩාත් සමීප කතාවක් ඔහුගේ මේ නවතම නිර්මාණයට පාදක කරගැනීම හේතුවෙන්. කතරගම දිව්‍ය රාජ පුරාවෘත්තය හා මේ සිනමා පටය නම් කර ඇත්තේ කදිර දිව්‍යරාජ නමින්. කතරගම දෙවියන් පිළිබඳ වසර ගණනාවක සිට සුනිල් ආරියරත්නයන් විසින් සිදුකළ ගවේෂණාත්මක තොරතුරු පාදක කරගනිමින් තිර පිටපත ගොතා ඇති කදිර දිව්‍යරාජ සිනමා පටය ගැන ඔහු සඳහන් කරන්නේ මෙවන් අදහසක්.

 walli3
 

 සොනාක්ෂි සහ රාවන්ත්

 

පෙරදිග හෝ අපරදිග දේව කතා සාහිත්‍යයේ මිනිස් දුවක් සරණපාවාගත් දෙවියෙකු ගැන සඳහන් වන්නේනම් ඒ කතරගම දෙවියන් ගැන පමණි. සියැසින් නොදුටු එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කළ, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට  ගෙන්වාගෙන සරණපාවාගත් අසිරිමත් රූමතිය වැදි ජනයා අතර හැදී වැඩුණු වල්ලීය. වරෙක විචිත‍්‍ර වූත් වරෙක ඓතිහාසික වූත් වරෙක සාහිත්‍ය වූත් ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රම වෘතාන්තය විචිත‍්‍ර සංකල්පනාවක් හෝ මනෝ නිර්මිතයක් හෝ ස්වප්නමය සංසිද්ධියකි. ඉඳින් මේ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම යනු සත්‍යත් මායාවත් අතර දෝලනය වන්නා වූ වල්ලී - කඳකුමර පේ‍්‍රම ආක්‍යානයයි.
 
 සුනිල් ආරියරත්නයන් මේ අපූරු පේ‍්‍රම කතාව තිරයට ගෙන ඒම සඳහා ප‍්‍රධාන චරිත නිරූපණයට තෝරාගෙන ඇත්තේ භාරතීය නළු නිළියන් දෙපලක්. ඒ සොනාක්ෂි රාවන්ත් සහ සමර් වීර්මානි. මෙහි ප‍්‍රධාන චරිත දෙක වන කතරගම දිව්‍යරාජ සහ වල්ලි යන චරිත ජනතාවගේ වන්දනාවට පාත‍්‍රවන දේව චරිත බැවින් දේශීය නළු නිළියන් දෙපළක් ඒ සඳහා තෝරාගැනීමට හේතු වී ඇති අතර එසේ දේශීය ශිල්පීන් තෝරාගත්තේනම් ඔවුන් සිනමාවේ හෝ පුංචි තිරයේ වෙනත් චරිත රඟපෑමේදි මෙම සිනමාපටය සඳහා ඇතිකරන ගැටලූකාරී ප‍්‍රශ්නයට පිළියමක් ලෙස මෙම භාරතීය රංගන ශිල්පීන් ප‍්‍රධාන චරිත සඳහා තෝරාගත් බවයි සුනිල් ආරියරත්නයන් පවසන්නේ.
 
 නිල්මිණි තෙන්නකෝන්, රොෂාන් පිලපිටිය, ජගත් චමිල, චරිත් අබේසිංහ වසන්ත විට්ටච්චි, ධනංජය සිරිවර්ධන, විනු උදාරී, සරත් කොතලාවල, නදීපා රූපසිිංහ ඇතුළු තවත් ජනප‍්‍රිය නිළු නිළියන් රැුසක් චරිත නිරූපණයෙන් මේ සිනමාපටයට එක්වෙනවා.
 
 ද රයිගම් ඔෆ් කිංඩම් වෙනුවෙන් ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කරන මෙම සිනමා පටය ඔහුගේ කුළුඳුල් සිනමා නිෂ්පාදනය වන අතර චන්න දේශප‍්‍රිය කැමරා අධ්‍යක්ධණයෙන්ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, වෙස්ගැන්වීම ප‍්‍රියන්ත දිසානායක, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, සහය අධ්‍යක්ෂණය විමල් දේශප‍්‍රිය, නිශ්චල ඡුායාරූප ධම්මික පතිරත්න විසින්ද සිදුකර තිබෙනවා.
 
 රෝහණ වීරසිංහයන්ගේ සංගීතවත් කරන කදිර දිව්‍යරාජ සඳහා ගැයුමෙන් එක්වන්නේ නිරෝෂා විරාජිණි සහ නව පරපුරේ ගායන ශිල්පී රවීන් කණිෂ්ක.
 
 තිස්ස
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles