Divaina - අඩු වයසින් ලොකු අස්වැන්නක් දෙන දේශීය ජම්බෝ පීනට් දැන් ලංකාවේ..

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

saru3- බීජ 100 ක බර ග‍්‍රෑම් 85 කට වැඩියි

- මාස තුන හමාරෙන් අස්වැන්න

- හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 3500ක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රටකජු පිළිබඳ පර්යේෂණයන් හි ප‍්‍රතිඵල කරලියට එන්නේ අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් 1993 වසරේදී නිදහස් කරනා ලද ‘වලවේ’ හා ‘තිස්ස’ යන රටකජු ප‍්‍රභේදයන් ගොවි දෑතට සමීප වීමත් සමගය. අනතුරුව ‘ඉන්දි’, ‘ටිකිරි’, ‘ඒ.එන්.කේ.ජී. 1’, සහ ‘ලංකා ජම්බෝ’ යනුවෙන් රටකජු මාදිලි හතරක් නිපදවමින් මෙම පර්යේෂණ වැඩසටහන ඉදිරියට ගොස් තිබේ. අවසන් ප‍්‍රභේදය වන ‘ලංකා ජම්බෝ’ නිදහස් කරනු ලැබුවේ 2015 දීය. මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 28000 ක් පමණ වේ. ඉන් වැඩි ප‍්‍රමාණයක් දේශීයව නිපදවන නමුත් සැලකිය යුතු විදේශ විනිමයක් වැයකර රටකජු ආනයනයක්ද සිදුවෙන බව වාර්තා මගින් පෙන්වා දෙයි. 2018 වසරේදී මේ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 700 කට ආසන්නය. ප‍්‍රධාන වශයෙන් එය වැයවී ඇත්තේ ‘ජම්බෝ පීනට්’ නමින් සමාජය හඳුනන ලොකු ඇට සහිත රටකජු ආනයනයටයි. ආරම්භක පියවරක් වශයෙන් මෙරටදී බිහිකළ ‘ලංකා ජම්බෝ’ වලින් නොනැවතී ඉදිරියට යන්නට කෘෂි විද්වතුන් ගත් උත්සාහය මල්පල ගන්වමින් ගොවියා සහ පාරිභෝගිකයාට තවදුරටත් සමීප වියහැකි ‘ජම්බෝ පීනට්’ ප‍්‍රභේදයක් පසුගියදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිදහස් කරන්නට යෙදුනි.

”අපි දේශීයව නිපදවලා නිර්දේශ කර තිබූ පැරණි වර්ග අස්වැන්න ලබාදීමට මාස තුන හමාරක් වගේ තරමක දිග කාලයක් යනවා. මගේ අවශ්‍යතාව වූයේ වගා කන්න දෙකම වවන්න පුළුවන් වෙන්න කෙටි කාලීන රටකජු ප‍්‍රභේදයක් නිපදවන්න. 2015 දී ඒ අරමුණ ඉටුවුණා. ‘ලංකා ජම්බෝ’ වල අස්වැන්න දින 110-115 කින් ගන්න පුළුවන්. ඒත් එක මාදිලියක් මදි නිසා තමයි තවත් මාදිලියකට ගියේ. ඒ හරහා හැකිවී තිබෙනවා තවත් ආකර්ෂණීය ලක්ෂණ කීපයක් රැුගත් ‘ජම්බෝ පීනට්’ වර්ගයක් හඳුන්වා දෙන්න.”

saru2එසේ ප‍්‍රකාශ කරන්නේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ජීවනී දිද්දුගොඩ මහත්මියයි. අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ රටකජු අභිජනන වැඩසටහන මෙහෙයවන්නේ ඇය විසිනි. නව ප‍්‍රභේදය නිපදවීමේ පර්යේෂණයන් ඇය විසින් ආරම්භ කර ඇත්තේ 2011-12 මහ  කන්නය තුළදීය. මවුපියන් ලෙස ඉන්දියාවේ  ICRISAT ආයතනයෙන් ගෙන්වාගත් මාදිලි දෙකක් මුහුම් කිරීමෙන් මේ සුපිරි දරුවා වෙන්කර ගැනීමට ඇය සමත්වී තිබේ. එදා මෙදා තුර ගතවූ වසර නමයක පමණ කාලය තුළදී, රටකජු වගාකිරීමේ විභවය දරන දිවයිනේ සියලූ ප‍්‍රදේශ ආවරණය කරමින්, පර්යේෂණ ස්ථානවලත්, ගොවි ක්ෂේත‍්‍ර තුළත් යෝග්‍යතාව පිළිබඳ හැදෑරීම් කර ඇති අතර අම්පාර ප‍්‍රදේශයේ ගොවීන්ගෙන් ආරම්භයේ සිටම මෙම ප‍්‍රභේදය ගැන ලොකු උනන්දුවක් තිබුණු බව ඇය පවසා සිටී. ‘ඒ.එන්.කේ.ජී. 3’ (ANKG-3) වශයෙන් නම්කර (ඡායාරූප වල 
ANKGL - 3 සේ හඳුන්වා ඇත)

පසුගියදා ගන්නෝරුවේ පැවති බෝග ප‍්‍රභේද නිදහස් කිරීමේ රැුස්වීමේදී අනුමැතිය ලත් මෙම ජම්බෝ පීනට් නව ප‍්‍රභේදය ගැන තවදුරටත් අදහස් දක්වමින් ජීවනී මහත්මිය මෙසේද පැවසුවාය.

”ජම්බෝ පීනට් ගණයට වැටෙන්නට නම් බීජ 100 ක බර ග‍්‍රෑම් 70 කට වඩා තියෙන්න ඕනෑ. ලංකා ජම්බෝ වල ග‍්‍රෑම් 70-75 ක් තිබුණා. මේ වර්ගයේ ඇට 100 ක් ග‍්‍රෑම් 85-88 ක්

පමණ බරයි. පැරණි කුඩා ඇට තිබෙන වර්ග වල අස්වැන්න ලැබුනේ හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 2.5 ක් පමණ. එය දෙන්නත් ඒවා මාස හතර හමාරක් විතර ගත්ත. මේ අලූත් වර්ගය මාස තුන හමාරෙන් ටොන් තුන හමාරක් පමණ දෙනවා. එක්තරා අවස්ථාවකදී මට වාර්තා වුණා ටොන් 4.4 ක පමණ අස්වැන්නකුත්. ගසේ හැඩරුව යනාදියත් රටකජු බෝගයටම උචිත, මම බලාපොරොත්තු වූ ආකාරයටම ලබා ගන්නට හැකිවුණා.”ශාක අභිජනනයේ මූලධර්මය වන්නේ සමාජයට අවශ්‍ය ලක්ෂණ ළඟාවෙනතුරු බෝග වැඩිදියුණු කිරීමයි. ඒ අනුව ජීවනී මහත්මියගේ රටකජු අභිජනනයේ ප‍්‍රගතිය ඉතා සාධාරණය. ඇට ලොකු මාදිලිවලට ආවේනික බීජ සුප්තතාවය නම් මෙහි තිබේ. කුඩා බීජ සහිත මාදිලි නම් අස්වැන්න නෙලූ විගසම වුවත් පැළවීමේ හැකියාව දරන නමුත් විශාල බීජ සහිත මාදිලිවල බීජ පැළවීමට නම් අස්වැන්න නෙළා සති 6-7 ක් පමණ ගතවිය යුතුය. ‘ලංකා ජම්බෝ’ වර්ගයේ සති 7 ක් වූ සුප්තකාලය  මෙම වර්ගයේ සති 6 මීට පෙර වෙනත් දේශීය රටකජු මාදිලිවලින් එතර ගැඹුරින් අනාවරණය කරගෙන නැති තොරතුරු සොයායෑමටද ජීවනී මහත්මිය කටයුතු කර තිබීමෙන් මෙම නව වර්ගයේ වටිනාකමට අමතර අගයක් එකතුවී ඇති බවද කිව යුතුය. අනාවරණය කරගෙන ඇති ආකාරයට නව වර්ගයේ තෙල් හා ප්‍රෝටීන් ප‍්‍රතිශත පිළිවෙළින් 46.8% ක් හා 31.9% ක් වේ. මේ අගයන් මෙතෙක් නිර්දේශිත දේශීය රටකජු ප‍්‍රභේදයන්ගේ සංයුතිය පරදවා ඇත. මෙහි තෙල් මෘදු සුවඳැති අර්ධ පාරදෘශ්‍ය තෙලකි. මීට අමතරව කොළඹ කාර්මික තාක්ෂණික ආයතනය හරහා මේ තෙල්වල සම්පූර්ණ මේද අම්ල සංයුතිය පරීක්ෂා කරවා ගැනීමද විශේෂ අනාවරණයකි.

”තෙල් වල තිබෙන ඔලෙයික්:ලිනොලෙයික් මේද අම්ල අනුපාතය වැදගත්. මේ හරහා යම්කිසි තෙලක ගුණාත්මය තීරණය වෙනවා. අනුපාතය 1.6 ට වඩා වැඩිනම් තමයි මුඩු නොවී කල්තබාගැනීමේ හැකියාව වැඩි හොඳ තෙල් වර්ගයක් ලෙස හැඳින්වෙන්නේ. රසවත් භාවයෙනුත් වැඩියි. අපේ අලූත් වර්ගයේ මේ අනුපාතය 2.0 යි. ඉතින් හොඳයිනේ! පරණ වර්ග වල මේ අගය 1-1.3 අතර අගයක තමයි තිබුණේ.”

saru1ජීවනී මහත්මිය අවසාන වශයෙන් සඳහන් කළාය. එසේනම් කෑම පිසීමට ගන්නා තෙල් වර්ග අතරද රටකජු තෙල් වලට ඉහළ තැනක් හිමිවෙන බවට විවාදයක් නැත. ඔලෙයික් වැනි ස්ථායී අසංතෘප්ත මේද අම්ල වැඩියෙන් අන්තර්ගත වීම ඊට එක හේතුවකි. අප රටකජු කන්නේ මෙවැනි දෑ සිතමින් හෝ සොයමින් නොවේ. එහෙත් කෘෂි විද්වතුන්ගේ ශ‍්‍රමය හරහා සමාජගතවෙන මෙවැනි නව ප‍්‍රභේද මගින් දේශීය බෝග නිෂ්පාදනය ඉහළ යනවා මෙන්ම, ආහාරයක ගුණාගුණ පිළිබඳ අලූත් සිතුවිලිද ජනතාව තුළ පහල වෙනවා ඇත.

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles