Divaina - වැස්ස ගැන ගොවියාගේ පාරම්පරික දැනුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

soba2වර්ෂාව ආසන්නයේම ඇතිනම් උකුස්සන් යුගල කීපය බැගින් එක් වී අහසේ පියෑඹීම තුළ වර්ෂාවක ආසන්න බවක් ඉ`ගි කර කියාපායි. මේ ආසන්නතාවය දින 15 කට 20 කට ඉදිරියට විහිදේ. මෙම උකුස්සාගේ හඬලෑමේ ක‍්‍රියාවලිය දෙස විමසිලිමත් වන ගොවියා කොටන ලද වල්හේන් ගිනි ලෑමට පෙර නිමිත්තක් බවට සලකනු ලබයි.
 
 ඒ වගේම සූර්ය තාපය නිසා තමන් ඉදිරියේ පෙනෙන මිරි`ගුවද ගැමියන්ගේ අවධානයට යොමුවේ. මිරි`ගුවේ ස්වභාවය දෙස බලන ගැමියා දවසින් දවස තමන්ගේ ළ`ගට මිරි`ගුව පැමිණෙන්නේ නම් ඒ වර්ෂාවක ආසන්න භාවයක ලක්‍ෂණයක් හැටියට හඳුනා ගනී. තමන්ට බඹ 15 - 20 ක් පමණ දුරින් මිරි`ගුව පවතින්නේ නම් ඒ හේන් ගිනිලෑමට සුදුසු කාලයයි. එසේ ගිනිලන වල්හේන්වල ඉතිරි වන අඩකට දැවුනු දර ඉපල් ආදියද එකතු කර මැල ගැසීමටද, නොපිළිස්සූ කොටස්ද මැලගසා ගිනිලෑමටද, ලහිලහියේ හේන්වල ඉතිරි තණකොළ ආදිය උදලූගෑමටද ඉදිරි දින කීපය යොදා ගැනීමට ගැමියා උනන්දු වේ. ඒ වගේම හේන ආරක්‍ෂා කර ගැනීමට හේනේ දඬුවැට ඉදිකර ගැනීමටද හේන වැපිරීමට පෙරාතුව ගොවියා විසින් සිදුකරනු ලබයි. තවද මිරි`ගුව අත ළ`ගටම ඇවිදින් ඇති සේයාව දකින ගොවියා හේනට ¥විලි කුරක්කන් වැපිරීමට සහ ¥විල්ලට බවභෝග සිටුවීමටද ඉක්මන් වන අතර හේන් වැපිරීමට පෙරාතුව වැට සකස් කර ගැනීමට වගබලා ගනී. හේන් වැපිරූ පසුව වැට ගැසීම සාර්ථක ගොවියකුගේ ක‍්‍රියාවලියක් නොවේ.
 
 මෙසේ හේන පවිිත‍්‍ර කිරීම සහ ආරක්‍ෂක වැට ඉදිකරගන්නා ගොවියා මිරි`ගුව දෙස බලා එම මිරි`ගුව තමන්ට බඹ දෙකක් පමණ දුරින් දිස්වන්නේ නම් තව දින 02 ක් තුළදී වර්ෂාව ඇදහැලෙන වග පැහැදිළිව අවබෝධ කර ගනී. ඉන් අනතුරුව ¥විල්ලට බවභෝග සිටුවීම සහ වැපිරීම සිදුකරනු ලබයි. මෙම ක‍්‍රියාවලිය ගැමියාට ඉතා විශ්වාසදායකය.
 
 ඒ වගේම තමන්ගේ ආසන්නයේම ඇති මිරි`ගුව දෙස බලන ගැමියා තමන්ගේ ළග තිබූ මිරි`ගුව දිනෙන් දින ඈත් වුවහොත් ඒ වර්ෂාව යම් ආකාරයකට තමන්ගෙන් ඈත් වන වග ගොවියා දනී. එවිට හේනේ සිටවන භවභෝග තාවකාලිකව නවතන ගොවියා වැස්ස කුරුවල් වන ලකුණු ඇති බව කියමින් නොසන්සුන්තාවකට පත්වේ.
 
 වර්ෂාව ඈත් වෙන ලකුණු ඇත්නම් ගොවියා බෝග වැපිරීම නවතා දමනු ලබයි. එයට හේතුව අධික අව්රශ්මිය දින ගණනක් ලැබෙද්දී තල ඇට ආදිය වියළීම නිසා කොට්ට වීම හේතුවෙන් පැළවීමේ ශක්තිය ඉවත් වීමයි. ඒ අතර කුහුඹුවන් සතුන් අහුලාගෙන කෑම නිසා වගාව අසාර්ථක වේ. නැවත වර්ෂාව ඇද හැලූන දිනක භෝග වපුරා උදැල්ලෙන් සකස් කර ගැදැල්ල ගා වගාව සකසා ගනී.
 
 මුල් වැසි දළ වශයෙන් දින තුනක් ඇද හැලීමෙන් පසුව ආසන්න වශයෙන් දින 10 -15 ක් වර්ෂාව නවතී. ඒ දින තුළදී සිටුවන ලද බඩඉරි`ගු, මුං, කව්පි, මෑ ආදී පැළ අතර වල් නෙළීමට සුදුසු නිසා උදුලූගා වගාව පිරිසිදු කර ගැනීම සිදුවේ. එයින් පසු දිගින් දිගටම වර්ෂාව ඇදහැලීම සාමාන්‍ය තත්ත්වයකි.
 
 වර්ෂාව පිළිබඳ විමසිලිමත් වන ගොවියා ආකාශය දෙස නෙත් යොමු කරයි. (බිනර මස) සැප්තැම්බර් අහසේ නිරිත සිට ඊසාන දෙසට වැහි වළාකුළු ගමන් කරයි. මෙම වැහි වළාකුළු නිකිණ්නිය ආරම්භ වීමත් සමග ගමන ආරම්භ කර බිනර මසදී ගමනේ වේගය වැඩිකරයි. එම වළාකුළු කුට්ටි වශයෙන් ගමන් කරද්දී ආකාශයේ ඉහළින් නොසෙල්වී ගමන් නොකරන කුඩා කුඩා වළාකුළු කැටියක් දැක ගැනීමට හැක. මෙම කුඩා වළාකැටි මාළුවකුගේ කොරපොතුමෙන් දිස්වේ. පහළින් ගමන් කරනා විවිධ හැඩතලවලින් යුක්ත වූ විශාල වළාකැටි කළු පැහැයෙන් යුක්ත වගේම වළාකුළු තදට දිදුලන ගතියකින් යුක්ත වේ. මෙම වළාකුළු සමහර විට ඉතා දැඩි වියළි භාවයක් පෙන්වනවා වගේම සමහර වාර වලදී තෙතභරිත භාවයකින් යුක්ත වේ. යම් හෙයකින් තෙත භරිත භාවයක් ඇතිනම් එම කන්නය වැසි කලට වේලාවට ලැබෙන බවද වියළි භාවයක් ඇති නම් වර්ෂාව දුරස් වෙන වගද ගැමියා අවබෝධ කර ගනී.
 
 මෙවන් වැසි වළාකුළු ආකාශයේ ගමන් කිරීම දකින කුඩා ළමුන් ‘වැහි බිත්තර පාවෙනවා’ යනුවෙන් හඳුන්වන අතර බිනර හඳ එළිය ආකාශය දැඩි චමත්කාරයක් ගනී. මෙසේ ගමන් කරන වැසි වළාකුළු ආකාශයේ කොහේ තැන්පත් වනවාද නොදනී. එහෙත් සැප්තැම්බර් අවසාන වන විටදී නැගෙනහිර ආකාශයේ සුළු වශයෙන් විදුලි කෙටීම ආරම්භ වේ. ඒ අතර බස්නාහිර අහස ඉතා තදින් රත් පැහැ ගැන්වේ. සවස ඉර බහින විට එක එල්ලේ සූර්යයා දෙස බලසිටිය හැක. එයද චමත්කාර ජනකය. රාත‍්‍රි කාලය අඳුර වුවත් යම් පැහැදීමකින් අවට පරිසරය හඳුනා ගැනීමට හැක. අධික ලෙස තාරකා දීප්තිමත් වේ.
 
 මෙසේ ස්වාභාවික ලක්‍ෂණ පවතින ආකාශය සැප්තැම්බර් මස මැද භාගය වන විට සවස් යාමයේ ආකාශයේ ඊසාන දිගින් කළු පැහැ ගැන්වී අහස ගෙරවීම විදුලි කෙටීම බහුල වේ.
 
 මේ වන විට ගැමියා ගෙවල්වල වහල සෙවිලි කරගෙන අවශ්‍ය දෑ ගෙට කරගනී. හේනේ කුඹුරේ සිට නිවසට ගමන් කරන සෑම ගැහැණියක්ම හිසේ කිහිල්ලේ දර ඉපලක්වත් දැක ගැනීමට හැකිවේ. ගොවියා කුඹුරුවල වනාත හෙළි කිරීම, ඇල වේලි ශුද්ධ කර ගැනීම, ලහි ලහියේ සිදුකරනු ලබයි. ගවයන්ගේ සීසෑමට අවශ්‍ය න`ගුල්පෝරු ආදිය සකසාගෙන ගවයින් දැක්වීම සඳහා අවශ්‍ය කෙවිට ආදිය වනයෙන් කපාගෙන විත් නිවසේ තැන්පත් කරගනී.
 
 මේ අතර සැප්තැම්බර් මස 15 වන දින පසුවන විටදී පොළවෙන් නැගෙන උණුසුම්භාවය අධික වේ. රාත‍්‍රි කාලයේදී ශරීරයෙන් දහඩිය ගැලීම අධික වේ. මේ අතර පොළවෙන් මතු වන කුහුඹුවන් විශාල ප‍්‍රමාණයක් සහ අත්තටු සහිත කුහුඹු විශේෂයන් මතුවීමට පටන් ගනී. සමහර ශාක පත‍්‍ර සවස් වන විට කණපිට පෙරළී ඇති ආකාරය දැකගැනීමට හැක. ගෙම්බන්ගේ හඬලෑම අධික වේ. පොළවේ ගුල්වල සිටින සතුන් සර්පයන් ගෝනුස්සන් ආදී සතුන්ද උණුසුම දරාගත නොහැකිව පොළවෙන් උඩට මතුවේ.
 
 ඒ වගේම වර්ෂාවේ පෙර නිමිති දකින වඩු කුරුල්ලා කූඩු සෑදීමේදී විශේෂ ක‍්‍රියාමාර්ගයක් ගනී. ඉහළ අහසින් නැෙ`ගන උණුසුම්භාවය සහ පොළවේ අභ්‍යන්තරයේ නැෙ`ගන උණුසුම්තාවත් පොළවේ සත්වයාට හිරිහැරයක් වේ. මෙය දකින වඩු කුරුල්ලා පොළවේ උණුසුම අඩුවී ඉහළ අහසේ නැගෙන උණුසුම වැඩිනම් උගේ කූඩුව පොළවට ආසන්නව සකස් කරගනී. යම් හෙයකින් පොළවේ උණුසුම අධිකව පවතිද්දී අහසේ උණුසුම අඩු නම් වුගේ කූඩුව වඩාත් ඉහළින් සකසා ගැනීම සිරිතකි. මෙය දකින ගොවියා වඩු කූඩුව පොළවට ඉහළින් ඇති නම් වර්ෂාව අධික වන බවත් පොළවට පහළින් වඩු කූඩුව ඇති නම් වර්ෂාව අඩු වන බවත් අත්දැකීමෙන් දනී.
 
 මේ අතර මාස් කන්නයේ වනාන්තරය ආශ‍්‍රිතව ශාඛයන් තුළින් විවිධ අනාවැකි කිමට ගොවියා සමත් වේ. විශේෂයෙන්ම මාදං ගස දෙස බලා ගොවියා මාදං ගසේ ගෙඩි අධිකව ඵල හට ගෙන ඇතිනම් එම කන්නය සාර්ථක වන වග අවබෝධ කරගනී. එම කන්නය සාර්ථක වන අතර යම් හෙයකින් මාදං ගසේ අඩු ඵලදාවක් ඇතිනම් එම කන්නය අසාර්ථක වැසිඵල ඇතිවන වග ගොවියා හඳුනාගෙන ඇත.
 
 මාස් කන්නයේ මාදං ගසේ අධික ඵලදාව ඇතිනම් එම කන්නයේ සාර්ථක කුරක්කන් වගාවක් කළ හැකි අතර යල් කන්නයේ එරමිණියා වැලේ ඵලදාව සරුනම් තල වගාව සරුවන වගත් ගැමි ගොවියා අත්දැකීමෙන් අවබෝධ කරගෙන ඇති බව විශේෂයක්ය.
 
 (මේ සටහන මාස් කන්නය සඳහාය) රත්න බී. ඒකනායක
 
 සංස්කරණය - ජගත් කණහැරආරච්චි

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles