Divaina - රටක් බලාපොරොත්තු වන විල්පත්තුවේ සාධාරණත්වය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

soba1විල්පත්තුව වනාන්තර සංකීර්ණයට අයත් මරිච්චකඞ්ඩු, කල්ලාරු වනාන්තර ප‍්‍රදේශයේ (පැරැුණි පුත්තලම - මන්නාරම් පාරේ) සිදුකර ඇති වනාන්තර විනාශය (හෙළි කිරීම) හා පදිංචි කිරීම් පිළිබඳව 2012 වසරේ පටන් පමණ පවතින්නේ මහා ආන්දෝලනයකි.
 
 යුද්ධයේ නිමාවත් සම`ග අවතැන්වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ කටයුතු යැයි පවසා මෙසේ (රක්‍ෂිත) වනාන්තර හෙක්ටයාර් 4000 ක් පමණ හෙළිකරන ලද්දේ එකල රාජ්‍ය අනුදැනුම ඇතිව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙසිනි.
 
 පැරැුණි පුත්තලම - මන්නාරම් මාර්ගයේ මෝදරගං ආරු මායිමේ සිට (මෙතැනින් විල්පත්තු ජාතික උද්‍යානයේ මායිම නිමාවට පත්වේ.) සිලාවතුර හරහා මන්නාරම දක්වා මාර්ගය කාපට් අතුරා සකස් කර, මරිච්චකඞ්ඩි කල්ලාරු ප‍්‍රදේශයේ ගණ වනගහනය හෙළි පෙහෙළි කර මෙසේ ජනාවාස ඇතිකරන ලද්දේ එවක නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් හා මැදිහත්වීමෙනි.
 
 ඔහු මේ සඳහා දකුණේ දේශපාලන බලඅධිකාරිය ප‍්‍රයෝජනයට ගෙන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර ඉතා සූක්‍ෂ්ම ලෙස නිදහස් කරගන්නා ලදී. මේ පිළිබඳ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය හා එම ජනාධිපති කාර්ය සාධක බළකායේ බලපෑම් මත එවක වන සංරක්‍ෂණ ජනරාල්වරයා විසින් හෙක්ටයාර් 4000 කට ආසන්න වනාන්තර ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කර ඇත්තේ හරිහැටි මිනුම් කරද නොවේ. කිලෝමීටර් කණු වශයෙන් සඳහන් කර හා මාර්ගයෙන් අභ්‍යන්තරයට මීටර් 100 ක් පමණ ලෙස සඳහන් කර මෙසේ වනය නිදහස් කර ඇත්තේ මනඃ කල්පිතවය. නොඑසේ නම්, කාගේ හෝ ඉල්ලීමට එක`ගතාව පළකරමින් බව හැෙ`ග්.
 
 එසේ බලහත්කාරකම් කරන ලද්දේ හෝ කවුරුන් විසින් හෝ බලහත්කාරයෙන් ලබාදෙන ලද්දේ හුදෙක් එම වනාන්තර කුමන අරමුණක් සඳහා යොදාගන්නේ දැයි හරිහැටි සොයා බැලීමක්ද නොමැතිවය.
 
 එම අවසරය ප‍්‍රයෝජනයට ගනු ලැබූ අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා, ආණ්ඩු බලය පාවිච්චියට ගෙන ඉහත වනාන්තර ප‍්‍රදේශය ඉතා කෙටි කලකදී හෙළිපෙහෙළි කරනු ලැබ ඇති අතර විශ්මය නම් මෙවන් රාජ්‍ය දේපළක් හෙළි පෙහෙළි කිරීමේදී එහි වූ දේපළ රජයට ලබාදිය යුතු වුවත් ඒ කිසිවක් රජයට ලබාදී නොමැති වීමය.
 
 එනම්, හෙක්ටයාර් 4000 ක පමණ ප‍්‍රමාණයේ වනාන්තර තුළ පැවැති පලූ, වීර, බුරුත ඇතුළු වටිනා ශාකවල එකම දැව කඳක් හෝ රාජ්‍ය දැව සංස්ථාවට නොදී පෞද්ගලිකව පරිහරණයට ගෙන අයථා ලෙස මුදල් ද හම්බකරගෙන ඇති බව විශ්වාස කෙරේ.
 
 මෙසේ ජාවාරමක් සේ ලබාගත් වනාන්තර ඉඩම් ප‍්‍රදේශය නැවත පදිංචිකිරීමේ මුවාවෙන් පුත්තලම ප‍්‍රදේශයේ ඉඩම්, නිවාස හිමි මුස්ලිම් පවුල් බහුතරයකට ලබාදී තිබෙන බව දැන් පිළිගන්නා කාරණයයි. ඉකුත් දා මැතිවරණ අවස්ථාවේදී පුත්තලම ප‍්‍රදේශයේ ජනතාව ලංගම බස් රථ සියයකින් පමණ මන්නාරමට රැුගෙන ගොස් හංසයා ලකුණේ අපේක්‍ෂකයාට ඡුන්දය භාවිත කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදී තිබුණේ එසේ ද්විත්ව පදිංචිය ඇති මරිච්කකඞ්ඩුවේද ඉඩම් හිමි එම මුස්ලිම් ජනතාවම බව පිළිගන්නා සත්‍යයයි.
 
 රිෂාඞ් බදියුර්දීන් ඇමැතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ රජය ම`ගහැර, ෙසෞදියේ ජාසිම් නමැති පාලකයකු හරහා මුදල් සෘජුවම තමන් වෙත රැුගෙනැවිත් අදාළ ප‍්‍රදේශයේ නගර ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නංවා ඇති අතර එහි තනාදුන් සියලූ නිවාස මෙසේ පුත්තලමේ පදිංචිය ඇති මුස්ලිම් ජනයාට ලබාදී ඇතැයි නැෙ`ගන චෝදනාවයි.
 
 රෝහල්, පාසල්, ප‍්‍රජා ශාලා, පල්ලි, ඇතුළු සියලූ  අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ‘‘ජාසිම් සිටි’’ නගරය තුළ නිවාස 500 ක් පමණ ස්ථාපනය කර ඇත. ඒ සියල්ල සඳහා විනාශ කරන ලද්දේ විල්පත්තුව වන සංකීර්ණයේ ඉඩම්ය.
 
 එනමුත් රාජ්‍ය බලය භාවිතයට ගෙන රිෂාඞ් බදියුර්දීන් මහතා විසින් ඒ සියලූ අනර්ථයන් විල්පත්තු මහ වනයට සිදුකරන ලද්දේ පැහැදිලිවම මුස්ලිම් ආක‍්‍රමණයක් එහි සිදු කරමිනි.
 
 මේ හේතුව නිසා දකුණේ මීට එරෙහිව විරෝධතාවක් ගොඩනැ`ගුණ අතර පරිසරවේදීහු දිගින් දිගටම විරෝධතා දැක්වූහ.
 
 එහි ප‍්‍රතිඵලයක් සේ පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම වනාන්තර විනාශයට එරෙහිව අධිකරණයට ගියේය. මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ මීට වගකිවයුත්තන්ට එරෙහිව ඔවුන් තම විරෝධතා ගොනුකර විල්පත්තු වන සංකීර්ණයේ වනාන්තර විනාශයට එරෙහිව අධිකරණයෙන් සහනයක් ඉල්ලා තිබිණි.
 
 එනමුත් වසර කිහිපයක් තිස්සේ විභාගයට ගැනුණු එම නඩුව නිමාකර තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී මහෙස්ත‍්‍රාත්වරයා ඉන් ඉවත්ව යන්නේ පරිසර ක්‍ෂේත‍්‍රය තුළ මහත් උභතෝකෝටිකයක් ඉතිරි කරමිනි.
 
 හැම අතින්ම පරිසරවේදීන්ට වාසි සහගතව තිබූ මෙම නඩුව මගින් වගඋත්තරකාරයන්ට වැඩ වැරදේ යැයි සිතූ මොහොතක මෙසේ මහෙස්ත‍්‍රාත්වරයා තීන්දුව නොදී විභාගයෙන් අස්ව යෑමෙන් රටක් බලාපොරොත්තුව සිටි තීන්දුවක් ශූන්‍ය වී මහත් අපහසුවක් රටට අත්විය.
 
 පරිසර යුක්ති කේන්ද්‍රය යළිත් නඩුව ගොනුකරන්නේ ඉන් අනතුරුවය. මේ වන විට එම දෙවැනි නඩු විභාගයේ කටයුතු සිදු කරමින් පවතින අතර වාරයේ ඉකුත්දා අවසන් නඩු වාරයේදී තම ස්ථාවරය ප‍්‍රකාශ කරන නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටින්නේ පදිංචිකරුවන් විසින් භාවිතයට ගැනෙන ප‍්‍රදේශය (එනම් වනාන්තර විනාශ කර අල්ලා ගන්නා ලද ප‍්‍රදේශය) ඉවත්කර ඉතිරි වනාන්තර ප‍්‍රදේශය යළිත් රක්‍ෂිත වනාන්තරයක් ලෙස මායිම් යොදා ගැසට් කිරීම කළ යුතු බවය. පරිසර යුක්ති කේන්ද්‍රය ප‍්‍රමුඛ පරිසරවේදීන් මෙම නඩුව ගොනුකර ඇත්තේම නීති විරෝධීව හෙළි පෙහෙළි කර විනාශ කරන ලද හා අයථා භාවිතයට ගෙන ඇති ඉඩම් ප‍්‍රදේශය සඳහා සාධාරණයක් ඉටුකරවා ගැනීම සඳහාය. එනමුත් නීතිපති දෙපාර්තමේන්තුව නොකියා කියන්නේ එම ප‍්‍රදේශය අදාළ ජනතාවට නොහොත් නීතිරෝධී ලෙස රාජ්‍ය දේපළ සොරාගත් වගඋත්තරකරුවන්ටම එම දේපළ දීම සුදුසු බවට යෝජනා කිරීමය.
 
 එසේ හෙයින් පරිසරවේදීන් පවසන්නේ මෙහෙමත් රටක්, රාජ්‍යයක් තවත් වෙන කොහේ හෝ ඇත්දැයි පුදුම වන බවකි. රජයේ දේපළ රකින්නට කටයුතු කළ යුතු නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ රාජ්‍ය දේපළ කොල්ලකා ගත්තවුන්ටම ඒවා පවරා දිය යුතු බවකි. එසේ හෙයින් මෙම නීති අංශ තුළට අන්තවාදී අවස්ථාවාදී හා වංචාකාරී පුද්ගලයින් රිංගා ඇතැයි සැක කරන බවද පරිසරවේදීහු කියා සිටිති.
 
 එනම්, වරක් මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් නොකිරීම හා නැවත ගොනු කරන ලද නඩුවේ රජයේ නීතිපතිගේ ස්ථාවරය අනුවද, විල්පත්තු ඉඩම් බලෙන් අල්ලා ගැනීමට එරෙහිව රජය තුළින්ම ක‍්‍රියාත්මක වන කූට උපක‍්‍රම රිෂාඞ් බදියුර්දීන් ඇමැතිවරයා ප‍්‍රමුඛ අන්තවාදීන්ට සුදුහුණු ගෑමක් බවද පරිසරවේදීහු කියා සිටිති.
 
 නීතිපති දෙපාර්තමේන්තුව මගින් මෙසේ දක්වා ඇති ස්ථාවරත්වයට පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥවරු තම විරෝධතාව ප‍්‍රකාශ කර ඇත. එසේම යළිත් දකුණ රත්කරමින් නැවත වරක් විල්පත්තු උණුසුම පැතිර යන අතර පරිසරවේදීන්ගේ විරෝධතාද වර්ධනය වෙමින් පවතී.
 
 සැබෑය. විල්පත්තු වන විනාශය රටක් නොව, ලෝකයක් හෙල්ලූ වනාන්තර විනාශයකි. එය මහත් ඛේදවාචකයකි. බලය ඇතිකොට ඕනෑම දහදුරා වැඩක් කරන්නට දේශපාලකයන්ට හැකියැයි ප‍්‍රදර්ශනය කෙරෙන සිද්ධියකි. ඊට සාධාරණය හා යුක්තිය ලැබෙන තෙක් රටක් බලාපොරොත්තුව සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවට මෙසේ වගඋත්තරකරුවන්ගේ සිතැ`ගි ඉටුකරවා දීම සඳහා ක‍්‍රියාකිරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.
 
 ජාති, ආගම්, කුලමල බේද, නොමැතිව ශ‍්‍රී ලාංකිකයින් සියලූ දෙනාගේත් ලෝකයක් සුවපත් කරන්නටත් කටයුතු කළ විල්පත්තුවට සාධාරණය ඉටුවන තුරු අපි සැවොම බලා හිඳිමු.
 
 ජගත් කණහැරආරච්චි
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles