Divaina - ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන සංස්කෘතිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea8 1ශ‍්‍රී ලංකා දේශපාලනයේ, නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේදී මුලින්ම ජනතාව එය වැළඳගත යුතුය. ජනතාවගේ මනස තුළ එම සංකල්පය රෝපනය විය යුතුය. ඒ තුළින් ජනතාව තුළ ආකල්පමය වෙනසක් සඳහා ක‍්‍රමවේද සකස්වීම අත්‍යාවශ්‍යය. මෙම වෙනස ඇති කිරීම කා සතු වගකීමක් ද? මේ සඳහා මැදිහත් විය යුතු පාර්ශ්වකරුවන් මේ මේ අය වශයෙන් නම් කළ නොහැකි තරම් පුළුල්ය. එසේ වුවත් මෙකී නව දේශපාලන සංස්කෘතියේ අවශ්‍යතාව සැබෑ ලෙස දකිමින් එම වෙනස කරා යා යුතු බව අප සැමට පෞද්ගලික මෙන්ම පොදු භූමිකාවක් ඇත. මෙම වෙනස සඳහා සිදුවිය යුතු කාර්ය සමහරක් සාකච්ඡාවට ගෙන සමාජගත කිරීම වැදගත්ය.

ශ‍්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසය ගැන සැලකීමේදී ඒ තුළ ගත හැකි ආදර්ශ හෝ සුපිරි අත්දැකීම් නැත. ගහ මරා ගැනීම්, වෙඩි තැබීම්, දේපළ හානි, ගිනි තැබීම්, හොර ඡුන්ද දැමීම්, පමණක් නොව තේරීම් භාර නිලධාරීන්ට කළ තර්ජන සහිත අඳුරු අතීතයක් ඇත. හැට සහ හැත්තෑව දශකවලට වඩා විසිවන සියවසේ ඉහත ප‍්‍රචණ්ඩ ක‍්‍රියා බොහෝ දුරට අඩුවීම ජනතාව බුද්ධිමත් දේශපාලනයට ප‍්‍රවිෂ්ඨ වීමේ ප‍්‍රවනතාවකි. ප‍්‍රචණ්ඩත්වයේ අඩුවීමක් සිදු වුව ද ‘‘තාක්ෂණික ප‍්‍රචණ්ඩත්වය’’ මැතිවරණ ව්‍යාපාරයට උපරිම ලෙස ආදේශ වී ඇත.

තාක්ෂණික ප‍්‍රචණ්ඩත්වය මැතිවරණ ව්‍යාපාරය වැළඳ ගැනීම තුළ විශාල බලපෑමක් සෘජුව හෝ වක‍්‍රව සිදුවිය. මෙම ක්‍ෂේත‍්‍රය කොතෙක් දුරට ප‍්‍රබල වුව ද යන්න මුහුණුපොත, වෙබ් අඩවිය, එෆ් එම් නාලිකා, දුරකථන පණිවුඩ :ප්ිි්ටැි* හුවමාරුව පමණක් නොව වීඩියෝ තරගකාරී ලෙස පිටකිරීම සහ සංවාද තුළින් පෙනෙන්ට තිබුණි. මෙම ක‍්‍රියාදාමයට සාමාන්‍ය ජනතාව සෘජුව හෝ වක‍්‍රව සහභාගී කරගැනීමට මොවුන් යොදාගත් විවිධ උප්පරවැට්ටි කිසිසේත් අනුමත කළ නොහැක. ලක්ෂ ගණන්, කෝටි ගණන් කළු සල්ලි ” ගිලගත් බව ජනතා සැකයටද හේතු විය. මැතිවරණයක අවසානය සමග මෙම ක‍්‍රියාදාමයේ විශාල අඩුවීමක් සිදුවිය. එසේ වුවද ජයග‍්‍රාහී අපේක්ෂකයා පක්ෂව හෝ එරෙහිව නැවතත් ප‍්‍රතිවාදනය වනු ඇත. මෙම තත්ත්වය අප රටේ මෙතෙක් ගොඩනැගුන දේශපාලන සංස්කෘතියයි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ, නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේදී මුලින්ම ජනතාව එය වැළඳගත යුතුය. ජනතාවගේ මනස තුළ එම සංකල්පය රෝපනය විය යුතුය. ඒ තුළින් ජනතාව තුළ ආකල්පමය වෙනසක් සඳහා ක‍්‍රමවේද සකස්වීම අත්‍යාවශ්‍යය. මෙම වෙනස ඇති කිරීම කා සතු වගකීමක් ද? මේ සඳහා මැදිහත් විය යුතු පාර්ශ්වකරුවන් මේ මේ අය වශයෙන් නම් කළ නොහැකි තරම් පුළුල්ය. එසේ වුවත් මෙකී නව දේශපාලන සංස්කෘතියේ අවශ්‍යතාව සැබෑ ලෙස දකිමින් එම වෙනස කරා යා යුතු බව අප සැමට පෞද්ගලික මෙන්ම පොදු භූමිකාවක් ඇත. මෙම වෙනස සඳහා සිදුවිය යුතු කාර්ය සමහරක් සාකච්ඡුාවට ගෙන සමාජගත කිරීම වැදගත්ය.

පසුගිය ජනාධිපති තරගයේ අපේක්ෂක ගොන්න අතරින් තරගයේ ඉදිරියෙන් සිටි අපේක්ෂකයන් තිදෙනකු කැපී පෙනුනි. අනෙක් සියලූම අය මුළු ප‍්‍රකාශිත ඡුන්ද වලින් 0.03% කට අඩු ප‍්‍රතිශතයක් ලබා ගත් නාමික තරගකරුවන්ය. මෙම තත්ත්වය කලින් මැතිවරණ වලදී දක්නට ලැබූ ප‍්‍රතිඵලය විය. තමන්ගේ තත්ත්වය තමන්ට තක්සේරු කර ගත නොහැකිකම, ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා තමා සතු සුදුසුකම, ජනප‍්‍රියත්වය හෝ නායකත්වය ගැන අධි තක්සේරුව, මේ සඳහා ඉදිරිපත් වීම තුළින් ලබාගත හැක. කෙටිකාලීන ප‍්‍රතිලාභවලට ඇති ගිජුකම ලැයිස්තුවේ වැඩි දෙනෙකුගේ අපේක්ෂාව වන්නට ඇත. මේ ලැබූ අත්දැකීම මත නාමික හෝ අගතිගාමී මෙම අපේක්ෂක පෙරහැර නැවැත්වීම සඳහා නෛතික ප‍්‍රතිපාදන යෙදීම ගැන ජනතාව විරුද්ධ නොවනු ඇත. ඉතා සුළු ඇප මුදලක් තැන්පත් කිරීම ¥ෂිත, වාණිජ සමාජයේ කළ හැකි අය බොහෝ ඇත. එය හුදෙක් සිල්ලර ඇප මුදලක් වෙනුවට ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා රුපියල් මිලියනයක ඇප මුදලක් තැබීම නීිතිගත විය යුතුය. එහෙත් මේ අයට දෙන සහනයක් ලෙස මැතිවරණයේ දි ප‍්‍රකාශිත මුළු ඡුන්ද ගණනින් සියයට එකක ප‍්‍රතිශතයක් ලෙස ලබාගත හොත් එම මුදලින් අඩක් නැවත ලබා ගත හැකි සේ සැකසිය යුතුය. මෙම විධිවිධාන යහපත් චේතනාවෙන් ජනතා ශුභ සිද්ධිය රාජ්‍ය මුදල් මනා පරිහරණය සහ පරිපාලන පහසුව පෙරදැරි කරගෙන සිදුවිය යුතුය.

මෙවර ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයන් 35 ක් ඉදිරිපත් විය. තම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ට ලැබිය හැකි ඡුන්ද සංඛ්‍යාව පිළිබඳ මනා අවබෝධයක් ඔවුන්ට තිබෙන්නට ඇත. මෙවැනි විශාල පිරිසක් අපේක්කත්වයට යොමුවීම නිසා අතවශ්‍ය දිගු ඡුන්ද පත‍්‍රිකාවක්, විශාල ඡුන්ද පෙට්ටි, ඡුන්ද දැමීමට වැඩි කාලය ගත කිරීම, වැඩි නිලධාරි පිරිසක්, අන්‍යවශ්‍ය ප‍්‍රමාදයන්, මධ්‍යස්ථාන දැනුවත් කිරීම් සඳහා ලිපි ලේඛන, අපේක්ෂකයන් දැනුවත් කිරීමට සම්මන්ත‍්‍රණ ආදී වශයෙන් විශාල ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් කාබාසිනියා කරයි. ඉදිරි මැතිවරණ සඳහා මෙම ලැබූ අහිතකර අත්දැකීම් සඳහා ප‍්‍රතිපාදන සම්පාදනය විය යුතුය.

මැතිවරණයකදී පක්ෂ සන්ධානගත වීම පමණක් නොව අපේක්ෂකයන් හෝ දේශපාලන ප‍්‍රබලයන්ගේ පිල්මාරුව සඳහා ද වාරණ අවශ්‍යව ඇත. එක් පක්‍ෂයක් තවත් පක්‍ෂයක් සමග සන්ධානගත වන්නේ නම් එය සිදු කළ හැක්කේ මැතිවරණ නාමයෝජනා භාරදීමට පෙර පමණි. එම වාරණයන් මත නව දේශපාලන සංස්කෘතියක් සඳහා මාවතක් විවෘත කළ හැක. ‘ පැනීම ’ වරදානවලවට යට නොවීම, ප‍්‍රධාන ප‍්‍රතිපත්ති ධාරාව පිළිගැනීම මත පමණක් සන්ධානගත වීම් අවශ්‍යතාව, අනාගත අපේක්ෂාවන් සඳහා පැනීම ආදිය වැළකීමට මෙම විධිවිධාන උපකාර කර ගත හැක. මෙහි ඇති වාසිදායක තත්ත්වය වනුයේ ඇත්ත වශයෙන්ම සන්ධානගත වීමේ වුවමනාව, ජනතා ප‍්‍රසාදය, සුළු පක්‍ෂවලට පිළිගත් අනන්‍යතාවක් ඇතිවීම, පිල් මාරුවකට වඩා ප‍්‍රතිපත්ති මත ක‍්‍රියා කරන බව ගම්‍ය වීමයි.

මැතිවරණය දී සිදු කරන ‘‘ප‍්‍රචාරක වැඩ පිළිවෙළ’’ ජනතාව ආකර්ෂණය කර ගැනීමේ ප‍්‍රධාන ක‍්‍රමවේදයකි. ඒ තුළින් ඡුන්ද ලබාගැනීම, ජනතාව දැනුවත් කිරීම, තමාගේ තරගකාරිභාවය හුවා දැක්වීම, මඩ ගැසීම් ද සෘජුව හෝ වක‍්‍රව අපේක්ෂා කෙරේ. කටවුට්ස්, පොලිතින්, සැරසිලි, තාප්ප වසා අපේක්ෂකයන්ගේ මුහුණු, අඩියක් පාසා විවෘත කෙරෙන කාර්යාල, මේ සඳහා යොදා ගනිති. මේ සියල්ලම කොතෙක් දුරට ජනතාව තමා හෝ පක්‍ෂයට යොමු කරගැනීමට බලපානවා ද නැද්ද ප‍්‍රශ්නයකි. ප‍්‍රචාරක කටයුතු වල දී මෙම සිදුකරන අනවශ්‍ය වියදම පිළිබඳව දැන ඡුන්දදායකයා දකින්නේ අනවශ්‍ය වියදමක් ලෙසිනි. ඉහත කී ප‍්‍රචාරක ක‍්‍රම කිසිවක් පාවිච්චි නොකළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රචාරක කටයුතු සිදු කළ යුතු පිළිවෙළ සම්බන්ධව විශ්ෂ්ට ආදර්ශයක් තැබීම අගය කළ යුතුය. වැය කරන අති විශාල මුදල් කන්දරාව, කාලය, යොදාගන්නා ශ‍්‍රමය, පරිසර අපවිත‍්‍රතාව, දියුණු රටවල මැතිවරණ ව්‍යාපාර සමග සැසඳීමේදී අප තවමත් යොදා ගන්නා අනවශ්‍ය ක‍්‍රම ගැන ද දැඩි වාරණයක් අවශ්‍යව ඇත. අපේක්ෂකයන් පාවිච්චි කරන ඉහත අනවශ්‍ය ප‍්‍රචාරක ක‍්‍රම ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට කෝටි ගණනක මුදලක් වැය කිරීම අපි වැනි රටකට ඔරොත්තු දෙනවා ද? මෙකී කරුණු සැලකීමේදී මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රියාවලියට රාජ්‍ය මැදිහත්ව නීති සම්පාදනය තුළින් නව මැතිවරණ සංස්කකෘතියක ආරම්භය සඳහා මෙවර මැතිවරණය මාර්ගයක් විවෘත කර ඇත.

මැතිවරණයේදී මඩ ප‍්‍රහාර වලින් තොරව ප‍්‍රතිපත්ති මත පමණක් මෙහෙයවන නව මැතිවරණ සංස්කෘතියක අවශ්‍යතාව ආදර්ශවත් ලෙස පෙන්වා දීමේ ගෞරවය ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හිමි වේ. ඔහුග් සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිවෙකුගේ නමක් මඩගැසීම් සඳහා පාවිච්චි නොකිරීම පුද්ගල හැකියාව මනාව පෙන් වූ අවස්ථාවකි. එලවා එලවා මඩ ගැසීම, බොරු ප‍්‍රචාර, නින්දා, පෞද්ගලික සංවේදී දේ පවා වැරදි ලෙස හුවා දක්වමින් විරුද්වාදීගෙන ගිය ඉතා පහත් ප‍්‍රචාරයට ගෝඨාභය මැතිතුමා දුන් නිහඬ ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකළ නව ප‍්‍රචාරක සංස්කෘතිය ජනතාව ඉතා ගෞරව ලෙස සහ ඉහළින් වැළඳගත් බව පෙනෙන්ට තිබුණි.

පසුගිය මැතිවරණයේ මුහුණුපොත, වෙබ් අඩවි, වීඩියෝ, රූපවාහිනි මාධ්‍ය යොදා ගන්නා ගුවන් කාලය, මැතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහයට යොදා ගන්නා ප‍්‍රස්තාර, සිතියම්, සංඛ්‍යාලේඛන ආදිය පක්‍ෂග‍්‍රාහී බව 13.11.2019 දක්වා මැකෝ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට කල් මැරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීයාම, මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය රූපවාහිනි නාලිකා තුළින් ඉටු කරන සේවය ඉතා විශ්ෂ්ටය. මේවා අනවශ්‍ය දේ ලෙස සලකා ගුවන් විදුලියෙන් ප‍්‍රතිඵල නිකුත් තරම් ‘මැකෝ’ ගේ විද්‍යා තාක්ෂණයට මොට කළේ කවර කරුණක් නිසාදැයි නොදනී. මෙවැනි සංසන්දනාත්මක, තුළනාත්මක, විග‍්‍රහයක් සැබෑ ලෙසම කළ යුත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුවයි. එම කාර්ය පෞද්ගලික රූපවාහිනි ආයතන ඉතා විශිෂ්ට ලෙස කිරීම සම්බන්ධව ඔහු සතුටුවිය යුතුය. ඉදිරියේදී ‘මැකෝ’ කවරකු වුවත්, නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සම්බන්ධව සිතීමට කිරීමට සහ ප‍්‍රායෝගික වීම පිළිබඳව පමණක් සටහන් කරමි.

මැතිවරණ කාලපරිච්ෙඡ්දය තුළ නීතිය හා සාමය ඉතාමත් විශිෂ්ට ලෙස ක‍්‍රියාත්මක වීම සැමගේ අපේක්ෂාවයි. එහි පෙර ගමන්කරු වන්නේ පොලිස් සේවාවය. පක්‍ෂග‍්‍රාහී නොවීම, සාධාරණ වීම, වරදකරුවන්ට තරාතිරම නැතිව නීතිය ක‍්‍රියාත්මක කිරීම, ඒත්තු යා යුතු අතර එහි පාරදෘශ්‍ය භාවයක් ද තිබිය යුතුය. පැමිණිලි වලට සාධාරණත්වයක් ඉටු කිරීම, වරදකරුවන්ට පෙනී පෙනී පැන යෑමට ඉඩ නොදීම මැතිවරණ කාලය තුළ දැඩි ලෙස ක‍්‍රියාත්මක විය යුතුය. එසේ වුවත් පසුගිය මැතිවරණ කාලය තුළ හිරු නාලිකාවේ මඩ පෝස්ටර් ව්‍යාපාරයේදී ක‍්‍රියාත්මක වූ පිළිවෙළ, රාජිත ඇමැතිතුමා රියැදුරකු කරලියට ගෙනවිත් කළ රංගනයට නීතිය ක‍්‍රියාත්මක වුවද, සජිත් මැතිතුමාගේ ‘සමාජ විප්ලවය’ පත‍්‍රිකාව තුළ මඩ අත්පත‍්‍රිකා තිබී අල්ලා ගැනීම, හර්ෂ ද සිල්වා මහතාගේ පාපොච්චාරණ, නිහඬ කාලය තුළ අල්ලාගත් නීති කඩකළ අය පිළිබඳව ගත් ක‍්‍රියා සම්බන්ධව ජනතාව තුළ මහත් හිරිකිතයක් ඇත. නව මැතිවරණ සංස්කෘතියක් රට තුළ බිහි කිරීමේදී ජනතාවට ඉතා සමීප පොලිස් සේවාව ක‍්‍රියාත්මක විය යුතු පිළිවෙළ සම්බන්ධව ආකල්පමය නීතිමය සහ ප‍්‍රබුද්ධ පිරිසකට භාර දිය යුතුව ඇත. මෙවර එය ඉටු නොවූයේ පොලිස්පති තුමා පවා අත් අඩංගුවේ සිටීම නිසා විය හැක.

මෙවර ජනාධිපති මැතිවරණ වේදිකාවේ ඉතා හොඳින් අලෙවි වූයේ ජනතා සහනයන්ය. දියුණුවෙමින් අප වැනි රටක මෙහි ප‍්‍රමුඛතාව ගැන ප‍්‍රශ්නයක් නැත. ජනතාව යැපුම් ආර්ථිකයකට ඇද දමන දුර්වල මානසික තත්ත්වයක් ඇති කිරීමෙන් ඡුන්දය මංකොල්ල කෑමේ වක‍්‍ර ක‍්‍රමය මෙයයි. මෙය සම්පූර්ණයෙන් නැවතීමට නොහැකි නම් එය බොහෝ දුරට මැතිවරණයේ හොරණෑවක් නොවිය යුතුය. මැතිවරණයට පෙර ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට සියල්ල ඇතුළත් කිරීම ඉතා වැදගත්ය. සෑම අපේක්ෂකයකුම සිට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මැතිවරණ කොමිසමට භාරදීම නාමයෝජනා භාර දීම සමග සිදු කිරීම නිීතියක් විය යුතුය. එයට පරිභාහිරව යම් යම් දේ මැතිවරණ වේදිකාවල හෝ ප‍්‍රකාශවල හෝ ක‍්‍රියාවෙන් සිදු නොකළ යුතුය. එය මැතිවරණ නීති උල්ලංඝනයය ලෙස නීති සම්පාදනය විය යුතුය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට පරිභාහිරව එකින්නෙකා පරයන කප්පරක් පොරොන්දු ඉටු කරයි ද යන්න තරමට ජනතාව මංමුළාවී ඇත. මෙම වාරණය ද නව මැතිවරණ සංස්කෘතිය බිහි කිරීමේදී යැපුම් මට්ටමින් ජනතාව මුදා ගැනීමට පමණක් නොව, හුදෙක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මතම මැතිවරණය මෙහෙයවීමට ආදර්ශයක් වනු ඇත.

නව දේශපාලන සංස්කෘතියේ වෙනස සඳහා පරිපාලන ව්‍යූහය තුළ ව්‍යවස්ථාපිත වෙනසක් ඇති කිරීම වැදගත් ය. ප‍්‍රාදේශීය, පළාත්, නගර සභා, පාර්ලිමේන්තුව ආදී වශයෙන් කුුඩා රටක් තුළ ක‍්‍රියාත්මක ව්‍යූහයේ වෙනසක් අනිවාර්යයෙන් සිදුවිය යුතුය. මෙම ආයතන වල මැතිවරණ, ස්ථාන නඩත්තුව, පඩිනඩි, ආදිය සැලකීමේ අප ආර්ථිකයට මහත් බරකි. එම වැයට සරිලන ප‍්‍රතිලාභ මේවා තුළින් ඉටුවේද යන්න ජනතාව නිරතුරුව නගන ප‍්‍රශ්නයයි. ගම් මට්ටමේ, බිම් මට්ටමේ පරිපාලන ව්‍යූහය හැර අනෙක් සියල්ල ව්‍යවස්ථාපිතව වෙනස් කළ යුතුය. වර්ෂ ගණනාවක් අක‍්‍රියාව පැවති පළාත් පාලන ආයතන නිසා රටේ පාලනය සම්පූර්ණයෙන්ම තමා සුළු ප‍්‍රමාණයකින් වත් අඩාල වූයේ නැත.

නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සඳහා හොඳ අවංක, කඩිසර, යමක් කිරීමට කැපවීමට හැකි අවංක දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව පසුගිය කාල පරිච්ෙඡ්දය තුළම සංවාදයට ලක්විය. මෙහි ඇති අවශ්‍යතාවැ නැවතත් සටහන් කරමි.

නව දේශපාලන සංස්කෘතියට රට ප‍්‍රවිශ්ට වීම යනු පෞද්ගලික එක් අයකු ලබන ගෞරවයට වඩා සමස්ත රටම ලබන ගෞරවයක් කරා යා යුතු කාලය එළඹ ඇත. එම තත්ත්වය ඇති කිරීමට ආකල්පමය, නීති ව්‍යවස්ථානුකූල වෙනස්කම්, සැමට සාධාරණ නීතිය, දේශපාලන මැදිහත්වීම් වලින් තොරවීම මෙන්ම ක‍්‍රියාවෙන් අවබෝධය ඇති විය යුතුය. ඒ සඳහා

පසුගිය ජනාධිපති මැතිවරණයේ අපිට ලබා ගත් පාඩම් තවදුරටත් සංවර්ධනය කර ගැනීම ඉතා වැදගත්ය. රටේ සිදුවන ආර්ථික සංවර්ධනයට සමගාමීව නව දේශපාලන සංස්කෘතික සංවර්ධනය සිදු වුවහොත් රටක් වශයෙන් අප ලබාගන්නා විශිෂ්ටත්වය පිළිබඳ අනාගත බලාපොරොත්තු තැබිය හැක.

ඞී. පී. වික‍්‍රමසිංහ.
ෑ-ප්සකථ ාචඅසජනැහ?හ්යදදගජදප

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles