Divaina - සැබවින් ම රටක ආරක්‍ෂාව යනු කුමක් ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p8 1මිතුරු වෙසින් එන සතුරු රාජ්‍ය මැදිහත්වීම්වලින් ද රට ආරක්‍ෂා කළ යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් අප හමුවේ ඇති ආසන්නතම සහ භයානකම සිදුවීම පසුගිය රජය කඩිමුඩියේ අත්සන් කිරීමට උත්සාහ කළ මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමයි.

ලංකා දේශපාලනයේ අතිශය තීරණාත්මක මොහොතක ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කියවා බැලීමි. කලකිරීම් සමූහයක් මැද සුපසන් අපේක්‍ෂා ද ඉතිරි වී ඇති බව ඉ`ගි කෙරෙන පොරොන්දු කීපයක් විමසා බැලීමට සිත් විය. අප සැවොම ඉතා හොඳින් දන්නා පරිදි කොතරම් කැමති වුවත් අකැමති වුවත් මේ මොහොතේ ඬේවිඞ් රිකාඩෝගේ ආර්ථික න්‍යාය දේශපාලනයට ද වැද්ද ගත යුතුව ඇත. ඒ සාපේක්‍ෂ වාසි න්‍යායයි. තෝරා ගැනීමට සිදු වී ඇත්තේ පරම නායකයා නොව සාපේක්‍ෂව සුපසන් අපේක්‍ෂාවක්

ප‍්‍රායෝගිකව ගොඩන`ගා පෙන්වා ඇති නායකයෙකි. 2019 ජනාධිපතිවරණය අබියස මුහුණ දී ඇති ව්‍යසනය නිරාවරණය කළ ලිපි කීපයක් මා විසින් පසුගිය දිනවල ලියා පළ කරන ලද අතර එම ලිපි පෙළෙහි අවසාන ලිපිය මෙයයි. පළමු ලිපියේ දී මා විසින් පෙන්වා දෙන ලද්දේ විනයගරුක පුරවැසියකු සහ නීතිගරුක පුුරවැසි සමාජයක් බිහි කර ගන්නේ කෙසේ ද කියායි.

දෙවැනි ලිපියෙන් පෙන්වා දුන්නේ අප මේ මොහොත වන විටත් මුහුණ දෙමින් සිටින මහා ආර්ථික ව්‍යසනයයි. මේ ව්‍යසනයෙන් රට ගොඩනැ`ගීමට කළ යුත්තේ කුමක් ද යන්න සහ ආරක්‍ෂිත රටක් නිර්මාණය කර ගත හැක්කේ කෙසේ ද? කෙබඳු නායකත්වයක් යටතේ ද? යන්න පෙන්වා නොදුන හොත් මේ ලිපි කියවන පාඨකයා අප කෙරෙහි තබා ඇති විශ්වාසය ප`ඵදු කර ගනු නිසැක ය.

රටක ආරක්‍ෂාව යනු ත‍්‍රස්තවාදීන්ගෙන් හෝ කැරලිකරුවන්ගෙන් හෝ පාතාල මැර කල්ලිවලින් හෝ රට මුදා ගැනීම පමණක් නොවේ. මෙරට පැවති දස දහස් ගණනකගේ ජීවිත රුධිරයෙන් තෙත් කළ යුද්ධයත් ඊට සමගාමීව දකුණේ පැවති කැරලි දෙකත් මේ මොහොත වන විට රටේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන පරිදි නිමා කොට අවසන්ය. එසේ නම් තවදුරටත් රටේ ආරක්‍ෂාව, ආරක්‍ෂාව යනුවෙන් එම පදය යළි යළි තෙපලීමට යමක් ඉතිරිවී තිබේ ද යන්න මෙරට පුරවැසියා කල්පනා කරනු ඇත. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත් දසවැදෑරුම් ප‍්‍රතිපත්තිවල මූලික සාධකය ලෙස සඳහන් කර ඇත්තේ රටේ ආරක්‍ෂාවයි. මේ කියන ආරක්‍ෂාවේ පරාමිතීන් කෙබඳු වේද? කෙබඳු විය යුතු ද? යන්න විමසා බැලිය යුතුව ඇත. දශක තුනක් පැවති ත‍්‍රස්ත යුද්ධය හි`ගන්නාගේ තුවාලය බවට පත් කර ගනිමින් දකුණේ දේශපාලන බලය දිනා ගැනීමටත් අවිආයුධ වෙළෙඳාමේ කොටස්කරුවන් වී මුදල් උපයා ගැනීමටත් ලොව සමහර බලවත් රටවල් සතුටු කරමින් කප්පම් ගැනීමටත් යුද්ධය යොදා ගත් ආකාරය නොදන්නා පුරවැසියකු මේ රටේ ඇතැයි සිතිය නොහැක. වර්තමානයේ බලයේ සිටින පක්‍ෂය යුද්ධය නිම කිරීමට උපක‍්‍රමයක් ලෙස සාම සාකච්ඡුා පැවැත්වූ සෑම අවස්ථාවකම කොටි ත‍්‍රස්තවාදීන් තවත් ශක්තිමත් වී සන්නද්ධ අරගලයට බෙහෙවින් ආයුධ රැුස් කළා හැර වෙනත් කිසිවක් සිදු නොවීය.

යුද්ධය කෙතරම් අමිහිරි වුවත් ඒ මොහොතේ රජයක වගකීම මැනවින් වටහා ගත් පසුගිය රජය එම කුරිරු යුද්ධය කෙටි කලකින් නිම කළත් පසුගිය අපේ‍්‍රල් 21 දින සිදු වූ පාස්කු ප‍්‍රහාරය මගින් මෙරට පුරවැසියා යුදබියෙන් හා මර බියෙන් තැති ගති. මෙයින් පැහැදිලි වන්නේ ඕනෑම ගොනෙකුට යුද්ධ කළ නොහැකි බව සහ සාමය පවත්වා ගැනීම ද කළ නොහැකි බවයි. මෙවැනි පසුබිමක් තුළ ත‍්‍රස්තවාදීන්ගෙන් සහ බෙදුම්වාදීන්ගෙන් රට ආරක්‍ෂා කර ගැනීම රටේ ආරක්‍ෂාවේ ප‍්‍රධාන පරාමිතිය බවට පත්වී නිසැකවම පත් වී අවසන් ය. එහෙත් එය රටේ ආරක්‍ෂාව නමැති පුළුල් යෙදුමේ අඩිතාලම මිස සමස්තය නොවේ. මිතුරු වෙසින් එන සතුරු රාජ්‍ය මැදිහත්වීම්වලින් ද රට ආරක්‍ෂා කළ යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් අප හමුවේ ඇති ආසන්නතම සහ භයානකම සිදුවීම පසුගිය රජය කඩිමුඩියේ අත්සන් කිරීමට උත්සාහ කළ මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමයි.

බැලූ බැල්මට ආධාරයක් ලෙසින් ගලා එන මෙම ධනස්කන්ධයට වශී වූ කපුටන් ඒ පිටුපසින් එන දේශපාලන අවතාරයෙන් මෙරට අනාරක්‍ෂිත වන අයුරු තඹ දොයිතුවකටවත් මායිම් කර නැත. මෙම ප‍්‍රදානය මීට පෙර ලබා ගත් අප‍්‍රිකානු උපසහරානු කලාපයේ රටවලට මේ මොහොත වන විට අත්වී ඇති ඉරණම සොයා විමසා බැලීමට මෙරට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරන අතර මෙම ගිවිසුමෙන් මෙරට ආරක්‍ෂාවට එල්ලවන තර්ජනය ද අනාවරණය කළ යුතුය. මේ ගිවිසුමෙහි උපවගන්ති ලෙස ඉදිරිපත්වී ඇති ඉඩම් විශේෂ විධිවිධාන පනත, රජයේ ඉඩම් බැංකු පනත සහ ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉතා උපායශීලීව සකසා ඇති අතර එය මෙරට ඉතිහාසයේ භයානකම ව්‍යසනයක් ඇති වීමට මුල පුරන ලියවිල්ලකි. මෙහි යෝජිත ආර්ථික කොරිඩෝවට අයත් රජයේ ඉඩම් අතර වනභූමි, පුරාවිද්‍යාස්ථාන මෙන්ම ත‍්‍රිකුණාමල වරාය වැනි ආරක්‍ෂක මර්මස්ථාන ද ඇතුළත්ය. මේ ගිවිසුමෙහි ඇති ප‍්‍රතිත‍්‍රස්ත පනත එම භූමියේ පුරවැසියාට එරෙහි විදේශීය මැදිහත් වීම යුක්ති සහගත කිරීමට සකසන ලද්දක් බව ඉතා පැහැදිලිය. මෙම ගිවිසුම පිළිබඳව වෙනමම ගැඹුරින් විමසා බැලිය යුතු අතර ඉතා සරලව කිව යුත්තේ මෙරට පැවති යුද්ධයෙන් රට අනාරක්‍ෂිත වූයේ යම් සේ ද, මෙමගින් එය සිය ගුණයකින් වැඩි විය හැකි බවයි. මෙවැනි උපක‍්‍රමශීලී මැදිහත්වීම්වලින් රට ආරක්‍ෂා කර ගැනීමට නම් සෘජු ප‍්‍රතිපත්ති මෙන්ම තියුණු ආරක්‍ෂක ඉවක් ඇති බුද්ධිමත් නායකයකු අප නිර්මාණය කර ගත යුතුව ඇත.

ආරක්‍ෂාවේ තවත් වැදගත් උපමානයක් වන්නේ පරිසර ආරක්‍ෂාවයි. එය ක‍්‍රම දෙකක් යටතේ සිදු විය යුතුය. එක් අතකින් අප සතු ස්වාභාවික පාරිසරික සම්පත් දැඩි නීතිරීති මගින් සුරක්‍ෂා කළ යුතු අතර අනෙක් අතින් පවත්නා පරිසරය අපවිත‍්‍ර කිරීමෙන් ආරක්‍ෂා කර ගත යුතුම වෙයි. හිටපු ආරක්‍ෂක ලේකම්තුමාගේ ප‍්‍රතිපත්ති මාලාවේ මේ පිළිබ`ද පැහැදිලි දැක්මක් ඇතුළත්ව පවතින බව අපගේ වැටහීමයි. විශාල නාගරික පරිසරයක් නොමැති ලංකාවේ කොළඹ නගරයේ කසළ කළමනාකරණය කර ගැනීමට පවතින රජය කෙතරම් අපොහොසත් වූවේද යන්න මීතොටමුල්ල කුණු කන්දෙන්ම වටහා ගත හැකිය. මේ සතියේ වාර්තා වූ නවතම තොරතුරු අනුව කොළඹ නගරයේ වාතය ඉහළ ප‍්‍රතිශතයකින් ¥ෂණය වී ඇති නිසාම සෞඛ්‍යාරක්‍ෂිත රටක ජීවත් වීමේ අයිතිය රජය විසින් මේ මොහොත වන විටත් උදුරා ගෙන ඇත. අප හට ඇති ප‍්‍රධාන පාරිසරික සම්පත්වලින් එකක් වන රට වටා පිහිටි සුන්දර වෙරළ තීරය එකම කුණු කන්දක් වෙමින් පවතී. මේ තත්ත්වය නිරීක්‍ෂණය කිරීමට බොහෝ දුර යා යුතු නැත. මෙරට ආකර්ෂණීය වෙරළ භූමි පිහිටි ගල්කිස්සට, පානදුරට, ක`ඵතරට, උතුරු කොළඹ ප‍්‍රීතිපුර වෙරළ තීරයට යාමෙන් පමණක්ම ඒ තත්ත්වය වටහා ගත හැකි වෙයි. මේ අප විනාශ කරමින් සිටින්නේ මේ මොහොතේ රටේ අනාගතය පමණක් නොව උපදින්නට සිටින දස දහස් ගණන් දරුවන්ගේ ද උරුමයයි.

රටේ ආරක්‍ෂාවේ තවත් වැදගත් උපමානයක් ලෙස එහි පුරවැසියාටත් රටට පිවිසෙන සංචාරකයාටත් නිදහසේ සැරිසැරීමට ඇති ඉඩකඩ පෙන්වා දිය හැකිය. එහෙත් මේ මොහොතේ එවැන්නක් ඇති දැයි දැක ගැනීමට මෙරට වෙරළ තීරයට පිවිසෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ද නිරීක්‍ෂණය කළ හැකිය. වෙරළ තීරයේ රැු`දී සිටින නුපුහුණු අසංස්කෘතික සංචාරක මාර්ගෝපදේශකයන් සහ ව්‍යාපාරිකයන් විසින් විශාල මාෆියාවක් ගොඩන`ගාගෙන තිබීමෙන් අතිශය අනාරක්‍ෂිත පරිසරයක් ගොඩ නැ`ගී තිබේ. මීට එක් නිදසුනක් ලෙස ක`ඵතර කැලිඩෝ වෙරළ තීරයට පිවිසෙන පේ‍්‍රමවන්තයන්ට මුහුණු දීමට සිදු වී ඇති අවාසනාවන්ත ඉරණම පෙන්වා දිය හැකිය. පසුගිය දිනවල වාර්තා වූ පරිදි එහි වෙසෙන කූට ව්‍යාපාරිකයන් තැඹිලි ගෙඩියක් ඔවුනට බලත්කාරයෙන් අලෙවි කරන්නේ රුපියල් තුන්සියයකට යි. (රු. 300/-* ඒවා මිල දී නොගන්නා අය ආයුධ පෙන්වා බිය ගන්වන බව ද වාර්තා වෙයි.

ඉතින් අප ජීවත් වන්නේ ආරක්‍ෂිත රටක ද? මේ ඉරණමට මුහුණ දුන් විදේශිකයන් බොහෝ පිරිසක් වෙති. ඒ ගැන පැමිණිලි කර ඇතිවාට සැකයක් නැත. නමුත් එහි කිසිදු වෙනසක් වී ද නැත. මෙරටට පැමිණ එම අත් දැකීම ලබන විදේශිකයන් යළි මෙරටට පැමිණේවි ද? වෙරළ තීරයේ වෙසෙන අවිධිමත් මාර්ගෝපදේශකයන් ක‍්‍රමවත්ව පුහුණු කොට රැුකියාලාභීන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙළක් මුල් වරට ක‍්‍රියාත්මක කළේ පසුගිය රජයේ ආරක්‍ෂක ලේකම්වරයා යටතේය. එහෙත් ආණ්ඩු වෙනස්වීමත් සම`ග නැවතත් මෙරට වෙරළ තීරය පාතාලයට යට වීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇත. දැන් අප වටහා ගත යුත්තේ කුමක් ද? ආරක්‍ෂාව යනු යුද්ධයක් නිමා කිරීම පමණක් නොව රටේ සමස්ත පුරවැසි සමාජයටම බලපාන විවිධ උපමාන සමූහයකි. පුරවැසියා ත‍්‍රස්තවාදීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමේ සිට විදේශීය බලවතුන්ගෙන්, බහුජාතික සමාගම්කරුවන්ගෙන්, පිරිසිදු ආහාර වෙනුවට වස විෂ කවන සමාගම්වලින් පමණක් නොව මිනීමරු පාතාලයෙන් හා කූට ව්‍යාපාරිකයන්ගෙන් ද ආරක්‍ෂා කර ගැනීම රටේ ආරක්‍ෂාවේම තවත් උපමාන කීපයකි. අනෙක් අතට ස්වාභාවික ව්‍යසනවලින් අන්තරායකර රසායනික පොහොර ආදියෙන් මෙන්ම පරිසරයට එරෙහි වීමෙන් සිදු වන අනිටු විපාකවලින් ද ආරක්‍ෂා කර ගැනීම රටේ ආරක්‍ෂාවට අදාළ තවත් අංශ කීපයකි.

මේ උදෙසා පරිසරය ආරක්‍ෂා කිරීමත් කසළ කළමනාකරණය කිරීමත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමත් මේ රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට එකිනෙකට බැ`දී ඇති වැදගත් උපමානය. මේ පිළිබ`ද ප‍්‍රායෝගික අවබෝධයක් ඇති සෘජු තීරණ ගත හැකි නායකයකු නොමැතිව මෙරට දණින් වැටී ඇති ආර්ථිකය හෝ අනාරක්‍ෂිතව ඇති රට හෝ පිරිහුණු විනයක් ඇති සමාජය හෝ ගොඩ නැ`ගීම සිහිනයක් පමණි.

පොදු ජන පෙරමුණේ අපේක්‍ෂකයා විසින් ඉදිරිපත් කොට ඇති දසවැදෑරුම් ප‍්‍රතිපත්තිවල ආරක්‍ෂාව හැර ආර්ථිකය ගොඩනැංවීමේ කුලූනු 3 ක් ඉස්මතු කර ගත හැකි වෙයි. ඒවා කරුණු වශයෙන් වෙන් වෙන්ව දක්වා නැතත් තේමා වශයෙන් ඉදිරිපත් වී තිබීම සුපසන් අපේක්‍ෂාවකි. අප ද දැඩිව විශ්වාස කරන පරිදි මෙරට ආර්ථිකය ගොඩනැ`ගීමට නම් ශක්තිමත් සෘජු ගති ඇති පාලකයකුට තවත් අවශ්‍ය වන්නේ ඇමතිවරුන් තිදෙනෙකු පමණි. ඒ ඉහත දැක්වූ ආර්ථිකයේ ප‍්‍රධාන කු`ලූනු තුන ලෙස අවබෝධ කර ගත්,

1. කෘෂි කර්මාන්තය

2. සංචාරක කර්මාන්තය

3. ධීවර හා සේවා

යන අංශ ගොඩ නැ`ගීමයි. අප විශ්වාස කරන පරිදි කර්මාන්ත අංශය මෙරට ආර්ථිකයේ වැදගත් කොටසක් වුවත් පවතින ශක්‍යතා අනුව වැඩි දායකත්වයක් සැපයිය හැක්කේ කර්මාන්ත අංශයට නොවේ. මීට හො`දම උදාහරණය වර්තමාන මහජන චීන සමූහාණ්ඩුවයි. ලෝකයේම නිෂ්පාදනාගාරය ලෙස හ`දුන්වන චීනයේ අද වන විටත් ආර්ථිකයේ වැඩි දායකත්වය සපයන්නේ කර්මාන්ත අංශය නොවේ. සාරවත් භූමියක් රට පුරාම පවතින ලංකාවේ නිෂ්පාදනය කළ හැකි බොහෝ ආහාර අදටත් විදේශවලින් ආනයනය කරන්නේ විශාල ධනස්කන්ධයක් පිටරටවලට ගලා යාමට සලස්වමිනි. අවම වශයෙන් පසුගිය රජය යටතේ සහලින් සහ බඩඉරි`ගුවලින් ස්වයංපෝෂිත නැතහොත් අවශ්‍ය නිෂ්පාදන කර ගැනීමට සමත් වූ නිසා එකල මේ ද්‍රව්‍ය ආනයනය වෙනුවට අපනයනය කෙරුණි. නමුත් මේ වන විට සහල් මෙන්ම බඩඉරි`ගු ද ආනයනය කිරිම කෙතරම් දුබලකමක් ද? නැති නම් අලසකමක් ද? එසේත් නැති නම් පාලනයේ පවතින වරදක් ද? පසුගිය කාලයේ ඇති වූ පොහොර ප‍්‍රශ්නය හා තවත් අධෛර්යවත් කිරීම් රැුසක් නිසා මෙරට ගොවියා ගොවිතැන් කිරිම නිසාම හි`ගමනට වැටී ඇත. රට පුරා විශාල මුඩුබිම් ප‍්‍රමාණයක් කිසිදු ප‍්‍රයෝජනවත් දෙයකට නොගෙන අත් හැර දමා ඇති අතර මෙරට කාලයක් සරුවට වැඩුණු සියලූ ම පලතුරු වර්ග පවා දැන් මහා පරිමාණයෙන් ආනයනය කෙරෙයි.

මෙවැනි තත්ත්වයක් පවත්වා ගැනීමට රටකට නායකයකු අවශ්‍ය වන්නේ දැයි ඔබම සිතා බලනු යෙහෙකි. රට වටේ සරුසාර ධීවර සම්පතක් ඇති රටකට දකුණු ඇමරිකාවේ චිලී දේශයේ සිට ආසියාවේ චීනය දක්වා රටවල් ගණනාවකින් ටින් කළ මසුන් ආනයනය කෙරෙන අතර ධීවරයා ද මෙරට අන්ත අසරණ දුප්පත් කණ්ඩායමේ කොටස්කරුවන් වී ඇත. මා සිතන පරිදි මෙය ආර්ථිකය අසීමාන්තික ලෙස විවෘත කිරීමෙන් ඇති වූ සමස්ත වෙළෙ`දපොළකරණයේ ප‍්‍රතිඵලයකි. වර්තමාන පාලකයන් ඒවා ආදායම් මාර්ග බවට පෙරළා ගෙන හමාරය. ඉංගී‍්‍රසි පාලකයාගෙන් මේ රටට යම් ධනාත්මක දෙයක් ඉතිරි වී තිබුණේ නම් ඒ මේ රටේ නම විදේශීය වෙළෙඳපළ තුළ ගොඩනැ`ගූ තේ කර්මාන්තය යි. මෙරට බලධාරීන් හවුල් වී එම වෙළෙඳ සන්නාමය වූ සිලෝන් ටී (CEYLON Tea) යන්න මේ වන විට කසළ තේ බවට පෙරළා හමාර ය. ඉතා ආකර්ෂණීය පරිසර පද්ධතියක්, දේශගුණික කලාප වෙනසක්, මෙන්ම ඓතිහාසික උරුම සමූහයක් සහිත මේ රට, සංචාරකයාගේ පාරාදීසයක් බවට පත් කළ හැකිව තිබුණි. වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය මේ රජය යටතේ මේ වන විට මුළුමනින්ම බි`ද වැටී ඇතැයි කිව නිවරද ය.

දකුණු ආසියාවේ කිසිදු භෞතික සම්පත් නොමැති මාලදිවයින මුහුද පමණක් සංචාරක සම්පතක් ලෙස යොදා ගනිමින් එරට ආර්ථිකයේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පෙරළා ගැනීමෙන් විශාල ආර්ථික වර්ධනයක් ළ`ගා කර ගෙන ඇති වටපිටාවක සංචාරක සම්පත පිරුණු මෙරට තුළ පාලකයෝ විකාර කරති. සංචාරක ආකර්ෂණයක් සහිත දිය ඇළි, වනාන්තර, පුරාවිද්‍යා ස්ථාන ආදී තැනක්ම වෙරළ තීරය මෙන් වංචනිකයන්ට ගොදුරු වී ඇති අයුරු ඉතා ඛේදජනකය. කිසිදු පහසුකමක් නොසලසා සංචාරකයන් පැමිණෙන ස්ථානවල විදේශීය සංචාරකයන්ගෙන් අය කෙරෙන අසීමාන්තික මුදල්වලින්ම ඔවුන්ගේ පැමිණීම අධෛර්යවත් කර ඇති වටපිටාවක මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන කුලූනක් ලෙස සංචාරක කර්මාන්තය ගොඩනැ`ගීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කර ඇති යෝජනා පැසසිය යුතු ය. මේ සියල්ල කළ හැක්කේ ඉහත දැක්වූ පරිදි රට තුළ විවිධ උපමානයන් ගෙන් ආරක්ෂාව තහවුරු වුවහොත් පමණක් බව සිහියේ තබා ගත යුතුමය. එය කළ හැක්කේ කාහට දැයි මෙරට පොදු ජනයා සත්‍ය වශයෙන්ම මේ මොහොත වන විට වටහා ගෙන ඇති බැවින් අපට කිසිවක් කීමට හෝ ඉල්ලා සිටීමට නැති බව ස`දහන් කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතු`ඵ ශ‍්‍රී ලාංකිකයන්ට අපේ රට ඉතිරි කර මේ සාරවත් භූමියේ එල්ලී සිටින පළිබෝධකයන්ට ඉවත්ව යන ලෙස පමණක් ආයාචනය කර සිටිමි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. ඒ. වික‍්‍රමසිංහ
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles