Divaina - මානසික ආතතිය පිළිබඳ ඔබ දැනුවත් ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

suwa3 3මානසික පීඩනය සහ ක්ලමතය යන නම්වලින් හඳුන්වන මානසික ආතතිය පුද්ගලයෙක් තුළ නොසන්සුන්තාවක් හෝ අපහසුතාවක් ඇති කරවන කුමක් හෝ සිද්ධියක් හා  අවස්ථාවක් තුළින් නිර්මාණය වෙයි.
 
 එක ම සිද්ධිය පුද්ගලයාට බලපාන ආකාරය අනුව එක් අයකුට ආතතියත් තවත් අයකුට එසේ නොවීමටත් ඉඩ ඇත. ඔබගේ සිරුරට හානි සිදු කරන අප‍්‍රසන්න මානසික හැඟීම් මෙම ආතතියට හේතු සාධක වන අතර මානසික රෝගී
 
 තත්ත්වයන් සහ වෙනත් සුවිශේෂි හේතු සාධක නිසා ද ආතතිය ඇති විය හැකි ය. ෘසිඑරුිි යන වචනයෙන් බිඳී ආ ීඑරුිි යන වදනින් ඔබ අසා ඇති ආතතිය නිසා පුද්ගලයාගේ
 
 ප‍්‍රතිශක්තිය අඩු වනවා සේම මත්පැන් පානය, දුම් බීම, අත් පා කපා ගැනීම, ආහාර නොගෙන සිටීම, ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම සහ අනියම් ලිංගික සබඳතා වැනි සෞඛ්‍ය අවදානමට ලක් කරන හැසිරීම් පුද්ගලයා තුළින් ම ඇති විය හැකි ය.
 
 ආතතිය තුළින් පුද්ගලයාගේ මානසික ක‍්‍රියාකාරිත්වය වැඩි වන නිසා කාර්ය සාධනය වැඩි වේ. එසේ ම පුද්ගලයා තුළ අධි අවිධිමත් බවක් ද දැකිය හැකි ය. ඒ හැර නාඩි වැටීම ඉක්මන්වීම හා රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය වැඩි වීම සිදු වේ. තව ද ආතතියට පත් පුද්ගලයා තුළ නොරුස්නා බව, තරහ යාම, සුළු දෙයකට පවා ඇඬීම, අති සංවේදී වීම, ඊර්ෂ්‍යාව හා කෝපය වැනි චිත්තවේගයන් ද එදිනෙදා වැඩකටයුතු කිරීමට කම්මැලි වීම, අන්තර් පුද්ගල සබඳතාවල ගැටලූ ඇති වීම, නින්ද පිළිබඳ ගැටලූ ඇති වීම, අලසකම හා උනන්දුව හීන වීම වැනි චර්යාත්මක ලක්ෂණ ද දක්නට හැකි වේ.
 
 ආතතිය නිසා පුද්ගලයා තුළ හට ගන්නා ප‍්‍රතික‍්‍රියා ලෙස තමා කාලය නාස්ති කරනවා සේ දැනීම, වැඩ අධික බවත් එක වර බොහෝ කාර්යයන් කිරීමට ඇති බවත් සිතීම, අධික මහන්සියක් දැනීම, ප‍්‍රමාද වී තීරණ ගැනීම, නිතර ඇති වන හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා පෙන්වීම, තමා අනාරක්ෂිත බව දැනීම හා සෑම විට ම සෑම කෙනෙක් ම සතුටු කිරීමට උත්සාහ කිරීම ආදිය පෙන්වා දිය හැකි ය.
 
 මෙම ආතතිමය තත්ත්වය තමාට පාලනය කර ගැනීමට නොහැකි වූ විට චිත්තාවේග අසමතුලිතතාවක් ඇති වී ශාරීරික ක‍්‍රියාකාරිත්වය දුබල වීම දක්වා ප‍්‍රතිශක්තිය හීන වීම සිදු වේ. ඒ හේතුවෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා, හමේ රෝග, ශ්වසන රෝග හා නොයෙකුත් ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකි ය. එසේම ආහාර අරුචිය, මාංශ පේශීන්ගේ තද බව, පපුව දැවිල්ල, ආහාර ගැනීමෙන් පසු උගුරට එන්නා සේ දැනීම, ශරීරයේ තැනින් තැන වේදනා ඇති වීම, කාන්තාවන්ගේ
 
 මාසික ඔසප් චක‍්‍රයේ ගැටලූ සහ ලිංගික ගැටලූ ඇති වන බව පෙන්වා දිය හැකිය.
 
 ආතතිය හෙවත් ක්ලමතය ඇති වීමට ඉවහල් වන හේතු කිහිපයක් පවතී. ඉන් එකක් නම් පුද්ගලයාට යම්කිසි ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවීමයි. එනම් ස්වභාවික විපත් වන ගංවතුර, නාය යෑම්, ගිනි ගැනීම්, සුනාමි සහ සුළි සුළං වැනි අත්දැකීම් ලැබීම ද මිනිසා විසින් සිදු කරන විපත් වන යුධ කෝලාහල, මිනී මැරුම්, බෝම්බ ප‍්‍රහාර ආදියට ලක් වීම හෝ බලා සිටීමෙන් ආතතිමය තත්ත්වයක් උද්ගත විය හැකි ය.
 
 ජීවිතයේ සිදුවන වෙනස්කම් දරා ගැනීමට පුද්ගලයාට නොහැකි වීම නිසා ද ආතතිය ඇති වේ. එනම් රැුකියාවේ අනපේක්ෂිත මාරු වීම, රැුකියාව අහිමි වීම, නඩුවක් පැවරීම, පදිංචිය වෙනස් වීම, අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම, ලිංගික
 
 ගැටලූ, විවාහය, දික්කසාදය, දරුවෙක් ලැබීම, වයසට යෑම, විශාල වශයෙන් ණය වීම, කලත‍්‍රයා හෝ දරුවෙක් හදිසියේ මිය යෑම, සිරගත වීම, විශ‍්‍රාමය, වියෝ දුක සහ තමා බලාපොරොත්තු වූ විභාග ප‍්‍රතිඵල නොලැබීම වැනි සිදුවීම්වලට මුහුණ දී ආතතිය හට ගැනීමට ශක්‍යතාවක් පවතී.
 
 එසේ ම යම් කිසි රෝගයක් හෝ සිදුවීමක් පුද්ගල ජීවිතයට තර්ජනයක් වූ විට ආතතිය හට ගනී, එනම් හදිසියේ ශාරීරික ආබාධිත තත්ත්වයක් ඇති වීම, බියට පත් වීම, ආර්ථික ගැටලූවකට මැදි වීම වැනි සිදුවීම් නිසා ආතතිය සෑදිය හැකිය.
 
 ආතතිය ඇති වීමට බලපාන තවත් හේතුවක් ලෙස අන්තර් පුද්ගල සම්බන්ධතා දැක්විය හැකි ය. සායනික වශයෙන් බොහෝ රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන්නේ මෙම අන්තර් පුද්ගල සම්බන්ධතා මුල් කර ගත් ගැටලූ නිසා හට ගත් ආතතිය සම්බන්ධයෙන් බව පෙනී යන කරුණකි. සබඳතා ආරම්භය, සබඳතා පවත්වාගෙන යාම හා සබඳතා බිඳ වැටීම යන අවස්ථා තුනේ දී ම පුද්ගලයා ආතතියට පත් විය හැකිය. එසේ ම තම හැඟීම් අනෙකාට ප‍්‍රකාශ කර ගත නොහැකි වූ විට ද පුද්ගලයා ආතතියට පත් වේ. සබඳතා පවත්වාගෙන යාමේ දී අවශ්‍ය වෙලාවට නැහැ, බැහැ කීමට විශේෂයෙන් ම ලාංකික ස්ත‍්‍රීන්ට ඇති නොහැකියාව නිසා ද ළඟා කර ගත නොහැකි අපේක්ෂා නිසා ද පුද්ගල හඳුනාගැනීම්වල ඇති දුර්වලතා නිසා ද ආතතියට ලක් විය හැකි ය.
 
 අප ඉමහත් විවේකයෙන් පසු වන අවස්ථාවලදී වුව ද යම්කිසි මානසික ආතතියක් තිබෙන අතර මෙම ආතතියෙන් පුද්ගලයා සම්පූර්ණයෙන් ම නිදහස් වන්නේ මරණයේ දීය. ඒ අනුව ධනාත්මක ආතතිය :ඡුදිසඑසඩැ ීඑරුිි) සහ සෘණාත්මක ආතතිය :භැට්එසඩැ ීඑරුිි) වශයෙන් මෙය බෙදා දැක්විය හැකි වේ. නිදසුනක් ලෙස විභාගයක් ළං වෙද්දී සාමාන්‍ය මට්ටමකට පවතින බිය, තිගැස්ම හෝ චකිතය ධනාත්මක ආතතිය ගොඩනගන අතර ඉන් පුද්ගල ජීවිතයට හානියක් සිදු නොවේ. එහෙත් යම් කිසිවෙක් විභාගය ළං වෙද්දී අසාමාන්‍ය ලෙස බිය වන්නේ නම් නින්දේ ගැටලූ හට ගනී නම් ආහාර රටාවේ වෙනස්කම් සිදුවේ නම් හෝ විෂය කරුණු කිසිවක් මතකයේ නොරැුඳේ නම් එය සෘණාත්මක ආතතිය විය හැකිය. මෙහි දී වඩා වැදගත් වන්නේ විභාගය පුද්ගලයාට කෙතරම් අපහසුතාවක් ඇති කරන්නේ ද යන්නයි.
 
 මෙම ආතතිය පාලනය කර ගැනීම සඳහා මනෝ උපදේශකවරයෙකුගේ
 
 සහාය ලබාගත හැකිවේ. එහි දී භෞතික, මානසික, ප‍්‍රජානන හා චාර්යාත්මක වශයෙන් ඖෂධ නොවන ප‍්‍රතිකාර ලබා දීම සිදු වේ. එහෙත් පුද්ගලයාගේ
 
 ආතතියේ තීව‍්‍රතාවය වැඩි වී සායනික මට්ටමේ පවතී නම් මනෝ වෛiවරයෙක් ලවා පරීක්ෂා කර ගෙන ප‍්‍රථමයෙන් ඖෂධ ප‍්‍රතිකාර ලබාගත යුතුවේ. කෙසේ වුවද ආතතිය පාලනය කිරීම පුද්ගල පෞරුෂය මත රඳා පවතී.
 
 ආතතිය අවම කිිරීම සඳහා ඇවිදීම, සම්බාහනය, සරල ව්‍යායාම කිරීම, ප‍්‍රමාණවත් පරිදි විවේක ගැනීම, ස්වභාවික ආහාර ලබා ගැනීම කළ හැකි ය. එසේ ම සරල සංයම අභ්‍යාස කිරීම, ගැඹුරු පේශිමය සංයම අභ්‍යාස කිරීම, භාවනා කිරීම මෙන් ම හිතවත් කෙනෙක් සමඟ අත්දකීම් බෙදා ගැනීම යෝග්‍ය වේ. ඒ හැර බයිසිකල් පැදීම, බැඞ්මින්ටන් ක‍්‍රීඩාව වැනි වින්දනය සඳහා කරන ක‍්‍රීඩා මඟින් ආතතිය අවම කර ගත හැකි වේ. කැෆේන් අඩංගු ආහාර ගැනීම සීමා කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි.
 
 ප‍්‍රජානන (Cognitive) වශයෙන් ආතතියට පත් පුද්ගලයා මානසික පෙරහුරුවක (Visualisation) යෙදවීමට මනෝ උපදේශකවරයාට හැකි වේ. එසේ ම පුද්ගලයා ගැටලූවක් දෙස බලන ආකාරය වෙනස් කිරීම එනම් ප‍්‍රජානන ප‍්‍රතිව්‍යුහකරණය (Cognitive Restructuring) මගින් ද ආතතිය අවම කිරීමට හැකියාව තිබේ. ඒ හැර රංග චිකිත්සාව හා සංගීත චිකිත්සාව මඟින් ද චිත‍්‍ර ප‍්‍රතිකාරය මඟින් ද ආතතිය අවම කළ හැකි වේ. පුද්ගලයාට ඇති වී තිබෙන ගැටලූව දෙස ගැඹුරින් සොයා බැලීමටත් වෙනස් කළ හැකි දේ වෙනස් කිරීමටත් වෙනස් කළ නොහැකි දේට අනුගත වීමටත් පුද්ගලයා පුහුණු කිරීම තුළින් ආතතිය පාලනය කළ හැකි බව මෙහි දී පෙන්වා දිය හැකිය.

suwa3 1

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles