Divaina - විල්ගමුවේ ඉපනැල්ලේ මුං වගාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

soba4විල්ගමුව මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් දුෂ්කර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ගොවිතැන මෙහි වැඩි දෙනාගේ ප‍්‍රධාන ජීවනෝපාය වෙයි. මිනිපේ යෝධ ඇළේ රන්දිය දහර ඔවුන්ගේ වගාවට ජීවය දෙයි. යල මහ දෙකන්නයේ රටට බත සපයන විල්ගමුවේ, නාමිණිගම, ගොවීහු මෙවර අතරමැදි කන්නය ද වගා කොට අතමිට සරු කරගෙන සිටිති.
 
 මෙවර යල කන්නයේ අස්වැන්න නෙළා අවසන් වූ  විගසම නාමිණිගම ගොවීන් මුං වගාවට යොමුවී ඇත. මෙම වගාව ගොවීන් හඳුන්වන්නේ ඉපනැල්ලේ වගාව නමිනි. විල්ගමුව, නාමිණිගම පදිංචි චමින්ද රණතුංග මහතා ඉපනැල්ලේ මුං වගා කොට සාර්ථක වූ එක් ගොවියෙකි. ඔහු වගාව ගැන පැහැදිලි කළේය.
 
 ”යල් කන්නයේ වී අස්වැන්න නෙළා අවසන් වූ ගමන් අපි කුඹුරට මුං ඇට වැපුරුවා. භූතයා මැෂින් එකෙන් (සංයුත්ත කොළ මඩින යන්ත‍්‍රය* ගොයම් කපන නිසා කුඹුර පුරාවට පිදුරු ඇතිරිලා තිබුණා. අපි පිදුරු ගිනිතැබීම සිදුකරන්නෙ නැහැ. ඒවා පොහොර වෙන්න තියනවා. මුං පැළවෙන්න අවශ්‍ය තෙතමනය පිදුරු තට්ටුව නිසා ලැබුණා. ඒ වගේම පිදුරු ආවරණය නිසා වල් පැල මතු වුණෙත් නැහැ. මෙම වගාව කරන්න පුළුවන් වෙන්නෙ වැඩිපුර ජලය නැති කුඹුරු වලයි. වැඩි වශයෙන් ජලය තිබුණොත් පැල කුණු වෙනවා.
 
 මේ වනවිට දෙවතාවක් අස්වැන්න නෙළුවා. ඉපනැල්ලේ වගාකරලා අස්වැන්න නෙළන්න ගතවෙන්නේ දින 55 යි. අපේ හැම ගොවි මහතෙකුටම වගේම මටත් අක්කරයකින් කිලෝ 550 විතර අස්වැන්නක් ලැබුණා. මේ අස්වැන්න ලබා ගන්න කිසිදු පොහොරක් යෙදුවේ නැහැ. මේ සඳහා වැය වුණු අපේ ශ‍්‍රමය ගණනය කරලා බැලූවම රුපියල් තිස් දහසක් විතර වෙනවා. අපිට මෙම වගාව ශුද්ධ ලාබයි.
 
 විල්ගමුව, නාමිණිගම අංක 26 හි පදිංචි කේ. යාපා කාන්ති මහත්මිය සරු සාර වූ මුං වගාවක හිමිකාරියකි. ඇය අතරමැදි කන්නයේ වගා කටයුත්ත ගැන අපට තවදුරටත් කරුණු කාරණා පැහැදිලි කළාය.
 
 ”යල මහ කන්න හැර අතරමැදි කන්නයක වගා කිරීම
 
 ගැන අපට අත්දැකීමක් තිබුණේ නැහැ. පසුගිය අවුරුදු ගණනාවක්ම අපි යල් කන්නයේ වී ඇස්වැන්න අරගෙන ඊළඟ කන්නයට වතුර දෙනතුරු ගෙදර දොර වැඩක් කරගෙන හිටියා. ඒ අතරමැදි කාලේ වගාවකට යොමු වුණේ නැහැ. නමුත් අතරමැදි කන්නය වගා කරමු කියලා කෘෂි උපදේශක මිස් අපට යෝජනා කළාට පස්සේ අපි ඊට යොමු වුණා. අපි අක්කරයක මුං වගා කළා. වගාව සරු වුණා වගේම ඉහළ අස්වැන්නක් ගන්නත් පුළුවන් වුණා.
 
 අතරමැදි කන්නයක ගොවීන් සුළු පිරිසක් වගා කටයුතුවල යෙදීමේදී වන සතුන්ගේ තර්ජනයට කෙසේ මුහුණ දුන්නේ දැයි අපි මෙම ගොවි මහතුන්ගෙන් විමසුවෙමු. ඉපනැල්ලේ මුං වගාවට වන සතුන්ගෙන් හානි සිදු නොවූ බව විල්ගමුව, නාමිණිගම පදිංචි ලක්ෂ්මන් මහතා අපට පැහැදිලි කළේය.
 
 ”විල්ගමුවේ අපි වල් අලි වගේම අනෙකුත් වන සතුන්ගෙන් දැඩිව පීඩාවට පත් වෙන පිරිසක්. නමුත් මෙම ඉපනැල්ලේ වගා කටයුතුවලදී වන සතුන්ගෙන් වගාවට හානියක් සිදුවුණේ නැහැ. මෙම වගාව අපිට අමතර ආදායමක් වුණා. ඒ වගේම මේ විදිහට අතරමැදි කන්නය වගා කරන්න ගොවීන් යොමු කළොත් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ වගේම රටේ ධාන්‍ය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මෙම භෝගය කිසිදු පොහොරක් හෝ රසායනිකයක් යොදන්නේ නැතුව වගා කළ නිසා අස්වැන්නට වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලූමක් තිබෙනවා. අපි හැම විටම උනන්දු විය යුත්තේ රසායනික තෙල් පොහොර යොදන්නෙ නැතිව වගා කරන්නයි. මේ වන විට අපේ ප‍්‍රදේ්ශයේ විශාල පිරිසක් වකුගඩු රෝගීන් බවට පත්වී සිටිනවා. මෙම රෝගයට මූලික හේතුව විෂ රසායනික භාවිතය කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙවැනි වගාවන්ට ගොවීන් යොමු වීම කාලීන අවශ්‍යතාවයක්.
 
 විල්ගමුවේ ගොවි ජනතාවට අතරමැදි කන්නයක් වගාකොට අතමිට සරුකර ගැනීමට මග පෙන්වීම් කළ විල්ගමුව හෙට්ටිපොළ කෘෂිකර්ම උපදේශිකා ගයානි ඉන්දිකා රත්නායක මෙනවිය මුණ ගැසීමට ද අපි අමතක නොකළෙමු. ප‍්‍රදේශයේ සෙසු ගොවි ජනතාවගේ දැනගැනීම උදෙසා ඉපනැල්ලේ වගා ක‍්‍රමය ගැන අපි ඇය ගෙන් විමසුවෙමු.
 
 ”අතරමැදි කන්නයේ මෙම වගාව අපි ඉපනැල්ලේ මුං වගාව නමින් හඳුන්වනවා. මෙම ආදර්ශ වගා කටයුත්ත සඳහා විල්ගමුවේ ගොවි මහතුන් 32 දෙනෙකු තෝරා ගත්තා. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 50% දායකත්වයට මුං බීජ ලබා දුන්නා. ගොයම් කපා අවසන් වූ සැනින් ඉපනැල්ලට බීජ වැපිරීම සිදු කළා. අක්කරයකට බීජ කිලෝ අටක් වපුරනවා. වසුනක් විදිහට පිදුරු යොදනවා. පිදුරු ආවරණය නිසා ජලය වාෂ්ප වීම අඩුයි. දින 60 අස්වැන්න නෙලන්න පුළුවන්. එක ගොවි මහතෙකුට ශ‍්‍රමයත් ඇතුළුව උපරිමය අක්කරයකට රුපියල් 33800 වැය වී තිබුණා. යම් රෝගී තත්ත්වයක් ඇති වුණොත් කියලා මෙම වියදම් ඇස්තමේන්තුවට රසායනික පොහොරවලටත් සුළු මුදලක් ඇතුළත් කළා. නමුත් ගොවි මහතුන් රසායනික පොහොර යොදන්නෙ නැතුව අක්කරයට කිලෝ 550 කට ආසන්න අස්වැන්නක් ගත්තා. මුං ඇට ඇතුළු රට තුළ නිෂ්පාදනය කළ හැකි ධාන්‍ය වර්ග බොහෝමයක් ආනයනය කරයි. මෙවැනි නව වගා ක‍්‍රමවලට ගොවි ජනතාව යොමු කිරීම තුළින් ආනයනය සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුකර ගැනීමට හැකිවනු ඇත.
 
 x ප‍්‍රසන්න සිල්වා  දිඹුලාගල
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles